Dec 26, 2014

25 dec 2014
ජනපතිට සහාය දැක්‌වීමේ
තීරණයේ වෙනසක්‌ නෑතොණ්‌ඩමන් කියයි
ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්‍ෂ මහතාට සහයෝගය දැක්‌වීමට කලින් ගෙන තිබූ තීරණය වෙනස්‌ නොකරන බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහලේකම් ඇමැති ආරුමුගම් තොණ්‌ඩමන් මහතා ඊයේ (24 දා) කොටගල පක්‍ෂ කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදී පැවැසීය.
පසුගිය කාලයේ විපක්‍ෂයේ පොදු අපේක්‍ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහාය දක්‌වන ලෙසට ඉල්ලීම් කිහිපයක්‌ ලැබුණද ඒ සියල්ල තමන් ප්‍රතික්‌ෂේප කළ බව හෙතෙම කීය.
වත්මන් රජය වතුකරයේ ජනතාව ඉලක්‌ක කරමින් ශීඝ්‍ර සංවර්ධනයක්‌ සිදුකර ඇති බවත් වතුකරයේ ගුරු පුරප්පාඩු ඇතුළු තරුණ තරුණියන්ගේ රැකී රක්‍ෂා ප්‍රශ්නය විසඳීමට ජනාධිපතිවරයා එකඟවී ඇති බවත් පැවසූ අමාත්‍යවරයා වතු කම්කරුවන්ගේ නිවාස ප්‍රශ්නය හා ඉඩම් ගැටලු විසඳීමට මේ වන විටත් කඩිනම් පියවරගෙන ඇති බව කීය.
වතුකරය නියෝජනය කරන විපක්‍ෂයේ ඇතැම් දේශපාලනඥයන් නුවරඑළිය දිස්‌ත්‍රික්‌කය මෙවර ජනාධිපති මැතිවරණයේදී හැකිනම් ජයග්‍රහණය කරවන ලෙසට කර ඇති අභියෝගය ජනවාරි 9 වැනිදා මැතිවරණ ප්‍රතිඵල ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව බලාගත හැකි බවත් සමස්‌ත වතු ප්‍රජාවම ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් කැපවී කටයුතු කරන බවත් මෙහිදී ආරුමුගන් තොණ්‌ඩමන් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවැසීය

http://www.divaina.com/2014/12/25/news14.html

No comments:

Post a Comment