Dec 26, 2014

26 Dec 2014
සන්ධාන ගෝලයෝ ඡන්ද නිලධරයන් සිර කරති
පොලිසිය බලා සිටියි
2014 දෙසැම්බර් මස 26 15:13:01 |
   නිට්ටඹුව හතරමං හන්දියේ අනවසරයෙන් සවිකර තිබූ දැවැන්ත ඡන්ද පුවරුවක් ඉවත් කළ ගම්පහ දිසාපති කාර්යාලයේ නිලධරයන් දෙදෙනකු හා එය ගැලවූ පිරිස නියෝජ්‍ය ඇමැති සරණ ගුණවර්ධන මහතාගේ ආධාරකරුවන් විසින් බලෙන් රඳවාගෙන සිටිතියි නගරවැසියෝ කියති. එම කටවුට් පුවරුවෙන් දැක්වෙනුයේ ජනපති රුවයි.
සන්නද්ධ පොලිස් පිරිසක්ද එහි සිටින නමුත් රජයේ නිලධරයන් දේශපාලනඥයන් ගේ ග්‍රහණයෙන් මුදා ගැනීමට නොහැකිවී ඇතැයි දැන ගන්නට ඇත.
26 Dec 2014
බජාජ් යතුරු පැදි ලක්ෂයක් ගෙන්වයි
2014 දෙසැම්බර් මස 21
 බජාජ් සමාගම නිපදවන ඩිස්කවර් 125 එම් වර්ගයට අයත් යතුරුපැදි එක්ලක්ෂ විසිපන්දහසක් ඉන්දියාවේ සිට මෙරටට ආනයනය කිරීමට ශ්‍රී ලංකා රජය සැරසේ.
මේ සදහා වන ඇනවුම පසුගියදා බජාජ් සමාගමේ ශ්‍රී ලංකා නියෝජිතයා වන ඩේවිඩ් පීරිස් මෝටර් රථ සමාගම ඔස්සේ ඉන්දියාවට භාරදී ඇත.
මින් පෙර අවස්ථාවකදීද යතුරුපැදි පණස්දහසක ඇනුවමක් ලබාදීමට රජය කටයුතු කළ අතර ඉන් මේ වන විට යතුරුපැදි හතළිස්අට දහසක්ම ගෙන්වා භාරදී අවසන් බව සඳහන්ය.
ඇනවුම් කරන ලද යතුරුපැදි ඉදිරි මාස 3 -4 අතර කාලයේදී දිවයිනට ගෙඒමට හැකිවනු ඇති බව ඩේවිඩ් පීරිස් සමාගම කියයි.
26 Dec 2014
අශ්වයා පැන ගිය පසු පොලිසිය ඉස්තාලය වහයි
මුතුහෙට්ටිගම අල්ලන වරෙන්තුව කටුනායකට බාර දෙයි
නියෝජ්‍ය ඇමැති නිශාන්ත මුතුහෙට්ටිගම අත් අඩංගුවට ගෙන බද්දේගම උසාවියට ඉදිරිපත් කරන්නැයි කියන නියෝගයක් මීගමුව පොලිස් අධිකාරී කාර්යාලයෙන් කටුනායක ගුවන්තොටුපළ බලධරයනට මින් පැය බාගයකට පෙර බාර දුන්නේය.
ඔහු අත් අඩංගුවට ගන්නා ලෙස බද්දේගම මහේස්ත්‍රාත්වරයා විසින් පොලිස්පතිට නිකුත් කෙරුණු වරෙන්තුවේ පිටපතක්ද පොලිසිය ගුවන්තොටට බාර දුන්නේය.
පොලිසිය ක්‍රියාත්මකවූයේ මුතුහෙට්ටිගම සිංගප්පූරුවටද ගොස් පැය අට හමාරකට පසුවය.
http://www.lankadeepa.lk/index.php/articles/285739
මුතුහෙට්ටිගම සිංගප්පූරුවේ සිට කථා කරයි
පොලිසියට කුලප්පුවක් හැදුණා : මගේ ආරක්ෂාවට රටින් පිටවුණා (දුරකථන සංවාදයේ හඬ පටය සහිතයි)
පොලිසියට කුලප්පුවක් හැදී තමා අත් අඩංගුවට ගැනීමට සෙවූ බවත් තමාගේ ආරක්ෂාව පතා සිංගප්පූරුවට පැමිණි බවත් නියෝජ්‍ය ඇමැති මුතුහෙට්ටිගම මහතා සිංගප්පූරුවේ සිට ගාල්ලේ සගයකුට අද(26) උදේ 6 ට දුරකථනයෙන් කථා කළේය.
‘‘මේ දැන් මා සිංගප්පූරුවට ආවා විතරයි. කරදරයක් වුණාම කවුරුවත් නෑ. මගේ ආරක්ෂාව සලසා ගන්න මං අද අලුයම මිතුරන් දෙදෙනකු සමග රටින් පිටවුණා. ගුවන් තොටුපළේදී කිසිදු ප්‍රශ්නයක් වුණේ නෑ. ඒ මිනිස්සු මට හොඳට සැලකුවා.‘‘
ශ්‍රී ලංකාවට යළි එන්නේ කවදාදැයි මිත්‍රයා ඇසූවිට නියෝජ්‍ය ඇමැති පැවසූයේ දින දෙකකින් පැමිණෙන බවයි.
26 Dec 2014
මහින්ද - මෛත්‍රීපාල 


මහින්ද
එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ ජනාධිපති අපේක්‌ෂක මහින්ද රාජපක්‍ෂ මහතා අද (26 දා) සවස 4.00ට මාතලේ නගරයේ පැවැත්වෙන මහජන රැලිය ඇමතීමට නියමිතය.මීට අමතරව අද පෙරවරුවේ ගලිගමුව, අලව්ව, පොල්ගහවෙල, වීරඹුගෙදර, මාවතගම සහ සවස කුඹුක්‌ගැටේ ඉබ්බාගමුව, රිදීගමුව යන ප්‍රදේශවලදී ජනතාව හමුවීමටද නියමිතය

.
මෛත්‍රීපාල 
විපක්‍ෂයේ පොදු අපේක්‌ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා අද (26 දා) මහජන රැලිs 7 ක්‌ ඇමැතීමට නියමිතය. පෙරවරුවේ හොරණ සහ හිනිදුමදීද සවස අකුරැස්‌ස, වැලිගම, අම්බලන්ගොඩ, රත්ගම බේරුවල යන ප්‍රදේශවලදීද පැවැත්වෙන මහජන රැලි ඔහු ඇමැතීමට නියමිතය.
25 Dec 2014
සන්ධාන මැතිවරණ ප‍්‍රචාරණය බංකොලොත්
මෛත‍්‍රීපාල සිරිසේන

mithree
වර්තමාන ආණ්ඩුව විසින් ව්‍යාජ අයුරින් සකස් කරන ගිවිසුම් ඉදිරිපත් කරමින් ජනතාව නොමග යැවීමේ වැඩ පිළිවෙලක් ක‍්‍රියාත්මක කරන බව පොදු අපේක්‍ෂක මෛත‍්‍රීපාල සිරිසේන මහතා ඊයේ (23) සවස මාලඹේ පැවති ජන රැළියක් අමතමින් ප‍්‍රකාශ කෙළේය.
‘‘ව්‍යාජ ලෙස සකස් කළ ගිවිසුම් යොමු කර ඔවුන්ගේ මැතිවරණ ප‍්‍රචාරණ කටයුතු වල බංකොලොත් භාවය ප‍්‍රකාශ කරයි. රනිල් වික‍්‍රමසිංහ මහතා හා මා අතර කිසිම ගිවිසුමක් විවෘත්තව හෝ රහසිගතව අත්සන් කරලා නෑ. පක්ෂ හා සංවිධාන 47 ක් සමග කළ දින 100 වැඩපිළිවෙළ සහ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනය පමණයි සිදු කළේ. වර්තමාන පවතින නීති විරෝධී කටයුතු සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදය නිදහස වැනි දේවල් ආරක්ෂා කිරීමට කිසිම ගිවිසුමක් නොමැතිව ආණ්ඩුවෙන් ඉවත් වුනේ. ආණ්ඩුවේ සිට වංචා දූෂණ ගැන කතාකිරීමට මහින්ද රාජපක්ෂ මහතා විසින් කිසිම ඉඩක් ලබා නොදෙන නිසා. සරත් ෆොන්සේකා මහතා ත‍්‍රස්තවාදය අවසන් කළා. රණවිරුවන් ව්ශාල පිරිසක් ජිවිත පූජා කළා. එහෙත් මේ රටේ නිදහස, ජනතාවට ප‍්‍රජාතන්ත‍්‍රවාදය අහිමිව තිබෙනවා.
මේ රටට අවශ්‍ය වන්නේ ජනතා නිදහස ප‍්‍රජාතන්ත‍්‍රවාදය තහවුරු කරන ආණ්ඩුවක්. නීතිය සාමය රකින පොලිස් දෙපාර්තුමේන්තුවක්. රටට පැහැදිලි පදනමක් ඇති ආණ්ඩුවක් තිබිය යුතුයි. මේ රටේ දුගීභාවය වැඩිවෙලා. සංවර්ධනය සුන්දරත්වය පිටුපස 40% ජනතාවට තුන්වේලම ආහාර ගන්න අවශ්‍ය වටපිටාව සැකසිලා නෑ. පෞද්ගලික අංශයේ සේවකයින්ට සුරක්ෂිතතාවයක් නෑ. සදාචාරය එක අතකින් පිරිහිලා. මේ රට තුළ රාජ්‍ය නායකයින් ගණනාවක් සිටියා. එහෙත් කිසිම නායකයෙක් මේ තරම් අසීලාචාරව හැසිරිලා නැහැ. මාතෘත්වයට අගෞරව කරනවා. ශිරානි බණ්ඩාරනායක මහත්මියට බොරු චෝදනා පත‍්‍රයක් ඉදිරිපත් කර ඉවත් කළේ අරලියගහ මන්දිරයේ සිට අලූත්කඬේ උසාවියට දුරකථන ඇමතුමක් ලබා දී නඩු තීන්දු වෙනස් කරන්න බැරිවුන නිසා. අද වෙද්දී මේ වාතාවරණය නිසා තුනෙන් දෙකක බලයක් වර්තමාන ආණ්ඩුවට නැති වෙලා තිබෙනවා. පක්ෂයේ සියලූ දෙනා නිහඩ වෙලා තියනවා. බණ්ඩාරනායක ප‍්‍රතිපත්තියක් ආණ්ඩුව තුළ නෑ.
26 Dec 2014
උප ඇමැති මුතුහෙට්ටිගම රටින් පනී
නියෝජ්‍ය ඇමැති නිශාන්ත මුතුහෙට්ටිගම අලුයම 12.51ට සිංගප්පූරු ගුවන් සේවයේ එස් කියු 468 ගුවන්යානයෙන් සිංගප්පූරුව බලා කටුනායකින් පිටත්ව ගිය බව ගුවන්තොට ආරංචි කියයි.
මෙම යානය පිටත්වීමට නියමිතව තිබුණේ 12.40ටය. එම ගුවන් ගමන මිනිත්තු 11ක් පමාවී කටුනායකින් පිටත්විය.
ගුවන්තොට ආරංචි පැවසුවේ මීට පෙරද වරෙන්තු පිට සිටි රජයේ නියෝජ්‍ය ඇමැතිවරයකු එතෙර ගිය බවට තොරතුරු ඇති බවයි.
මේ අතර මුතුහෙට්ටිගම මහතා එතෙර යාමට සිටින බවට  තොරතුරක් පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයට බ්‍රහස්පතින්දා රාත්‍රී 11ට පමණ දන්වා ඇතැයිද එම තොරතුරින් කියවුණේ ඔහු පැය 2කින් රටින් පිටව යාමට නියමිත බව යැයිද දැනගන්නට ඇත.
වඳුරඹදී මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ඡන්ද වේදිකාවකට පහරදීමේ සිද්ධියකට සම්බන්ධ සැකකරුවන් උසාවි ගෙන යන අතරමගදී පැහැර ගත්තැයි ඔහු අත් අඩංගුවට ගන්නා ලෙස බද්දේගම මහේස්ත්‍රාත් මීට දින කිහිපයකට පෙර පොලිස්පති මඟින් වරෙන්තු නිකුත් කර තිබිණි.
මුතුහෙටිටිගම බ්‍රහස්පතින්දා මැදියම් රැයේ ගම්පහ සිට කටුනායකට පැමිණි බවද දැනගන්නට ඇත.
25 Dec 2014
තොණ්‌ඩමන්ගේ කම්කරු කොංග්‍රසයේ  උප සභාපති මෛත්‍රීට එක්‌වෙයි
පශු සම්පත් හා ග්‍රාමීය ප්‍රජා සංවර්ධන ඇමැති ආරුමුගම් තොණ්‌ඩමන් මහතා නායකත්වය දරනු ලබන ලංකා කම්කරු කොංග්‍රසයේ උප සභාපති මධ්‍යම පළාත් සභා මන්ත්‍රී එම්. උදයකුමාර් මහතා ඊයේ (25 දා) එක්‌සත් ජාතික පක්‍ෂයට එක්‌වී පොදු අපේක්‌ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහාය පළකරන බව පැවැසීය.

ඒ මහතා සමඟ නුවරඑළිය ප්‍රාදේශීය සභා මන්ත්‍රී ඒ. නාගරාඡ් මහතාද ඊයේ කොළඹ පිහිටි විපක්‍ෂ නායක කාර්යාලයට පැමිණ විශේෂ මාධ්‍ය හමුවක්‌ පවත්වමින් මේ බව දැනුම් දුන්නේය.

මෙහිදී සිය තීරණය පිළිබඳව දැනුම් දෙමින් උදය කුමාර් මහතා මෙසේ කියා සිටියේය.


25 dec 2014
ජනපතිට සහාය දැක්‌වීමේ
තීරණයේ වෙනසක්‌ නෑතොණ්‌ඩමන් කියයි
ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්‍ෂ මහතාට සහයෝගය දැක්‌වීමට කලින් ගෙන තිබූ තීරණය වෙනස්‌ නොකරන බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහලේකම් ඇමැති ආරුමුගම් තොණ්‌ඩමන් මහතා ඊයේ (24 දා) කොටගල පක්‍ෂ කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදී පැවැසීය.
පසුගිය කාලයේ විපක්‍ෂයේ පොදු අපේක්‍ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහාය දක්‌වන ලෙසට ඉල්ලීම් කිහිපයක්‌ ලැබුණද ඒ සියල්ල තමන් ප්‍රතික්‌ෂේප කළ බව හෙතෙම කීය.
වත්මන් රජය වතුකරයේ ජනතාව ඉලක්‌ක කරමින් ශීඝ්‍ර සංවර්ධනයක්‌ සිදුකර ඇති බවත් වතුකරයේ ගුරු පුරප්පාඩු ඇතුළු තරුණ තරුණියන්ගේ රැකී රක්‍ෂා ප්‍රශ්නය විසඳීමට ජනාධිපතිවරයා එකඟවී ඇති බවත් පැවසූ අමාත්‍යවරයා වතු කම්කරුවන්ගේ නිවාස ප්‍රශ්නය හා ඉඩම් ගැටලු විසඳීමට මේ වන විටත් කඩිනම් පියවරගෙන ඇති බව කීය.
වතුකරය නියෝජනය කරන විපක්‍ෂයේ ඇතැම් දේශපාලනඥයන් නුවරඑළිය දිස්‌ත්‍රික්‌කය මෙවර ජනාධිපති මැතිවරණයේදී හැකිනම් ජයග්‍රහණය කරවන ලෙසට කර ඇති අභියෝගය ජනවාරි 9 වැනිදා මැතිවරණ ප්‍රතිඵල ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව බලාගත හැකි බවත් සමස්‌ත වතු ප්‍රජාවම ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් කැපවී කටයුතු කරන බවත් මෙහිදී ආරුමුගන් තොණ්‌ඩමන් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවැසීය

http://www.divaina.com/2014/12/25/news14.html
25 Dec2014
කොන්දේසි විරහිතව ජනපතිට සහාය දෙනවා
බොදුබල සේනාව කියයි
මෙවර ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්‍ෂ මහතාට කොන්දේසි විරහිතව සහාය පළ කිරීමට බොදු බල සේනා සංවිධානය තීරණය කළ බව එහි මහ ලේකම් රාජකීය පණ්‌ඩිත ගලගොඩඅත්තේ ඥනසාර හිමියෝ ඊයේ (24 වැනිදා) පැවසූහ.
රට ගිල ගැනීමට මාන බලන සියලු අශුද්ධ සංවිධාන මෛත්‍රිපාල මහතා සහ පොදු විපක්‍ෂය වටා එක්‌ව ඇති හෙයින් මෙම තීරණය ගත් බව උන්වහන්සේ කියා සිටියහ.
මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයාගේ ක්‍රියාකාරකම් සර්ව සම්පූර්ණ නොවුවත් නොදන්නා යකාට වඩා දන්නා යකා හොඳ යෑයිද ගලගොඩඅත්තේ ඥනසාර හිමියෝ පැවසූහ.
බොදු බලසේනා සංවිධානය ආණ්‌ඩුවට සහාය පළ කළ හොත් ආණ්‌ඩුවෙන් ඉවත් වන බවට රජයේ මුස්‌ලිම් ඇමැතිවරයෙකු කර තිබූ ප්‍රකාශය පිළිබඳව "දිවයින" කළ විමසුමකදී ගලගොඩඅත්තේ ඥනසාර හිමියන් කියා සිටියේ ඔවුන්ට ආණ්‌ඩුවෙන් ඉවත් වීමට කියන්න කුමක්‌ හෝ කරුණක්‌ අවශ්‍යව ඇති හෙයින් එසේ කියන බවත් සාම්ප්‍රදායික හා ස්‌වදේශික මුස්‌ලිම්වරුන් ආණ්‌ඩුවෙන් ඉවත් නොවනු ඇති බවත්ය.
ඥනසාර හිමියෝ ඒ බව සඳහන් කළේ කිරුළපන බෝධි බෞද්ධ මන්දිරයේ පැවැති මාධ්‍ය හමුවකදීය.

http://www.divaina.com/2014/12/25/news20.html

බී.බී.එස්. බළලා ඔඩොක්කුවට පනී

කිසිදු කොන්දේසියකින් තොරව බොදු බල සේනා සංවිධානයේ පූර්ණ සහයෝගය මහින්ද රාජපක්ෂ මහතාට ලබා දෙන බව එහි මහලේකම් ගලගොඩ අත්තේ ඥාණසාර හිමියන් අද (24) පැවැති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කර තිබේ.
ජනාධිපතිවරණය ප්‍රකාශ කිරීමත් සමඟම එම සංවිධානය විසින් පවත්වන ලද සමුළුවකදීතීන්දුකර තිබුණේ මහින්ද රාජපක්ෂ මහතාට පූර්ණ සහයෝගය ලබා දෙන බවය. එහෙත් පසුව එහි මහාලේකම් ගලගොඩ අත්තේ ඥාණසාර හිමියන් ප්‍රකාශ කර සිටියේ තමන් එවැනි තීරණයක් ගෙන නැති බවය. එම තීරණය ගැනීම සඳහා සාකච්ඡා කරන මුවාවෙන් කල්ගත කළේය.
ඉන්පසුව අද පවත්වන ලද මාධ්‍ය හමුවකදී මේ බව ප්‍රකාශ කළේය. බොදු බල සේනා සංවිධානය සම්පූර්ණයෙන්ම ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මෙහෙයවීමෙන් ක්‍රියාත්මක කරන්නක් බව තහවුරු වී තිබේ. එම සංවිධානය ආගම්වාදී ජාතිවාදී කෝලාහාල ඇති කිරීමට උත්සාහ කළ අතර මුස්ලිම් ජනයාට එරෙහිව සෘජු සහ විවෘතවම ප්‍රහාරයන් දියත් කළේය. මේ නිසා මුස්ලිම් ප්‍රජාව විශාල වශයෙන් රාජපක්ෂ විරෝධී ස්ථාවරයක සිටියහ.
කෙසේ වෙතත් මහින්ද රාජපක්ෂ මහතා පත්ව සිටින අසීරූ අභියෝගය හමුවේ මුස්ලිම් ජනතාවගේ ඡන්ද යම් ප්‍රමාණයක් හෝ දිනා ගැනීමේ අදහසින් බොදු බල සේනා සංවිධානය ඔහු සමග නොහිටින බව හුවා දැක්වීමට උත්සාහ ගත් අතර එම උපක්‍රම අසාර්ථක වී දැන් බොදු බල සේනා සංවිධානය මහින්ද රාජපක්ෂ මහතාට සහයෝගය දෙන බව නැවත වරක් ප්‍රකාශ කර තිබේ
25 Dec 2014
‘Secret’ doc can nullify MR’s Presidency if re-elected: Sarath
2014-12-25 17:30:14



The bogus ‘secret’ document publicized by former UNP General Secretary Tissa Attanayake being used in President Mahinda Rajapaksa’s campaign, is an offense that enables President Rajapaksa to be ousted from power if he is re-elected, former Chief Justice Sarath N. Silva said today.

Speaking at a media briefing at the New Democratic Front campaign office in Thimbirigasyaya, Silva said utilizing the alleged ‘secret’ document which both Opposition Leader Ranil Wickremaeinghe and Common Opposition candidate Maithripala Sirisena have declared as fake, in President Rajapaksa’s campaign is an offense under section 452 of the Penal Code, of which the charges can be filed up to 20 years since committing the crime.
 He said it’s also an offense under Section 83 of the Presidential elections act which declares it illegal to publish in any newspaper any false statement concerning, or relating to ‘the utterances or activities at an election of any candidate who is contesting such election, or the conduct or management of such election by such candidate ‘.
 “These offenses alone can be used to nullify the Presidency of Mahinda Rajapaksa if he is re-elected into power through the Supreme Court,” Silva said while adding that even the media that published the bogus document had an obligation to clarify its contents either with Wickremesinghe or Sirisena before publication. (Lakna Paranamanna)
http://www.dailymirror.lk/59725/secret-doc-can-nullify-mr-s-presidency-if-re-elected-sarath-n