Dec 18, 2014

18 Dec 2014
කලංකුට්‌ටියේ මෛත්‍රීගේ ජනහමුවට 
පහරදුන් සැකකරුවෝ 5 ක්‌ අත්අඩංගුවට ගල්නෑව ප්‍රාදේශීය සභාපති සොයා පොලිස්‌ පරීක්‍ෂණ 
නව ප්‍රජාතන්ත්‍රවාදී පක්‍ෂයේ ජනාධිපතිධුර අපේක්‌ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහාය පිණිස
ගල්නෑව මහවත්තේගම, කලංකුට්‌ටිය ප්‍රදේශයේ නිවෙසක භූමියේ (16 දා) රාත්‍රී පැවති කුඩා ජනහමුවක්‌ අවසන් වීමත් සමගම ඩිපෙන්ඩර් ජීප් රථ දෙකක්‌ සහ කැබ්රථ දෙකකින් එහි කඩා වැදී වෙඩි තබා ජනතාව බිය ගන්වා ලොරි රථයකට, යතුරුපැදි හතරකට, ප්ලාස්‌ටික්‌ පුටු සහ අනෙකුත් බඩු බාහිරාදියට යකඩ පොලුවලින් පහරදී අලාභහානි සිදුකොට පළාගිය ගල්නෑව ප්‍රාදේශිය සභාවේ සභාපති ඩබ්ලිව්. එම්. චන්ද්‍රතිලක ඇතුළු අටදෙනකුගෙන් සමන්විත මැර කණ්‌ඩායම සම්බන්ධ පුද්ගලයන් පස්‌දෙනකු ගල්නෑව පොලිසිය විසින් ඊයේ (17 දා) උදේ අත්අඩංගුවට ගෙන ඇත.
මේ අතර මෙම මැර ප්‍රහාරයට සම්බන්ධ ප්‍රාදේශීය සභා සභාපතිවරයා සහ තවත් පුද්ගලයන් දෙදෙනෙක්‌ අත්අඩංගුවට ගැනීමට පොලිසිය පරීක්‍ෂන ආරම්භ කොට ඇත.
මෙම මැර ප්‍රහාරය පෙරේදා (16 දා) රාත්‍රී 8.45 ට පමණ එල්ල කොට ඇති බව ගල්නෑව පොලිසිය පවසයි.

http://www.divaina.com/2014/12/18/provin02.html

No comments:

Post a Comment