Dec 17, 2014

17 DEc 2014
පොදු අපේක්‌ෂක සහ සෙසු පක්‌ෂ අතර
කිසිදු පරස්‌පර ගිවිසුමක්‌ නැහැ

- හිටපු ජනපතිනි චන්ද්‍රිකා බණ්‌ඩාරනායක කියයි
විපක්‌ෂයේ පොදු අපේක්‌ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහාය දැක්‌වීමට සෙසු පක්‌ෂ සහ පාර්ශ්ව සමග ඇති කර ගෙන ඇති ගිවිසුමේ කිසිදු පරස්‌පරතාවයක්‌ නැතැයි හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්‌ඩාරනායක කුමාරතුංග මහත්මිය ඇයගේ කොළඹ නිල නිවසේ ඊයේ (16 වැනිදා) පැවැති මාධ්‍ය හමුවක්‌ අමතමින් සඳහන් කළාය.
අත්තනගල්ල ප්‍රා. සභාවේ ආණ්‌ඩු පක්‌ෂ මන්ත්‍රීවරයකුව සිටි ඉන්දික රාජපක්‌ෂ, මීරිගම ප්‍රාදේශීය සභාවේ ශ්‍රීලනිප මන්ත්‍රී සෝමරත්න දේනෙත්ති සහ හලාවත නාගරික මන්ත්‍රීනී ජීවනී කාරියවසම් යන මහත්ම මහත්මීහු විපක්‌ෂයේ පොදු අපේක්‌ෂකවරයාට සහාය දැක්‌වීමට එක්‌වීම අරමුණු කොට ගෙන මෙම මාධ්‍ය හමුව කැඳවා තිබිණි.
රට පුරා හැමතැනම දූෂණය, භීෂණය, තර්ජන ගර්ජන රජයද්දී ඔවුන් තිදෙනා ගෙන ඇති තීරණය ඉතා ප්‍රශංසනීය සහ නිර්භීත බවත් ඒ වෙනුවෙන් තමාගේ හෘදයාංගම කෘතඥතාවය ඔවුන්ට පුද කරන බවත් කුමාරතුංග මහත්මිය එහිදී පැවැසුවාය.

http://www.divaina.com/2014/12/17/news30.html

No comments:

Post a Comment