Jan 6, 2015

මෛත්‍රීපාල සිරිසේන - බරපතල ගැටලු තිබුණත් ඉවසීමෙන් ජය ගන්නවා

06 Jan 2015
_MG_2875
“ජනවාරි 8 වෙනිදා පැවැත්වෙන මැතිවරණය අවසන් වනතුරුම නිදහස් හා සාධාරණ යුක්ති සහගත මැතිවරණ ව්‍යාපාරයක් සදහා අපි කැප වී කටයුතු කරනවා. අපේ පාර්ශවයෙන් ප්‍රචන්ඩ ක්‍රියා සිදුවීම වැළැක්වීමට ගත හැකි සෑම පියවරක්ම අපි ගන්නවා. මා දැඩිලෙස කනගාටුවට පත් වන්නේ ප්‍රතිවාදී ප්‍රධාන අපේක්ෂක මහින්ද රාජපක්ෂ මහතාගේ පාර්ශවයෙන් පසුගිය දින කීපයෙදීත්, ඊයේ සන්ධ්‍යාභාගය වන විටත්, වෙඩි තැබීම්, බරපතල හිංසාවන්, ප්‍රචන්ඩ ක්‍රියා රාශියක් සිදුවුණා. අපේ ආධාර කරුවන්ගේ කාර්යාලයන් ගිනි තැබීම හා පැල්මඩුල්ල රැස්වීමට එල්ල කළ ගල් මුල් ප්‍රහාර මේ රටේ නිදහස හා ප්‍රජාතන්ත්‍රවාදය පිළිබද බරපතල ප්‍රශ්නයක් මතු වූ අවස්ථාවක්. ඒ සියල්ල ඉවසීමෙන් මැතිවරණ ජයග්‍රහණය ස්ථිරයෙන්ම අප ලබනවා යයි පොදු අපේෂක මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
රජයේ පාර්ශවයනේ නිරන්තරව කරන ප්‍රකාශවල ඇති ප්‍රධාන කරුණ වන්නේ රටබෙදීමට, ඊළමට නැවත නැගීසිටීමට, උතුරේ හමුදා කදවුරු ඉවත් කිරීමට අපි කටයුතු කරන බවයි. එය ඉතා අසත්‍ය ප්‍රකශයක්. මම පොදු අපේක්ෂකයා ලෙස කිසිදු අකාරයකින් ද්‍රවිඩ සංවිධාන හෝ මුස්ලිම් කොන්ග්‍රසය සමග රට බෙදීමට රහසින් හෝ විවෘතව කිසිදු ගිවිසුමක් ඇතිකරගෙන නැත. ඔවුන් එක් වී ඇත්තේ පොදු මැතිවරණ ප්‍රකාශය හා දින සීයේ වැඩපිළිිවෙලට එකගව පමණයි.
අපගේ ජයග්‍රහණයෙන් පසු මේ රටේ ඒකීයභාවය පිළිබද සම්පුර්ණ වගකීම අප විසින් ගනු ලබනවා. එක් පසකින් පෞද්ලිකවත්, අනෙක් පසින් මා සමග එක්ව ඇති සංවිධානවල සාමූහිකත්වයෙන් එම වගකීම භාරගන්නා බව පැහැදිලිව ප්‍රකාශ කළ යුතුයි. මේ රටේ ජාතික ආරක්ෂාව තහවුරු කරනවා. ජාතික ආරක්ෂාව පිළබද ප්‍රශ්නයේ දී ඉතා පැහැදිලිව සදහන් කළ යුත්තේ ජනාධිපතිවරයා සතු අසීමිත බලය පාර්ලිමේතුවටත්, ඇමති මණඩලයට හා අධිකරණයටත් පැවරීම අප විසින් සිදුකරනවා. එමෙන්ම අපේ ජයග්‍රහණයෙන් පසුව, ජනවාරි 10 මා ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දෙනවා. එම අවස්ථාවේ සිට ජාතික ආරක්ෂාව පිළිබද ත්‍රිවිධ හමුදාව සම්පූර්ණයෙන්ම ජනාධිපතිවරයාගේ භාරකාරත්වයට පත්වෙනවා. උතුම් මාතෘ භූමියට ආදරය තිබෙන ගෞරව කරන සෑම කෙනෙක්ම කුමන ආකාරයකින්වත් රටේ ඒකීය භාවය බිදෙන්න කිසිදු ආකාරයකින් ඉඩතබන්නේ නැහැ. රටේ ඊළාම් වාදය ගොඩ නැගීමට පසුබිමක් ඇතිකිරීමට කිසිවිටෙකත් ඉඩලබාදෙන්නේ නැත. එම ප්‍රකාශය පැහැදිලිවම සදහන් කළයුතුයි.

http://thecolombopost.net/?p=6996

රටේ සදාචාරාත්මක සමාජයක් ගොඩනැගීම සදහා මූලික වශයෙන් ශක්තිමත් ආර්ථිකයක් ඇති කිරීමට කටයුතු කරනවා. ඒ තුළින් රටේ ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීමටත් අන්තර්ජාතික වශයෙන් යහපත් විදේශ ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීමටත් කටයුතු කරනවා. ජාත්‍යන්තර වශයෙන් සිය`ඵ ජාතීන්ගේ සිත් දිනාගැනීමට කටයුතු කරනවා. ප්‍රබල අන්තර්ජාතික සංවිධාන වල පූර්ණ සහයෝගය ලබාගැනිමින් මාතෘ භූමිය දියුණු කිරීම සදහා ඉතාමත් දියුණු මානව බැදීමෙන් යුතුව කටයුතු කරන බව පැහැදිලිව සදහන් කළ යුතුයි.
රටේ සම්බුද්ධ ශාසනය වැඩි දියණු කිරීම සදහා ගත හැකි සෑම පියවරක්ම ගනු ලබනවා. ඉස්ලාම්, හින්දු, කතෝලික, ආගම් වල අයිතිය තහවුරු කරමින් ආගමික සංහිදියාව, ජාතීන් අතර ඇති කරනවා. සියඵ ආගම් ඇදහීම හා ප්‍රතිපත්ති ගරුක වීමට ඇති නිදහස සම්පූර්ණයෙන් ආරක්ෂා කරනවා. ඒ සිය`ඵ ජනතාවට රජයක් ලෙස පූර්ණ අනුග්‍රහයක් ලබාදෙනවා.
පසුගිය දින වල ඇති වූ ප්‍රචන්ඩත්වයෙන් ප්‍රධාන වශයෙන්ම අපට පෙනී යන කාරණය වන්නේ ඉදිරි දින තුන තුළ මැතිවරණ නීති උල්ලංගණය කරමින් ඇතැම් ස්ථාන නීති විරෝධි ලෙස කටයුතු කිරීමට මාගේ ප්‍රතිවාදී අපේක්ෂක මහින්ද රාජපක්ෂ මහතාගේ පාර්ෂවයන් සැලසුම්කර තිබෙන බවයි. ඉතා ගෞරවයෙන් සිය`ඵ දෙනාගෙන් ඉල්ලා සිටින්නේ සාමකාමී මැතිවරණයකට කැපවන ලෙසයි. අපි සිය`ඵ දෙනා ප්‍රචණ්ඩත්වය පිටු දකිනවා. ඉතාම අවිහිංසාවාදී ලෙස අපේ මැතිවරණ ව්‍යාපාරය ගෙන යනවා. අවසානයේ ජනතාව දෙන තීන්දූව පිළිගනිමින් රටේ නිදහස සහ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීමට කටයුතු කරමු. ජයග්‍රහණයෙන් පසු නීතියේ ආධිපත්‍යය සුරක්ෂිත කරමින් රාජ්‍ය සේවය ස්වාධීන කරීමට කටයුතු කරනවා. පොලීසිය නීතිය හා සාමය රකින අපක්ෂපාතී ආයතනයක් බවට පත් කිරීමට රජයක් ලෙස කටයුතු කරනවා.

රටේ ඉහළ ව්‍යාපාරිකයින් සදහා නිදහසක් නැත. ඔවුන්ට නව ව්‍යාපාර කටයුතු කරගෙන යාමට අවස්ථාව ලබා දෙනවා. ගොවියන්ගේ ආර්ථිකය ශක්තිමත් කරමින්, රටේ වැඩ කරන කම්කරු ජනතාව ප්‍රමුඛ සියලු ක්ෂේත්‍රවල වර්ධනය සදහා ගතහැකි සෑම පියවරක්ම ගන්නවා.

විශ්ව විද්‍යාල ක්ෂේත්‍රයේ ශිෂ්‍යයින් ප්‍රමුඛ උසස් අධ්‍යපනයටත්, ප්‍රාථමික අධ්‍යාපනය වැඩි දියුණු කිරීමටත්, කටයුතු කරනවා. නිදහස් සෞඛ්‍ය සේවාව ශක්තිමත් කිරීම සදහා ගත හැකි සෑම පියවරක්ම නව රජය විසින් ගනු ලබන බව ප්‍රකාශ කළ යුතුයි.

ජයග්‍රහණයෙන් පසුව මේ රටේ නව පරිවර්ථනයක් පැහැලිදිවම ඇති කරනවා. දේශිය ආර්ථිකය ගොඩනගමින් කාලානූරූපිව නව තාක්ෂණික ලෝකයේ වාණිජ සමාජයට ගැලපෙන ආකාරයෙන් ප්‍රබුද්ධ රටක් ගොඩනැගීමට කැපවෙන බව පැහැදිලිව සදහන් කළ යුතුයි.

හඬ පටය අහන්න.

No comments:

Post a Comment