Dec 18, 2014

18 Dec 2014
ට නිවැරැදි මග ගෙනියන්න ඔබ අප සමඟ එක්‌වන්න
-ජනපති මහින්ද රාජපක්‍ෂ හලාවතදී කියයි
මේ රටේ සියලු ජනතාවට නිදහසේ ජීවත්විය හැකි ආරක්‍ෂිත රටක්‌ නිර්මාණය කර තිබෙනවා. අපි මේ ලෝකය දිනන්න පුළුවන් දරුවන් බිහිකළ යුතුයි. ඒ වෙනුවෙන් අපි සියලුදෙනා අත්වැල් බැඳගත යුතු යයි ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සඳහන් කළේය.

හලාවත ෂර්ලි කොරයා ක්‍රීඩාංගනයේදී පෙරේදා (16දා)
පැවැති ප්‍රධාන ජන රැලිය අමතමින් ජනාධිපතිවරයා මේ බව පැවැසීය.
විශාල ජනකායක්‌ එක්‌වූ මෙම ජනහමුව ඇමැතූ ජනාධිපතිවරයා මෙසේද කීවේය.
කලකට පස්‌සෙ හලාවත මෙතරම් විශාල ජනතාවක්‌ සහභාගීවන ජනහමුවක්‌ පැවැත්වෙන්නේ. 2005 දී තමුන්නාන්සේලා මගෙන් ඉල්ලා සිටියේ මේ රට නිදහස්‌ කරල දෙන්න කියලයි. එදා කොටි ගහනවා මුහුදු යන්න බෑ. ව්‍යාපාරයක්‌ කරන්න බෑ. නිදහසේ ගමනක්‌ බිමනක්‌ යන්න බෑ. ඒ වගේ භීෂණ තත්ත්වයක්‌ මේ ප්‍රදේශයේ තිබුණේ. ඒ යුගය පසුකළා. අවුරුදු 30 ක්‌ කිසිම නායකයකුට විසඳන්න බැරිවූ ත්‍රස්‌තවාදය අවුරුදු 4 කටත් කලින් අපි අවසන් කර රට නිදහස්‌ කර දුන්නා.


http://www.divaina.com/2014/12/18/news33.html

මඩුපල්ලි යන්න බැරිව රෑට මුහුදු යන්න බැරිව හිටියේ. මේව දැන් අමතක වෙලා. දැන් බියකින් සැකයකින් තොරව නිදහසේ ජීවත්වීමට අවස්‌ථාව උදාකර දී තිබෙනවා. 2010 දී කිව්වා රට සංවර්ධනය කරනවා කියලා. නොරොච්චෝලේ හදන වේලාවේ තමුන්නාන්සේලා බියවෙලා ඊට විරුද්ධත්වය පෑවා. ඒ අවස්‌ථාවේ ඒ ව්‍යාපෘතිය පිළිබඳව ඔබ දැනුවත් කළා ප්‍රදේශයේ ලබන දියුණු ලබාගන්න කියලා අපි කිව්වා. දැන් බලන්න හම්බන්තොට, ත්‍රිකුණාමලය, යාපනය වගේ මේ ප්‍රදේශය මොනතරම් දියුණුවක්‌ ලබලද කියලා. එදා එළවළු ගොවියෙක්‌ අපෙන් ඉල්ලුවේ මොනවාද විදුලිය දෙන්න අපිට මෝටර් වලින් වගාවට අවශ්‍ය ජලය ලබාදෙන්න කියලා.

දැන් මොනවද ධීවරයෝ මගෙන් ඉල්ලන්නේ පිටරටින් එන නැව් නවත්තන්න කියලා ඒක දැකලා රනිල් කියනවා ඒක නවත්තනවා කියලා. ඒ අය නවත්තන්නෙ කොහොමද අපේ ළඟ හිටපු කෙනානේ ඕවා කළේ. දැන් ඔහු ඒ පැත්තට ගිහිල්ලා ඉතින් නවත්වයිද? මමත් ධීවර ඇමැතිවෙලා හිටියා. ධීවරයන්ගේ මහ ගෙදර ධීවර අමාත්‍යංශය මෙතනට ධීවරයන්ට යන්න නිදහස තිබුණා. මෙතනට ආපු ධීවරයන්ට ගහපු එකම එක්‌කෙනා කවුද? එයා දැන් කොහේද ඉන්නේ. අපෙන් ගිහිල්ලා එහෙත් ධීවර ඇමැති වෙන්න බලනවා. මේකයි තත්ත්වය.

මේ තත්ත්වය වෙනස්‌කර රට හරි මඟට ගෙනියන්න ඔබ අපි සමඟ එක්‌විය යුතුයි. අපි රට සංවර්ධනය කළා. ත්‍රස්‌තවාදය නැතිකළත් ඔබ මතක තියාගන්න පිටරට බෙදුම්වාදීන් ඉන්නවා රජකරගෙන වෙනම පාර්ලිමේන්තුවක්‌, වෙනම ඇමැති මණ්‌ඩලයක්‌ ඒ ප්‍රතිපත්ති සකස්‌ කරන කණ්‌ඩායමේ සුමන්දිරම් ඉන්නවා. ඔවුන් සමඟ දෙමළ සන්ධානය සමඟ හොර ගිවිසුම් ගහගෙන වෙනම වැඩපිළිවෙලක්‌ ක්‍රියාත්මක වෙනවා. මේවා ගැන හිතන්න වෙනවා. අපි කියනවා ඒවා එළිකරන්න කියලා.

අද තියෙන්නේ මඩගහන දේශපාලනයක්‌. සංවර්ධනය විවේචනය කරනවා. නමුත් කවුරුත් කළේ නැති අධිවේගී මාර්ගය අපි හැදුවා. නමුත් එදා කළේ නෑ. යෙන් මිලියන 650 කට මොකද වුණේ කියලා දන්නේ නෑ. නොරොච්චෝලෙට දුන්න සල්ලිත් නෑ. මේකයි එදා තත්ත්වය.

අපි රට ගොඩනගාගෙන යන වෙලාවේ ඔබ අපි සමඟ අත්වැල් බැඳගන්න. පිටරටින් පරිස්‌සම් විය යුතුයි. විදේශ බලවේග ඉල්ලනවා කොමිෂන් සභා, මා හේග්වලට ගෙනියන්න ඕනලු. මම දන්නවා මේ රටේ ජනතාව ඉන්නකන් ඔවුන්ට මා හේග්වලට ගෙනියන්න බෑ. එක බොහොම පැහැදිලියි.

දැන් අපේ කෙනෙක්‌ අල්ලගෙන එයා අපි ළඟ අවුරුදු ගණනක්‌ හිටියා. දුම්පානය ගැන කියන එයා නොවෙයි 2006 දී ඒ පනත ගෙනාවේ. එවකට සෞඛ්‍ය ඇමැතිව සිටි නිමල් සිරිපාලද සිල්වා ඇමැතිතුමා. ශ්‍රී ලංකාවේ එයා සෞඛ්‍ය ඇමැති වන විට ප්‍රසිද්ධ ස්‌ථානවල දුම්බීම තහනම්. ළමයින්ට දුම්වැටි විකුණන්න බෑ. මේ නීති ඔක්‌කොමදාල තිබුණෙq අපි. මෙයා පණ්‌ඩිතකම් කරන්න ගිහිල්ලා නියෝග දීලා අධිකරණයට මේක ගියේ. දුම්කොළ සමාගම සහ අමාත්‍යංශය එකඟවෙලා දැන් අධිකරණයට අපහාස කරනවා.

මේවා ගැන සිතිය යුතුයි. දැන් අපිට අපහාස කරනවා ළමයින්ට සෙල්ලම් කරන්න යන්න හෙළිකොප්ටර් දුන්නා කියලා. ඇමරිකාවේ තියෙන බර්කින්හැම් මාළිගයෙන් අශ්වයෝ ගෙනවාලු මමත් අදයි ඇහුවේ බර්කිංහැම් මාලිගය ඇමරිකාවේ කියලා. මම දන්නේ බර්කින්හැම් මාලිගය තියෙන්නේ එංගලන්තේ කියලයි. ඉතිං දෙයියනේ වෙන දේවල් නොකර අශ්වය පිට නගින එක හොඳයි නේ.

පාද යාත්‍රා ජනඝෝෂා කළේ ප්‍රේමදාස යුගයේ. මඩ ගහනවා. ළමයින්ට සෙල්ලම් කරන්න යන්න බෑ. අපි මඩගහන්න අවශ්‍ය නෑ. නමුත් මම කියන්නේ වීදුරු ගෙවල්වල ඉදන් ගල් ගහන්න එපා කියලයි.

දූෂණය ගැන කියනවා. පවුල් වාදය ගැන කතා කරනවා එදා මැතිනියටත් කිව්වේ ඔහොමයි. මැතිනිය ඉන්න කාලේ ඔහොම කියලා 77 පවුල් ගහක්‌ කියලා එකක්‌ හැදුවා. රටේ ඉන්න ඔක්‌කොගෙම නම්දාල නෑයෝ කියලා කිව්වා. මගේ ඥතියෝ හැමතැනම ඉන්නවා. මට මේ රටේ හැම කෙනෙක්‌ම නෑයෝ දෙමළ අයත් ඉන්නවා. මුස්‌ලිම් අයත් ඉන්නවා.

අගමැතිවෙලා, කථානායක වෙලා හිටියා ජනාධිපතිවෙලා සිටියා. අපි ඒ ගැන ආඩම්බර වෙනවා. එයාලා වලව්වේ නේ. අපි ගමේ මැදමුලන නේ. එයාලා බමුණුකුලේ අපි ගමේ බයියලා. මේවා තමයි විහිලු මේවා ගැන කතා කරලා වැඩක්‌ නෑ. අපි තමුන්නාන්සේලාට දුන් පොරොන්දු සීයට සීයක්‌ ඉටුකළා.

මේ රට හදන්නේ ඔබේ දරුවන් වෙනුවෙන්, තරුණයන් දරුවන් වෙනුවෙන් රට දියුණු කරලා අයවැයෙන් තරුණයන් 150000 රැකියා දෙන වැඩපිළිවෙලකට මුදල් වෙන් කළා. පුද්ගලික අංශය දියුණුවෙනවා. අද විදේශ ආයෝජන ආයෝජකයන් එනවා මේවා සමගයි ඉදිරියට යන්නේ. අද නිදහස තියෙනවා. ප්‍රජාතන්ත්‍රවාදය තියෙනවා. ධීවරයන්ට සලකනවා. මේ පළාතේ නියඟය හමාර කර ගොවියට සෙත සලසන්න දැදුරුඔය ව්‍යාපෘතිය ක්‍රියාත්මක වෙනවා.

අද ඔබට පුළුවන් නිදහසේ ජීවත්වෙන්න ආරක්‍ෂා සහිත රටක්‌ නිර්මාණය කර තිබෙනවා. අපිට ඕන ලෝකය දිනන්න පුළුවන් දරු පරපුරක්‌. එතන්ට යන්න අත්වැල් බැඳගමු. ඒ සඳහා අපි අත්වැල් බැඳගමු.

වාරිමාර්ග හා ජල කළමනාකරණ ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා - කලගුණ දන්නා ජනතාවක්‌ ලෙස මේ රටේ ජනතාව ලබන 8 වැනිදාට කලගුණ සැලකිය යුතුයි. පුත්තලම දිස්‌ත්‍රික්‌කය අපි පසුගිය මැතිවරණයෙන් වැඩි ඡන්ද ලක්‍ෂයකට වැඩියෙන් ජයග්‍රහණය කළා. මේ දිස්‌ත්‍රික්‌කය සුවිශේෂී දිස්‌ත්‍රික්‌කයක්‌. බෞද්ධ, කතෝලික, හින්දු ආගම් අදහන සියලු ජනකොටස්‌ සිටින දිස්‌ත්‍රික්‌කයක්‌. මේ ජනතාව ජාති ආගම් බේදවලින් තොරව ජනාධිපතිතුමාට සන්ධානයට බද්ධවෙලා යුගයේ කාර්ය බාරය හැමවිටම ඉටුකර තියෙන ශ්‍රේෂ්ඨ ජනතාවක්‌ ඔබ. එදා අත්විඳි එල්.ටී.ටී.ඊ ත්‍රස්‌තවාදයේ අමිහිරි අතීතය තමුන්නාන්සේලාට අමතක නෑ. මෙම ප්‍රදේශවලත් එක්‌තරා ආකාරයක එල්.ටී.ටී.ඊ තර්ජනයකට ලක්‌ව තිබුණා. තමුන්නාන්සේලා ධීවර කටයුතු එදිනෙදා කටයුතු කරගන්න බැරිව ත්‍රාසයෙන් හා භීතියෙන් පිරුණු එම කාලපරිච්ඡේදය සම්පූර්ණයෙන් අතුගා දමා අපට නිදහස්‌ව නිවහල්ව ජීවත්වීමට ශ්‍රී ලංකාව සුදුසු රටක්‌ බවට පත්කරදුන්නේ ජනාධිපතිතුමායි. එතුමාගේ ඒ ක්‍රියාවලියම ඇති එතුමා වෙනුවෙන් ඡන්දයක්‌ දීමට. එතුමාට කලගුණ සලකන්න.

එතුමා එතනින් නොනැවතී මුළුමහත් රට ජනතාව වෙනුවෙන් දැවැන්ත සංවර්ධනයක්‌ කළා. ධීවර, කෘෂි කර්මාන්තය මේ සියල්ල දියුණු කරමින් තමුන්නාන්සේලාගේ ජනජීවිතය වර්ණවත් කිරීමේ ආකර්ෂණීය වැඩපිළිවෙලක්‌ මහින්ද චින්තනය හරහා ක්‍රියාත්මක වුණා. එතුමා පොරොන්දු ඉටුකළ නායකයෙක්‌. සෞඛ්‍යයට, අධ්‍යාපනයට වැඩිම මුදලක්‌ වෙන්කර දරුවන්ගේ අනාගතය සුරක්‍ෂිත කළ නායකයෙක්‌. එතුමා වැඩ බැරි නායකයෙක්‌ නොවෙයි. වැඩකරලා ප්‍රතිඵල ජනතාවට පෙන්නපු නායකයෙක්‌.

එතුමා බලයට ආපු දින සිටම රුදුරු බලවේග රැසක්‌ එතුමාට එරෙහිව කටයුතු කළා. එදා එතුමාට යුද්ධය නතර කරන්න කිව්වා එතුමා ඒවාට සවන් නොදී තීක්‍ෂණ බුද්ධියෙන් බටහිර ජාතීන්ට නතුනොවී කටයුතු කළා. එතනින් කුමන්ත්‍රණය ආරම්භ වුණේ. බටහිර බලවේගයන්ගේ රූකඩයක්‌ නොවී ගත් තීන්දු නිසා ඒ රටවල් තීන්දු කළා ජනාධිපතිතුමා මේ පදවියෙන් ඉවත්කිරීමට. ඒනිසයි මේ පොදු අපේක්‍ෂකයා අරගෙන තියෙන්නේ. කියමනක්‌ තියනවානේ කැලේ ගහක්‌ නහන්න කැලේ ගහක්‌ පාවිච්චි කරන්න ඕන කියලා. ඩොලර් වියදම් කරලා විශාල ව්‍යාපාරයක්‌ ගෙනයනවා.

පසුගිය 2 වැනිදා සිට චන්ද්‍රිකා මහත්මිය, රනිල්, ෆොන්සේකා, සිරිසේන මහත්වරු ඇතුළු දේශපාලනයට සම්බන්ධ පිරිසක්‌ සිංගප්පූරුවට ගිහිල්ලා අපිට ලැබී ඇති ආරංචිවලට අනුව. මේ කාලය තුළදීම එරට ඉඳල තියෙනවා. ඊළාම් රාජ්‍යයේ කැබිනට්‌ මණ්‌ඩලයේ සාමාජිකයන් 13 කගෙන් සාමාජිකයන් 9 ක්‌. මේ ගැන අපි සොයාගෙන යනවා.

මේ පොදු අපේක්‍ෂක එළියට එන්නේ විධායක ක්‍රමය අහෝසි කරන බවට බෝඩ් ලෑල්ලක්‌ හදාගෙන. මේ සටන්පාඨය තුළින් ජනතාව ඇදගන්න පුළුවන් වෙයි කියලයි. පොදු අපේක්‍ෂක මුලින් කිව්වේ බලයට පත්ව දවසකින් ඊළඟ දවසේ රනිල් මහත්තයාට විධායක බලතල පවරනවා කියලයි.

රනිල්ට අවශ්‍ය නෑ සිරිසේන දිනවන්න. කකුල් මාට්‌ටුවක්‌ දැම්මා. මේ විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමේ සටන් පාඨය හුදෙක්‌ ව්‍යාජ සටන් පාඨයක්‌ පමණයි. විපක්‍ෂයට අද වෙන සටන් පාඨයක්‌ නෑ. විපක්‍ෂය ද්වේශයෙන් කටයුතු කරන්නේ.

ජනාධිපතිතුමා නිහතමානී නායකයෙක්‌ ලෙස එදා නාමයෝජනා දුන් දිනයේ අතට අත දෙන්න ගියා. සිරිසේන මහත්තයා අත ඇද්දා ඔහු කියනවා ජනාධිපතිතුමාගේ අත අපිරිසිදු නිසා අත දුන්නේ නෑ කියලා. අනේ එයාගේ පිරිසිදු අත්දෙක. එදා යුද්ධය දිනූ දා විදේශ රටක සිට පැමිණි ජනාධිපතිතුමා ගුවන් යානයෙන් බැහැලා ශ්‍රී ලංකා භූමියට නමස්‌කාර කර එන මොහොතේ අත පිරිසිදු නෑ කියපු ඔය සිරිසේන මහත්තයා අනෙක්‌ ඇමැතිවරු තල්ලුකරගෙන ගිහිල්ලයි ජනාධිපති බදාගෙන උණුසුම් ලෙස පිළිගත්තේ. මොකක්‌ද මේ සිරිසේන මහත්තයාගේ දෙබිඩි පිළිවෙත.

යුගයේ මේ පාවාදීම කරපු සිරිසේන මහත්තයට අන්ත පරාජයක්‌ ලබාදිය යුතුයි. ගිය පාරට වඩා වැඩි ඡන්ද ප්‍රමාණයකින් ජනාධිපති කරවලා බේරාගත් දේශය නැවත දෙකඩ වන්නට ඉඩ නොදී එල්. ටී. ටී. ඊ. අඳුරු සෙවනැලි අප රටේ පතිත වන්නට ඉඩ නොදී රැකගත යුතුයි.

වයඹ මහ ඇමැති දයාසිරි ජයසේකර මහතා - සිරිසේන මහත්තයා ගියේ වෙන එකකට නොවෙයි. ඔහුට අගමැතිකම දුන්නා නම් හිටියා. මෛත්‍රී ජනාධිපතිතුමාට එයාගේ අත් අපිරිසිදු නිසා අතදුන්නේ නැතිලු. ඒක නොවෙයි හේතුව අත දෙන්න තරම් කොන්දක්‌ ඔහුට නොතිබීමයි. ඔහු ඉන්නේ අගමැති ජනාධිපති මානසිකත්වයකින්.

දැන් මේ දවස්‌වල මෛත්‍රී ඉන්නේ මරු විකල්ලෙන්. අද ඔවුන්ගේ මැතිවරණ ව්‍යාපාරය අංජ බජල් වෙලා. පත්‍රිකාවක්‌ බෙදන්න එන්නේ නෑ. හිරවෙලා තියෙන්නේ. බැරිවෙලාවත් ආණ්‌ඩුව ගත්තොත් මේ සෙල්ලමමයි වෙන්නේ.

ඔහුට සෞඛ්‍ය පනත හදන්න දුන්නේ නෑ කියනවා. මේ පනත හැදුවේ නිමල් සිරිපාල ඇමැතිතුමා එවකට සෞඛ්‍ය ඇමැතිව සිටියදී. ඒකත් කරගන්න සිරිසේන මහත්තයාට බැරි වුණා.

ජනාධිපතිතුමාට සහෝදර සමාගම කියලා මඩ ගහනවා. චමල්, බැසිල් දේශපාලනයට ගෙනාවේ මැතිනිය. ගෝඨාභය රාජපක්‍ෂ මහතා විතරයි ජනාධිපතිතුමා ගෙනාවේ. ඒත් දේශපාලනයට නොවෙයි. රට සංවර්ධනය කිරීමේ ප්‍රමුඛ කාර්යයක්‌ ඉටුකරන්නේ ගෝඨාභය. ඔහු ලේ සෙලවූවේ රට වෙනුවෙන්. රාජපක්‍ෂලා රට වෙනුවෙන් ලේ හලන කොට සිරිසේනලා මොකද කළේ ගස්‌ ටික කැපුවා ගල් කොරි දාගත්තා.

චන්ද්‍රිකා මහත්මිය අවුරුදු 10 ක්‌ බලයේ සිටියා. කරපු දෙයක්‌ නෑ. යුද්ධයෙන් සියයට 75 ඉවරකර දුන්නේ එතුමියලු. ඒ කොහොම වෙතත් පුනරීන්, අලිමංකඩ වන්නි කඳවුරු වැටුණේ එතුමියගේ කාලේ. ගුවන් තොටුපළට මහ බැංකුවට ත්‍රස්‌තවාදී ප්‍රහාර එල්ල කළේ එතුමියගේ කාලයේදි. චන්ද්‍රිකා, රනිල් සිරිසේන මේ බඩු තුන එකතුවෙලා රට හදන්න යන්නේ. වේලාවට වැඩ නොකරපු ඇය කියන කතා මේ රටේ ජනතාව පිළිගන්නේ නෑ. රාජිත එහාට මෙහාට පැනලා දැන් පනින්න තැනක්‌ නෑ. යන්න පක්‍ෂයක්‌ නෑ. මේ ජනාධිපතිවරණය රටේ නායකයා තේරීමේ මැතිවරණයක්‌ මිස විකට ඇඳුම් තරගයක්‌ නොවෙයි.

සෞඛ්‍ය ඇමැති තිස්‌ස අත්තනායක මහතා - එජාපයේ වසර ගණනක්‌ ලේකම් ධුරය හෙබවූ මට මේ මැතිවරණ වේදිකාව නුපුරුදු වේදිකාවක්‌. එජාප ආණ්‌ඩු හදන්න පක්‍ෂය වෙනුවෙන් දිවා රෑ කැපවී කටයුතු කළ කෙනෙක්‌ මම. මෛත්‍රී මුල්කරගෙන යන මේ ගමනේදි කවදාවත් එජාපයට ගමනක්‌ නෑ. පුංචි පුංචි කණ්‌ඩායම් පුද්ගලයන් එකතු කරගෙන සිරිසේන මහත්තයාගේ කනත්තට යන බස්‌ එකෙන් මම කනත්තේ ගේට්‌ටුව ළඟින් බැස්‌සා.

මෛත්‍රීපාල මහතාගේ මේ දේශපාලන ව්‍යාපාරයේ අරමුණක්‌ තියෙනවද? පව්. එතුමා මේ ගමන ආවේ චන්ද්‍රිකා මැතිනියගේ වුවමනාවට.

මේ රටේ ලොකුම දේශපාලන පක්‍ෂය එජාපයයි. විපක්‍ෂ ඡන්දවලින් සියයට 80 ක්‌ තියෙන්නේ එජාපයට. එහෙම බලයක්‌ තියෙන පක්‍ෂයක්‌ අද පාටයි ලකුණයි වෙන්දේසි කරන්න පටන් අරගෙන. 2010 දී සරත් ෆොන්සේකාට වෙන්දේසි කළා. 2014 දී සිරිසේන මහත්තයාට කුලියට දුන්නා. මේ විදියට යූඑන්පී පාක්‍ෂිකයන් අමාරුවේ දාන්න එපා. 2005 ඉඳල හංසයා කුලියට දෙනවා. ඔය හංසයට දිනන්න බෑ. එජාප පාක්‍ෂිකයෝ ඉල්ලන්නේ මෙය මේ රටේ තීරණාත්මක මැතිවරණයක්‌.

ලංකා සම සමාජ පක්‍ෂයේ නායක ජ්‍යෙෂ්ඨ ඇමැති මහාචාර්ය තිස්‌ස විතාරණ මහතා - ලබන ජනවාරි 8 වැනිදා තීරණාත්මක අවධියක්‌ අප රටේ ඉතිහාසයේ. තමුන්නාන්සේලාට තීරණය කරන්න තියෙන්නේ ප්‍රගතිශීලි, දේශහිතෛෂී අධිරාජ්‍ය විරෝධී මේ යන ගමන දිගටම පවත්වාගෙන යනවද? නැතිනම් මේ රට ඇමරිකාවේ යටත් විජිතයක්‌ බවට පත්කරනවද යන්නයි. මගේ හිතේ නම් කිසිම සැකයක්‌ නැහැ ජනතාව ඉන්නේ හරි තැන. ජනාධිපතිතුමා විශිෂ්ට ජයග්‍රහණයක්‌ ලබාදෙන තැනයි. ජනාධිපතිතුමා අප රට එක්‌සත් කරලා දැන් සංවර්ධිත පොහොසත් ගමන ආරම්භ කරලා රට නියම ආකාරයේ සංවර්ධන ගමනක්‌ යනවා. අප රටේ හැම දෙයකටම බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදී කාලයේ සිට විරුද්ධ වූ යූඑන්පිය මේ යන ගමන නතර කරන්නයි බලාපොරොත්තුව. ඔවුන්ට අවශ්‍ය බහුජාතික සමාගම්වලට රට සූරාකෑමේ අවස්‌ථාව ලබාදීමයි.

අහිංසක මෛත්‍රීපාල සිරිසේන මහතා උගුලකට හසුකර මේ හවුල දිහා බැලුවම ඔවුන්ට වැඩපිළිවෙළක්‌ නෑ. මොවුන්ට බලය ආවොත් රට අවුල් තත්ත්වයට වැටෙන්නේ.

රට දැන් නියම සංවර්ධන සැලසුමක්‌ උඩ දියුණු වෙනවා. මේ යන ගමන ඉදිරියටත් ගෙන යැමට සියලු ඡන්ද දායකයන් ඡන්දය පාවිච්චි කර විශිෂ්ට ජයග්‍රහණයක්‌ ලබාදෙන්න.

ව්‍යාපෘති ඇමැති රෝහිත අබේගුණවර්ධන, නියෝජ්‍ය ඇමැති නියොමාල් පෙරේරා යන මහත්වරුද කතා කළහ.


No comments:

Post a Comment