Dec 9, 2014

09 dec 2014   මෛත්‍රිපාල සිරිසේන
ආණ්‌ඩුවේ ධන බලයට අවිබලයට එරෙහිව ජනබලය
සමඟ එක්‌ව අවිහිංසාවෙන් ජනපතිවරණය ජයගන්නවා
පොදු අපේක්‍ෂක මෛත්‍රිපාල සිරිසේන
http://www.divaina.com/2014/12/09/news21.html
ආණ්‌ඩුවේ ධනබලය සහ අවිබලයට එරෙහිව ජනබලය සමඟ අවිහිංසාවාදී මැතිවරණ ව්‍යාපාරයක්‌ ක්‍රියාත්මක කොට ඉදිරි ජනාධිපතිවරණයෙන් විශිෂ්ට ජයග්‍රහණයක්‌ ලබාගන්නා බව විපක්‍ෂයේ ජනාධිපති පොදු අපේක්‍ෂක මෛත්‍රිපාල සිරිසේන මහතා පැවසීය.

ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා භාරදීමෙන් අනතුරුව විපක්‍ෂ නායක කාර්යාලයේදී ඊයේ (08 දා) දහවල් පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී හෙතෙම මේ බව සඳහන් කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස්‌a දැක්‌වූ මෛත්‍රිපාල සිරිසේන මහතා - ලබන 8 වෙනිදා පැවැත්වෙන ජනාධිපතිවරණය සඳහා මා ඉදිරිපත් වන බව ප්‍රකාශ කළ දිනයේ පටන් මේ රටේ ජනමාධ්‍ය අප වෙත ලබා දුන් සහයෝගයට මා විශේෂයෙන් ස්‌තුතිවන්න වෙනවා. මා නාමයෝජනා භාරදී ජනතාවගෙන් ලද උණුසුම් සුබපැතුම් සමඟ අප මේ මැතිවරණ සටන නිල වශයෙන් ආරම්භ කරනවා..................


09 Dec 2014 news
දහනව දෙනෙක්‌ නම් දෙති
දේශපාලන පක්‍ෂ 17 කින් 17 ක්‌ 




බත්තරමුල්ලේ සීලරතන හිමි (ජනසෙත පෙරමුණ), එම්. බී. නාමිනිමුල්ල (ඔක්‌කොම වැසියෝ ඔක්‌කොම රජවරු සංවිධානය), පානි විඡේසිරිවර්ධන (සමාජවාදී සමානතා පක්‍ෂය), සිරිතුංග ජයසූරිය (එක්‌සත් සමාජවාදී පක්‍ෂය), මහින්ද රාජපක්‍ෂ (එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානය), ජයන්ත කුලතුංග, එක්‌සත් ලංකා මහා සභා පක්‍ෂය), විමල් ගීගනගේ (ශ්‍රී ලංකා ජාතික පෙරමුණ), මෛත්‍රීපාල සිරිසේන (නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ), අයි. එම්. ඉල්ලියාස්‌ (ස්‌වාධීන), නිස්‌තාර් මොහොමඩ් (එක්‌සත් සාම පෙරමුණ), අනුරුද්ධ පොල්ගම්පල (ස්‌වාධීන), දුමින්ද නාගමුව (පෙරටුගාමී සමාජවාදී පක්‍ෂය), ඒ. එස්‌. පී. ලියනගේ (ශ්‍රී ලංකා කම්කරු පක්‍ෂය), සුන්දරම් මහේන්ද්‍රන් (නව සම සමාජ පක්‍ෂය), ප්‍රසන්න ප්‍රියංකර (ප්‍රජාතන්ත්‍රවාදී ජාතික ව්‍යාපාරය), නාමල් අජිත් රාජපක්‍ෂ (අපේ ජාතික පෙරමුණ), ආර්. ඒ. සිරිසේන (දේශප්‍රේමී ජාතික පෙරමුණ), සරත් මනමේන්ද්‍ර (නව සිහළ උරුමය), රුවන්තිලක පේදුරුආරච්චි (එක්‌සත් ලංකා පොදුජන පක්‍ෂය) යන අපේක්‍ෂකයෝ සියලු දෙනා ජනාධිපතිවරණයට තරග කරනු ලබති.
09 Dec 2014
තිස්ස අත්තනායක  පක්ෂ මහ ලේකම් ධුරයෙන් 
ඉල්ලා අස්වීම 

 - සම්පූර්ණ ලිපිය

2014 දෙසැම්බර්08 දින
එක්සත් ජාතික පක්ෂයේ නායක,
ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමා
අංක 400
‘සිරිකොත’
කෝට්ටේපාර
පිටකෝට්ටේ. 

ගරු නායකතුමනි,
පක්ෂ මහ ලේකම් ධුරයෙන් ඉල්ලා අස්වීම පිළිබඳව 

මෙවැනි ලිපියක් මාගේ දේශපාලන ජීවිතය තුළ කිසිදිනක ලියන්නට සිදුවේයැයි මොහොතකටවත් නොසිතුවෙමි. රනිල්-සජිත් සමගිය ගොඩ නැගීමෙන් පසු ඊට එරෙහිව මෑත කාලයේ පක්ෂය තුළ ගොඩ නැගුණු මලික්-රවී-මංගල කුමන්ත්‍රණ කල්ලිය විසින් පක්ෂයට සහ පාක්ෂිකයාට සිදු කරන විනාශයත්, පක්ෂය සමගි කළ මට එම කල්ලිය විසින් නොනවත්වා කරන දේශපාලන කෙනෙහිළි කමුත්,මාගේ දේශපාලන ගමන අඩාල කරවන අරමුණින් සිදු කරන පිහි ඇනුම් සහ මෑතකදී ගොඩ නැඟූ දේශපාලන සන්ධානය ගැන පක්ෂය වෙනුවෙන් තීරණ ගැනීමේ දී පක්ෂ මහලේකම් ලෙස මා දැනුවත් කිරීමක් පවා නොකොට, මාගේ හෝ පාක්ෂික බහුතරයේ මතය අබමල් රේණුවක් තරමටවත් නොසලකා කරගෙන යන අත්තනෝමතික වැඩපිළිවෙළත් විසින් හෘදය සාක්ෂියට එකඟව වැඩ කළ නොහැකි, සිත් කළකිරවන තත්ත්වයට මා පත් කර,වේදනාකාරී මෙම දේශපාලන තීන්දුව ගැනීමේ තැනට මා තල්ලු කරවන ලද බව අන් කවරෙකුටවත් වඩා ඔබතුමාගේ හෘදය සාක්ෂි දරනවා ඇත. 
09 Dec 2014 news

මාධ්‍යවේදීන් වෘත්තිය පාවා දුන් දිනයක් -රාවය කර්තෘ



ජනාධිපති ධුරාපේක්‍ෂකයන් නාම යෝජනා භාර දෙන දිනයේ වෙළඳපළට පැමිණි ජාතික පුවත් පත් බොහොමයක මුල් පිටුවෙහි පළ වී තිබුණේ 2009 දී යුද ජයග්‍රහණය කළ දින එම පුවත් පත විසින් පළ කරන ලද මුල් පිටුවමයි.
ජනාධිපතිවරණය ඉලක්ක කර ගනිමින් යළිත් යුද ජයග්‍රහණය සිහිපත් කරවීම උදෙසා පළ කළ මෙම මුල් පිටුව, මුදල් ගෙවා පළ කළ දැන්වීමකි.
නමුත් ජාතික පුවත් පත් හැටියට මාධ්‍ය සම්ප්‍රදායන් සහ සදාචාරයන් අමතක කරමින් සිය මූල්‍ය අවශ්‍යතාවන්ට ප්‍රමුඛත්වය දී ඇති බවට ඇතැම් මාධ්‍යවේදීහු චෝදනා කරති.
'වෘත්තිය පාවා දීමක්'.......
මේ පිළිබඳව බීබීසීයේ තිසර රතුවිතාන සමඟ සාකච්ඡාවක යෙදුණු රාවය පුවත් පතේ කතුවර, ප්‍රවීණ මාධ්‍යවේදී කේ ඩබ්ලිව් ජනරංජන කියා සිටියේ ඇතැම් මාධ්‍යවේදීන් මුදල් සඳහා තම ගෞරවනීය වෘත්තිය පාවා දී ඇති බවයි. සම්පුර්ණ සාකච්ඡාවේ හඬ පටයට සවන් දෙන්න................
http://www.bbc.co.uk/sinhala/sri_lanka/2014/12/141208_thisara_janaranjana_horatious

08 Dec 2014
හිරුණිකාගේ මෛත්‍රිය මෛත්‍රීට
පසුගිය පළාත් සභා ඡන්දයේදී බස්නාහිර පළාතෙන් වැඩිම මනාප ගත් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මෙනවිය මින් මද වේලාවකට පෙර පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහාය දීමට එක්වූවාය.
කොළඹ විපක්ෂ නායක කාර්යාලයට පැමිණි ඇය හමුවීමට හිටපු ජනපති චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය හා මංගල සමරවීර මහතාද පැමිණ සිටියහ.
භාරතට සාධාරණය ඉෂ්ඨ වුණේ නැහැ‘
GLA_5211

කුරිරු ලෙස ඝාතනය කැරුණු තම පියාට මේ ආණ්ඩුවෙන් සාධාරණයක් ඉටු නොවුණු බව බස්නාහිර පළාත් සභාවේ එක්සත් ජානතා නිදහස් සන්ධාන මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මෙනවිය පැවසුවාය.
විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහාය දක්වීමට ආණ්ඩුවෙන් එළියට ආ ඇය විපක්ෂ නායක කාර්යාලයයේ දී මාධ්‍ය සාකච්ඡාවකට සහභාගී වූවාය.
ඇය මාධ්‍ය සාකච්ඡාවට ආවේ හිටපු ජනපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය සමඟය.....................
08 Dec 2014

ලේකම් කෙනෙක් යනකොට ලේකම් කෙනෙක් ගේන එක එතරම් කජ්ජක් නෙවෙයි – ජනපති කියයි (VIDEO)


තිස්ස අත්තනායක ආණ්ඩුවට ආ බව ජනපති කියයි
නාමයෝජනා බාර දුන් ප්‍රධාන අපේක්ෂකයෝ දෙදෙනා මැතිවරණ මහ ලේකම් කාර්යාලයයෙන් එළියට එද්දී මාධ්‍යයට අදහස් දැක්වූහ.
මහින්ද රාජපක්ෂ මහතා -
‘අපේ හිටපු ලේකම් එහෙන් ඡන්දය ඉල්ලනවා. අද බලනකොට එහේ ලේකම් අපිට ඇවිල්ලා. ඒ තමයි එජාපයේ නාය යෑම. අද එය ආරම්භ වුණා. අපි රටට වැඩ කළා. එක ලේකම් කෙනකුට තව ලේකම් කෙනෙකු ගන්න එක මේ රාජපක්ෂට මහ කජ්ජක් නොවෙයි.‘
මෛත්‍රීපාල සිරිසේන මහතා -
‘පහුගිය අවුරුදු හතරක කාලයේ මේ රට වෙනත් පැත්තකටයි ගමන් කළේය. අද ආණ්ඩුවේ තියෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිපත්ති නොවයි. අපි මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කරනවා. ගොවි ජනතාවගේ ආර්ථිකය ශක්තිමත් කරනවා. පුළුල් ආර්ථික සංවර්ධයන් කරනවා. නීතිය හා සාමය සුරක්ෂිත කරන්න අපි බලාපොරොත්තු වෙනවා.‘
08 DEc 2014 -     President
 පුවත්පත් මුල් පිටු
ද (08) පුවත්පත් මුල් පිටුවල පළ කරතිබූ දැන්වීමක් සම්බන්ධයෙන් මුහුණුපොතේ පළ කර තිබූ පුවතක් මෙස් උපුටා පළකරමු.
"අපිට එපා තොපෙ පත්තර පඩංගු" යනුවෙන් එහි සඳහන් කර තිබූ අතර පහත කවියද සටහන් කර තිබේ.
කළු ගල් පලන බොරු බේගල් අඩංගු
හෙළුවෙන් දුවන මේ පත්තර පඩංගු
පුළුවන් අහක ලන්නට නෑ මිඩංගු
අළු වත් එපා රටටම පච පඩංගු
 උපුටා ගැනීම - Chingitonia චිඟිටෝනියා

http://www.lankatruth.com/home/sinhala/index.php?option=com_content&view=article&id=12962:2014-12-08-05-37-30&catid=41:local&Itemid=74