Jan 6, 2015

ත්‍රී'මලේ සිද්ධිය හෙළා දකිනවා මැතිවරණ කොමසාරිස්‌

06 Jan 2015
ස්‌වාධීනව මැතිවරණ කටයුතු කරන තම නිලධාරීන් කිසි විටක මැර බලයට යටනොවන බව මැතිවරණ කොමසාරිස්‌ මහින්ද දේශප්‍රිය මහතා පැවැසීය. පෙරේදා (4 දා) රාත්‍රි ත්‍රිකුණාමලයේදී රාජකාරි කටයුත්තකට ගිය නිලධාරීන් පිරිසකට කිසියම් පිරිසක්‌ විසින් පහරදී තිබෙන බවත් එය දැඩි ලෙස හෙළා දකින බවත් ඊයේ (5 දා) කොළඹදී පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඒ මහතා කියා සිටියේය.
කිසි විටෙක නීතිය ක්‍රියාත්මක කිරීමට පසුබට නොවන බවත් හෙතෙම කීය.
මැතිවරණ නිලධාරීන් සිදු කරන්නේ නීතිය ක්‍රියාත්මක කිරීම බවද එක්‌ නිලධාරියෙකුට පහර දුන්නොත් යළිත් එතැනට නිලධාරීන් දෙදෙනකු යවන බවද මැරයන්ට බයේ කිසි විටෙක පළා නොයන බවද ඒ මහතා වැඩිදුරටත් කීය.

මැතිවරණ නිලධාරීන්ට පහර දුන් ලේකම්ලා අත්අඩංගුවට

06 Jan 2015
ත්‍රිකුණාමලය සහකාර මැතිවරණ කොමසාරිස්‌වරයා සහ නිලධාරීන් පිරිසකට පහරදී රාජකාරියට බාධා කිරීමේ සිද්ධියට සම්බන්ධ නියෝජ්‍ය ඇමැති සුසන්ත පුංචි නිලමේ මහතාගේ ලේකම් සහ සම්බන්ධීකරණ ලේකම්වරයකු පොලිසිය මගින් ඊයේ (5 වැනිදා) අත්අඩංගුවට ගෙන ඇත.  ඩිජිටල් පුළුල් තිරයක්‌ යොදා ගනිමින් ත්‍රිකුණාමලය නගරයේ මැතිවරණ ප්‍රචාරක කටයුත්තක යෙදී සිටි එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධාන කාර්යාලයක්‌ පෙරේදා (4 දා) වැටලීමට ගිය අවස්‌ථාවේ මැතිවරණ නිලධාරීන් මෙම ප්‍රහාරයට ලක්‌ව තිබේ.

මෙම මැර පිරිස සහකාර මැතිවරණ කොමසාරිස්‌වරයා ඇතුළු නිලධාරීන් සතුව තිබූ ජංගම දුරකථන තුනක්‌ද පොළොවේ ගසා ඔවුන් අත්අඩංගුවට ගෙන තිබූ ඩිජිටල් පුළුල් තිරය ඇතුළු උපකරණ සහ තවත් භාණ්‌ඩ කීපයක්‌ද පැහැරගෙන ගොස්‌ ඇත.  ත්‍රිකුණාමලය නගරයේ පිහිටි එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධාන මැතිවරණ කාර්යාලය ඉදිරිපිට පුළුල් තිරයක්‌ ඉදිකර එහි යුද්ධය සමයේ දර්ශන ප්‍රදර්ශනය කරමින් සිට ඇත.
මෙය මැතිවරණ නීති රීති උල්ලංඝනය කිරීමක්‌ බැවින් වහාම නතර කරන ලෙස සහකාර මැතිවරණ කොමසාරිස්‌වරයා දින කීපයක සිට නියෝග කර තිබේ. එහෙත් එම නියෝග නොතකා එම ක්‍රියාව දිගටම කරගෙන යැම නිසා සහකාර මැතිවරණ කොමසාරිස්‌වරයා ඇතුළු පිරිස එහි ගොස්‌ පුළුල් තිරය ඇතුළු භාණ්‌ඩ අත්අඩංගුවට ගැනීමට සූදානම් වී ඇත. එම අවස්‌ථාවේ එහි පැමිණි නියෝජ්‍ය ඇමැති පුංචි නිලමේ මහතා ඇතුළු පිරිසක්‌ මොවුන්ට තර්ජනය කර ඇති අතර එහි සිටි සැකකාර ලේකම්වරුන් දෙදෙනා මැතිවරණ නිලධාරීන්ට පහරදී ඇත.
මැතිවරණ නිලධාරීන් මේ පිළිබඳව පැමිණිලි කිරීමට ගිය අවස්‌ථාවේ පොලිසියට පැමිණ ඇති නියෝජ්‍ය ඇමැතිවරයා ඔවුන්ට තර්ජනය කර ඇති බවද වාර්තා වෙයි.  සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පොලිසිය පරීක්‍ෂණ කරමින් සිටියදී ලේකම්වරයා සහ සම්බන්ධීකරණ ලේකම්වරයා ත්‍රිකුණාමලය පොලිසිය වෙත ඊයේ පෙරවරුවේ භාරදී තිබේ.  පසුව සැකකරුවන් අත්අඩංගුවට ගත් අතර ඔවුන් ඊයේ සවස අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.   ත්‍රිකුණාමලය පොලිසිය වැඩිදුර පරීක්‍ෂණ පවත්වයි.
http://www.divaina.com/2015/01/06/news07.html

මෛත්‍රීපාල සිරිසේන - බරපතල ගැටලු තිබුණත් ඉවසීමෙන් ජය ගන්නවා

06 Jan 2015
_MG_2875
“ජනවාරි 8 වෙනිදා පැවැත්වෙන මැතිවරණය අවසන් වනතුරුම නිදහස් හා සාධාරණ යුක්ති සහගත මැතිවරණ ව්‍යාපාරයක් සදහා අපි කැප වී කටයුතු කරනවා. අපේ පාර්ශවයෙන් ප්‍රචන්ඩ ක්‍රියා සිදුවීම වැළැක්වීමට ගත හැකි සෑම පියවරක්ම අපි ගන්නවා. මා දැඩිලෙස කනගාටුවට පත් වන්නේ ප්‍රතිවාදී ප්‍රධාන අපේක්ෂක මහින්ද රාජපක්ෂ මහතාගේ පාර්ශවයෙන් පසුගිය දින කීපයෙදීත්, ඊයේ සන්ධ්‍යාභාගය වන විටත්, වෙඩි තැබීම්, බරපතල හිංසාවන්, ප්‍රචන්ඩ ක්‍රියා රාශියක් සිදුවුණා. අපේ ආධාර කරුවන්ගේ කාර්යාලයන් ගිනි තැබීම හා පැල්මඩුල්ල රැස්වීමට එල්ල කළ ගල් මුල් ප්‍රහාර මේ රටේ නිදහස හා ප්‍රජාතන්ත්‍රවාදය පිළිබද බරපතල ප්‍රශ්නයක් මතු වූ අවස්ථාවක්. ඒ සියල්ල ඉවසීමෙන් මැතිවරණ ජයග්‍රහණය ස්ථිරයෙන්ම අප ලබනවා යයි පොදු අපේෂක මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
රජයේ පාර්ශවයනේ නිරන්තරව කරන ප්‍රකාශවල ඇති ප්‍රධාන කරුණ වන්නේ රටබෙදීමට, ඊළමට නැවත නැගීසිටීමට, උතුරේ හමුදා කදවුරු ඉවත් කිරීමට අපි කටයුතු කරන බවයි. එය ඉතා අසත්‍ය ප්‍රකශයක්. මම පොදු අපේක්ෂකයා ලෙස කිසිදු අකාරයකින් ද්‍රවිඩ සංවිධාන හෝ මුස්ලිම් කොන්ග්‍රසය සමග රට බෙදීමට රහසින් හෝ විවෘතව කිසිදු ගිවිසුමක් ඇතිකරගෙන නැත. ඔවුන් එක් වී ඇත්තේ පොදු මැතිවරණ ප්‍රකාශය හා දින සීයේ වැඩපිළිිවෙලට එකගව පමණයි.
අපගේ ජයග්‍රහණයෙන් පසු මේ රටේ ඒකීයභාවය පිළිබද සම්පුර්ණ වගකීම අප විසින් ගනු ලබනවා. එක් පසකින් පෞද්ලිකවත්, අනෙක් පසින් මා සමග එක්ව ඇති සංවිධානවල සාමූහිකත්වයෙන් එම වගකීම භාරගන්නා බව පැහැදිලිව ප්‍රකාශ කළ යුතුයි. මේ රටේ ජාතික ආරක්ෂාව තහවුරු කරනවා. ජාතික ආරක්ෂාව පිළබද ප්‍රශ්නයේ දී ඉතා පැහැදිලිව සදහන් කළ යුත්තේ ජනාධිපතිවරයා සතු අසීමිත බලය පාර්ලිමේතුවටත්, ඇමති මණඩලයට හා අධිකරණයටත් පැවරීම අප විසින් සිදුකරනවා. එමෙන්ම අපේ ජයග්‍රහණයෙන් පසුව, ජනවාරි 10 මා ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දෙනවා. එම අවස්ථාවේ සිට ජාතික ආරක්ෂාව පිළිබද ත්‍රිවිධ හමුදාව සම්පූර්ණයෙන්ම ජනාධිපතිවරයාගේ භාරකාරත්වයට පත්වෙනවා. උතුම් මාතෘ භූමියට ආදරය තිබෙන ගෞරව කරන සෑම කෙනෙක්ම කුමන ආකාරයකින්වත් රටේ ඒකීය භාවය බිදෙන්න කිසිදු ආකාරයකින් ඉඩතබන්නේ නැහැ. රටේ ඊළාම් වාදය ගොඩ නැගීමට පසුබිමක් ඇතිකිරීමට කිසිවිටෙකත් ඉඩලබාදෙන්නේ නැත. එම ප්‍රකාශය පැහැදිලිවම සදහන් කළයුතුයි.

‘‘මේ පාලනය අට වැනිදාට අවසන් කරනවා‘‘ - රනිල් මොරටුවේදී

06 Jan 2015
  ‘‘මොරටුවේ පීඩනය නැති කරන්න, මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති කරන්න.ඉතිරි ටික අපි බලාගන්නම්. අද ධිවර කර්මාන්තෙත් නෑ. ඒ වගේම වඩු කර්මාන්තෙත් නෑ. මැද පන්තියට ඉන්නත් අමාරුයි. වැඩ කරන ජනතාවට ජීවත් වෙන්නත් අමාරුයි. මේ පාලනය අට වැනිදාට අවසන් කරනවා. මෙතෙන ඉන්න අපි සියලු දෙනාම ගිය ඡන්දේ සමහර අය සරත් ෆොන්සේකට ඡන්දේ දුන්නා මං වගේ. අනිත් අය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ඡන්දේ දුන්නා. ඒත් අද අපි ඔක්කොම මෙතැනට ඇවිල්ලා ඉන්නේ මෛත්‍රීපාල සිරිසේන මහතා ජනපති කරන්න‘‘ යැයි විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා මොරටුවේදී පැවැති ජනරැලියක් අමතමින් පැවැසීය.
එක්සත් ජාතික පක්ෂ මොරටුව ප්‍රධාන සංවිධායක පළාත් සභා මන්ත්‍රී සේනක දමයන්ත මහතා මේ රැස්වීම සංවිධානය කර තිබිණි. පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන, විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ, හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායක සරත් ෆොන්සේකා, එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂද සිල්වා, කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එරාන් වික්‍රමතුංග, කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි රවි කරුණානායක, පාර්ලිමේන්තු මන්ත්‍රි රාජිත සේනාරත්න යන මහත්ම මහත්මීහු මේ රැළියට සහභාගී වූහ
.
විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රීපා සිරිසේන මහතා
‘‘2005 මහින්ද රාජපක්ෂ මහත්තයා ජනාධිපති වුණු ආණ්ඩුව. ඔහු හදපු ආණ්ඩුවක් නොවෙයි. ඒ ආණ්ඩුව අපි හැදුවේ, 2005 ආණ්ඩුව හදන්න සහ ඔහු ජනාධිපති කරන්න පක්ෂයේ ලේකම් ලෙස මම විශාල කාර්යය භාර්යයක් ඉටු කළා. එය සාමුහික ප්‍රයත්නයක්, ‘‘
http://www.lankadeepa.lk/index.php/articles/287719

මෛත්‍රීපාල සිරිසේන - ඒකීයභාවය ආරක්‍ෂා කරමින් යහපත් රටක්‌ උදා කරනවා

06 Jan 2015
ලබන 09 වැනිදා ජනාධිපති ධුරයට පත්වී තමා රටේ ඒකීයභාවය ආරක්‍ෂා කරමින් යහපත් රටක්‌ උදා කිරීමට කටයුතු කරන බව විපක්‍ෂයේ ජනාධිපතිවරණ පොදු අපේක්‍ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (05 වැනිදා) පැවසීය. 
ගාල්ලේ පැවති අවසන් මැතිවරණ ප්‍රචාරක රැලියක්‌ අමතමින් ඒ බව සඳහන් කළ මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ කළුතර, මොරටුව සහ මරදාන ප්‍රදේශවල පැවති ප්‍රචාරක රැලි කිහිපයක්‌ ද ඇමතීමට නියමිතව සිටියේය.
තමන් බලයට පත් වූ පසු රට දෙකඩ වීමට, ඊළම ඇති වීමට හෝ උතුරේ හමුදා ඉවත් කිරීමට කිසිසේත් ඉඩ දෙන්නේ නැති බවත් රාජ්‍ය ආරක්‍ෂාව තහවුරු කිරීමට මෙන්ම සදාචාරවත් සමාජයක්‌ බිහි කිරීමටත් කටයුතු කරන බවත් මෛත්‍රීපාල සිරිසේන මහතා එහිදී පැවසීය.
නීතියේ ආධිපත්‍යය සුරක්‍ෂිත කරමින් ප්‍රජාතන්ත්‍රවාදය හා සාමය රකින්න කටයුතු කරන බවත් එල්.ටී.ටී.ඊ. හෝ ඊට සම්බන්ධ කවුරුවත් පොදු විපක්‍ෂයේ හෝ ඊට අදාළ සංවිධානවල නොමැති බවත් හෙතෙම ප්‍රකාශ කළේය.
තමන් ස්‌ථිරවම ජනතා සහයෝගයෙන් හා ජනතා ආශිර්¨වාදයෙන් මේ මැතිවරණය ජයග්‍රහණය කරන බවත් රාජපක්‍ෂ පවුලට සම්පූර්ණ ආරක්‍ෂාව ලබාදීමට තමන් සහතික වන බවත් එමෙන්ම රටේ කිසිදු ප්‍රචණ්‌ඩ ක්‍රියාවකට ඉඩ නොතබන බවත් මෛත්‍රීපාල සිරිසේන මහතා එහිදී වැඩිදුරටත් කීය.

http://www.divaina.com/2015/01/06/news04.html

‘රටේ වෙනසක් ඇති කරනවා‘
අවසන් රැළියේ දී මෛත්‍රී කියයි

මහින්ද රාජපක්‍ෂ - "අනාගතයට සුරක්‌ෂිත රටක්‌ ගොඩනගනවා

06 Jan 2015
අනාගත පරපුර වෙනුවෙන් සුරක්‌ෂිත රටක්‌ ගොඩනගා ඔවුන්ට සුබ අනාගතයක්‌ ඇති කරන බව ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ඊයේ (05 වැනිදා) පැවසීය.
දෙබරවැව පැවති මැතිවරණ ප්‍රචාරක රැලියක්‌ අමතමින් ඒ බව සඳහන් කළ ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ඊයේ (05 දා) අම්බලන්ගොඩ, මතුගම සහ කැස්‌බෑව යන ප්‍රදේශවල පැවති අවසන් ප්‍රචාරක රැලි කිහිපයකට ද සහභාගි විය. මැතිවරණයක්‌ නිසා උපන් මවුබිම බෙදීමට තමන් කිසිවිටෙකත් කටයුතු නොකරන බවත් උතුරේදීත් දකුණේදීත් කියන දෙය කරන නායකයකු වන තමා රට පාවා දෙන ඉල්ලීම්වලට එකඟ නොවන බවත් හෙතෙම කීය.
විපක්‍ෂයේ පොදු අපේක්‍ෂකයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ නිදහස්‌ අධ්‍යාපනය කප්පාදු කෙරෙන යෝජනා සඳහන් වුවද මෙවර ජනාධිපතිවරණයෙන් ජය ගන්නා තමන් ඊට කිසි ලෙස ඉඩ නොදෙන අතර එවැනි ප්‍රතිපත්ති ප්‍රකාශ කුණු බක්‌කියට විසිවනු ඇතැයි ද රාජපක්‍ෂ මහතා කියා සිටියේය. සෘජු ප්‍රතිපත්ති ඇති නායකයකු වන තමා ප්‍රභාකරන් වැනි අයට බියේ පැන නොගිය බවත් ඉදිරියටත් ජීවත්වන්නේ මේ රටේම බවත් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා වැඩිදුරටත් පැවසීය.

I will win by huge margin: Mahinda
2015-01-05 23:55:44
http://www.dailymirror.lk/60419/i-will-win-by-huge-margin-mahinda

නිදහස්‌ සාධාරණ ශුද්ධවූ මැතිවරණයක්‌ පවත්වමු -මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්

06 Dec 2015
නිදහස්‌ සාධාරණ ශුද්ධවූ මැතිවරණයක්‌ පවත්වමු
මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ හා රදගුරුවරුන් නව දෙනකුගේ අත්සනින් යුතුව නිවේදනයක්‌ නිකුත් කරමින් මෙම ඉල්ලීම කරන එම සම්මේලනය එහි මෙසේද සඳහන් කර ඇත.
2015 ජනවාරි මස 08 වැනි දින ජනාධිපතිවරණය පැවැත්වෙන බව නිළ වශයෙන් නිවේදනය කරනු ඇත. ජනාධිපතිවරණය ආසන්න වෙත්ම මුළු මහත් ජාතිය ලෙස මුහුණ දෙන ප්‍රධාන කාරණා කෙරෙහි අවධානය යොමු කොට ඒ සඳහා අවංක දේශපාලනමය කැපවීමකින් හා අධිෂ්ඨානයකින් යුතුව කඩිනම් විසඳුම් සෙවීම අවශ්‍ය බව පෙනී යයි. ඒ හේතුවෙන් සෑම මට්‌ටමකින්ම පූර්ව හා පශ්චාත් මැතිවරණ ප්‍රචණ්‌ඩ ක්‍රියා පිටුදැකිය යුතුය. දේශපාලන පක්‍ෂ හා අපේක්‍ෂකයන් වෙත මඩ ගැසීම වෙනුවට විද්වත් කථිකාවක්‌ තුළින් තම තමන්ගේ දේශපාලන ප්‍රතිපත්ති පිළිබඳව ජනතාව දැනුවත් කළ යුතුය. ශුද්ධෝත්තම පියතුමාගේ සංචාරය ජනාධිපතිවරණය අවසානයත් සමඟ සිදුවීමට නියමිතව ඇති පසුබිමක්‌ තුළ වගකිවයුතු පාර්ශ්වයන් වෙත අපගේ ආයාචනය වන්නේ ශුද්ධෝත්තම පියාණන්ගේ සංචාරය හා ඊට සමගාමීව සැලසුම් කර ඇති අධ්‍යාත්මික වැඩසටහන් සඳහා බාධාවකින් තොර සාමකාමී වාතාවරණයක්‌ උදාකර දීම සහතික කරන ලෙසයි. ශුද්ධෝත්තම පියාණන්ගේ සංචාරය කිසිඳු අයුරකින් දේශපාලනීකරණය කිරීමෙන් වැළකෙන ලෙසද ජනාධිපතිවරණ අපේක්‍ෂකයන්ගෙන් අපි දැඩි අවධාණයෙන් යුතුව ඉල්ලා සිටිමු.
නිදහස්‌ හා සාධාරණ මැතිවරණයකට අවශ්‍ය ප්‍රජාතන්ත්‍රවාදය හා පූර්ණ විනිවිද භාවය යන ප්‍රතිපත්තීන් පවත්වා ගෙන යන ලෙසට මැතිවරණයට අදාළ සියලු පාර්ශ්වයන්ගෙන් ශ්‍රී ලංකා කතෝලික රදගුරු සම්මේලනය ඉල්ලා සිටියි. නිදහස්‌ හා සාධාරණ මැතිවරණයක්‌ පැවැත්වීම සඳහා රට මුහුණ දෙන අර්බුද හමුවේ ප්‍රතිපත්තිමය කාරනා මත විවිධ මත හා අදහස්‌ දැරීමට හැකි නිදහස්‌ වාතාවරණයක්‌ පැවතීම අතිශයින් අවශ්‍යය. තේරී පත්වන කවරෙකු වුවද ඉදිරි කාලය තුළ මේ රටේ නීතියේ ආධිපත්‍යය සහ ප්‍රජාතන්ත්‍රවාදය සහතික කරන නෛතික වෙනස්‌කම් සිදුකරන බවට සහතික විය යුතුය. දේශයේ සියලු පුරවැසියන්ට සමානාත්මතාවයෙන් හා අභිමානයෙන් ජීවත් විය හැකි වන ලෙසට සාමය හා සංහිඳියාව රට තුළ ඇති කිරීම කෙරෙහි දැඩි කැපවීමක්‌ද තේරී පත්වන්නාගෙන් අපි අපේක්‍ෂා කරමු.
http://www.divaina.com/2015/01/06/news02.html

නිදහස්‌ සාධාරණ ශුද්ධවූ මැතිවරණයක්‌ පවත්වමු- මහ නාහිමිවරුන්ගෙන් ඉල්ලීමක්‌

06 dec 2015

නිදහස්‌ සාධාරණ ශුද්ධවූ මැතිවරණයක්‌ පවත්වමු
මල්වතු-අස්‌ගිරි මහ නාහිමිවරුන්ගෙන් සහ කතෝලික රදගුරු සමුළුවෙන් ඉල්ලීමක්‌
නිදහස්‌ සාධාරණ අපක්‍ෂපාතී මැතිවරණයක්‌ පැවැත්වීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස මල්වතු අස්‌ගිරි මහනාහිමිවරු ඉල්ලා සිටිති. සියම් මහා නිකායේ මල්වතු අස්‌ගිරි උභය පාර්ශ්වයේ අතිපූජ්‍ය මහානායක ස්‌වාමීන්ද්‍රයන් වහන්සේලා පොලිස්‌පතිවරයා සහ මැතිවරණ කොමසාරිස්‌වරයා වෙත නිකුත් කර ඇති නිවේදනයකින් එසේ ඉල්ලා තිබේ.
මල්වතු පාර්ශ්වයේ අතිපූජ්‍ය මහා නායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මාහිමි සහ අස්‌ගිරි පාර්ශ්වයේ අතිපූජ්‍ය මහානායක උඩුගම ශ්‍රී රතනපාල බුද්ධරක්‌ත මාහිමිගේ අත්සනින් නිවේදනය ඊයේ (5 දා) නිකුත් කර තිබේ.
ෙත්‍රෙනිකායික මහානායක ස්‌වාමීන්ද්‍රයන් වහන්සේ විසින් පසුගියදා ද රජය හා විපක්‍ෂය වෙත නිවේදනයක්‌ නිකුත් කරමින් ජනාධිපති මැතිවරණය පැවැත්වීමේදී පූර්ව හා පශ්චාත් මැතිවරණ ප්‍රචණ්‌ඩ ක්‍රියාවන්ගෙන් වැළකී සාමකාමී මැතිවරණයක්‌ පැවැත්වීමට පියවර ගන්නා ලෙස ඉල්ලීමක්‌ කර තිබුණු බව මල්වතු අස්‌ගිරි අති පූජ්‍ය මහානායක ස්‌වාමීන්ද්‍රයන් වහන්සේ තමන් වහන්සේගේ ඒකාබද්ධ නිවේදනයෙහි පවසා තිබේ.
මෙම ඉල්ලීම ඉදිරිපත් කරන්නේ අතීතයේ පටන් මහා සංඝරත්නය වෙත පැවරී ඇති පරිදි රටේ ජනතාව යහපත් දැහැමි පිsරිසක්‌ ලෙස සමගියෙන් සාමදානයෙන් සහජීවිනයෙන් ජීවත්වීමට අවශ්‍ය නිසි මාර්ගෝපදේශනය ලබාදීමේ එකම අභිලාෂයෙන් බවද එම නිවේදනයේ දැක්‌වේ.
පොලිස්‌පති එන්. කේ. ඉලංගකෝන් සහ මැතිවරණ කොමසාරිස්‌ මහින්ද දේශප්‍රිය යන මහත්වරුන් වෙත යවන ලද නිවේදනයේ තවදුරටත් කරුණු දක්‌වන අතිපූජ්‍ය මහානායක ස්‌වාමීන්ද්‍රයන් වහන්සේ සාමකාමී තත්ත්වයක්‌ පවත්වාගෙන යාම සඳහා මෙතෙක්‌ ගෙන තිබෙන ක්‍රියා මාර්ගයන් වෙනුවෙන් සතුට පළකරන බවද සඳහන් කර තිබේ.
ඡන්දය ප්‍රකාශ කිරීමට ඇති ශුද්ධ වූ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය ජනාධිපතිවරණයේදී ක්‍රියාවට නංවන ලෙස කතෝලික රදගුරු සම්මේලනය කතෝලිකයන්ගෙන් හා සියලු පුරවැසියන්ගෙන් ඉල්ලා සිටියි.