Dec 17, 2014

17 Dec 2014
බිත්තර වී ගන්න ත්‍රිමලේ සල්ලි බෙදයි
බිත්තර වී මිල දී ගැනීම සඳහා ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ ගොවීනට අක්කරයට රුපියල් 2800 බැගින් ගෙවන බව ත්‍රිකුණාමල දිසාපති මේජර් ජනරාල් ටී පී ආර් ද සිල්වා කියයි.
මේ දිනවල ගොවීහු මෙම මුදල් ලබා ගැනීමට ප්‍රාදේශීය ලේකම්කාර්යාලයේ පෙළ ගැසී සිටිති.
දිස්ත්‍රික්කයේ දැනටම රුපියල් දස කෝටියක් දී ඇතැයි දිසාපති පවසයි
17 Dec 2014
සන්ධාන කාර්යාලයය වහයි
දෙදිනකට පමණ පෙර කන්තලේ දී විවෘත කළ සන්ධාන ඡන්ද ප්‍රචාරක ප්‍රධාන මෙහෙයුම් කාර්යාලය මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතාගේ නියමයෙන් පොලිසිය අද (17) වසා දැමීය.
එම කාර්යාලයය හා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයය අතර දුර මීටර 125ක් පමණ බවත්, මැතිවරණ නීතිය අනුව දුර පමණ මීටර 150ක් විය යුතු බවත් පොලිසිය කියයි.   
මැතිවරණ කොමසාරිස්ට ලැබුණු පැමිණිල්ලක් අනුව එම කාර්යාලය වසා දැමිණි.
IMG_2625
17 Dec 2014
ජනාධිපතිවරණ අපේක්‍ෂක ප්‍රවර්ධන කෙරෙන වැඩ එපා
- මැතිවරණ කොමසාරිස්‌ ලේකම්වරුන්ට දන්වයි

ජනාධිපතිවරණ අපේක්‌ෂකයන් ප්‍රවර්ධනය කෙරෙන රාජ්‍ය උත්සව, මහා මාර්ග විවෘත කිරීම් සහ භාණ්‌ඩ බෙදාහැරීම් නතර කරන ලෙස මැතිවරණ කොමසාරිස්‌ මහින්ද දේශප්‍රිය මහතා අමාත්‍යාංශ ලේකම්වරුන් පළාත් සභා ලේකම්වරු දිසාපතිවරුන්ට චක්‍ර ලේඛයක්‌ මගින් දන්වා ඇත.

දිවි නැඟුම වැඩසටහන ක්‍රියාත්මක කිරීම මගින් මහින්දොaදය විද්‍යාගාර ඉදිකිරීම් අධිවේගී මාර්ග ඉදිකිරීම් යනාදී ජාතික වැදගත්කමකින් යුතු සංවර්ධන වැඩසටහන්ද දිස්‌ත්‍රික්‌ හා ප්‍රාදේශීය මට්‌ටමින් සිදුකරනු ලබන විවිධ ව්‍යාපෘති ජනාධිපතිවරණ පැවැත්වීම හේතුවෙන් අඩාල කළ නොහැකි නමුත් රජයේ සංවර්ධන ව්‍යාපෘති රාජ්‍ය උත්සව හරහා අපේක්‌ෂක ප්‍රවර්ධන කටයුතු සිදු කිරීමට කිසිදු ලෙසකින් අවකාශ ලබානොදෙන ලෙසද මැතිවරණ කොමසාරිස්‌වරයා රාජ්‍ය නිලධාරීන් වෙත යවන ලදචක්‍ර ලේඛයේ දැක්‌වේ.
ජනාධිපතිවරණ අපේක්‌ෂකයන් ප්‍රවර්ධනය කෙරෙන රැස්‌වීම් පැවැත්වීමට නොහැකි බවට නියෝජනය හා උපදෙස්‌ නිකුත් කිරීම රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ වගකීමක්‌ බවද එම ලිපියේ දැක්‌වේ. රාජ්‍ය උත්සවවලට ජනාධිපති අපේක්‌ෂකයන් සහභාගි කර නොගන්නා ලෙසද ඉඩම් ඔප්පු ප්‍රදානය සෞඛ්‍ය සායන සමාජ සත්කාරක වැඩසටහන් ආබාධිත පුද්ගලයන් ආධාරක උපකරණ ලබාදීම නිවාස ණය ආධාර ලබාදීම නතර කරන ලෙසද එම උපදෙස්‌ මාලාවේ දැක්‌වේ.
මෙම උපදෙස්‌ පිළිපදින ලෙස මහින්ද දේශප්‍රිය මහතා විසින් පළාත් අධ්‍යාපන අධ්‍යක්‍ෂවරුන්ද දිස්‌ත්‍රික්‌ සැලසුම් අධ්‍යක්‍ෂ හා ප්‍රාදේශීය ලේකම්වරුන්ටද අමාත්‍යාංශ ලේකකම්වරු හා ආයතන ප්‍රධානීන්ට යොමු කළ චක්‍ර ලේඛයේ දැක්‌වේ.

http://www.divaina.com/2014/12/17/provin07.html
17 Dec 2014
කොළඹ වරාය නගරයේ ඉදිකිරීම්
අපේ රජයක්‌ යටතේ නතර කරනවා

- රනිල් වික්‍රමසිංහ
වත්මන් රජය යටතේ මේ වන විට ඉදිවෙමින් පවතින කොළඹ වරාය නගරයේ (Port City) ඉදිකිරීම් කටයුතු තම රජයක්‌ බලයට පත් වූ පසු නවතා දමන බව විපක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

මෙරට සංචාරක ක්‍ෂේත්‍රයේ නියෑලෙන පිරිසක්‌ සමඟ
විපක්‍ෂ නායක කාර්යාලයේදී ඊයේ (16 දා) පෙරවරුවේ පැවැති විශේෂ හමුවකදී හෙතෙම මේ බව කියා සිටියේය.
රජය විසින් ඉදිකරගෙන යන වරාය නගරය නිසා රටේ වෙරළ තීරයට දැඩි ලෙස හානි සිදුවන බවත් එමගින් සංචාරක ක්‍ෂේත්‍රයට දැඩි බලපෑමක්‌ එල්ල වන බැවින් එජාප ආණ්‌ඩුවක්‌ යටතේ එම නගරයේ කටයුතු නවතා දමන්නේදැයි මෙහිදී සංචාරක කර්මාන්තකරුවකු විසින් විමසූ අවස්‌ථාවේදී වික්‍රමසිංහ මහතා මේ බව කීය.
විපක්‍ෂ නායකවරයාගේ එම පිළිතුරට රැස්‌ව සිටි කර්මාන්තකරුවෝ අත්පොළසන් දුන්හ. රනිල් වික්‍රමසිංහ මහතා එහිදී මෙසේ ද කීය.
අවුරුදු තිහකට, හතලිහකට මෙවැනි ව්‍යාපෘති කරනවාද නැතිනම් මාලදිවයිනේ කරනවා වගේ අවුරුදු දහයකට පහළොවකට හදලා පසුව කඩලා ඉවත් කරනවාද කියා අපි අලුතින් සිතිය යුතුයි.

http://www.divaina.com/2014/12/17/news11.html
17 Dec 2014
වසර 05 ක්‌ තුළ ලක්‍ෂ 10 කට රැකියා
- රනිල් වික්‍රමසිංහ මාතලේදී කියයි
අපි යළි ආණ්‌ඩු බලය අතට ගන්නේ රට තුළ නව දේශපාලන සංස්‌කෘතියක්‌ හදන්නයි. ඒක අපට තනිවම කරන්න බෑ. රට ගැන ආදරය තියෙන සියලුම පක්‍ෂවල සහාය අරගෙනයි අපි ඒක කරන්නේ. හැමෝගෙම අදහස්‌ ඒ සඳහා ගන්න අපි බලාපොරොත්තු වෙනවා. එහෙම අරගෙන මේ රටේ මූලික ප්‍රශ්නවලට තිරසාර විසඳුම් දෙන වැඩපිළිවෙළක්‌ හදනවා. මේ රට හදන්න ඕන. ඉදිරියට යන්න ඕන. ඒකටයි මෙහෙම දේ කරන්නේ යෑයි එජාපක්‍ෂ ජාතික නායක රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ඒ මහතා එම අදහස්‌ පළ කළේ මාතලේ අලුවිහාරයේ පැවැති එක්‌සත් ජාතික පක්‍ෂ මාතලේ දිස්‌ත්‍රික්‌ බල මණ්‌ඩල රැස්‌වීමේදීය.
අති විශාල ජනකායකගේ සහභාගිත්වයෙන් පැවැති මෙම රැස්‌වීම මාතලේ දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත අළුවිහාරේ මහතා විසින් සංවිධානය කර තිබිණි.
එහිදී තවදුරටත් කතා කළ ඒ මහතා එළඹෙන ජනාධිපතිවරණයෙන් පොදු අපේක්‍ෂකයා වන මෛත්‍රිපාල සිරිසේන මහතා අනිවාර්යයෙන්ම දිනනවා. එතුමා දිනල දින සියයක්‌ තුළ අපි පාර්ලිමේන්තු මැතිවරණයකට යනවා. ඒක ජයගෙන මේ රටේ හැමදාම විසඳුම් නැති මූලික ප්‍රශ්නවලට විසඳුම් සොයනවා. ඒක අපට වසර දෙකක්‌ විතර කාලයකින් කරතෑකි. අද රටේ සියලුම ක්‍ෂේත්‍ර කඩා වැටිලා තියෙන්නේ. මේ ආණ්‌ඩුව අරගෙන තියෙන විදේශ ණය ගෙවන්න පරම්පරා තුනකට වත් බෑ. අද කර්මාන්ත අංශය කඩා වැටිලා. දේශීය හා විදේශීය ආයෝජකයෝ සම්බන්ධ කරගෙන නිදහස්‌ වෙළෙඳ කලාප 5, 6 ආරම්භ කරලා ඒ අංශ දියුණු කරන්න ඕන. අපේ රටේ නිෂ්පාදන අලෙවි කර ගන්න විදේශීය වෙළෙඳපළ අල්ල ගන්න වැඩපිළිවෙළක්‌ අපි හදනවා. මගේ බලාපොරොත්තුව වසර පහක්‌ තුළ ලක්‍ෂ දහයකට නව රැකියා ලබාදීමයි. එතනදි හොඳ වැටුපක්‌ හා තරුණ තරුණියන් කැමති වන ආකාරයේ රැකියාවක්‌ ඒ අයට ලබා දෙනවා. නව තාක්‌ෂණික ක්‍රමවේද හරහා මේ රටේ කෘෂිකර්මාන්තය නංවාලන්න කටයුතු කරනවා.
17 DEc 2014


ජනාධිපතිවරණ ප්‍රචාරක රැලි : 
ජනාධිපති
ජනාධිපතිවරණය වෙනුවෙන් එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානය සංවිධානය කරන ලද ප්‍රධාන මහජන රැලි මාලාවේ මීළඟ රැලිය ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (17 දා) කුලියාපිටිය ශාලිකා ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.
මෙයට අමතරව ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ස්‌ථාවර රටක්‌ සඳහා තේමා කරගෙන කොළඹ හිල්ටන්, ගලදාරි, සිනමන් ලේක්‌ සයිඩ් හෝටල්වලදී අද පෙරවරුවේ වෘත්තීයවේදී හමු පැවත්වෙනු ඇත.

මෛත්‍රීපාල සිරිසේන
ජනාධිපතිවරණයට තරග කරන විපක්‍ෂයේ පොදු අපේක්‍ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා සහභාගි වන ප්‍රචාරක රැලි අද (17 වැනිදා) බලපිටිය, ඇල්පිටිය, බද්දේගම, අක්‌මීමන සහ හබරාදුව යන ප්‍රදේශවලදී පැවැත්වේ.
17 Dec 2014
මහින්දගේ මල්ලේ ගඳ හොඳට හඳුනන
නිසා එය යළි ඔබා බැලිය යුතු නැහැ

 කථිකාචාර්ය දඹර අමිල හිමි
විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ මාධ්‍ය හමුව

මහින්ද රාජපක්‍ෂ මහතාගේ මල්ල යළි ඔබා බැලීමේ අවශ්‍යතාවක්‌ නැතැයිද එහි ගඳ හොඳට හඳුනන බවද "සමාජ සාධාරණත්වය සඳහා විශ්වවිද්‍යාල ආචාර්යවරු" සංවිධානයේ කැඳවුම්කරු ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය දඹර අමිල හිමියෝ පැවැසූහ.

යහ පාලනයක්‌ වෙනුවෙන් විශ්වවිද්‍යාල ආචාර්යවරුන් විසින් සකස්‌ කරන ලද ප්‍රතිපත්තිමය යෝජනාවලිය පොදු අපේක්‍ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට පිළිගැන්වූ බවද එහිමියෝ සඳහන් කළහ.
උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළේ නාරාහේන්පිට සෝලිස්‌ ශාලාවේ පෙරේදා (15 වැනිදා) පැවැති එම සංවිධානයේ පළමු මාධ්‍ය සාකච්ඡාවේදීය. ජනාධිපතිවරණයේදී පොදු අපේක්‍ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහය පළ කිරීම වෙනුවෙන් මෙම සංවිධානය පිහිටුවාගෙන ඇති අතර සියලුම විශ්වවිද්‍යාල නියෝජනය වන පරිදි සාමාජිකයෝ ඊට ඇතුළත්ව සිටිති.
තනි පුද්ගලයකුගේ බල තණ්‌හාව වෙනුවෙන් කැඳවා ඇති මේ ජනාධිපතිවරණය රටේම යහපත වෙනුවෙන් හරවා ගත යුතු යෑයිද රට නිවැරදි මාවතට ගැනීම සඳහා ලැබී ඇති අවසාන සහ හොඳම අවස්‌ථාව මෙය යෑයිද අමිල හිමියෝ කීහ.


17 Dec 2014
අපි හදන අලුත් ආණ්‌ඩුව මගින් කුඹුරට
ජලය ගෙනයන ඇළවේලි සියල්ල හදනවා

- පොදු අපේක්‍ෂක මෛත්‍රීපාල සිරිසේන යාපහුවේදී කියයි
"මේ රටට ලැබෙන හා භූගත ජල ප්‍රමාණය මේ වගේ රටවල් දහයකට ප්‍රමාණවත්. නමුත් නිසි කළමනාකරණයක්‌ නැති නිසා වාරිපද්ධති විනාශවෙලා. හැම ආණ්‌ඩුවක්‌ම කරන්නේ ප්‍රධාන වාරිමාර්ග නවීකරණය කරන එකයි. කුඹුරට ජලය ගලායන කෙත් ඇළ හැදුවේ නැ. මෛත්‍රී පාලන යුගයක්‌ තුළ අපි හදන අලුත් ආණ්‌ඩුවෙන් ප්‍රධාන වශයෙන් තමුන්නාන්සේලාගේ කුඹුරට එන කුඩා ඇළවල් ටික හදන එක තමයි පළමුව කරන්නේ යෑයි විපක්‍ෂයේ පොදු අපේක්‌ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසුවේය.

යාපහුව මංසන්ධියේදී පැ
වැති ජනාධිපතිවරණ ප්‍රචාරක රැලියේදී මෛත්‍රීපාල සිරිසේන මහතා එසේ පැවසුවේය. යාපහුව එජාප ප්‍රධාන සංවිධායක වෛද්‍ය කීර්ති ෙµdන්සේකා මහතා ජනහමුව සංවිධානය කළේය.

මෛත්‍රීපාල සිරිසේන මහතා මෙසේ ද පැවසුවේය.
"අද මේ මැතිවරණ ව්‍යාපාරයේ ආණ්‌ඩු විරෝධි රැල්ලට නායකත්වය දීලා තියෙන්නේ තරුණ පරපුර. තරුණ පරපුරට ඕන වෙලා තියෙන්නේ අලුත් ආණ්‌ඩුවක්‌ හදන්නයි. ඇයි ආණ්‌ඩුවෙ වැඩපිළිවෙළක්‌ තියෙනවානෙ තරුණයින් සඳහා තාරුණ්‍යයට හෙටක්‌. නාමල් රාජපක්‍ෂ දරුවාගේ තාරුණ්‍යයට හෙටක්‌. ඒක බාලගිරි දොaෂය වගේ අද නොවේ හෙට. හැබැයි රජ පවුලේ කුමාරයන්ට තාරුණ්‍යය අද. දැන් අවුරුදු දහයක්‌ ඒ ගොල්aලන්ට තාරුණ්‍ය අද. රාජ කුමාරයින්ට නැති දෙයක්‌ නෑ. ගිය අවුරුද්දේ ගෙනාවා අලුත් චොපර් හයක්‌. ඒ ඔක්‌කොම පවුලේ අය බෙදාගත්තා. රාජ කුමාරයින්ට තියෙනවා ආරක්‍ෂක බලඇණි. වෙඩි නොවදින කාර්, ජීප්, ඒ ගොල්ල පාරේ යද්දී පාරවල් වහනවා. පුංචි කුමාරයා ගිය අවුරුද්දේ එංගලන්තේ බකින්හෑම් අශ්වගාලෙන් අශ්වයෙක්‌ ගෙනාවා. මම හොඳට දන්න හින්ද කියන්නේ. හුඟ දෙනෙක්‌ මේවා දන්නේ නැ. නුවර එළියට ඌ අරගෙන ගියා. රජ පවුලේ කුමාරයා උදේට හෙලිකොප්ටරයෙන් නුවරඑළියට ගිහින් රත්තරන් අශ්වයා පැදලා ආපහු හෙලිකොප්ටරයෙන් කොළඹට එනවා. ඔබට තුන්වේල කන්න දෙන්න තියෙන සල්ලි තමයි, සහන දෙන්න තියෙන සල්ලි තමයි මේ කුමාරවරු සෙල්ලම් කරන්නේ. මේවාට ඉඩ දෙන්න පුළුවන්ද කියලා මම අහනවා.

17 DEc 2014
පොදු අපේක්‌ෂක සහ සෙසු පක්‌ෂ අතර
කිසිදු පරස්‌පර ගිවිසුමක්‌ නැහැ

- හිටපු ජනපතිනි චන්ද්‍රිකා බණ්‌ඩාරනායක කියයි
විපක්‌ෂයේ පොදු අපේක්‌ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහාය දැක්‌වීමට සෙසු පක්‌ෂ සහ පාර්ශ්ව සමග ඇති කර ගෙන ඇති ගිවිසුමේ කිසිදු පරස්‌පරතාවයක්‌ නැතැයි හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්‌ඩාරනායක කුමාරතුංග මහත්මිය ඇයගේ කොළඹ නිල නිවසේ ඊයේ (16 වැනිදා) පැවැති මාධ්‍ය හමුවක්‌ අමතමින් සඳහන් කළාය.
අත්තනගල්ල ප්‍රා. සභාවේ ආණ්‌ඩු පක්‌ෂ මන්ත්‍රීවරයකුව සිටි ඉන්දික රාජපක්‌ෂ, මීරිගම ප්‍රාදේශීය සභාවේ ශ්‍රීලනිප මන්ත්‍රී සෝමරත්න දේනෙත්ති සහ හලාවත නාගරික මන්ත්‍රීනී ජීවනී කාරියවසම් යන මහත්ම මහත්මීහු විපක්‌ෂයේ පොදු අපේක්‌ෂකවරයාට සහාය දැක්‌වීමට එක්‌වීම අරමුණු කොට ගෙන මෙම මාධ්‍ය හමුව කැඳවා තිබිණි.
රට පුරා හැමතැනම දූෂණය, භීෂණය, තර්ජන ගර්ජන රජයද්දී ඔවුන් තිදෙනා ගෙන ඇති තීරණය ඉතා ප්‍රශංසනීය සහ නිර්භීත බවත් ඒ වෙනුවෙන් තමාගේ හෘදයාංගම කෘතඥතාවය ඔවුන්ට පුද කරන බවත් කුමාරතුංග මහත්මිය එහිදී පැවැසුවාය.

http://www.divaina.com/2014/12/17/news30.html
17 DEC 2014
මවුබිමෙන් සහමුලින් අතුගා දැමුවත් පිටරට සිට
ක්‍රියාත්මක ත්‍රස්‌තවාදය පරාජය කිරීමේ සටන පවතිනවා

පානදුර, උඩුගම, කරන්දෙනිය ජනහමු අමතමින් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ කියයි

මාතෘ භූමියෙන් ත්‍රස්‌තවාදය සහමුලින් අතුගාදැමුවත් පිටරට ඉඳගෙන අපට එරෙහිව කෙරෙන ත්‍රස්‌තවාදය තවමත් අවසන්වී නැහැ. එම නිසා එය පරාජය කිරීමේ සටන අපට තවදුරටත් තිබෙන බව ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පැවැසීය.

අපිට රට දියුණු කරන දර්ශනයක්‌ වැඩපිළිවෙළක්‌ තිබෙනවා, ගමන් මගක්‌ තිබෙනවා. මේ රට සංවර්ධනය කර රටේ මිනිසුන්ගේ ජීවන තත්ත්වය ගොඩනගන්න, දරුවන්ට සුරක්‍ෂිත හෙටදවසක්‌ උදාකිරීමේ වගකීම ඉටුකරන බවත් තමාට වෙන න්‍යායපත්‍රයක්‌ නැති බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.
පානදුර, දඬුගම, කරන්දෙනිය ප්‍රදේශවල පෙරේදා (15 වැනිදා
) පැවැති ජනහමුවලට සහභාගීවෙමින් ජනාධිපතිවරයා මේ බව අවධාරණය කළේය.
පෙරේදා (15 දා) සන්ධ්‍යාකාලයේ පානදුර ප්‍රදේශයට ඇදහැළුණු ධාරානිපාත වැසි නොතකා විශාල සෙනඟක්‌ එහි රැස්‌ව සිටියහ.
ජනාධිපතිවරයා එම මහජන රැලිය අමතමින් මෙසේද කීවේය.
හවස ඉඳලා අව්වට වේලෙමින්, දැන් මේ මහ වැස්‌සට තෙමෙමින් ඔබ මේ පෙන්නුම් කරන්නේ කුමන්ත්‍රණකරුවන්ට, බෙදුම්වාදීන්ට මේ රට අවස්‌ථාවර කිරීමට ඉඩ නොතබන බවයි.
එදා 2009 මැයි මස 19 වන දින ත්‍රස්‌තවාදය ලංකා භූමියෙන් අතුගාදැම්මත් පිටරට ඉඳගෙන අපට එරෙහිව කරන ත්‍රස්‌තවාදය අවසන් වෙලා නෑ. බෙදුම්වාදීන් අදත් ඉන්නවා ඔවුන් වෙනම පාර්ලිමේන්තුවක්‌ හදාගෙන ඇමැති මණ්‌ඩලයක්‌ පත්කරගෙන යන මේ වැඩපිළිවෙළින් අපි පරිස්‌සම් විය යුතුයි.

17 Dec 2014

CBK: ‘My govt. liberated 65% of LTTE controlled territory’

* Rajapaksas suffering from memory loss
* Ballot rigging possible; monitors needed

 
by Zacki Jabbar
Former President Chandrika Kumaratunga yesterday lashed out at President Mahinda Rajapaksa saying that he was talking as if she had contributed nothing to the war against the LTTE.
Kumaratunga told a news conference at her residence in Colombo that when she left office in 2005 around sixty five percent of the territory under the control of the Tamil Tigers including Jaffna, which at that time was its nerve center had been captured.
"We drove the LTTE out of Jaffna in December 1995 about one year after I became president. By the time I left office in 2005, sixty five percent of the land extent under Prabhakaran’s control had been liberated," she said, adding that the present government had cleared only the remaining 35 percent occupied by the Tamil Tigers.
"But, unlike the Rajapaksas, I will not take all the credit for our achievements. Battles were won due to a team effort which included the security forces chiefs and their men on the battle front. We also cannot forget the sacrifices that the people of all comminutes made to achieve our goals.
Mahinda and his siblings are suffering from a memory loss syndrome," the former President observed.
She said that ever since May 2009, the masses had been bombarded with claims that it was the Rajapaksas and Rajapaksas alone who had liberated the country while making no mention that it was under her administration that the hard work had been done and the foundation laid for the final assault.
Predicting that the ruling UPFA would rig next month’s Presidential Election, Kumaratunga urged foreign governments to send as many observers as possible to ensure a free and fair election.
Rajapaksa had, she said, resorted to underhand dealings and trickery at previous elections and it was bound to happen again as the stakes were very high this time round.

17 Dec 2014
මඩ දේශපාලනයට කැමති නෑ - ජනාධිපති
1
16 දෙසැම්බර් 2014 අවසාන වරට යාවත්කාලීන කළේ 18:11 GMT
මඩ දේශපාලනයට තමන් අකමැති බව මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ප්‍රකාශ කරයි.
අද, අඟහරුවාදා, හලාවතදී ජන හමුවක් අමතමින් ජනාධිපතිවරයා සෙසු ජනාධිපති අපේක්ෂකයන්ගෙන් ඉල්ලා සිටියේ විදුරු ගෙවල් වල සිට අනුන්ට ගල් නොගසන ලෙසයි.
ජාත්‍යන්තරය
රටේ ප්‍රජාතන්ත්‍රවාදය සහ නිදහස තිබෙන අතර ජාත්‍යන්තරයට අවශ්‍යව ඇත්තේ ඒ සියල්ල අස්ථාවරත්වයට පත් කිරීම බවත් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.
වර්තමානයේ රටේ පවතින්නේ මඩ දේශපාලනයක් බවයි ජනාධිපතිවරයා පැවසුවේ.
“අද දේශපාලනේ මඩ ගහන දේශපාලනයක්. වෙන මොකුත් නැහැ. හැම සංවර්ධනයක් විවේචනය කරනවා. ඕක අපිට තුනෙන් එකෙන් කරන්න තිබුණ. කරේ නැහැ හැබැයි. එක්කෙනෙක්වත් කළේ නැහැ මෙච්චර කලක්,” මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා සඳහන් කළේය.... VIDEO
http://www.bbc.co.uk/sinhala/sri_lanka/2014/12/141216_mahinda_chilaw_video
17 Dec 2014

කෝපි බීලා ආප්ප කාල තමයි අපි ජනාධිපතිගෙ කණෙන් රිංගුවෙ - රනිල්

ranil ms 1' මට කෝපි කෝප්පයක් දී ඔහුගේ පැත්තට මාව අරගන්න පුළුවන් යැයි කියා මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයා පවසා තිබෙනවා. මම එතුමා සමග ගොස් කෝපි බිව්ව එක ඇත්ත. මම කෝපි බොන විට ජනාධිපතිවරයා හිතුවේ මමයි පොදු අපේක්‍ෂකවරයා කියා. නමුත් ජනාධිපතිවරයා දන්නේ නැතුවම ඔහු සමග ආප්ප කෑ පුද්ගලයා පොදු අපේක්‍ෂකයා වශයෙන් අප පත් කළා. එදා පටන් ජනාධිපතිවරයා කෝපි දෙන්නෙත් නැහැ ආප්ප දෙන්නෙත් නැහැ“ යි එජාප ජාතික නායක සහ විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ කුරුණෑගල උඩවල්පොළ ක්‍රීඩාංගනයේදී පැවැති පොදු අපේක්ෂක ප්‍රචාරක රැළියේදී ප්‍රකාශ කෙළේය.
රනිල් වික්‍රමසිංහ මහතා එහිදී කළ සම්පූර්ණ කතාව මෙසේය.
එක්සත් ජාතික පක්‍ෂය සහ කුරුණෑගල ජනතාව අතර විශාල සම්බන්ධකමක් තිබෙනවා. ඒ වගේම ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය හා කුරුණෑගල ජනතාව අතර විශාල සම්බන්ධකමක් තිබෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මහලේකම්වරයා පොදු අපේක්‍ෂකයා වශයෙන් ඉදිරිපත් වුණාම මේ කණ්ඩායම් දෙක එක් වූ විට කුරුණෑගල නගරය හා කොට්ඨාසය දිනා ගැනීම අමාරු කාර්යක් නොවේ.
දන්සල වසා දමනවා :
අපි ජනවාරි 08 වැනිදා පටන් අරලියගහ මන්දිරයේ දෙන දන්සල වසා දැමීමට පියවර ගන්නවා. එමෙන්ම ජනතාව දුක් විඳින යුගය අවසන් කර ජනතාවට සහන ලබා දෙන බවටත් මා මේ අවස්ථාවේදී ප්‍රකාශ කර සිටිනවා.

17 Dec 2014

UDA සේවකයෝ බලහත්කාරී ඡන්ද වැඩට

නාගරික සංවර්ධන අධිකාරියේ සියලුම සේවක සේවිකාවන් මැතිවරණය අවසන් වනතුරු සියලුම සති අන්ත දිනවල රාජපක්ෂ ජනාධිපතිවරයාගේ මැතිවරණ ප්‍රචාරක කටයුතු වෙනුවෙන් ගෙන් ගෙට යෑම සඳහා සහභාගී විය යුතු බවට පාලනාධිකාරිය විසින් නියෝග කර ඇතැයි වාර්තා වේ.
මෙම චක්‍රලේඛණය නිකුත් කර ඇත්තේ එහි නිදහස් සේවක සංගමයේ නමින් වුවද මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා සහභාගී වන කාර්ය මණ්ඩල ලැයිස්තුව සකස් කර ඇත්තේ අධිකාරියේ පාලන අංශය මගිනි. සියලු දෙනා (ගැබිනි සේවිකාවන් ඇතුළුව) මෙම ප්‍රචාරක කටයුතු සඳහා සහභාගී විය යුතු බවට වාචික උපදෙස් ලබා දී ඇති අතර  යම් හෙයකින් එයට සහභාගී නොවන සේවක සේවිකාවක් සිටී නම් ඔහු හෝ ඇය යාපනයේ රාජකාරී සඳහා යෑමට සූදානම් වන ලෙසටද තර්ජනය කර තිබේ.
එළැඹෙන විසිවන සෙනසුරාදා දිනයේ පටන් ගෙන සියලු සති අන්තයන්හි ප්‍රචාරක කටයුතුවලට සම්බන්ධ විය යුතු බවට නියෝග ලැබී තිබේ. ඒ සඳහා ඔවුන් වාර්තා කළ යුතුව ඇත්තේද අධිකාරියේ අධ්‍යක්ෂකවරයකු වෙතටය. එසේම ජනවාරි තුන්වන සෙනසුරාදා කොළඹ පැවැත්වෙන ප්‍රචාරක රැලිය සඳහා අනිවාර්යයෙන් සහභාගී විය යුතු බවටද ඔවුන්ට නියෝග ලැබී තිබේ.
අධිකාරියේ සේවකයින් මේ තත්වය මත අතිශය අසීරුතාවයකට පත්ව සිටින නමුදු පාලනය කරන බ්‍රෙගේඩියර්වරුන් හමුවේ මැතිවරණ කොමසාරිස්වරයාට පැමිණිලි කිරීමට පසුබට වෙති.............
17 Dec 2014

මහින්දට ඡන්ද ගරන්න NSBය බිලි දෙයි

පොලිස් දෙපාර්තමේන්තුවේ අති විශාල පිරිසක් මහින්ද රාජපක්ෂ විරෝධී දේශපාලන ස්ථාවරයක සිටීම වෙනස් කර ගැනීම සඳහා රුපියල් දෙලක්ෂ පනස් දහසක උපරිමයකට යටත් පොලී රහිත ආපදා ණය ජාතික ඉතිරි කිරීමේ බැංකුවෙන් ලබා දෙන ලෙස චක්‍රලේඛයක් ඊයේ (16) සියලුම බැංකු ශාඛා වෙත යවා ඇත. රාජ්‍ය සේවකයන්ට ආපදා ණය නිකුත් කරන්නේ අදාළ දෙපාර්තමේන්තුවෙන්ය. එහෙත් මේ වනවිට රජය මුහුණදීසිටින බරපතල මූල්‍ය අර්බුදය සහ පොලිසියේ ඡන්ද මහින්ද රාජපක්ෂ වෙත ක්ෂණිකව ආකර්ෂණය කර ගැනීම සඳහා ජාතික ඉතිරි කිරීමේ බැංකුව මගින් එම ණය ලබා දීමට බැංකුවේ සභාපතිනිය ක්‍රියා කර ඇත.
එම බැංකු ආරංචි මාර්ග සඳහන් කරන්නේ පොලිස් දෙපාර්තමේන්තුවේ 82,000ක් පමණ පිරිසක් සේවය කරන අතර එයින් අවම වශයෙන් 25,000කට ජනාධිපතිවරණයට පෙර ණය ලබා දීමට සිදු වුවහොත් රුපියල් කෝටි 625ක් පමණ අවශ්‍ය බැවින් මෙම මුදල කෙටි කාලයක් තුළ ලබා දීමෙන් බැංකුව බරපතල අවධානමකට ලක්වෙන බවය. බැංකුවෙන් ලබා දීමට නියමිත මෙම ණය සඳහා පොලිය මහා භාණ්ඩාගාරයෙන් බැංකුවට ගෙවන බව වැඩිදුරටත් දන්වා තිබේ.
ආණ්ඩුවේ විවිධ ව්‍යාපෘති සඳහා ජාතික ඉතිරි කිරීමේ බැංකුවෙන් ණය ලබා දීමට අවශ්‍ය මුදල් පියවා ගැනීම වෙනුවෙන් එම බැංකුව විසින් විදේශ වාණිජ බැංකුවකින් ඩොලර් මිලියන 1000ක ණය මුදලක් පසුගිය වසරේ ලබා ගත්තේය. එම ණය මුදල ලබා ගැනීමෙන් බැංකුව දැඩි අනතුරකට පත්වන බැවින් හිටපු සභාපති සුමින්ද ඒස් සිරිසේන මහතා එය ප්‍රතික්ෂේප කරනු ලැබීය. ජනාධිපතිවරයාගේ නියෝගය පරදි ඔහුට ඉල්ලා අස්වීමට සිදු වූ අතර මහා බ්‍රිතාන්‍යයේ පදිංචිව සිටී වත්මන් සභාපතිනි ඩබ්.ඒ. නාලනී මහත්මිය ගෙන්වාගෙන පත්කරනු ලැබීය. ඇය පත් කර දින දෙකකින් විදේශ වාණිජ බැංකුවෙන් එම ණය මුදල ලබා ගැනීමේ ගිවිසුම් අත්සන් කරන ලදි................

17 Dec 2014 
ඩලස් දෙවියන් යදී
ජාතික තරුණ සේවා සභාවනිල් බලකාය සහ දිවි නැගුම දෙපාර්තමේන්තුව ඒකාබද්ධව සංවිධානය කරන ආශිර්වාද පිරිත් දේශනා මාලාවක් සහ බෝධි පූජාදේව කන්නලව් ආදී ආගමික වැඩසටහන් ගණනාවක් මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් මේ වනවිට ක්‍රියාත්මක කෙරෙමින් පවතී.
පසුගිය 14වෙනිදා කොළඹ නිදහස් චතුරශ්‍රයෙන් මෙය ආරම්භ කර ඇත අතර ලබන 31වන දින බෙල්ලන්විල රජමහා විහාරයේ පවත්වන මහා ආශිර්වාද පූජාවකින් එය නිමා කිරීමට සැලසුම් කර ඇත. ජාතික තරුණ සේවා සභාවේ වාහන 24ක් දිස්ත්‍රික්ක 24ක් පුරා පිටත්කර යවා පිරිත් දේශනා මාලාව ක්‍රියාත්මක කෙරෙමින් පවතී. දිනකට අවම වශයෙන් විහාරස්ථාන තුනකට වත් එම වාහන සමග පිරිස යායුතු අතර ප්‍රදේශවාසීන් සමග එක්ව ආශිර්වාද පුද පූජා පැවැත්වීමට නියම කර තිබේ.
එක් වාහනයක සංඝයා වහන්සේ පස් නමක් සහ ගිහි ආවතේව කරුවන් තිදෙනෙකු වශයෙන් යොදවා සිටී. විදි සංචාරය කරමින් පිරිත් දේශනා කිරීම අඛණ්ඩව සිදුකළ යුතු බවත් සමෘද්ධි ප්‍රතිලාභී පවුල් එම පිරිත් දේශනා රථ ගමන් ගන්නා මග දෙපසට පැමිණිය යුතු බවත් දන්වා තිබේ. මහින්ද රාජපක්ෂ මහතාගේ ඡන්ද ප්‍රචාරක යාන්ත්‍රණයේ ප්‍රබල පියවරක් වශයෙන් මෙය ක්‍රියාත්මක කෙරෙන අතර ඒ සඳහා යොදවා ඇති මහජන මුදල් ප්‍රමාණය කොපමණදැයි හෙළි නොවේ...............
16 Dec 2014
R’pura Depot told to show receipts for release of buses
2014-12-15 22:08:41

Elections Commissioner Mahinda Deshapriya has ordered officials of the Ratnapura Bus Depot to produce the cash receipts issued for the release of 25 buses to transport people to a political rally in Panadura today.
 Earlier, election observers including People’s Action for Free and Fair Elections (PAFFREL) had in writing requested Mr. Deshapriya to inquire into allegations that state buses had been used to transport people for the political rallies in the run-up to the presidential election. PAFFREL said, in another instance of the blatant abuse of state resources, 25 buses had been released from the Ratnapura Depot alone for this purpose.
 Mr. Deshapriya had asked the depot authorities to produce the cash receipts issued for the release of buses for the use of political parties, to be scrutinized by election officers.
 Transport Minister Kumara Welgama said anybody could hire buses from the Sri Lanka Central Transport Board after making the necessary payments. (Kelum Bandara)
http://www.dailymirror.lk/58977/r-pura-depot-told-to-show-receipts-for-release-of-buses
16 Dec 2014
කලාකරුවෝ පිරිසක් මෛත්‍රී සමග ගිවිසුමක
කලාකරුවන් හා වෘත්තීයවේදීන්ගෙන් සැදුම්ලත් පුරවැසි බලය සංවිධානය විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතාට සහය දැක්විමට ඉදිරිපත්වී සිටී.
පරාක්‍රම නිරිඇල්ල, ධර්මසිරි බණ්ඩාරනායක, ගාමිණී වියන්ගොඩ, කේ.බී.හේරත්, ලූෂන් බුලත්සිංහල ඇතුළු කලාකරුවන් රැසක් මෙසේ සංධාන ගතවී කලා අභිවෘද්ධියට බලපාන කරුණු වෙනුවෙන් පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතා සමග ගිවිසුමකටද එළැඹ ඇත.....
16 Dec 2014

මුස්ලිම් ජනයාට අනතුරු අඟවා නැහැ -බොදු බල සේනා


මුස්ලිම් ජනතාව පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේනට සහාය දැක්වුව හොත් ආගම්වාදී කෝලාහල ඇති විය හැකි බවක් බොදු බල සේනා සංවිධානය කිසි විටෙක පවසා නැතැයි එහි ප්‍රධාන විධායක නිලධාරි ඩිලන්ත විතානගේ කියා සිටියි.
ඔහු මේ බව කියා සිටියේ ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසයේ නියෝජ්‍ය මහලේකම් නිසාම් කාරියප්පර් බීබීසී සංදේශයට කළ ප්‍රකාශය පිළිබඳව ප්‍රතිචාර දක්වමින්.
නිසාම් කාරියප්පර් කියා තිබුණේ මුස්ලිම් ඡන්ද දායකයන් පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේනට ඡන්දය පාවිච්චි කළ හොත් 1915 සිංහල - මුස්ලිම් කෝලාහලය වැනි ලේ වැගිරීමක් යළි සිදු විය හැකි බව, බොදු බල සේනා සංවිධානය ප්‍රකාශ කර ඇති බවයි.
"විශේෂයෙන් බොදු බල සේනා මතයක් ප්‍රකාශ කරලා තියෙනව මුස්ලිම් ජනතාව මේ රජයට විරුද්ධව ඡන්දය දුන්නොත් 1915 දී ඇතිවුනා හා සමාන ප්‍රශ්නයක් 2015 දී ඇතිවෙන්න පුළුවන් කියල පවා." යනුවෙන් ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසයේ නියෝජ්‍ය මහ ලේකම් නිසාම් කාරියප්පර් ඉරිදා බීබීසී සංදේශයට පැවසීය.
'ඔප්පු කරන්න'.................
http://www.bbc.co.uk/sinhala/sri_lanka/2014/12/141215_dilantha_withanage_bbs

ඇතැම් අන්තවාදී මුස්‌ලිම් කොටස්‌ නිසා පීඩාවට පත්වන්නේ සාම්ප්‍රදායික මුස්‌ලිම් ජනතාවයි
- පූජ්‍ය ගලගොඩ අත්තේ ඥනසාර හිමි
මේ රට තුළ ක්‍රියාත්මක ඇතැම් අන්තවාදී මුස්‌ලිම් කොටස්‌ නිසා ඉන් පීඩාවට පත්වෙන්නේ සහ බැට කන්නේ බහුතර සිංහල ජනතාව නොව මේ රටේ සාම්ප්‍රදායික මුස්‌ලිම් ජනතාව බව ඉතා වගකීමෙන් යුතුව කියන බව බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ පැවසූහ.

සිංහලයන් ශක්‌තිමත්ව ඉන්න තාක්‌ දෙමළ, මුස්‌ලිම්, බර්ගර්, මැලේ ආදී සියලු ජන වර්ගවලට සහජීවනයෙන් ජීවත් වෙන්න පුළුවන් යෑයි විශ්වාස කරන බවත් ඇතැම් ජාතිවාදී දේශපාලනඥයන් කරන ප්‍රකාශ නිසා ඒ තත්ත්වය විනාශ වෙමින් පවතින බවත් ඥානසාර හිමියෝ කියා සිටියහ.

16 dec 2014
Video: Govt. alleges secret meetings in S’pore
2014-12-16 17:44:00

Minister Nimal Siripala de Silva today claimed that several common opposition members including presidential candidate Maithripala Sirisena had secretly met representatives of the Transnational Government of Tamil Eelam (TGTE) in Singapore.
 He said the Government would reveal details of their activities during their visit to Singapore.
 The minister said Maithripala Sirisena, Ranil Wickremesinghe, Sarath Fonseka, Chandrika Kumaratunga, Mangala Samaraweera, Hirunika Premachandra and Palani Digambaram had visited Singapore from time to time since November 2.
 “During the same period nine TGTE ministers had also visited Singapore. It’s not a coincidence and people can put two and two together. We will soon reveal what was discussed between the two sides with more details in the future,” he told a news conference held at Sri Lanka Freedom Party Headquarters in Colombo.  
 The minister claimed that the common opposition was plotting with the TGTE to get their support for the opposition election campaign and to divide the country in return.
  “The opposition has betrayed and deceived the people” he said and added that Mr. Sirisena will not abolish the executive presidency as promised. “This is only a slogan he is using to deceive the people,” he said.  ...........video photos
http://www.dailymirror.lk/59033/govt-alleges-secret-meetings-in-s-pore
16 Dec 2014
රාජපක්‍ෂ පවුල් කල්ලිය රට වනසන බව- චම්පික රණවක මහතා පවසයි
- හෙරොයින්, එතනෝල්, ආසනික් ඇතුලූ මාෆියාවලින් ලබන 8 වනදා රට ගලවා ගැනේ
රාජපක්‍ෂ පවුල් කල්ලිය සහ ජාවාරම් කාර කණ්ඩායම් රට විනාශ කරන බව ජාතික හෙළ උරුමයේ ප‍්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත‍්‍රී පාඨලි චම්පික රණවක මහතා පවසයි. ප‍්‍රභාකරන් ඇතුඵ එල්ටිටිඊ සංවිධානය කළ හානියට වැඩි හානියක් රාජපක්‍ෂ පවුල් කල්ලිය රටට සිදුකරයි. හෙරොයින් එතනෝල් ආසනික් සිගරට් සහ කැසිනෝ මාෆියාව රට ගිල ගෙන තිබේ. එවැනි තත්වයකට පසුබිම සැකසු රාජපක්‍ෂ පාලනයට තුන්වන අවස්ථාවත් ලබාදීමට ජනතාව සූදානම් නැතැයි රණවක් මහතා මාවනැල්ලේ පැවති පොදු ජනාධිපතිධුරාපේක්‍ෂක මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ජය තහවුරු කිරීමේ රැළියේදී ප‍්‍රකාශ කළේය.
එතනෝල් කල්ලිය හි මුදල් වත්මන් පාලකයන්ගේ අවශ්‍යතා සඳහා වැය කෙරේ. මනාප ලබාගැනීමටත් දේශපාලන පිල්මාරු සඳහා පුද්ගලයන්ට ලබාදීමටත් විවිධ දන්සැල් ආකාරයේ සම්පත් බෙදාහැරීමටත් භාවිත කෙරෙන්නේ එම මුදල්ය. රුපියල් ප‍්‍රකෝටි ගණනක් ඊට එතනෝල් කල්ලිය වැය කරන බව චම්පික රණවක මහතා අවධාරණය කරයි. රේගුවෙන් එතනෝල් පිටකර ගැනීම නැවැත්වීමේ හැකියාව ජනාධිපතිවරයාට තිබේ. රේගුව ඔහු යටතේ පැවතීම ඊට හේතුවයි. එහෙත් සංවේදී නායකයා එතනෝල් මාෆියාව පාලනය කිරීමට කිසිදු පියවරක් නොගන්නා බව පාඨලි චම්පික රණවක මහතා පෙන්වා දෙයි.
මත්කුඩු ජාවාරමද ශ‍්‍රී ලංකාවේ ව්‍යාප්තව තිබේ. රජයට සම්බන්ධ විවිධ පාර්ශව මත්කුඩු ජාවාරමෙහි නිරත වේ. ඔවුන් අත්අඩංගුවට ගැනීමට රජය ක‍්‍රියා නොකරන බව චම්පික රණවක මහතා පෙන්වා දෙයි. එක් අවස්ථාවක මත්කුඩු කන්ටේනරයක් පිළිබඳ තොරතුරු ලැබිණ. ඡුායාරූප සහිතව එය රජයට ලබාදුන්නද කිසිදු ජාවාරම්කරුවෙකු අත්අඩංගුවට ගැනීමට ක‍්‍රියා නොකෙරිණ. එහෙත් ප‍්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් වෙනුවට සු`ඵ පරිමාණ ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගැනීමට රජය පියවර ගත්තේය. ප‍්‍රධාන ජාවාරම්කරුවන් රජයට සම්බන්ධවීම ඊට හේතුවයි. දේශපාලකයන් සඳහා මනාප රැුස්කිරීමේ සිට විවිධ අවශ්‍යතා සඳහා පක්‍ෂ මාරුව වෙනුවෙන් යොමුකරවීමටද එම මුදල් භාවිත කෙරේ. එවැනි රජයකට විරෝධය පළකිරීම සඳහා රජයෙන් පිටතට පැමිණි බව මාවනැල්ල රැුළියේදී රණවක් මහතා අවධාරණය කළේය. මත්කුඩු කල්ලි වලින් රට ගලවා ගැනීමටත් ඔවුන්ට දැඩි දඩුවම් පැමිණ වීමටත් මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ජනාධිපතිධුරය යටතේ නව රජයෙන් පියවර ගන්නා බවටද රණවක මහතා ප‍්‍රතිඥා දුන්නේය.
ආසනික් මාෆියාවක් ද ක‍්‍රියාත්මක වෙයි. රජරට ලක්‍ෂ 2 ක පමණ පිරිසක් වකුගඩු රෝගයෙන් පීඩා විඳිති තත්වය කෙරෙහි අවධානය යොමුකර කෘෂි රසායන ද්‍රව්‍ය කිහිපයක් තහනම් කිරීමට රජයට මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ සෞඛ්‍ය අමාත්‍යධුරය යටතේ යෝජනා කෙරිණ. එහෙත් රජය ඊට අවශ්‍ය ක‍්‍රියාමාර්ග නොගත් බව රණවක මහතා පෙන්වා දෙයි. වකුගඩු රෝග හේතුවෙන් වාර්ෂිකව 15,000 ක මිය ගියද සංවේදී නායකයාගේ හදවත ඊට උණුවන්නේ නැතැයි රණවක මහතා අවධාරණය කළේය. එවැනි තත්ත්වයක් යටතේ රජයෙන් ඉවත් වීමට තීරණය කෙරිණ.
ඒ අනුව ජනවාරි 8 වනදාට රාජපක්‍ෂ පවුල් කල්ලිය හා ජාවාරම්කාර කල්ලි පරදවා මෛත‍්‍රීපාල සිරිසේන මහතා ජනාධිපතිධුරයට පත්කිරීමට සැවොම එක්විය යුතු බව පාඨලි චම්පික රණවක මහතා අවධාරණය කළේය.
16 Dec 2014
Colombo Port City will be scrapped: Ranil
2014-12-16 16:36:00


Opposition United National Party (UNP) Leader Ranil Wickremsinghe said today the new government, which would be formed by the joint opposition after the current regime was defeated at the January 8 elections, would scrap the Colombo Port City Project.

Mr. Wickremesinghe told tourist industry leaders who met him today that the project would be scrapped because it would end up destroying the coastal belt from Negombo to Beruwala.
 He said the international airport at Mattala would be made viable and put to better economic use while a new airport would be constructed in the Eastern Province.
 Mr. Wickremesinghe said the new government would put in place a programme on a long-term basis to attract high-spending tourists with the intention of converting Sri Lanka into a major tourist hub by 2025.  “We will make sure that the tourist industry will provide all stakeholders with equal opportunities and a level playing field,” he added while answering several questions posed by the industrialists.
 UNP parliamentarian and economist Harsha De Silva also participated at the meeting. (Yohan Perera).........photos
http://www.dailymirror.lk/59031/colombo-port-city-will-be-scrapped-ranil

16 Dec 2014
Video: I finished 75% of the war: CBK
2014-12-16 18:22:00

Former President Chandrika Bandaranaike Kumaratunga today staked a bigger claim for the war victory by reiterating that 75 per cent of the LTTE-held territory was cleared during her tenure.

She told a news conference held at her official residence that at the time she took over the presidency in 1994, the entire northern region -- barring five or six military bases at Mannar, Talaimannar, Kankesanturai, Point Pedro, Mullaitivu and Vavuniya in the central part of the North -- was controlled by LTTE leader Velupullai Prabhakaran.

Ms. Kumaratunga said Prabhakaran was calling the shots in the North and even dictating terms to the government officials............
16 Dec 2014
වෛර චින්තකයන් ගැන ජනපති කියයි -VIDEO
සංවර්ධනය කරා රට යොමු කළ නොහැකිවූ ඇතැම් නායකයන් රටේ වත්මන් සංවර්ධනය පිළිබඳව පසු වන්නේ වෛරකාරී චින්තනයකින් යැයි ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ගම්පොළ පැවැති ජන රැලියකදී කීය.
අග්‍රාමාත්‍ය දි.මු.ජයරත්න, මධ්‍යම පළාත් සභාවේ අණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක නිතීඥ අනුරාධ ජයරත්න මහතා ප්‍රමුඛ මහජන ක්‍රියාකාරීන් රැලිය සංවිධානය කර තිබුණි.
‘‘ගම්පොල ඉදලා කොළඹට යන්න කොපමණ පමණ කාලයක් ගත වෙනවාද? පැය හතර හමාරක් පමණ ඒ සදහා ගත කළ යුතුයි. කාපට් යෙදා මාර්ග සකස් කිරීමට පෙර පැය පහක් පමණ ගතවුණා. නමුත් යෝජිත අධිවේගී මාර්ගයෙන් තව වසර කිහිපයකින් පසු ඔබට පැයකුත් මිනිත්තු දහයකදී කොළඹට ළඟා විය හැකි බව මම සතුටින් පවසනවා...........
16 Dec 2014
Will not allow offenders to flee: Maithri
2014-12-15 20:17:18


Common opposition presidential candidate Maithripala Sirisena said he would not allow those who faced allegations of corruption to leave the country, if he were elected to office in January.

"There are many who are waiting to flee if we win the Presidential Election. I will not allow anyone to flee the country if they were alleged to have been involved in corruption," he said speaking at the launch of the book titled ‘Alapalu Arthikaya’ (Doom and Boom Economy) written by former Minister Patali Champika Ranawaka.
 Mr. Sirisena recalled how he was prevented from speaking against corruption when he was in the government.
 Mr. Ranawaka in his speech alleged that several highways were over estimated by exorbitant amounts.
 Accordingly, he said the Kottawa-Galle Stretch of the Southern Expressway was over estimated by 281 per cent, Katunayake Expressway by 505 per cent, Galle-Matara stretch of the Southern Expressway by 705 per cent and the Kadawatha-Kerawalapitiya Circular Road by 2062 per cent.
 Former Minister Dr. Rajitha Senaratne said the national government, which the opposition would form would introduce a code of conduct for the legislators.
“Members of Parliament need such a code of conduct,” he said. (Yohan Perera and Lahiru Pothmulla)
http://www.dailymirror.lk/58975/will-not-allow-cronies-to-flee-maithri