Dec 29, 2014

29 Dec 2014
විපක්‍ෂයේ පොරොන්දු කොළ කෑල්ල 9 වැනිදා කුණු කූඩයට යනවා
එදාටත් ජනපති මමයි එනිසා බියවිය යුතු නැහැ
ජනපති මහින්ද රාජපක්‍ෂ

කොටි ඡන්දවලින් ජාතියේ ඉරණම තීන්දු කරන්න දෙන්න බැහැ
ඇමැති විමල් වීරවංශ


මෙය ගම්සභා ඡන්දයක්‌ නොවෙයි. රටක්‌ පාලනය කරන්න භාරදෙන මැතිවරණයක්‌. ඒ නිසා ආවට ගියාට මොනව හරි කොළ කෑල්ලක ලියලා ජනතාව රවටා ඡන්ද ගන්න සූදානම් වන්නේ නම් එය මහා පාපයක්‌ යෑයි ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පැවසීය.

ගාල්ල සමනල ක්‍රීඩාංගණයේදී පසුගිය 25 වැනිදා පස්‌වරුවේ පැවති ජනාධිපතිවරණ ජනහමුවට එක්‌වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය. එහිදී රැස්‌ව සිටි ජනතාව ඇමැතූ ජනාධිපතිවරයා,

මේ ධාරානිපාත වර්ෂාවේ තෙමි තෙමී මෙතරම් වේලාවක්‌ රැඳී සිටීම පිළිබඳව තමුන්නාන්සේලාට මාගේ ප්‍රණාමය පිරිනැමෙනවා. එදා 2005 දී වගේම 2010 දීත් මේ දකුණු පළාතේ ජනතාව අපි කෙරෙහි වැඩිම විශ්වාසයක්‌ තබා කටයුතු කළා. ඔබ ලබා දුන් ඒ වරම්වලින් අපි හරියට රටට අවශ්‍ය දේ ඉටු කළා.
මේ ගාලු නගරයේ මේ ස්‌ථානයට ආවම අපිට දේශපාලනයේ ඉතිහාසය මතක්‌ වෙනවා. එදා අපි පාද යාත්‍රා යන විට, පළාත් සභාව ගන්න කොට අප සමග සිටි දොඩංගොඩ, රිචඩ් පතිරණ මැතිතුමන්ලා අමතක කරන්න බැහැ. ඒ වගේම දහනායක මහත්තයා අපිට අමතක කරන්න බැහැ.

http://www.divaina.com/2014/12/29/news13.html
රට නිදහස්‌ කර ගැනීමෙන් පසු රට සංවර්ධනය කිරීමේ වරමත් ඔබ අපට ලබා දුන්නා. අද එදා තිබුණු රට ද තියෙන්නේ. එදා තිබුණු ගාලු නගරය ද, ගමද, අද තියෙන්නේ. බලන්න, මේ සියල්ල අද වෙනස්‌ වෙලා. අද ඔබට මෙහි සිට කොළඹට යන්න ගතවන්නේ පැය කීයද? ඔබේ ආර්ථිකය වෙනස්‌ වෙලා, ගමේ ආර්ථිකය වෙනස්‌ වෙලා, ඔබේ දරුවන්ට හොඳ අධ්‍යාපනයක්‌ ලබන්න අවශ්‍ය පසුබිම හදලා තියෙනවා. තරුණ පිරිසට විශ්වවිද්‍යාල දොර විවෘත වෙලා තියෙනවා. එදාට වඩා දෙගුණයක්‌ අද විශ්වවිද්‍යාලයට ඇතුළත් කර ගන්නවා. 2020 වන විට වසරකට සරසවිවලට ලක්‍ෂයක්‌ ඇතුළත් කර ගැනීමේ වැඩපිළිවෙළ සකස්‌ කරගෙන යද්දී විපක්‍ෂයේ උදවිය දරුවන්ගේ අධ්‍යාපනය කප්පාදු කරන්න යන එක අපරාධයක්‌. 

ස්‌ථාවර රටක්‌ කියා විපක්‍ෂය ඉදිරිපත් කර තිබෙන ප්‍රතිපත්තියේ තියෙන්නේ අධ්‍යාපනය පූර්ණ ප්‍රතිසංස්‌කරණයකට ලක්‌ කිරීමට අවශ්‍ය පියවර ගන්නා බවයි. ඒ වගේම එහි කියනවා විශ්වවිද්‍යාල ප්‍රවේශය නොලැබුණු ඊළඟට සිටින දක්‍ෂ ශිෂ්‍ය කණ්‌ඩායම ජාතික විශ්වවිද්‍යාලවලට ශිෂ්‍ය ණය ක්‍රමයක්‌ යටතේ ගාස්‌තු අයකර බඳවා ගන්නවා කියලා. කන්නන්ගර මැතිතුමාට පිං සිදුවන්න නිදහස්‌ අධ්‍යාපනය රටට හඳුන්වා දුන්නා. දැන් ඒ අය හදන්නේ ගාස්‌තු අයකරලා විශ්වවිද්‍යාලයට ඇතුල්කර ගැනීමේ වැඩපිළිවෙළක්‌ හදන්නයි. මම තමුන්නාන්සේලාට කියන්නේ මේවා කවුරු කරන්න හැදුවත් අපි ඕවට ඉඩ නොතබන බවයි. 

නිදහස්‌ අධ්‍යාපනය, සෞඛ්‍ය අපි ආරක්‍ෂා කරනවා. කප්පාදු කරන්න ඉඩ තියන්නේ නැහැ කියලා මහින්ද චින්තනයේ අපි පැහැදිලිවම කියලා තියෙනවා.

අපේ දරුවන්ට මුදල් දීලා ඉගෙන ගන්න දෙනවලු. මේවා තමයි ඒ අයගේ ඔළුවල තියෙන්නේ. බැංකු ටික විකුණන්න යනවා වගේම රාජ්‍ය අංශය වහා කප්පාදු කරනවා කියනවා. අපි ලක්‍ෂ 15 ට ගෙනාපු රාජ්‍ය අංශය ලක්‍ෂ තුනට ගෙන ඒමට දැන් පිඹුරුපත් හදනවා. මේවා පිළිබඳව සිතන්න.

උසස්‌ පෙළ, සාමාන්‍ය පෙළ සමත් තරුණ තරුණියන් 150,000 ක්‌ රජයේ රැකියා සඳහා බඳවා ගැනීමට මෙවර අයවැයෙන් මුදල් වෙන් කළා. මොවුන් දැන් සහන දෙනවා කියලා සහන දෙන්න හදන්නේ මගේ අයවැයෙන් දුන් සහනවලට රුපියල් පන්සියයක්‌, දහසක්‌ එකතුකරලා.

මේ ගම්සභා ඡන්දයක්‌ නොවෙයි. මේක රටක්‌ පාලනය කරන්න දෙන මැතිවරණයක්‌. ඔබේ දරුවාගේ අනාගතය, හෙට ඉපදෙන්න ඉන්න දරුවාගේ අනාගතය මොවුන්ට භාරදෙන්න පුළුවන්ද? මෙය විහිලුවකට ලක්‌කරන්න බැහැ. ආවට ගියාට කොළ කෑල්ලක ලියලා රවට්‌ටලා මේ අය ඡන්දය ගන්න සූදානම් වෙනවානම් එය මහා පාපයක්‌.

මේ ප්‍රදේශවල තව අඩුපාඩු තියෙනවා. මහමෝදර රෝහලට පහසුකම් ලබාදීම පිළිබඳව කැබිනට්‌ මණ්‌ඩලයේදී කතා කළා. ඒවත් සම්පූර්ණ කරනවා. මේවායේ තිබෙන අඩුපාඩු පිළිබඳව මේ මන්ත්‍රීවරු, පළාතේ නායකයන් අපට කියනවා. තිබෙන අඩුපාඩු සම්පූර්ණ කර ප්‍රදේශය දියුණු කිරීමට මේ මැති ඇමැතිවරු කැපවී සිටිනවා. විශේෂයෙන් වගකීම මා භාරගන්නවා. අප කෙරෙහි විශ්වාසය තබන්න.

එදා පාද යාත්‍රා, ජනඝෝෂා, මිනිස්‌ දම්වැල්වලට ඔබ සහයෝගය දුන්නා. එදා තරුණ පිරිස්‌ ඝාතනය කරන වේලාවේදී අපි තරුණයන් ආරක්‍ෂා කළා. ඔබ වෙනුවෙන් පෙනී සිටියා. කතා කළා.

උතුරේ හමුදාව ඉවත් කර රට බෙදන්න අපි ඉඩ දෙන්නේ නැහැ. එයාලා මොන පොරොන්දු දුන්නත් ඒ පොරොන්දු පිළිබඳව බියවන්න දෙයක්‌ නැහැ. මොකද ලබන 9 වැනිදාටත් ජනාධිපති මමයි. ඔවුන්ගේ පොරොන්දු කුණු කූඩයට දමන කොළකෑලි බවට පත්වෙනවා.

ඔබේ අනාගතය, ඔබේ දරුවාගේ, නූපන් දරුවාගේ අනාගතය රැකගන්න ස්‌ථිර වශයෙන්ම සුරක්‍ෂිත රටක්‌ ගොඩනගන බවට ඔබට පොරොන්දු වෙනවා.

වාරිමාර්ග හා ජල කළමනාකරණ ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා -සිරිසේන මහත්තයා පක්‍ෂයෙන් ගිහිල්ලා මොකද කියන්නේ. සෞඛ්‍ය ඇමැති වශයෙන් සිටියා මොකුත් කරන්න දුන්නේ නැහැ කියලා කියනවා. තොත්ත බබා. තමන් හදපු පනත රැකගන්න බැරිවුණ කෙනා කොහොමද ජනාධිපති කරන්නේ. මම සෞඛ්‍ය ඇමැති කාලේ විශාල වැඩකොටසක්‌ කළා. නමුත් ඒ වගේ දෙගුණයක්‌ මුදල් සිරිසේන මහත්තයා සෞඛ්‍ය ඇමැතිව සිටියදී ජනාධිපතිතුමා දුන්නා. කරපු දෙයක්‌ නෑ. අගමැතිකම නොලැබුණු නිසයි අඩුපාඩු පේන්නේ.

චන්ද්‍රිකා මැතිණිය පක්‍ෂය කඩාගෙන ගියා. අනුර බණ්‌ඩාරනායක මහතාත් ගියා. අතේ තිබුණ අගමැතිකම නැති කරගත්තා. මෛත්‍රීපාල සිරිසේන මහත්තයත් පක්‍ෂයෙන් ගියා. මොකද වුණේ, තිබුණ දේත් නැති වුණා. පක්‍ෂයට, පක්‍ෂ නායකත්වයට පාක්‍ෂිකයාට ෙද්‍රdaහිවූ කිසිම කෙනකුට සුගතියක්‌ නෑ. ඔවුන් දේශපාලන වශයෙන් වනාන්තරගත වෙනවා.

සම්ප්‍රප්පලාප වලින් ජනතාව රවටන්න බෑ. එදා මතකද රුපියල් 10,000 කින් පඩි වැඩි කරනව කිව්ව ෆොන්සේකාවත් ජනතාව ප්‍රතික්‌ෂේප කළා. ජනාධිපතිතුමා මේ රටේ ජනතාව වෙනුවෙන් මුදාගත් දේශය ආර්ථික සංවර්ධනය කරා ගොස්‌ තිබෙනවා. සංචාරක කර්මාන්තය දියුණු කර ස්‌වයං රැකියා දහස්‌ ගණනක්‌ මේ ප්‍රදේශවල නිර්මාණය කර තිබෙනවා.

අමාත්‍යාංශයක්‌ පාලනයක්‌ කරන්න බැරිවූ කිසිම පරිපාලන ශක්‌තියක්‌ නැති කෙනකුට මේ රටේ ජනතාව ජනාධිපති පදවිය භාර දෙයිද? 

ජාතික නිදහස්‌ පෙරමුණේ නායක ඇමැති විමල් වීරවංශ මහතා- අද සිරිසේන මහත්තයා අලි, කොටි, නරි හවුලක දේශපාලන පඹයෙක්‌ බවට පත්වෙලා. ජනාධිපතිවරණය කියන්නේ විකට ඇඳුම් තරගයක්‌ නොවෙයි. වික්‍රමසිංහ මහත්තයවත් මෙහෙම ජෝක්‌ දැම්මේ නෑ. 9 වැනිදාට සිsරිසේන මහත්තයට තේරෙයි මෝදිටද ඇන්ඳේ නැතිනම් වෙන කාටද කියලා. එතකොට ප්‍රමාද වැඩියි. 

එජාපයේ මහ ලේකම් තිස්‌ස අත්තනායක මහත්තයා මෙහාට ආවේ නිකං නොවෙයි. බඩු අරගෙනයි ආවේ. වෙලාවට බලලා දැම්මා. දැන් කියනවා ගිවිසුමක්‌ නෑ කියලා.

සිරිසේන මහත්තයගේ මැතිවරණ ප්‍රකාශයේ ඒකීයභාවය පිළිබඳ එක වචනයක්‌ නැහැ. ඇයි දිවිපුදල දිනාගත් ඒකීයභාවය වැදගත් නැද්ද කියලා අපි අහනවා. මේවාට නෝ කතා නෝ සිනා. කටේ පිට්‌ටු.

ජාතික ආරෂාව ගැන වචනයක්‌ කියනවද? ජනාධිපතිතුමාගේ ප්‍රකාශයේ පළමු පරිච්ඡේදය වෙන්කර තියෙන්නේ රටේ ජාතික ආරක්‍ෂාවට. ජාතික ආරක්‍ෂාවට බර තියලා. ජාතික ආරක්‍ෂාවට බර තැබීම අඩුකළොත් නැවත බෝම්බ පිපිරෙයි. ජනාධිපතිතුමා සිටින තෙක්‌ කොටියට ඕන කරන දේ කරන්න බැරිබව දන්නවා. සිරිසේන මහත්තයාලා බලන්නේ උතුරේ ඡන්ද කුට්‌ටිය ගන්න. දෙමළ සන්ධානයේ ඡන්දවලින් උස්‌සන එක නිෂ්ක්‍රීය කරන ඡන්ද ටික ගාලු දිසාවෙන් දෙන්න. දෙගුණයක පරතරයක්‌ ගාල්ලෙන් හදන්න ලෑස්‌තිද?

කොටි ඡන්දවලින් ජාතියේ ඉරණම තීන්දු කරන්න දෙන්න බෑ. 13 ට එහා ගිය විසඳුමකට එකඟවෙලා. මේ කරන්නේ කොටි ඩයස්‌පෝරාවේ ඕන වැඩේ නොවේද? ජීවිත පූජාකර ලේ හලලා අමාරුවෙන් බේරාගත් මවුබිම, ජාතිය ඉල්ලන වෙනස මේකද? යහපාලන නංගි පෙන්නලා 13 න් බලාත්මක කරන අක්‌කා දීග දෙන්නයි මේ හදන්නේ. මේ යහපාලන නංගි පෙන්නලා රට ආපස්‌සට යන්න දෙන්න බෑ. 

මහජන එක්‌සත් පෙරමුණේ නායක ජල සම්පාදන හා ජල කළමනාකරණ ඇමැති දිනේෂ් ගුණවර්ධන මහතා -

කිසිම නායකයකුට බැරිවූ ත්‍රස්‌තවාදය පරාජය කර රටේ හැම කෙනකුම ජයකොඩි ඔසවා එක්‌සේසත් කළ රටක්‌ ඔබට දරුවන්ට දායාද කළ නායකයා තමයි ජනාධිපතිතුමා. එතුමා ආර්ථිකය යළි පනගන්වන මාවතකට ඇවිත් දියුණුවන ආර්ථිකයක්‌ බවට පත්වෙලා. මේ රටේ දේශප්‍රේමී ජනතාව ප්‍රගතිශීලී කඳවුර 8 වැනිදාට ජනාධිපතිතුමාට විජයග්‍රහණයක්‌ අත්කර දෙනු නොඅනුමානයි. 

ලංකා සමසමාජ පක්‍ෂයේ නායක ජ්‍යෙෂ්ඨ ඇමැති මහාචාර්ය තිස්‌ස විතාරණ මහතා, ජ්‍යෙෂ්ඨ ඇමැති පියසේන ගමගේ මහතා, 

රෙජිනෝල්aඩ් කුරේ, තිස්‌ස අත්තනායක යන මහත්වරු ද මෙහිදී කතා කළහ. 

No comments:

Post a Comment