Dec 18, 2014

18 Dec 2014
ආසියාවේ විශාලම වෘත්තීය ගම්‍යතා සමුළු 
කොළඹ තැන් 4 ක පැවැත්වෙයි


ශ්‍යාම් නුවන් ගනේවත්ත

තිරසාර ශ්‍රී ලංකාවක්‌ සඳහා වෘත්තිකයන් විසින් සංවිධානය කරන ලද ආසියාවේ විශාලතම වෘත්තීය ගම්‍යතා සමුළුව (මොමෙන්ටම් - 2014) ව්‍යාපාරික හා සමාජ ක්‍ෂේත්‍රයන්හි ඉහළම පෙළේ වෘත්තිකයන් රැසකගේ සහභාගිත්වයෙන්
ඊයේ (17දා) කොළඹදී උත්සවාකාරයෙන් පැවැත්විණි.

සිනමන් ලේක්‌සයිඩ්, ගලධාරි, ජයික්‌ හිල්ටන් සහ කළම්බු රෙසිඩන්සීස්‌ යන ස්‌ථාන හතරෙහිම
එකවර පැවති මෙම සමුළුවේදී ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික හා ආර්ථික භූ දර්ශනයේ තිරසාරත්වයේ වැදගත්කම පිළිබඳව දැනුම බෙදාහදාගනු ලැබීය.
යුද ජයග්‍රහණයෙන් පසු ව්‍යාපාරික ක්‍ෂේත්‍රයට මතුව ඇති අභියෝග මෙන්ම සුබවාදී අපේක්‍ෂාවන්ද ජාත්‍යන්තර සම්බන්ධතා පශ්චාත් යුද ආර්ථිකයේ දියුණුවට හේතුවූ ආකාරය අනාගත බලපෑම්, ආර්ථික සංවර්ධනය අඛණ්‌ඩව ඉදිරියට පවත්වාගෙන යැම සඳහා අවශ්‍ය වන දේශපාලන ස්‌ථාවරත්වය යන කරුණු මෙම සමුළුවේදී ඉහළ අවධානයකට භාජන විය.
මෙම සංසදයේ ප්‍රධාන දේශකයන් ලෙස ජනාධිපති මහින්ද රාජපක්‍ෂ සහ ආරක්‍ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ යන මහත්වරුද එක්‌ව සිටියහ.
ඊට අමතරව මාස්‌ හෝල්ඩින්ස්‌ සමූහයේ අධ්‍යක්‍ෂ ඩයන් ගෝමස්‌, කාගිල්ස්‌ සමූහයේ නියෝජ්‍ය සභාපති/ප්‍රධාන විධායක නිලධාරි රංජිත් පේඡ්, ජෙට්‌වින් සමූහයේ සභාපති හිරාන් කුරේ සහ ෂෙව්රොන් ලුබ්‍රිකන්ට්‌ස්‌ සමාගමේ කළමනාකාර අධ්‍යක්‍ෂ කිෂු ගෝමස්‌, ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග, ශ්‍රී ලංකා මහා බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් යන මහත්වරුද මෙහිදී අදහස්‌ පළ කළහ.
ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග, ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ සහ මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් යන මහත්වරුන් විසින් පවත්වනු ලැබූ කණ්‌ඩායම් සාකච්ඡා වටයකින් මෙම සමුළුව අවසන් විය.

http://www.divaina.com/2014/12/18/news02.html

No comments:

Post a Comment