Dec 17, 2014

17 Dec 2014
ජනාධිපතිවරණ අපේක්‍ෂක ප්‍රවර්ධන කෙරෙන වැඩ එපා
- මැතිවරණ කොමසාරිස්‌ ලේකම්වරුන්ට දන්වයි

ජනාධිපතිවරණ අපේක්‌ෂකයන් ප්‍රවර්ධනය කෙරෙන රාජ්‍ය උත්සව, මහා මාර්ග විවෘත කිරීම් සහ භාණ්‌ඩ බෙදාහැරීම් නතර කරන ලෙස මැතිවරණ කොමසාරිස්‌ මහින්ද දේශප්‍රිය මහතා අමාත්‍යාංශ ලේකම්වරුන් පළාත් සභා ලේකම්වරු දිසාපතිවරුන්ට චක්‍ර ලේඛයක්‌ මගින් දන්වා ඇත.

දිවි නැඟුම වැඩසටහන ක්‍රියාත්මක කිරීම මගින් මහින්දොaදය විද්‍යාගාර ඉදිකිරීම් අධිවේගී මාර්ග ඉදිකිරීම් යනාදී ජාතික වැදගත්කමකින් යුතු සංවර්ධන වැඩසටහන්ද දිස්‌ත්‍රික්‌ හා ප්‍රාදේශීය මට්‌ටමින් සිදුකරනු ලබන විවිධ ව්‍යාපෘති ජනාධිපතිවරණ පැවැත්වීම හේතුවෙන් අඩාල කළ නොහැකි නමුත් රජයේ සංවර්ධන ව්‍යාපෘති රාජ්‍ය උත්සව හරහා අපේක්‌ෂක ප්‍රවර්ධන කටයුතු සිදු කිරීමට කිසිදු ලෙසකින් අවකාශ ලබානොදෙන ලෙසද මැතිවරණ කොමසාරිස්‌වරයා රාජ්‍ය නිලධාරීන් වෙත යවන ලදචක්‍ර ලේඛයේ දැක්‌වේ.
ජනාධිපතිවරණ අපේක්‌ෂකයන් ප්‍රවර්ධනය කෙරෙන රැස්‌වීම් පැවැත්වීමට නොහැකි බවට නියෝජනය හා උපදෙස්‌ නිකුත් කිරීම රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ වගකීමක්‌ බවද එම ලිපියේ දැක්‌වේ. රාජ්‍ය උත්සවවලට ජනාධිපති අපේක්‌ෂකයන් සහභාගි කර නොගන්නා ලෙසද ඉඩම් ඔප්පු ප්‍රදානය සෞඛ්‍ය සායන සමාජ සත්කාරක වැඩසටහන් ආබාධිත පුද්ගලයන් ආධාරක උපකරණ ලබාදීම නිවාස ණය ආධාර ලබාදීම නතර කරන ලෙසද එම උපදෙස්‌ මාලාවේ දැක්‌වේ.
මෙම උපදෙස්‌ පිළිපදින ලෙස මහින්ද දේශප්‍රිය මහතා විසින් පළාත් අධ්‍යාපන අධ්‍යක්‍ෂවරුන්ද දිස්‌ත්‍රික්‌ සැලසුම් අධ්‍යක්‍ෂ හා ප්‍රාදේශීය ලේකම්වරුන්ටද අමාත්‍යාංශ ලේකකම්වරු හා ආයතන ප්‍රධානීන්ට යොමු කළ චක්‍ර ලේඛයේ දැක්‌වේ.

http://www.divaina.com/2014/12/17/provin07.html

No comments:

Post a Comment