Dec 18, 2014

18 Dec 2014
ජනපති මුලතිව් යයි
2014 දෙසැම්බර් මස 18 16:39:40 | . , ඡායාරූප සුදත් සිල්වා

මහින්ද රාජපක්ෂ මහතා සහභාගී වන ජන රැලියක් අද පස්වරුවේ මුලතිව් විනයාගමුර්ති ක්‍රීඩාංගනයේ දී පැවැත්විණි.
එම රැස්වීමට විශාල පිරිසක් පැමිණ සිටියහ.

අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා ඇතුළු  දේශපාලනඥයෝ රැසක් ද රැලියට එක්වූහ.,,photos

18 Dec 2014
ආසියාවේ විශාලම වෘත්තීය ගම්‍යතා සමුළු 
කොළඹ තැන් 4 ක පැවැත්වෙයි


ශ්‍යාම් නුවන් ගනේවත්ත

තිරසාර ශ්‍රී ලංකාවක්‌ සඳහා වෘත්තිකයන් විසින් සංවිධානය කරන ලද ආසියාවේ විශාලතම වෘත්තීය ගම්‍යතා සමුළුව (මොමෙන්ටම් - 2014) ව්‍යාපාරික හා සමාජ ක්‍ෂේත්‍රයන්හි ඉහළම පෙළේ වෘත්තිකයන් රැසකගේ සහභාගිත්වයෙන්
ඊයේ (17දා) කොළඹදී උත්සවාකාරයෙන් පැවැත්විණි.

සිනමන් ලේක්‌සයිඩ්, ගලධාරි, ජයික්‌ හිල්ටන් සහ කළම්බු රෙසිඩන්සීස්‌ යන ස්‌ථාන හතරෙහිම
එකවර පැවති මෙම සමුළුවේදී ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික හා ආර්ථික භූ දර්ශනයේ තිරසාරත්වයේ වැදගත්කම පිළිබඳව දැනුම බෙදාහදාගනු ලැබීය.
යුද ජයග්‍රහණයෙන් පසු ව්‍යාපාරික ක්‍ෂේත්‍රයට මතුව ඇති අභියෝග මෙන්ම සුබවාදී අපේක්‍ෂාවන්ද ජාත්‍යන්තර සම්බන්ධතා පශ්චාත් යුද ආර්ථිකයේ දියුණුවට හේතුවූ ආකාරය අනාගත බලපෑම්, ආර්ථික සංවර්ධනය අඛණ්‌ඩව ඉදිරියට පවත්වාගෙන යැම සඳහා අවශ්‍ය වන දේශපාලන ස්‌ථාවරත්වය යන කරුණු මෙම සමුළුවේදී ඉහළ අවධානයකට භාජන විය.
මෙම සංසදයේ ප්‍රධාන දේශකයන් ලෙස ජනාධිපති මහින්ද රාජපක්‍ෂ සහ ආරක්‍ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ යන මහත්වරුද එක්‌ව සිටියහ.
ඊට අමතරව මාස්‌ හෝල්ඩින්ස්‌ සමූහයේ අධ්‍යක්‍ෂ ඩයන් ගෝමස්‌, කාගිල්ස්‌ සමූහයේ නියෝජ්‍ය සභාපති/ප්‍රධාන විධායක නිලධාරි රංජිත් පේඡ්, ජෙට්‌වින් සමූහයේ සභාපති හිරාන් කුරේ සහ ෂෙව්රොන් ලුබ්‍රිකන්ට්‌ස්‌ සමාගමේ කළමනාකාර අධ්‍යක්‍ෂ කිෂු ගෝමස්‌, ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග, ශ්‍රී ලංකා මහා බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් යන මහත්වරුද මෙහිදී අදහස්‌ පළ කළහ.
ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග, ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ සහ මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් යන මහත්වරුන් විසින් පවත්වනු ලැබූ කණ්‌ඩායම් සාකච්ඡා වටයකින් මෙම සමුළුව අවසන් විය.

http://www.divaina.com/2014/12/18/news02.html

18 Dec 2014


මහින්ද රාජ්‍ය දේපොළ පාවිච්චි කිරීමෙන් ලෝක වාර්තාවක් තබයි
''මේ ජනාධිපතිවරණය රාජ්‍ය බලය පාවිච්චි කිරීමරාජ්‍ය දේපළ යොදා ගැනීම අතින් ලෝක වාර්තාවක් තියන්නයි යන්නේ. ඒ තරමටම රාජ්‍ය බලය සහ දේපළ මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයාගේ මැතිවරණ කටයුතු සඳහා යොදා ගනිමින් තිබෙනවා.'' යැයි අද (18) පෙරවරුවේ ජනතා විමුක්ති පෙරමුණ ප්‍රධන කාර්යාලයේදී එම පක්ෂයේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති ප්‍රවෘති සාකච්ඡාවේදී මේ අදහස් පළ කළේය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ටිල්වින් සිල්වා මහතා.
''ජනාධිපතිවරණයට දින නියම කරන්න කලින් සිටම මහින්ද රාජපක්‍ෂ මැතිවරණ නීති උල්ලංඝනය කිරීම ආරම්භ කළා. මහා මාර්ගවල විදුලි කණුවල කටවුට් එල්ලුවා. පාර වැහෙන තරමටම කටවුට් ගහන්න පටන් ගත්තා. ඒ සඳහා සමාජ විරෝධය එල්ල වීමත් නීතිඥ සංගමය නීතිමය පියවර ගැනීමට සූදානම් වීමත් නිසා මෙම කටවුට් ඉවත් කිරීමට ආණ්ඩුවට සිදුවුණා. නමුත් තවමත් නීති විරෝධී කටවුට් මුළුමනින්ම ඉවත් කරලා නැහැ. මේ වනවිටත් බොහෝ රාජ්‍ය ආයතන ඇතුළේ කටවුට් සවිකරමින් තිබෙනවා. පහුගිය කාලයේ අනුලා විද්‍යාලය තුළ ගුරුවරුන්ගේ විරෝධය නොසලකා කටවුට් සවිකළා. අධිවේගී මාර්ග අවසන් වන ස්ථානවල මාතරකොට්ටාව වැනි ප‍්‍රදේශවල විශාල වශයෙන් කටවුට් ප‍්‍රදර්ශනය කරමින් තිබෙනවා. මෙහි බරපතළකම කොච්චරද කිව්වොත් ආරම්භයේදී කටවුට් සවි කිරීමට පොලිස් නිලධාරීන් පවා යොදාගත්තා. අඟුණකොලපැලැස්ස ප‍්‍රදේශයේදී පොලිස් ස්ථානාධිපතිවරයාගේ වගකීම සහිතව කටවුට් සවිකරලා තිබුණා. මැතිවරණ නීතිය ආරක්‍ෂා කිරීමට ඉන්න පොලීසිය පවා තමන්ගේ මැතිවරණ කටයුතු සඳහා යොදාගන්න මහින්ද රාජපක්‍ෂ කටයුතු කළා...........
18 Dec 2014

අනුරාධපුර සන්ධාන රැලියට සෙනග ගෙන ගිය බස්වල වියදම රු. මිලියන 25ක්

අනුරාධපුර සන්ධාන රැලියට සෙනග ගෙන ගිය බස්වල වියදම රු. මිලියන 25ක්

අනුරාධපුරයේ පැවති ජනාධිපතිවරණ රැලියක් සඳහා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයෙන් යෙදවූ බස් රථවල ගෙවීම්වලටඅදාළ තොරතුරු මැතිවරණ මහ ලේකම් කාර්යාලයට ලබා දී තිබේ.
මේ පිළිබඳ කළ විමසීමකදී මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කළේ, බස් රථ කුලියට ලබා ගැනීමටඅදාළව රුපියල් මිලියන 25ක් වටිනා ගෙවීම් ලේඛන තමා වෙත ලැබුණු බව ය.
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අනුරාධපුරයේ පැවති රැළිය සඳහා බස් රථ විශාල සංඛ්‍යාවක් යොදවා තිබූ බවටචෝදනා එල්ල වූ අතර එහි ගෙවීම් සම්බන්ධව ද ඇතැම් පාර්ශව ප්‍රශ්න මතු කළහ.
ඒ පිළිබඳ මැතිවරණ කොමසාරිස්වරයා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයෙන් ලිඛිතව තොරතුරු විමසා තිබිණි.
බස් රථවල ගෙවීම්වලට අදාළ තොරතුරු ඊයේ දිනයේදී මැතිවරණ කොමසාරිස්වරයා වෙත ලබා දෙන බවට ශ්‍රී ලංකාගමනාගමන මණ්ඩලයේ සභාපතිවරයා සඳහන් කළේ ය

18 Dec 2014

යුද හමුදා කදවුරක දේශපාලන රැස්වීම්?

ජනාධිපතිවරණයේදී රජයට සහය ලබාගැනීම සඳහා දේශපාලන කටයුතුවලට යුද හමුදා නිලධාරීන් යොදාගැනීම තුළ ජනාධිපතිවරණය පිළිබදව දැඩි සැක සහිත තත්ත්වයක් උද්ගතවී ඇතැයි නිදහස් හා සාධාරණ මැතිවරණයක් සදහා වූ ව්‍යාපාරයේ විධායක අධ්‍යක්ෂක රජිත් කීර්ති තෙන්නකෝන් ප්‍රකාශ කරයි.
ඔහු මේ බව පැවසුවේ රජයේ අමාත්‍යවරුන් දෙදෙනෙකු සහ ප්‍රදේශීය දේශපාලනඥයින් පිරිසක් දෙසැම්බර් 16 වෙනිදා වවුනියාවේ යුදහමුදා කදවුරකදී දේශපාලන රැස්වීමක් පැවැත්වීම සම්බන්ධයෙන් එම සංවිධානයට ලැබුණු තොරතුරු පිළිබදව විමසූ අවස්ථාවේදීයි.

දේශපාලන රැස්වීම්
තවදුරටත් අදහස් දැක්වු රජිත් කීර්ති තෙන්නකෝන් කියා සිටියේ වවුනියාවේ පමණක් නොව දිවයිනේ පළාත් කිහිපයකම යුද හමුදා නිලධාරීන් දේශපාලන රැස්වීම් පවත්වා ඇති බවයි.
මීට අමතරව රජයට සහාය දැක්වීම පිණිස යුද හමුදා අණුඛණ්ඩ කීපයක්ම දිවයිනේ විවිධ පළාත්වල පිහිටුවා ඇති බවද ඉන් සමහරක් ආගමික ස්ථානවල පිහිටුවා ඇතැයිද ඔහු කියා සිටියේය.
මේ පිළිබදව තම සංවිධානය මැතිවරණ කොමසාරිස්වරයාට පැමිණිලි කළ බවද මැතිවරණ කොමසාරිස් කාර්යාලය ඒ සම්බන්ධයෙන් පියවර ගනු ඇතැයිද ඔහු වැඩිදුරටත් පැවසුවේය.
නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහාවූ ව්‍යාපාරය නගන චෝදනාව සම්බන්ධයෙන් මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රියගෙන් තොරතුරු විමසූ විට ඔහු කියා සිටියේ එවැනි පැමිණිල්ලක් තම කාර්යාලයට ලැබී ඇති බවයි.
පරීක්ෂණයක්
එම පැමිණිල්ල වවුනියාව තේරීම් බාර නිලධාරියා ඇතුළු අවශ්‍ය නිලධාරීන් වෙත යොමු කොට එවැනි රැස්වීමක් පැවැත්වූයේද යන කාරණය ගැන පරීක්ෂණයක් පවත්වන බව මැතිවරණ කොමසාරිස්වරයා ප්‍රකාශ කළේය.
ප්‍රාදේශීය වශයෙන් සිදුවන මෙවැනි ක්‍රියා සම්බන්ධයෙන් සෘජුවම අදාල පළාතේ තේරීම්බාර නිලධාරියා වෙත පැමිණිලි ඉදිරිපත් කරන්න්නේනම් පරීක්ෂණ කටයුතු වඩා ඉක්මන් වන බවද ඔහු පැවසුවේය.
කෙසේ වෙතත් මොනම හේතුවක් මතවත් යුද හමුදා කදවුරක් තුළ දේශපාලන රැස්වීමක් පැවැත්විය නොහැකි බව කී මැතිවරණ කොමසාරිස්වරයා ඉදිරිපත්වී ඇති සියලුම පැමිණිලි සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන බවද වැඩිදුරටත් සඳහන් කළේය
18 Dec 2014
කලංකුට්‌ටියේ මෛත්‍රීගේ ජනහමුවට 
පහරදුන් සැකකරුවෝ 5 ක්‌ අත්අඩංගුවට ගල්නෑව ප්‍රාදේශීය සභාපති සොයා පොලිස්‌ පරීක්‍ෂණ 
නව ප්‍රජාතන්ත්‍රවාදී පක්‍ෂයේ ජනාධිපතිධුර අපේක්‌ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහාය පිණිස
ගල්නෑව මහවත්තේගම, කලංකුට්‌ටිය ප්‍රදේශයේ නිවෙසක භූමියේ (16 දා) රාත්‍රී පැවති කුඩා ජනහමුවක්‌ අවසන් වීමත් සමගම ඩිපෙන්ඩර් ජීප් රථ දෙකක්‌ සහ කැබ්රථ දෙකකින් එහි කඩා වැදී වෙඩි තබා ජනතාව බිය ගන්වා ලොරි රථයකට, යතුරුපැදි හතරකට, ප්ලාස්‌ටික්‌ පුටු සහ අනෙකුත් බඩු බාහිරාදියට යකඩ පොලුවලින් පහරදී අලාභහානි සිදුකොට පළාගිය ගල්නෑව ප්‍රාදේශිය සභාවේ සභාපති ඩබ්ලිව්. එම්. චන්ද්‍රතිලක ඇතුළු අටදෙනකුගෙන් සමන්විත මැර කණ්‌ඩායම සම්බන්ධ පුද්ගලයන් පස්‌දෙනකු ගල්නෑව පොලිසිය විසින් ඊයේ (17 දා) උදේ අත්අඩංගුවට ගෙන ඇත.
මේ අතර මෙම මැර ප්‍රහාරයට සම්බන්ධ ප්‍රාදේශීය සභා සභාපතිවරයා සහ තවත් පුද්ගලයන් දෙදෙනෙක්‌ අත්අඩංගුවට ගැනීමට පොලිසිය පරීක්‍ෂන ආරම්භ කොට ඇත.
මෙම මැර ප්‍රහාරය පෙරේදා (16 දා) රාත්‍රී 8.45 ට පමණ එල්ල කොට ඇති බව ගල්නෑව පොලිසිය පවසයි.

http://www.divaina.com/2014/12/18/provin02.html
18 Desc 2014
මැතිවරණ කොමසාරිස්ට එරෙහිව උද්ඝෝෂණයක්


මැතිවරණ නීතිය නිසියාකාරව ක්‍රියාත්මක නොකරන බව පවසමින් මැතිවරණ කොමසාරිස්වරයාට එරෙහිව උද්ඝෝෂණයක් අද මැතිවරණ කොමසාරිස් කාර්යාලය ඉදිරිපිට දියත් විය.
මෙම උද්ඝෝෂණයට එක්සත් ජාතික පක්ෂය, ජාතික හෙළ උරුමය, ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය සහ විවිධ සිවිල් සංවිධාන රැසක ආධාරකරුවෝ සහභාගී වුහ.
ඇතැම් විද්‍යුත් මාධ්‍ය ඡන්ද නීති කඩන නමුත් මැතිවරණ කොමසාරිස්වරයා ඊට එරෙහිව කිසිදු පියවරක් ගෙන නොමැති බවයි උද්ඝෝෂකයන් කියා සිටින්නේ.
මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියාවලට එරෙහිව පියවර ගැනීමටද මැතිවරණ කොමසාරිස්වරයා අපොහොසත් වී ඇති බව උද්ඝෝෂකයෝ පවසති.
එක්සත් ජාතික පක්ෂයේ එරාන් වික්‍රමරත්න, සුජිව සේනසිංහ ජාතික හෙළ උරුමයේ පාඨලී චම්පික රණවක ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ අනෝමා ෆොන්සේකා ඇතුළු පිරිසක් මෙම විරෝධතාවට එක් වුහ.
http://www.bbc.co.uk/sinhala/sri_lanka/2014/12/141218_protest_against_election_chief

යුක්ති සහගත බව සම අවස්ථා කාටත් ලැබිය යුතුයි

මෙතෙක් පැවැත්වූ මැතිවරණවලින් ත්‍රස්තවාදී බලපෑමක් සන්නද්ධ බලයක් නොමැතිව පැවැත්විය හැකි පළමු ජනාධිපතිවරණය මෙයයි. ඉතිහාසයේ ප්‍රථම වතාවට සෑම ජනයාටම නිදහසේ තමන්ගේ රාජ්‍ය නායකයා තොරාගැනීමට හැකියාව ඇති වටපිටාවක් සැකසී තිබේ. ඒවන් වටපිටාවක යුක්ති සහගත බව, සම අවස්ථා කාටත් ලැබිය යුතුය.

මෙවර ජනාධිපතිවරණයේදී රාජ්‍ය බලය, ප්‍රචණ්ඩත්වය ක්‍රියාත්මකවීමට එරෙහිව මැතිවරණ කොමසාරිස්තුමාගෙන් යුක්තිය ඉල්ලා රාජගිරියේ මැතිවරණ ලේකම් කාර්යාලයේ ඉදිරිපස අද (18) පෙ.ව. 10.00 ට පොදු සන්ධානයේ පක‍ෂ නායකයන් හා සාමාජිකයන් එක්ව සිදු කළ සත්‍යග්‍රහයට සහභාගි වූ සහභාගිවූ ජාතික හෙළ උරුමයේ ප්‍රධාන ලේකම් මෙලෙස ප්‍රකාශ කළේය:................Audio 
http://thecolombopost.net/?p=4531

Champika, Harsha perform Satyagraha  calling for free and fair election

 
Former Minister and Jathika Hela Urumaya (JHU) General Secretary Patali Champika Ranawaka yesterday urged Elections Commissioner Mahinda Deshapriya to commit himself to conducting a free and fair election on January 08 by using the powers he has under the Constitution.

Ranawaka performed a two hour Satyagraha opposite the Elections Secretariat in Rajagiriya together with UNP MP Dr. Harsha de Silva and several supporters to urge Election Commissioner Deshapriya to exercise their powers against election law violations by the government.


18 Dec 2014
ඳුරඹ මෛත්‍රීගේ රැලියට ඉදිකළ
වේදිකාවට හා ශබ්ද විකාශන
සහිත ලොරියට ගිනි තබතිජනාධිපතිවරණයේ පොදු අපේක්‍ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ගාල්ල වඳුරඹ නගරයේ පැවැත්වීමට නියමිතව තිබූ ජන රැලිය සඳහා ඉදිකළ දැවැන්ත වේදිකාවට සහ ශබ්ද විකාශන යන්ත්‍ර සහිත වෑන් රථයට සංවිධානාත්මක කණ්‌ඩායමක්‌ විසින් ඊයේ (17 වැනිදා) අලුයම ගිනි තබා විනාශ කර ඇත.මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම රැස්‌වීම ඊයේ සවස පැවැත්වීමට නියමිතව තිබිණි.
ජන රැලිය සඳහා විශාල වේදිකාවක්‌ ඉදිකළ මෛත්‍රීපාල මහතාගේ ආධාරකරුවන් පිරිස එහි වැඩකටයුතු නිමකර විවේක ගැනීම සඳහා මදක්‌ ඉවතට ගොස්‌ සිටි අවස්‌ථාවේ වාහන 5 කින් පැමිණ ඇති පිරිසක්‌ ඊට ගිනි තබා ඇත...............

http://www.divaina.com/2014/12/18/news04.html
18 Dec 2014
ට නිවැරැදි මග ගෙනියන්න ඔබ අප සමඟ එක්‌වන්න
-ජනපති මහින්ද රාජපක්‍ෂ හලාවතදී කියයි
මේ රටේ සියලු ජනතාවට නිදහසේ ජීවත්විය හැකි ආරක්‍ෂිත රටක්‌ නිර්මාණය කර තිබෙනවා. අපි මේ ලෝකය දිනන්න පුළුවන් දරුවන් බිහිකළ යුතුයි. ඒ වෙනුවෙන් අපි සියලුදෙනා අත්වැල් බැඳගත යුතු යයි ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සඳහන් කළේය.

හලාවත ෂර්ලි කොරයා ක්‍රීඩාංගනයේදී පෙරේදා (16දා)
පැවැති ප්‍රධාන ජන රැලිය අමතමින් ජනාධිපතිවරයා මේ බව පැවැසීය.
විශාල ජනකායක්‌ එක්‌වූ මෙම ජනහමුව ඇමැතූ ජනාධිපතිවරයා මෙසේද කීවේය.
කලකට පස්‌සෙ හලාවත මෙතරම් විශාල ජනතාවක්‌ සහභාගීවන ජනහමුවක්‌ පැවැත්වෙන්නේ. 2005 දී තමුන්නාන්සේලා මගෙන් ඉල්ලා සිටියේ මේ රට නිදහස්‌ කරල දෙන්න කියලයි. එදා කොටි ගහනවා මුහුදු යන්න බෑ. ව්‍යාපාරයක්‌ කරන්න බෑ. නිදහසේ ගමනක්‌ බිමනක්‌ යන්න බෑ. ඒ වගේ භීෂණ තත්ත්වයක්‌ මේ ප්‍රදේශයේ තිබුණේ. ඒ යුගය පසුකළා. අවුරුදු 30 ක්‌ කිසිම නායකයකුට විසඳන්න බැරිවූ ත්‍රස්‌තවාදය අවුරුදු 4 කටත් කලින් අපි අවසන් කර රට නිදහස්‌ කර දුන්නා.


18 Dec 2014
ජපක්‍ෂ පාලනය පෙරළා දමන්න රට පුරාම ජන රැල්ලක්‌ ඇතිවෙලා
-මෛත්‍රිපාල සිරිසේන බළපිටියේදී කියයි

ප්‍රජාතන්ත්‍රවාදය සහ යහපාලනය පිළිබඳ ජනවාරි 01 වැනිදාට තමා සමඟ ප්‍රසිද්ධ විවාදයකට එන ලෙස තමා ජනාධිපතිවරයාට අභියෝග කරන බව විපක්‍ෂයේ ජනාධිපතිවරණ පොදු අපේක්‍ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (17 වැනිදා) බලපිටියේ කොස්‌ගොඩ පැවැති ජනහමුවකදී ප්‍රකාශ කළේය.

කොළ කෑල්ලක්‌වත් නැතිව මම විවාදයට යන බවත් මහින්ද රාජපක්‍ෂ ළඟවත් ආණ්‌ඩුවේත් යහපාලනයක්‌ නැති බව තමා එදාට ඔප්පු කර පෙන්වන බවත් මෛත්‍රීපාල සිරිසේන මහතා කීය.

මේ ආණ්‌ඩුවට මෛත්‍රිපාල මහතාගේ අගය දැන් දැනෙමින් තිබෙන බවත් තමාගේ හඬපට ආණ්‌ඩුවේ මැතිවරණ ප්‍රචාරක කටයුතු වලට යොදාගෙන ඇත්තේ ඒ නිසා බවත්ය.
විජාතික බලවේග සහ අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණ යන ලේබල විරුද්ධවාදීන්ට අලවමින් වත්මන් ආණ්‌ඩුව ජනතාවගේ ඔළු විනාශ කරමින්, රටේ ප්‍රජාතන්ත්‍රවාදය නැති කරමින් සිටින බව ජනාධිපතිවරණයේ විපක්‍ෂයේ පොදු අපේක්‍ෂක මෛත්‍රිපාල සිරිසේන මහතා
ඊයේ (17 වැනිදා) බළපිටියේ කොස්‌ගොඩදී පැවැති ජනහමුවක්‌ අමතමින් ප්‍රකාශ කළේය.

බළපිටිය එජාප සංවිධායක කමල් ජයන්ත සොයිසා මහතා මෙම ජනහමුව සංවිධානය කර තිබිණි.

18 Dec 2014
සාධාරණ මැතිවරණයක්‌ පැවැත්වීමේ ඉඩකඩ 
රජය අහිමි කරමින් සිටිනවා
-ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්‍ෂ

ප්‍රජාතන්ත්‍රවාදය සහ යහපාලනයක්‌ ඇති ආණ්‌ඩුවක්‌ බිහි කිරීමට ජනතාව පෙළ ගැසී තිබෙන මෙවැනි අවස්‌ථාවක වත්මන් රජය සාධාරණ මැතිවරණයක්‌ පැවැත්වීමේ ඉඩකඩ අහිමි කරමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්‍ෂ මහතා පැවැසීය.

විධායක බලය හරහා ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය යොදාගෙන අශිෂ්ට ලෙස මැතිවරණ කටයුතු සඳහා යොදාගෙන තිබෙන බව හෙතෙම
ඊයේ (17 වැනිදා) කොළඹ පිහිටි පොදු අපේක්‍ෂක මූලස්‌ථානයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ප්‍රකාශ කළේය.
එහිදී වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ විජයදාස රාජපක්‍ෂ මහතා-
ආණ්‌ඩුව වෙනුවෙන් පෙනී සිටින එක්‌තරා භික්‍ෂූන් වහන්සේලා කිහිප නමක්‌ ප්‍රකාශ කර තිබෙනවා. මෙවර ඡන්දයෙන් මහින්ද පරාජය වුවත් තව වසර දෙකක්‌ ජනාධිපති ධූරයේ ඉන්න පුළුවන් බවට. එය ඉතා කනගාටුවට කරුණක්‌. භික්‍ෂූන් වහන්සේලා ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව ගැන කරන මෙවැනි නොමනා ප්‍රකාශ සමස්‌ත බෞද්ධ ප්‍රජාවට කරන හානියක්‌.
අති උතුම් පාප්වහන්සේගේ ලංකා ගමනය පිළිබඳව කළ සාකච්ඡාවකදී ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා, මැල්කම් රංජිත් කාදිනල්තුමාට ප්‍රතිඥවක්‌ දී තිබෙනවා. පරාජය වූවොත් ජනාධිපති ධුරයෙන් ඉවත් වන බවට. එසේ තිබියදීත් ඇතැම් භික්‍ෂූන් වහන්සේලා කරන මෙවැනි ප්‍රකාශ බරපතළ ෙ€දවාචකයක්‌.
මෙහිදී බස්‌නාහිර පළාත් සභා මන්ත්‍රී ජනාධිපති නීතිඥ ශ්‍රීනාත් පෙරේරා, නීතිඥ ශිරාල් ලක්‌තිලක යන මහත්වරුද අදහස්‌ දැක්‌වුහ.

http://www.divaina.com/2014/12/18/news36.html
17 Dec 2014

Ranil vows to abort Port City

Promises airport in East

 
Expressing concern at the Colombo Port City Project having become an environmental hazard, UNP leader Ranil Wickremesinghe yesterday said that a future national government formed by the Joint Opposition Front (JOF) would scrap that venture.
Wickremesinghe was responding to representatives of the tourist industry who met him at the Opposition Leader’s office to raise concerns about the adverse impact the Colombo Port City project had on the beaches stretching from Beruwela to Negombo and beyond.
Pointing out that haphazard development would lead to the destruction of the immense potential that tourism offered, Wickremesinghe said that a future JOF administration would ensure that the country’s natural resources were preserved since its earning potential far outweighed ‘pet projects’ such as the Colombo Port City.
"We will also implement a master plan aimed at drawing in high end tourists," the UNP leader pledged, adding that they would not resort to hoodwinking the masses by counting tourist arrivals which did not make a worthwhile contribution to the Treasury.
Wickremesinghe said that in a bid to develop the Eastern Province and its vast untapped tourist potential, the joint Opposition proposed to build an airport in that region.
The predicted revenue from the Mattala Airport had not materialized and steps would be taken to transform it into a viable venture, he observed.

17 dec 2014
Probe sabotage of Maithri’s rally: MR to police
2014-12-17 16:23:31
President Mahinda Rajapaksa today instructed the Police Chief N.K Illangkoon to carry out an investigation into the sabotage of opposition candidate Maithripala Sirisena’s public rally at Wanduramba in Galle this morning.

“Two special police teams and the Wanduramba Police are investigating the incident,” Police Spokesman Ajith Rohana said.  

He said disciplinary action would be taken against the Wanduramba Police OIC for not having provided security to the location where the public rally was to be held.
SSP Rohana said security had been provided throughout the night and till six in the morning but the incident had occurred after the security had been removed and that the reason why the security had been removed was also being investigated.
Unidentified gangsters who had arrived in two Defender jeeps are reported to have sabotaged the stage and the decorations by setting them on fire. They had also damaged the vehicle and the public address system.
Mr. Sirisena was scheduled to address a rally in Wanduramba this evening.(Darshana Sa
- See more at: http://www.dailymirror.lk/59153/probe-sabotage-of-maithri-s-rally-mr-to-police#sthash.jKYRIa3s.dpuf
17 Dec 2014
Extremist forces behind common opposition: BBS
2014-12-16 22:46:20

The Bodu Bala Sena (BBS) General Secretary Galagoda Aththe Gnanasara Thera today said that all the extremist forces are combined with the common political party and with the support of the common opposition they are disseminating extremist powers around the country.
 He said those who are disseminating Christian extremism were recently joined with the common opposition and this is the next conspiracy that would be followed by them.
 By using the common opposition, these extremists groups are attempting to convey a new colonisation in the country and they are trying to convert the people by using this current political situation, he said.
 The Thera said the Deputy Secretary of the Sri Lanka Muslim Congress (SLMC) Nizam Kariyappar had made a false statement to the BBC by saying that the BBS is telling the Muslims, if they give their support to the common candidate Maithripala Sirisena in the Presidential Election, the Muslims will have to face difficulties in the future.
 He noted that Nizam Kariyappar’s statement is false and the BBS never made a statement like that.
 This is a big conspiracy against the country and people have to understand that situation and give their vote for the country in the forthcoming presidential election, he added. (Yoshitha Perera)
http://www.dailymirror.lk/59069/extremist-forces-behind-common-opposition-bbs
17 Dec 2014
ප්‍රජාතන්ත්‍රවාදය සඳහා කලාකරුවෝ 
මෛත්‍රීගේ සහායට එක්‌වෙති
විපක්‍ෂයේ පොදු අපේක්‍ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහාය පළකරන කලාකරුවන් පිරිසකගේ සහභාගීත්වයෙන් පෙරේදා (16 දා) පිටකෝට්‌ටේ සෝලිස්‌ උත්සව ශාලාවේ පැවති මාධ්‍ය හමුවේදී චිත්‍රපට නිෂ්පාදක ප්‍රසන්න විතානගේ මහතා අදහස්‌ දැක්‌වූ අයුරු. බෙනට්‌ රත්නායක, ධර්මසිරි බණ්‌ඩාරනායක, පරාක්‍රම නිරිඇල්ල, ගාමිණි වියන්ගොඩ දිල්හානි ඒකනායක යන කලාකරුවෝද මෙහි වෙති.
ප්‍රජාතන්ත්‍රවාදය සඳහා කලාකරුවෝ සංවිධානය මෙවර ජනාධිපතිවරණයේදී විපක්‍ෂයේ පොදු අපේක්‍ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහාය දැක්‌වීමට තීරණය කර ඇත.
පිටකෝට්‌ටේ
සෝලිස්‌ උත්සව ශාලාවේදී පෙරේදා(16 දා) මාධ්‍ය හමුවක්‌ කැඳවමින් එම සංවිධානය මේ බව නිවේදනය කළේය.
මහාචාර්ය සරත් විඡේසූරිය, චිත්‍රපට අධ්‍යක්‍ෂවරුන් වන ධර්මසිරි බණ්‌ඩාරනායක, බෙනට්‌ රත්නායක, ප්‍රසන්න විතානගේ, නළු නිළියන් වන දිල්හානි ඒකනායක, ජගත් සිල්වා, ජගත් මනුවර්ණ, දමයන්ති පොන්සේකා, සමනලි ෆොන්සේකා, ගායන ශිල්පින් වන ඩබ්ලිව්. ඒ. ආරියසේන, රජිව් සෙබස්‌තියන් ලක්‍ෂමන් විඡේසේකර, රෝහණ බෝගොඩ, වේදිකා නාට්‍ය ශිල්පි කේ. බී. හේරත්, ගීත රචක සමන් මනුනාත් වීරසිංහ යන මහත්ම මහත්මීන් ඇතුළු ප්‍රවීණ සහ ආධුනික කලාකරුවෝ රැසක්‌ මෙම අවස්‌ථාවට එක්‌ව සිටියහ.

http://www.divaina.com/2014/12/18/news24.html
................................................................................................................................................

Film director complains of suppression of artistic freedom 

 
article_image
No government has suppressed the artistes and intellectuals the way the present government of Mahinda Rajapaksa has, says a popular film director. 

Film Director, Prasanna Withanage, speaking at a seminar organised by an organisation called Citizens Power yesterday at the Library Services auditorium in Colombo said presidents J. R. Jayewardene, Ranasinghe Premadasa, Chandrika Bandaranaike Kumaratunga had interfered in many things but they had never meddled with the contents of films, Withanage said. 
The incumbent government favoured films that promoted ethno-religious disharmony, Withanage said. The progressive artistes who stood for ethnic harmony were branded terrorists or traitors. He said the film industry had been doomed the day President Mahinda Rajapaksa was elected in 2005.  National Film Corporation Chairman Asoka Serasinghe had told the creme de la creme of film artistes that films should be made to suit the taste of the powers that be.  
Film critic Gamini Viyangoda said that their campaign was not aimed at promoting any candidate in the presidential race. He added that they were confident they would regain their freedom after Maithipala Sirisena became the President and abolished the executive presidency.  
Among those present at yesterday’s briefing were Parakkrama Niriella, Dharmasiri Bandaranaike, K.B. Herath and Lucien Bulathsinhala.
17 Dec 2014
EC vows to resign
2014-12-17 17:58:16


Elections Commissioner Mahinda Deshapriya said today he and his officials would resign from their posts sans pension if it was proven that any malpractice or rigging had taken place at this presidential election.

He said this at panel discussion organised by the Sri Lanka Press Complaints Commission this morning.
 Mr. Deshapriya assured that no malpractices would take place at this election especially when it came to transporting of ballot boxes.
 He said a document containing the signatures of polling agents would be pasted on the boxes which would have two more seals affixed leaving little or no room for any rigging.
 “The last occasion when the boxes were shifted and replaced took place in Sri Lanka 30 years ago and nothing of that sort has taken place in an election thereafter,” Mr. Deshpriya said adding that he was not afraid of the Government as mentioned by an opposition politician.
 He said four candidates contesting the presidential elections did not want election monitors from the European Union because it had worked against Sri Lanka. However he said he cannot reveal any more details about this matter.
 Mr. Deshapriya underscored the fact that the instructions given by him during an election must come in the form of legislation approved by Parliament or they should be made binding by the judiciary as it was in India


17 Dec 2014

CSD Director General tells opposition not to play politics with his men’s dignity 

 
article_image
By Madura Ranwala

The Civil Security Department’s (CSD) Director General (DG) yesterday urged politicians not to demoralise his service men who were rendering yeomen service to the country’s economy and social wellbeing in various spheres following the eradication of terrorism.

Addressing a briefing at the Media Centre of the Urban Development and Defence Ministry at Kollupitiya, Rear Adm. (Retd.) Ananda Peiris said that CSD personnel should not be insulted.
In most of the political rallies being held in the country, the Common Opposition Presidential Candidate Maithripala Sirisena had been accusing the government of deploying security personnel to do menial jobs.
Rear Admiral Ananda queried what his 40,000 men and women who had received arms training should do in peacetime. "They are using their skills as masons, carpenters, farmers, Montessori teachers in Killinochchi and Mullaitivu. They provide security to some state organisations such as court complexes, make bricks, cultivate barren state land, make clay pots, ekel brooms, and engage in various other such activities. They have earned Rs, 40 million in profit from those projects. He said that about 295 personnel, who had completed 20 years’ service joining as Home Guards in 1987 (now Civil Security Personnel after that department was gazetted in 2006 as Civil Security Department with the support of Defence Secretary and incumbent President), would receive their pension from January next year, as everything was ready at the moment according to the Director of Pensions.  
"Tamils in Kilinochchi and Mullaitivu have evinced a keen interest in joining our service; we have received about 10,000 applications to join the CSD to earn a living after they observed the life styles of their fellow men and women. About 3,500 rehabilitated LTTE cadres including some Tamil people who were harassed by the LTTE are serving in CSD in those areas and they are happy now," the CSD chief said. 
In the event of the death of a CSD member Rs. 1,000,000 would be deposited in a bank account for the benefit of his or her family, the Director General said.

17 Dec 2014
කොළඹ, දෙහිවල, ගල්කිස්‌ස, කෝට්‌ටේ
කටවුට්‌ ඉවත් කිරීමට ගත් පියවර ගැන අධිකරණයෙන් වාර්තාවක්‌ කැඳවයි
නීතිපතිට නියෝගයක්‌
කොළඹ, දෙහිවල, ගල්කිස්‌ස සහ කෝට්‌ටේ යන නගර සභා සීමාවන් තුළ ප්‍රදර්ශනය කර තිබෙන ජනාධිපති අපේක්‍ෂකයන්ගේ රුව සහිත සියලුම ප්‍රචාරක දැන්වීම් පුවරු සහ කටවුට්‌ ආදිය ඉවත් කිරීමට බලධාරීන් මෙතෙක්‌ ගෙන ඇති පියවර හා අනාගතයේදී ගන්නා පියවර පිළිබඳව විස්‌තර වාර්තාවක්‌ අද (18 වැනිදා) උසාවියට ඉදිරිපත් කරන ලෙස අභියාචනාධිකරණය ඊයේ (17 වැනිදා) නීතිපතිට නියෝග කළේය.
එම නාගරික සභා සීමා තුළ ප්‍රදර්ශනය කර ඇති එවැනි ප්‍රචාරක පුවරු ඉවත් කිරීමට නගරාධිපතිවරුන්ට හා පොලිස්‌පතිට බල කරන නියෝගයක්‌ නිකුත් කරන්නැයි ඉල්ලා ශ්‍රී ලංකා නීතිඥ සංගමය ගොනුකර තිබූ පෙත්සම් 03 ක්‌ සලකා බැලීමෙන් අනතුරුව එම නියෝගය නිකුත් කෙණි.
නීතිපති වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් අර්ජුන ඔබේසේකර මහතා ඊයේ (17 වැනිදා) අභියාචනාධිකරණය හමුවේ කරුණු දක්‌වමින් කියා සිටියේ එම නගර සභා සීමාව තුළ ප්‍රදර්ශනය කර තිබූ ජනාධිපති අපේක්‍ෂකයන්ගේ රුව සහිත ප්‍රචාරක දැන්වීම් පුවරුවලින් 90% ක්‌ පමණ මේ වන විටත් ඉවත් කර ඇති බවයි. සෙසු පුවරු ද ඉවත් කිරීමේ කාර්ය දැනට කරගෙන යන බව ද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා කීය.
ශ්‍රී ලංකා නීතිඥ සංගමය වෙනුවෙන් පෙනී සිsටි ජනාධිපති නීතිඥ පායිස්‌ මුස්‌තාපා මහතා කියා සිටියේ සංගමය කරන ඉල්ලීම ජනාධිපති තරගයට තරග වදින සියලුම අපේක්‍ෂකයන්ට අදාළ වන බවයි. නියෝජ්‍ය සොලිසිටර්වරයා සඳහන් කළ පරිදි එවැනි ප්‍රචාරක පුවරු සියල්ල ඉවත් කිරීමට පියවර ගනු ලබනවා නම් ශ්‍රී ලංකා නීතිඥ සංගමය සෑහීමට පත්වන බවයි. නඩුව තවදුරටත් ඉදිරියට පවත්වාගෙන යැමට අපේක්‍ෂා නොකරන බව ද මුස්‌තාපා මහතා පැවසීය.
පෙත්සමේ වගඋත්තරකරුවන් හැටියට නම් කර සිටි එකී නගර සභා තුනේම නගරාධිපතිවරු ඊයේ (17 වැනිදා) උසාවියට පැමිණ නොසිටි අතර ඔවුන් වෙනුවෙන් නීතිඥයන් පෙනී සිටියේ ද නැත.
http://www.divaina.com/2014/12/18/news32.html



BASL files writ application seeking order against political hoardings

 
Treasurer of the Bar Association of Sri Lanka, Upul Deshapriya, Attorney-at-Law and a few other officers bearers of the BASL, yesterday filed a Writ Application in the Court of Appeals seeking to obtain a mandatory order on the Mayors of Kotte and Dehiwela-Mt. Lavinia Municipal Councils, to prevent the display of hoardings and posters which carried pictures of candidates at the upcoming presidential election.