Dec 18, 2014

17 Dec 2014
කොළඹ, දෙහිවල, ගල්කිස්‌ස, කෝට්‌ටේ
කටවුට්‌ ඉවත් කිරීමට ගත් පියවර ගැන අධිකරණයෙන් වාර්තාවක්‌ කැඳවයි
නීතිපතිට නියෝගයක්‌
කොළඹ, දෙහිවල, ගල්කිස්‌ස සහ කෝට්‌ටේ යන නගර සභා සීමාවන් තුළ ප්‍රදර්ශනය කර තිබෙන ජනාධිපති අපේක්‍ෂකයන්ගේ රුව සහිත සියලුම ප්‍රචාරක දැන්වීම් පුවරු සහ කටවුට්‌ ආදිය ඉවත් කිරීමට බලධාරීන් මෙතෙක්‌ ගෙන ඇති පියවර හා අනාගතයේදී ගන්නා පියවර පිළිබඳව විස්‌තර වාර්තාවක්‌ අද (18 වැනිදා) උසාවියට ඉදිරිපත් කරන ලෙස අභියාචනාධිකරණය ඊයේ (17 වැනිදා) නීතිපතිට නියෝග කළේය.
එම නාගරික සභා සීමා තුළ ප්‍රදර්ශනය කර ඇති එවැනි ප්‍රචාරක පුවරු ඉවත් කිරීමට නගරාධිපතිවරුන්ට හා පොලිස්‌පතිට බල කරන නියෝගයක්‌ නිකුත් කරන්නැයි ඉල්ලා ශ්‍රී ලංකා නීතිඥ සංගමය ගොනුකර තිබූ පෙත්සම් 03 ක්‌ සලකා බැලීමෙන් අනතුරුව එම නියෝගය නිකුත් කෙණි.
නීතිපති වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් අර්ජුන ඔබේසේකර මහතා ඊයේ (17 වැනිදා) අභියාචනාධිකරණය හමුවේ කරුණු දක්‌වමින් කියා සිටියේ එම නගර සභා සීමාව තුළ ප්‍රදර්ශනය කර තිබූ ජනාධිපති අපේක්‍ෂකයන්ගේ රුව සහිත ප්‍රචාරක දැන්වීම් පුවරුවලින් 90% ක්‌ පමණ මේ වන විටත් ඉවත් කර ඇති බවයි. සෙසු පුවරු ද ඉවත් කිරීමේ කාර්ය දැනට කරගෙන යන බව ද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා කීය.
ශ්‍රී ලංකා නීතිඥ සංගමය වෙනුවෙන් පෙනී සිsටි ජනාධිපති නීතිඥ පායිස්‌ මුස්‌තාපා මහතා කියා සිටියේ සංගමය කරන ඉල්ලීම ජනාධිපති තරගයට තරග වදින සියලුම අපේක්‍ෂකයන්ට අදාළ වන බවයි. නියෝජ්‍ය සොලිසිටර්වරයා සඳහන් කළ පරිදි එවැනි ප්‍රචාරක පුවරු සියල්ල ඉවත් කිරීමට පියවර ගනු ලබනවා නම් ශ්‍රී ලංකා නීතිඥ සංගමය සෑහීමට පත්වන බවයි. නඩුව තවදුරටත් ඉදිරියට පවත්වාගෙන යැමට අපේක්‍ෂා නොකරන බව ද මුස්‌තාපා මහතා පැවසීය.
පෙත්සමේ වගඋත්තරකරුවන් හැටියට නම් කර සිටි එකී නගර සභා තුනේම නගරාධිපතිවරු ඊයේ (17 වැනිදා) උසාවියට පැමිණ නොසිටි අතර ඔවුන් වෙනුවෙන් නීතිඥයන් පෙනී සිටියේ ද නැත.
http://www.divaina.com/2014/12/18/news32.html



BASL files writ application seeking order against political hoardings

 
Treasurer of the Bar Association of Sri Lanka, Upul Deshapriya, Attorney-at-Law and a few other officers bearers of the BASL, yesterday filed a Writ Application in the Court of Appeals seeking to obtain a mandatory order on the Mayors of Kotte and Dehiwela-Mt. Lavinia Municipal Councils, to prevent the display of hoardings and posters which carried pictures of candidates at the upcoming presidential election.

No comments:

Post a Comment