Dec 18, 2014

18 Dec 2014
ජපක්‍ෂ පාලනය පෙරළා දමන්න රට පුරාම ජන රැල්ලක්‌ ඇතිවෙලා
-මෛත්‍රිපාල සිරිසේන බළපිටියේදී කියයි

ප්‍රජාතන්ත්‍රවාදය සහ යහපාලනය පිළිබඳ ජනවාරි 01 වැනිදාට තමා සමඟ ප්‍රසිද්ධ විවාදයකට එන ලෙස තමා ජනාධිපතිවරයාට අභියෝග කරන බව විපක්‍ෂයේ ජනාධිපතිවරණ පොදු අපේක්‍ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (17 වැනිදා) බලපිටියේ කොස්‌ගොඩ පැවැති ජනහමුවකදී ප්‍රකාශ කළේය.

කොළ කෑල්ලක්‌වත් නැතිව මම විවාදයට යන බවත් මහින්ද රාජපක්‍ෂ ළඟවත් ආණ්‌ඩුවේත් යහපාලනයක්‌ නැති බව තමා එදාට ඔප්පු කර පෙන්වන බවත් මෛත්‍රීපාල සිරිසේන මහතා කීය.

මේ ආණ්‌ඩුවට මෛත්‍රිපාල මහතාගේ අගය දැන් දැනෙමින් තිබෙන බවත් තමාගේ හඬපට ආණ්‌ඩුවේ මැතිවරණ ප්‍රචාරක කටයුතු වලට යොදාගෙන ඇත්තේ ඒ නිසා බවත්ය.
විජාතික බලවේග සහ අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණ යන ලේබල විරුද්ධවාදීන්ට අලවමින් වත්මන් ආණ්‌ඩුව ජනතාවගේ ඔළු විනාශ කරමින්, රටේ ප්‍රජාතන්ත්‍රවාදය නැති කරමින් සිටින බව ජනාධිපතිවරණයේ විපක්‍ෂයේ පොදු අපේක්‍ෂක මෛත්‍රිපාල සිරිසේන මහතා
ඊයේ (17 වැනිදා) බළපිටියේ කොස්‌ගොඩදී පැවැති ජනහමුවක්‌ අමතමින් ප්‍රකාශ කළේය.

බළපිටිය එජාප සංවිධායක කමල් ජයන්ත සොයිසා මහතා මෙම ජනහමුව සංවිධානය කර තිබිණි.

http://www.divaina.com/2014/12/18/news34.html
එහිදී තව දුරටත් අදහස්‌ දැක්‌වූ මෛත්‍රිපාල සිරිසේන මහතා මෙසේද කීය.

වලපනේ ප්‍රාදේශීය සභා සභාපති ඇතුළු අපට සහාය දැක්‌වීමට අද ඉදිරිපත් වූ සෑම දෙනාටම මගේ ගෞරව ආදරය පිරිනමනවා. අපේ ප්‍රචාර රැලියේ දකුණේ පළමු පියවර අද බලපිටියෙන් මෙසේ ආරම්භ කරනවා. ඒ ගැන මට සතුටුයි. බළපිටියෙන් තමයි සී. පී. ද සිල්වා එකල ආණ්‌ඩුවෙන් ඉවත් වෙලා නව ආණ්‌ඩුවක්‌ හදන්න ක්‍රියා කළේ. බළපිටිය හොඳ ශ්‍රීලනිප ආසනයක්‌.

මහින්ද රාජපක්‍ෂ පරාජය කිරීමට අද විශාල ජනතා බලවේගයක්‌ ඇති වී තිබෙනවා. ශ්‍රීලනිප ලේකම්වරයා ශ්‍රීලනිප ආණ්‌ඩුවක්‌ තිබියදී තව ආණ්‌ඩුවක්‌ පිහිටුවන්නේ ඇයි කියලා ඔබට හිතෙනවා ඇති මේ ආණ්‌ඩුවෙන් ශ්‍රීලනිපයටවත්, බණ්‌ඩාරනායක ප්‍රතිපත්තියටවත් තැනක්‌ නැහැ. මහින්ද රාජපක්‍ෂ මහතා විනාශකාරී ලෙසයි මේ රට ඉදිරියට ගෙන යන්නේ. අපි විදේශීය කුමන්ත්‍රණයකට අහුවෙලා නැහැ. මම සිංගප්පූරු ගියාලු. මම අවුරුදු 5 කින් සිංගප්පූරු ගිහිල්ලා නැහැ. මහින්ද රාජපක්‍ෂ මහතාට විරුද්ධ වෙන හැම කෙනාටම මේ අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණ ලේබල ගහනවා. විජාතික බලවේග යන ලේබලය අලවනවා. ඔවුන් දේශප්‍රේමීන්. දේශ හිතෛෂිලු. ඒත් මේ රටේ අන්ත දූෂිත පාලකයෝ දේශප්‍රේමීත්වය ගැන කියමින් ජනතාවගේ ඔළු විනාශ කරනවා. මේ දේශයට ෙද්‍රdaහිකම් කළේ පසුගිය වසර 4 පුරාවටම මහින්ද රාජපක්‍ෂ මහතායි. ආණ්‌ඩුවේ යහපාලනයක්‌ තිබෙනවා නම් මම අද කතා කරන්න හිටපු වේදිකාව ගිනි තියනවද? ගාලු පාර පුරාවට මහින්ද රාජපක්‍ෂ මහතාගේ කටවුට්‌ තියෙන්න පුළුවන්ද? ජනවාරි 01 වැනිදාට ප්‍රජාතන්ත්‍රවාදය සහ යහපාලනය ගැන විවාදයකට එන්න කියලා මම ජනාධිපතිට ආරාධනා කරනවා. මම කොළ කෑල්ලක්‌වත් නැතිවයි එම විවාදයට යන්නේ. මහින්ද රාජපක්‍ෂ මහතාගේ ආණ්‌ඩුව තුළ යහපාලනයක්‌ නැති බව මං එදාට ඔප්පු කරනවා. ආණ්‌ඩුවේ ප්‍රචාරක හඬ පටවල මම එදා කළ කතාවක්‌ දානවා. මෛත්‍රි හිටියනන් කොච්චර වටිනවද කියලා ඒ අයට දැන් දැනෙනවා ඇති. කාලයක්‌ මම මහින්ද රාජපක්‍ෂව වර්ණනා කළා තමයි. 1948 න් පසු මේ රටේ බිහි වූ අධික දූෂිතම පාලනය සහ රජ පවුල තමයි මහින්ද රාජපක්‍ෂ පවුල සහ මේ ආණ්‌ඩුව මෙය ඒ තරම්ම දූෂිත ආණ්‌ඩුවක්‌.

ජනතාවගේ බඩගින්න අද මේ රටේ ප්‍රධානම ප්‍රශ්නයයි. බඩගින්න නිවන්න අපි 09 වැනිදා හදන ආණ්‌ඩුවෙන් පියවර ගන්නවා. තව අවුරුදු 8 ක්‌ බලයේ ඉන්නයි මහින්ද රාජපක්‍ෂ මහතා මේ බලය ඉල්ලන්නේ. අවුරුදු 10 ක්‌ පාලනයේ හිටියා. තව අවුරුදු 8 ක්‌ හිටියොත් මේ රටට කුමක්‌ වේද? ලබන ජනවාරි 08 පවත්වන ඡන්දයෙන් මේ රජය පරදිනවා පරදිනවාමයි. අපේ වේදිකා ඔක්‌කොම පුච්චන්න. එක වේදිකාවක්‌ පිච්චුවහම අපිට ඡන්ද ලක්‍ෂයක්‌ එනවා. කටවුට්‌ ගහන්න ගහන්න එයාගේ ඡන්ද අඩු වෙනවා.

මේ මාතෘභූමිය උතුම් යහපත් එකක්‌ කරන්නයි අපි උත්සාහ කරන්නේ. රාජ්‍ය සේවකයන් දින 100 වැඩපිළිවෙළ තුළ වැටුප් වැඩි කරනවා. පෞද්ගලික අංශයේ සේවක සේවිකාවන්ට විශ්‍රාම වැටුපක්‌ ලබාදීමට කටයුතු කරනවා. ත්‍රිවිධ හමුදාවේ වැටුප් වැඩිකිරීමක්‌ මේ වත්මන් රජය අවුරුදු ගණනාවකින් ඉටු කරලා නැහැ. ඒ සාමාජිකයන්ට තමන්ගේ නිල ඇඳුමේ ගෞරවය තබා ගෙන කටයුතු කිරීමට අපි අවස්‌ථාව ලබා දෙනව. ඔවුන්ව කම්කරුවන් කරන්නේ නැහැ. අරලියගහ මැදුරේ වළං හෝදවන්නේ නැහැ. තණකොළ කප්පවන්නේ නැහැ. පොලිසිය වෙනුවෙන් අලුත් චක්‍රලේඛයක්‌ නිකුත් කරනවා. ආරක්‍ෂක අංශ සතු සියලු වරප්‍රසාද පොලිසියටත් ලබා දෙනවා.

ධීවර ජනතාවගේ ප්‍රශ්න මහින්ද රාජපක්‍ෂ ආණ්‌ඩුවෙන් බැලුවේ නැහැ. ඔවුන්ගේ වෘත්තීය සහ ජීවන ප්‍රශ්න අපේ අලුත් ආණ්‌ඩුවෙන් විසඳනවා. අපේ රට ලොව අනෙක්‌ රටවල්වලින් කොන් වී තිබෙනවා. රාජපක්‍ෂ පවුලේ නෑදැයෝ තානාපති සහ නිලධාරීන් ලෙස පත් කිරීමේ ප්‍රතිඵල තමයි මේ. ඔවුන්ට තානාපති සේවය, විදේශ සේවය ගැන අවබෝධයක්‌ නැහැ.

දකුණේ ජනතාව යනු ඉතා නිවැරැදි තීන්දු තීරණ ගන්න ජනතාවක්‌. ඒ නිසා මේ මැතිවරණයේදී දකුණේ ජනතාවගේ මනාපය කාටද කියන එක අපි දන්නවා. සංවර්ධන කටයුතු ලෙස වත්මන් ආණ්‌ඩුව කරන්නේ රටේ මුදල් හොරා කෑමයි. මම මේ මැතිවරණයෙන් ජය ගන්නේ ජනාධිපති පුටුවේ වාඩි වෙලා මට ඒකෙන් බැබළෙන්න නොවේ. මම අරලියගහ මන්දිරයට යන්නේ නැහැ අවම විධායක බලතල තියාගෙන හැම බලයක්‌ම මම බෙදලා දෙනවා. ඒත් වත්මන් පාලකයා තමා සතු අසීමිත විධායක බලතල භාවිතා කරමින් කිසිම හොඳ දෙයක්‌ රටට කරේ නැහැ. තමන්ගේ බලතල වැඩි කර ගත්ත එක පමණයි ඔහු කළේ.

ඒත් තමුන්නාන්සේලාගේ හෘද ස්‌පන්දනය හඳුනන, නාඩි ගැස්‌ම හඳුනන පොළොවේ පය ගහන නායකයෙක්‌ තමයි අද මේ ඔබ ඉදිරියේ ඉන්නේ. ජනවාරි 08 වැනිදා ඡන්දපළට ගොස්‌ තමාගේ හෘද සාක්‍ෂියෙන් විමසන්න. රට රකින්නද? රාජපක්‍ෂ පවුල රකින්නද මේ ඡන්දය දෙන්නේ කියලා. මුළු රට පුරාම අද නිහඬ රැල්ලක්‌ ඇති වී තිබෙනවා. රටට වෙනසක්‌ අවශ්‍ය වෙලා තිබෙනවා. ඒ වගේම රාජපක්‍ෂ ආණ්‌ඩුවට විරුද්ධ වෙමු යන්නත්, දූගී භාවයෙන් සමෘද්ධියට ගමන් කිරීමත් අද රටේ ප්‍රධාන න්‍යායක්‌ බවට පත්වී තිබෙනවා.

නව සිහළ උරුමය නායක සරත් මනමේන්ද්‍ර මහතා - බබාලා වඩා ගත්ත පමණින් ඡන්දය දෙනවා නම් මම අම්මාවත් වඩාගෙනම ඡන්දය ඉල්ලනවා. එහෙම ඡන්ද හම්බ වෙන්නේ නැහැ. මහින්දගේ දේශප්‍රේමීත්වය කියන්නේ චීනයට මේ රට විකිණීමද? අද රටට එන සුද්දොa ළඟ සල්ලි නැහැ. බස්‌ එකේ ගිහින් චූන් පාන් කන සුද්දන්ට අපි සල්ලි දීලා ඒ රටට යවන්න ඕනෑ. ෆයිල් තිබෙනවා කියලා ඇමැතිවරුන් බය කරනවා. වැඩිම ෆයිල් තිබෙන්නේ මහින්ද රාජපක්‍ෂ සහ එම පරම්පරාවේ අයට බව මම මෙහිදී කියනවා.

ප්‍රජාතන්ත්‍රවාදී පක්‍ෂ නායක හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා මහතා - කේ. පී, කරුණා, පිල්ලෙයාන් හංගාගෙන ඉන්නවා. ආර්ථික සංවර්ධන ඇමැති ඇමරිකාවේ පුරවැසියෙක්‌ මේ පාලකයා කියන මුසාවාදා වලට අපායේ ලෝදිය බොන්න වෙනවා. මේ පුද්ගලයාට රට විනාශ කරන්න දෙන්න එපා. අපි අපේ දරුවන්ට ශක්‌තිමත්ව ජීවත්වෙන්න පුළුවන් රටක්‌ හදනවා.

මේ ප්‍රදේශයට ආවම මට අමුතු සනීපයක්‌ දැනෙනවා. මගේ පියා බළපිටියේ. මම උපන්නේ අම්බලන්ගොඩ ගාල්ල දිස්‌ත්‍රික්‌කයට ආවාම ඥතියෝ ළඟට ආවා කියල හිතෙනවා. මම මෛත්‍රිපාල සිරිසේන මහතා හඳුනාගත්තේ අවුරුදු විස්‌සකට ඉහතදීයි.

එ.ජා.ප. දේශපාලන මණ්‌ඩල සභාපති කරු ජයසූරිය මහතා - මේ රට දූෂණයෙන් පිරිල තිබෙන විට විපක්‍ෂයට වගකීමක්‌ තිබෙනවා රට බේරාගන්න. පාරවල් හැදුවට වරායවල් හැදුවට කරපු දූෂිත වැඩ ගැන රටේ ජනතාව වෙනුවෙන් කතා කරන්න අයිතියක්‌ තිබෙනවා. දේශය සුද්ද කරන්නයි අපි සියලු දෙනා එකතුවෙලා දින 100 ක වැඩසටහනකට එකඟවෙලා තිබෙන්නේ. මෛත්‍රීපාල මහතා අත පිරිසිදු නිහතමානී කෙනෙක්‌ නිසා එතුමා සමඟ එකතුවෙලා දින 100 න් මේ ශ්‍රමදානය කරනවා. අපි බලය ලබා ගත්තට පසු මුලින්ම කරන්නේ යුක්‌ති සාධාරණ රටක්‌ ඇතිකිරීමයි. නීතිය හරි හැටි ක්‍රියාත්මක කරනවා. මේවන විට කර්තෘවරු 26 ක්‌ මරා දමා තිබෙනවා. ඒ මරණ ගැන කිසිම පරීක්‍ෂණයක්‌ නැහැ. අපේ ජාතික ආණ්‌ඩුවට සියලුම පක්‍ෂ ඇතුළත් වෙනවා.

නව ලංකා සම සමාජ පක්‍ෂයේ නායක වික්‍රමබාහු කරුණාරත්න මහතා - තිස්‌ස විතාරණ සහ ඩිව් ගුණසේකර මහත්වරුන්ගෙන් මම අහන්න කැමැතියි ඇයි මේ ධනවාදී පාලකයා සමඟ තවදුරටත් එකට කටයුතු කරන්නේ කියලා. මේ රටේ පාලකයා අඳ බාල නායකයෙක්‌ විදිහටයි කටයුතු කර තිබෙන්නේ. බහුජාතික සමාගම් වල මුදලට යට වෙලා. ඔහු මේ රට පාවා දී තිබෙනවා. එදා සිටි වාමාංශ නායකයා නොවෙයි මේ රට අද පාලනය කරන්නේ. මේ පාලනය අපි වෙනස්‌ කරන්න ඕන.

ජාතික සමගි පෙරමුණේ නායක අසාත් සාලි මහතා - මේ මැතිවරණය ජනාධිපතිවරයා ඉල්ලන් කන මැතිවරණයක්‌. අවුරුදු 10 ක්‌ රට පාලනය කරලා කෑදර කමට තවත් අවුරුදු 8 ක්‌ ඉල්ලමින් තමයි මේ ජනාධිපතිවරණය පවත්වන්නේ. මහින්ද රාජපක්‍ෂ මහතායි ගෝඨාභය මහතායි සීතල කාමරවල ඉඳගෙන තමයි යුද්ධය කළේ. සැබෑ යුද්ධයට ගියේ සරත් ෆොන්සේකා මහතායි. යුද්ධය අවසාන කාලයේ ආරක්‍ෂක ඇමැතිවරයා ලෙස කටයුතු කළේ මෛත්‍රිපාල මහතායි. එජාප මහලේකම් යයි කියලා අපි හුඟ කාලයක ඉඳන් බලාගෙන හිටියා. කුණ්‌ඩසාලේ ආසනයවත් දිනා ගන්න බැරිවුණා. ඒ මහ ලේකම්ව තමයි මහින්ද රාජපක්‍ෂ ආණ්‌ඩුවෙන් සල්ලි දීලා ගත්තේ.

එක්‌සත් ජනතා පෙරමුණේ නායක සිරිමසිරි හපුආරච්චි මහතා - මේ ජනාධිපති අපේක්‍ෂකයෝ දෙන්නා දිහා බැලුවහම පැහැදිලි වෙනසක්‌ තිබෙනවා. එක්‌කෙනෙක්‌ තම පවුල පෝෂණය කරමින් සිටිනව. අනෙක්‌ කෙනා ජනතාවාදීව ජනතාවගේ පැත්ත අරගෙන කටයුතු කරනවා. පවුල පෝෂණය කරන පාලකයාට මේ රට භාර දෙනවාද නැත්නම් සිගරැට්‌ දුම්කොළ භීතිකාවෙන් රට බේරා ගැනීමට කටයුතු කළ මුදලට යට නොවෙන නායකයෙකුට මේ රට භාර දෙනවාද යන තීරණය ඔබ ගන්න.

වලපනේ ප්‍රාදේශීය සභා සභාපති ජගත් කුමාර මහතා - මා තුන්වරක්‌ වලපනේ ප්‍රාදේශීය සභා සභාපති ලෙස කටයුතු කර තිබෙනවා. ඒත් මේ ආණ්‌ඩුවේ ඉඳන් ජනතාවට සේවය කරන්න බැහැ. ජයන්ත කුලරත්න ප්‍රාදේශීය සභා මන්ත්‍රිත් මමත් තීරණය කළා පොදු අපේක්‍ෂක මෛත්‍රිපාල සිරිසේන මහතාට සහාය දෙන්න. මගේ ලේ ඥතිකම් තිබෙනවා මේ දකුණු ප්‍රදේශයට. මගේ දරුවන් මෙන්ම දැයේ සියලු දරුවන් වෙනුවෙන් මම මේ තීරණය ගත්තා. අපේ ප්‍රාදේශීය සභාවල දහස්‌ ගණනක්‌ මේ තීරණය ගැනීමට බලාපොරොත්තුවෙන් ඉන්නවා. භාරතයේ නායකයා වන නරේන්ද්‍ර මෝදිගේ දෙවැනි උපත ශ්‍රී ලංකාවෙන් සිදුවී තිබෙන බවට මෛත්‍රීපාල මහතාගේ මුහුණ දකින විට පෙනී යනවා. වලපනේ පමණක්‌ නොව නුවරඑළියද අපි වැඩි ඡන්ද ප්‍රමාණයකින් ජයගන්නවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ජුන රණතුංග, හිටපු ඇමැති වජිර අබේවර්ධන, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආනන්ද අබේවික්‍රම දකුණු පළාත් සභා මන්ත්‍රී අසෝක ධනවංශ, රුහුණු ජනතා පක්‍ෂයේ ලේකම් අරුණද සොයිසා, නීතිඥ අමිල උදාර, අහුන්ගල්ලේ දේ.සු ද සොයිසා යන මහත්වරුද මෙහිදී කතා කළහ.

No comments:

Post a Comment