Dec 17, 2014

17 Dec 2014
කොළඹ වරාය නගරයේ ඉදිකිරීම්
අපේ රජයක්‌ යටතේ නතර කරනවා

- රනිල් වික්‍රමසිංහ
වත්මන් රජය යටතේ මේ වන විට ඉදිවෙමින් පවතින කොළඹ වරාය නගරයේ (Port City) ඉදිකිරීම් කටයුතු තම රජයක්‌ බලයට පත් වූ පසු නවතා දමන බව විපක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

මෙරට සංචාරක ක්‍ෂේත්‍රයේ නියෑලෙන පිරිසක්‌ සමඟ
විපක්‍ෂ නායක කාර්යාලයේදී ඊයේ (16 දා) පෙරවරුවේ පැවැති විශේෂ හමුවකදී හෙතෙම මේ බව කියා සිටියේය.
රජය විසින් ඉදිකරගෙන යන වරාය නගරය නිසා රටේ වෙරළ තීරයට දැඩි ලෙස හානි සිදුවන බවත් එමගින් සංචාරක ක්‍ෂේත්‍රයට දැඩි බලපෑමක්‌ එල්ල වන බැවින් එජාප ආණ්‌ඩුවක්‌ යටතේ එම නගරයේ කටයුතු නවතා දමන්නේදැයි මෙහිදී සංචාරක කර්මාන්තකරුවකු විසින් විමසූ අවස්‌ථාවේදී වික්‍රමසිංහ මහතා මේ බව කීය.
විපක්‍ෂ නායකවරයාගේ එම පිළිතුරට රැස්‌ව සිටි කර්මාන්තකරුවෝ අත්පොළසන් දුන්හ. රනිල් වික්‍රමසිංහ මහතා එහිදී මෙසේ ද කීය.
අවුරුදු තිහකට, හතලිහකට මෙවැනි ව්‍යාපෘති කරනවාද නැතිනම් මාලදිවයිනේ කරනවා වගේ අවුරුදු දහයකට පහළොවකට හදලා පසුව කඩලා ඉවත් කරනවාද කියා අපි අලුතින් සිතිය යුතුයි.

http://www.divaina.com/2014/12/17/news11.html

No comments:

Post a Comment