Dec 17, 2014

16 Dec 2014
රාජපක්‍ෂ පවුල් කල්ලිය රට වනසන බව- චම්පික රණවක මහතා පවසයි
- හෙරොයින්, එතනෝල්, ආසනික් ඇතුලූ මාෆියාවලින් ලබන 8 වනදා රට ගලවා ගැනේ
රාජපක්‍ෂ පවුල් කල්ලිය සහ ජාවාරම් කාර කණ්ඩායම් රට විනාශ කරන බව ජාතික හෙළ උරුමයේ ප‍්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත‍්‍රී පාඨලි චම්පික රණවක මහතා පවසයි. ප‍්‍රභාකරන් ඇතුඵ එල්ටිටිඊ සංවිධානය කළ හානියට වැඩි හානියක් රාජපක්‍ෂ පවුල් කල්ලිය රටට සිදුකරයි. හෙරොයින් එතනෝල් ආසනික් සිගරට් සහ කැසිනෝ මාෆියාව රට ගිල ගෙන තිබේ. එවැනි තත්වයකට පසුබිම සැකසු රාජපක්‍ෂ පාලනයට තුන්වන අවස්ථාවත් ලබාදීමට ජනතාව සූදානම් නැතැයි රණවක් මහතා මාවනැල්ලේ පැවති පොදු ජනාධිපතිධුරාපේක්‍ෂක මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ජය තහවුරු කිරීමේ රැළියේදී ප‍්‍රකාශ කළේය.
එතනෝල් කල්ලිය හි මුදල් වත්මන් පාලකයන්ගේ අවශ්‍යතා සඳහා වැය කෙරේ. මනාප ලබාගැනීමටත් දේශපාලන පිල්මාරු සඳහා පුද්ගලයන්ට ලබාදීමටත් විවිධ දන්සැල් ආකාරයේ සම්පත් බෙදාහැරීමටත් භාවිත කෙරෙන්නේ එම මුදල්ය. රුපියල් ප‍්‍රකෝටි ගණනක් ඊට එතනෝල් කල්ලිය වැය කරන බව චම්පික රණවක මහතා අවධාරණය කරයි. රේගුවෙන් එතනෝල් පිටකර ගැනීම නැවැත්වීමේ හැකියාව ජනාධිපතිවරයාට තිබේ. රේගුව ඔහු යටතේ පැවතීම ඊට හේතුවයි. එහෙත් සංවේදී නායකයා එතනෝල් මාෆියාව පාලනය කිරීමට කිසිදු පියවරක් නොගන්නා බව පාඨලි චම්පික රණවක මහතා පෙන්වා දෙයි.
මත්කුඩු ජාවාරමද ශ‍්‍රී ලංකාවේ ව්‍යාප්තව තිබේ. රජයට සම්බන්ධ විවිධ පාර්ශව මත්කුඩු ජාවාරමෙහි නිරත වේ. ඔවුන් අත්අඩංගුවට ගැනීමට රජය ක‍්‍රියා නොකරන බව චම්පික රණවක මහතා පෙන්වා දෙයි. එක් අවස්ථාවක මත්කුඩු කන්ටේනරයක් පිළිබඳ තොරතුරු ලැබිණ. ඡුායාරූප සහිතව එය රජයට ලබාදුන්නද කිසිදු ජාවාරම්කරුවෙකු අත්අඩංගුවට ගැනීමට ක‍්‍රියා නොකෙරිණ. එහෙත් ප‍්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් වෙනුවට සු`ඵ පරිමාණ ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගැනීමට රජය පියවර ගත්තේය. ප‍්‍රධාන ජාවාරම්කරුවන් රජයට සම්බන්ධවීම ඊට හේතුවයි. දේශපාලකයන් සඳහා මනාප රැුස්කිරීමේ සිට විවිධ අවශ්‍යතා සඳහා පක්‍ෂ මාරුව වෙනුවෙන් යොමුකරවීමටද එම මුදල් භාවිත කෙරේ. එවැනි රජයකට විරෝධය පළකිරීම සඳහා රජයෙන් පිටතට පැමිණි බව මාවනැල්ල රැුළියේදී රණවක් මහතා අවධාරණය කළේය. මත්කුඩු කල්ලි වලින් රට ගලවා ගැනීමටත් ඔවුන්ට දැඩි දඩුවම් පැමිණ වීමටත් මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ජනාධිපතිධුරය යටතේ නව රජයෙන් පියවර ගන්නා බවටද රණවක මහතා ප‍්‍රතිඥා දුන්නේය.
ආසනික් මාෆියාවක් ද ක‍්‍රියාත්මක වෙයි. රජරට ලක්‍ෂ 2 ක පමණ පිරිසක් වකුගඩු රෝගයෙන් පීඩා විඳිති තත්වය කෙරෙහි අවධානය යොමුකර කෘෂි රසායන ද්‍රව්‍ය කිහිපයක් තහනම් කිරීමට රජයට මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ සෞඛ්‍ය අමාත්‍යධුරය යටතේ යෝජනා කෙරිණ. එහෙත් රජය ඊට අවශ්‍ය ක‍්‍රියාමාර්ග නොගත් බව රණවක මහතා පෙන්වා දෙයි. වකුගඩු රෝග හේතුවෙන් වාර්ෂිකව 15,000 ක මිය ගියද සංවේදී නායකයාගේ හදවත ඊට උණුවන්නේ නැතැයි රණවක මහතා අවධාරණය කළේය. එවැනි තත්ත්වයක් යටතේ රජයෙන් ඉවත් වීමට තීරණය කෙරිණ.
ඒ අනුව ජනවාරි 8 වනදාට රාජපක්‍ෂ පවුල් කල්ලිය හා ජාවාරම්කාර කල්ලි පරදවා මෛත‍්‍රීපාල සිරිසේන මහතා ජනාධිපතිධුරයට පත්කිරීමට සැවොම එක්විය යුතු බව පාඨලි චම්පික රණවක මහතා අවධාරණය කළේය.

No comments:

Post a Comment