Dec 17, 2014

16 Dec 2014

මුස්ලිම් ජනයාට අනතුරු අඟවා නැහැ -බොදු බල සේනා


මුස්ලිම් ජනතාව පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේනට සහාය දැක්වුව හොත් ආගම්වාදී කෝලාහල ඇති විය හැකි බවක් බොදු බල සේනා සංවිධානය කිසි විටෙක පවසා නැතැයි එහි ප්‍රධාන විධායක නිලධාරි ඩිලන්ත විතානගේ කියා සිටියි.
ඔහු මේ බව කියා සිටියේ ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසයේ නියෝජ්‍ය මහලේකම් නිසාම් කාරියප්පර් බීබීසී සංදේශයට කළ ප්‍රකාශය පිළිබඳව ප්‍රතිචාර දක්වමින්.
නිසාම් කාරියප්පර් කියා තිබුණේ මුස්ලිම් ඡන්ද දායකයන් පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේනට ඡන්දය පාවිච්චි කළ හොත් 1915 සිංහල - මුස්ලිම් කෝලාහලය වැනි ලේ වැගිරීමක් යළි සිදු විය හැකි බව, බොදු බල සේනා සංවිධානය ප්‍රකාශ කර ඇති බවයි.
"විශේෂයෙන් බොදු බල සේනා මතයක් ප්‍රකාශ කරලා තියෙනව මුස්ලිම් ජනතාව මේ රජයට විරුද්ධව ඡන්දය දුන්නොත් 1915 දී ඇතිවුනා හා සමාන ප්‍රශ්නයක් 2015 දී ඇතිවෙන්න පුළුවන් කියල පවා." යනුවෙන් ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසයේ නියෝජ්‍ය මහ ලේකම් නිසාම් කාරියප්පර් ඉරිදා බීබීසී සංදේශයට පැවසීය.
'ඔප්පු කරන්න'.................
http://www.bbc.co.uk/sinhala/sri_lanka/2014/12/141215_dilantha_withanage_bbs

ඇතැම් අන්තවාදී මුස්‌ලිම් කොටස්‌ නිසා පීඩාවට පත්වන්නේ සාම්ප්‍රදායික මුස්‌ලිම් ජනතාවයි
- පූජ්‍ය ගලගොඩ අත්තේ ඥනසාර හිමි
මේ රට තුළ ක්‍රියාත්මක ඇතැම් අන්තවාදී මුස්‌ලිම් කොටස්‌ නිසා ඉන් පීඩාවට පත්වෙන්නේ සහ බැට කන්නේ බහුතර සිංහල ජනතාව නොව මේ රටේ සාම්ප්‍රදායික මුස්‌ලිම් ජනතාව බව ඉතා වගකීමෙන් යුතුව කියන බව බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ පැවසූහ.

සිංහලයන් ශක්‌තිමත්ව ඉන්න තාක්‌ දෙමළ, මුස්‌ලිම්, බර්ගර්, මැලේ ආදී සියලු ජන වර්ගවලට සහජීවනයෙන් ජීවත් වෙන්න පුළුවන් යෑයි විශ්වාස කරන බවත් ඇතැම් ජාතිවාදී දේශපාලනඥයන් කරන ප්‍රකාශ නිසා ඒ තත්ත්වය විනාශ වෙමින් පවතින බවත් ඥානසාර හිමියෝ කියා සිටියහ.

http://www.divaina.com/2014/12/17/news21.html
මුස්‌ලිම් කොංග්‍රසයේ නියෝජ්‍ය මහලේකම්වරයා විසින් බීබීසී ප්‍රවෘත්ති සේවයට ජාතික බොදුබල සේනාව විසින් සිදු කළ ප්‍රකාශයක්‌ සම්බන්ධව කරුණු දැක්‌වීම සඳහා ඊයේ (16දා) පස්‌වරුවේ කිරුළපනදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළහ.

මුස්‌ලිම් ජනතාව මේ රජයට විරුද්ධව ඡන්දය දුන්නොත් 1915 දී ඇතිවුණා හා සමාන ප්‍රශ්නයක්‌ 2015දී ඇති වෙන්න පුළුවන් යෑයි බොදු බල සේනා මතයක්‌ ප්‍රකාශ කර තිබෙනවා යෑයි මුස්‌ලිම් කොංග්‍රසයේ නියෝජ්‍ය මහ ලේකම්වරයා බීබීසී පුවත් සේවයට ප්‍රකාශ කර තිබෙන බව කී ඥානසාර හිමියෝ ජාතික බොදුබල සේනාව එවැනි ප්‍රකාශයක්‌ කිසිදු ස්‌ථානයක කර නොමැති අතර එම ප්‍රකාශය කළ ස්‌ථානය, දිනය සහ එය ප්‍රකාශ කළේ කවුරුන්ද යන්න පිළිබඳව හෙළිකරන ලෙසද මෙහිදී කියා සිටියහ.

මෙහිදී වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ: මුස්‌ලිම් කොංග්‍රසයේ නියෝජ්‍ය මහ ලේකම්වරයා බීබීසීයට මේ වගේ ප්‍රකාශයක්‌ කළේ ඇයිද අපි දන්නේ නෑ. මේ ප්‍රකාශය බීබීසීයට කිව්වා කියන්නේ තානාපති කාර්යාලවලට කිව්වා වගෙයි. ඒ අය අපි දිහා සැකයෙන්, වෛරයෙන් බලනවා. කරුණාකරලා මේ වගේ අවස්‌ථාවාදී පක්‍ෂ න්‍යායපත්‍රවලට කටයුතු නොකරන ලෙස ඉල්ලා සිටිනවා.

අපි අවස්‌ථාවාදී දේශපාලනය පිටු දකිනවා. ඉතා වගකීමෙන් කියනවා මේ රටේ ස්‌වදේශික හා සාම්ප්‍රදායික මුස්‌ලිම් ජනතාවට, මුස්‌ලිම් දේශපාලන පක්‍ෂවල නායකයෝ කියන හැටියට මොකක්‌ද තියෙන ප්‍රශ්නය කියලා. ඒ නිසා අපි ඉතා වගකීමෙන් ඉල්ලා සිටිනවා මේ රටේ ස්‌වදේශික හා සාම්ප්‍රදායික මුස්‌ලිම් ජනතාවට මෙන්න මේ අවස්‌ථාවාදී දේශපාලකයන්ගෙන් ආරක්‍ෂා වෙන්න කියලා යෑයි කියා සිටියහ.
 

No comments:

Post a Comment