Dec 17, 2014

17 Dec 2014
වසර 05 ක්‌ තුළ ලක්‍ෂ 10 කට රැකියා
- රනිල් වික්‍රමසිංහ මාතලේදී කියයි
අපි යළි ආණ්‌ඩු බලය අතට ගන්නේ රට තුළ නව දේශපාලන සංස්‌කෘතියක්‌ හදන්නයි. ඒක අපට තනිවම කරන්න බෑ. රට ගැන ආදරය තියෙන සියලුම පක්‍ෂවල සහාය අරගෙනයි අපි ඒක කරන්නේ. හැමෝගෙම අදහස්‌ ඒ සඳහා ගන්න අපි බලාපොරොත්තු වෙනවා. එහෙම අරගෙන මේ රටේ මූලික ප්‍රශ්නවලට තිරසාර විසඳුම් දෙන වැඩපිළිවෙළක්‌ හදනවා. මේ රට හදන්න ඕන. ඉදිරියට යන්න ඕන. ඒකටයි මෙහෙම දේ කරන්නේ යෑයි එජාපක්‍ෂ ජාතික නායක රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ඒ මහතා එම අදහස්‌ පළ කළේ මාතලේ අලුවිහාරයේ පැවැති එක්‌සත් ජාතික පක්‍ෂ මාතලේ දිස්‌ත්‍රික්‌ බල මණ්‌ඩල රැස්‌වීමේදීය.
අති විශාල ජනකායකගේ සහභාගිත්වයෙන් පැවැති මෙම රැස්‌වීම මාතලේ දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත අළුවිහාරේ මහතා විසින් සංවිධානය කර තිබිණි.
එහිදී තවදුරටත් කතා කළ ඒ මහතා එළඹෙන ජනාධිපතිවරණයෙන් පොදු අපේක්‍ෂකයා වන මෛත්‍රිපාල සිරිසේන මහතා අනිවාර්යයෙන්ම දිනනවා. එතුමා දිනල දින සියයක්‌ තුළ අපි පාර්ලිමේන්තු මැතිවරණයකට යනවා. ඒක ජයගෙන මේ රටේ හැමදාම විසඳුම් නැති මූලික ප්‍රශ්නවලට විසඳුම් සොයනවා. ඒක අපට වසර දෙකක්‌ විතර කාලයකින් කරතෑකි. අද රටේ සියලුම ක්‍ෂේත්‍ර කඩා වැටිලා තියෙන්නේ. මේ ආණ්‌ඩුව අරගෙන තියෙන විදේශ ණය ගෙවන්න පරම්පරා තුනකට වත් බෑ. අද කර්මාන්ත අංශය කඩා වැටිලා. දේශීය හා විදේශීය ආයෝජකයෝ සම්බන්ධ කරගෙන නිදහස්‌ වෙළෙඳ කලාප 5, 6 ආරම්භ කරලා ඒ අංශ දියුණු කරන්න ඕන. අපේ රටේ නිෂ්පාදන අලෙවි කර ගන්න විදේශීය වෙළෙඳපළ අල්ල ගන්න වැඩපිළිවෙළක්‌ අපි හදනවා. මගේ බලාපොරොත්තුව වසර පහක්‌ තුළ ලක්‍ෂ දහයකට නව රැකියා ලබාදීමයි. එතනදි හොඳ වැටුපක්‌ හා තරුණ තරුණියන් කැමති වන ආකාරයේ රැකියාවක්‌ ඒ අයට ලබා දෙනවා. නව තාක්‌ෂණික ක්‍රමවේද හරහා මේ රටේ කෘෂිකර්මාන්තය නංවාලන්න කටයුතු කරනවා.
http://www.divaina.com/2014/12/17/provin08.html
මට හදන්න පරම්පරාවක්‌ නෑ. මට ඕන රට හදන්න. රටේ ජනතාවගේ ජීවන තත්ත්වය උසස්‌ කරන්නයි. ඒකට අපි එජාප , ශ්‍රී ලංකා ඇතුළු හැම පක්‍ෂයකම අය එකතු කර ගන්න ඕන. එහෙම නැතුව මේ ප්‍රජාතන්ත්‍ර විරෝධී රාජපක්‍ෂ රෙජීමය ගෙදර යවන්න බෑ. අපි හැමෝම මහින්ද රාජපක්‍ෂට බැරි වුණ, හැමෝටම සහන ලැබෙන නව දේශපාලන සංස්‌කෘතියක්‌ රට තුළ ගොඩ නගමු යෑයි පැවසීය.

එජාප නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා කතා කරමින් අද මම මෙතෙන්ට ආවේ නව මුහුණුවරක්‌, නව ගැම්මක්‌ ජනතාව තුළ ඇතිව තියෙන බව මම තේරුම් ගත්තා. මීට පෙර අවස්‌ථා ගණනාවකදීම මම මෙහෙට ආවා. මේ වගේ ජන ගඟක්‌ මේ තරම් උද්යෝගයක්‌ තියෙන පිරිසක්‌ ඒ අවස්‌ථාවල දැක්‌කේ නෑ. මේක දැක්‌කම මම තේරුම් ගත්තා අද ජනතාවට සහන ලැබෙන, ජීවන මට්‌ටම් ඉහළ දමන, අතමිට මුදල් ගැවසෙන පාලනයක්‌ අවශ්‍ය බව. අපෙත් ඒකායන බලාපොරොත්තුව ඒ තත්ත්වය රට තුළ ඇති කරන එකයි.

අද පවතින ප්‍රජාතන්ත්‍ර විරෝධී පාලන ක්‍රමය වෙනස්‌ කරන්න නැවුම් ක්‍රමෝපාය උපයෝගී කරගෙන කටයුතු කරන්න අපට වෙලා තියෙනවා. අපි අද අපේ සියලු දේ ජනතාව වෙනුවෙන් කැප කරලා තියෙනවා. පක්‍ෂය, පක්‍ෂයේ පාට, ලාංඡනය ඇතුළු සියලු දේ අපි රට ගැන හිතලා, ජනතාව ගැන හිතලා පරිත්‍යාග කරලා ඉන්නේ. අපේ නායකතුමා මේ දුර්දාන්ත ආණ්‌ඩුව පෙරළීමේ වගකීම ආණ්‌ඩුවේ මහ ලේකම් තුමාට පවරන්න තරම් බුද්ධිමත් වුණා. එතුමා බලයට වඩා රට ගැන හිතන නායකයෙක්‌. ඒ නිසයි තමන්ට හිමි ජනාධිපති අපේක්‍ෂකකම පොදු අපේක්‍ෂකයකුට දුන්නේ. මේ රටේ හැමදාම සන්ධාන හැදුණා. 1994 දී වගේම 2004 දීත් හැදුණා. හැබැයි ඒවා සුළුÊපක්‍ෂවලට සොච්චං ඇමැතිකම් කීපයක්‌ දීලා ප්‍රධාන පක්‍ෂය වන ශ්‍රීලනි පක්‍ෂය වැජඹෙන ඒවා වුණා. අපි ඒ වගේ අපි වැජඹෙන සන්ධාන හදන්නේ නෑ. මේ තරම් බොරු කියන, වවාගෙන කන, රට නන්නත්තාර කළ ආණ්‌ඩුවක්‌ අප රටේ කවදාවත් ඇති වුණේ නෑ. වංචාව දූෂණය රජ කරවන සීනි බෝල දේශපාලනයට නොරැවටෙන බව මෙවර මේ රටේ ජනතාව රජයට පෙන්වන එක ස්‌ථිරයි. අද හැමෝ පක්‍ෂ, කුල, ආගම් බේද අමතකකර මෛත්‍රීපාල සිරිසේන මහතා වටා එක්‌වෙනවා.

මේ ජනතා විරෝධී ආණ්‌ඩුව පෙරළන එක අද යුගයේ අවශ්‍යතාවක්‌.

මේ රැස්‌වීම අමතා පී. හැරිසන්, වසන්ත අලුවිහාරේ, අශෝක අබේසිංහ යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ද රංජිත් අලුවිහාරේ, රෝහණ බණ්‌ඩාරනායක, ඒ. එච්. එම්. ඉබ්‍රහිම් යන පළාත් සභා මන්ත්‍රීවරුන් හා රෝහිණී කවිරත්න, නීතිඥ අරවින්ද වන්නිආරච්චි, ඩල්ජිත් අලුවිහාරේ යන මහත්ම, මහත්මීන්ද කතා කරන ලදී.
 

No comments:

Post a Comment