Dec 26, 2014

25 Dec2014
කොන්දේසි විරහිතව ජනපතිට සහාය දෙනවා
බොදුබල සේනාව කියයි
මෙවර ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්‍ෂ මහතාට කොන්දේසි විරහිතව සහාය පළ කිරීමට බොදු බල සේනා සංවිධානය තීරණය කළ බව එහි මහ ලේකම් රාජකීය පණ්‌ඩිත ගලගොඩඅත්තේ ඥනසාර හිමියෝ ඊයේ (24 වැනිදා) පැවසූහ.
රට ගිල ගැනීමට මාන බලන සියලු අශුද්ධ සංවිධාන මෛත්‍රිපාල මහතා සහ පොදු විපක්‍ෂය වටා එක්‌ව ඇති හෙයින් මෙම තීරණය ගත් බව උන්වහන්සේ කියා සිටියහ.
මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයාගේ ක්‍රියාකාරකම් සර්ව සම්පූර්ණ නොවුවත් නොදන්නා යකාට වඩා දන්නා යකා හොඳ යෑයිද ගලගොඩඅත්තේ ඥනසාර හිමියෝ පැවසූහ.
බොදු බලසේනා සංවිධානය ආණ්‌ඩුවට සහාය පළ කළ හොත් ආණ්‌ඩුවෙන් ඉවත් වන බවට රජයේ මුස්‌ලිම් ඇමැතිවරයෙකු කර තිබූ ප්‍රකාශය පිළිබඳව "දිවයින" කළ විමසුමකදී ගලගොඩඅත්තේ ඥනසාර හිමියන් කියා සිටියේ ඔවුන්ට ආණ්‌ඩුවෙන් ඉවත් වීමට කියන්න කුමක්‌ හෝ කරුණක්‌ අවශ්‍යව ඇති හෙයින් එසේ කියන බවත් සාම්ප්‍රදායික හා ස්‌වදේශික මුස්‌ලිම්වරුන් ආණ්‌ඩුවෙන් ඉවත් නොවනු ඇති බවත්ය.
ඥනසාර හිමියෝ ඒ බව සඳහන් කළේ කිරුළපන බෝධි බෞද්ධ මන්දිරයේ පැවැති මාධ්‍ය හමුවකදීය.

http://www.divaina.com/2014/12/25/news20.html

බී.බී.එස්. බළලා ඔඩොක්කුවට පනී

කිසිදු කොන්දේසියකින් තොරව බොදු බල සේනා සංවිධානයේ පූර්ණ සහයෝගය මහින්ද රාජපක්ෂ මහතාට ලබා දෙන බව එහි මහලේකම් ගලගොඩ අත්තේ ඥාණසාර හිමියන් අද (24) පැවැති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කර තිබේ.
ජනාධිපතිවරණය ප්‍රකාශ කිරීමත් සමඟම එම සංවිධානය විසින් පවත්වන ලද සමුළුවකදීතීන්දුකර තිබුණේ මහින්ද රාජපක්ෂ මහතාට පූර්ණ සහයෝගය ලබා දෙන බවය. එහෙත් පසුව එහි මහාලේකම් ගලගොඩ අත්තේ ඥාණසාර හිමියන් ප්‍රකාශ කර සිටියේ තමන් එවැනි තීරණයක් ගෙන නැති බවය. එම තීරණය ගැනීම සඳහා සාකච්ඡා කරන මුවාවෙන් කල්ගත කළේය.
ඉන්පසුව අද පවත්වන ලද මාධ්‍ය හමුවකදී මේ බව ප්‍රකාශ කළේය. බොදු බල සේනා සංවිධානය සම්පූර්ණයෙන්ම ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මෙහෙයවීමෙන් ක්‍රියාත්මක කරන්නක් බව තහවුරු වී තිබේ. එම සංවිධානය ආගම්වාදී ජාතිවාදී කෝලාහාල ඇති කිරීමට උත්සාහ කළ අතර මුස්ලිම් ජනයාට එරෙහිව සෘජු සහ විවෘතවම ප්‍රහාරයන් දියත් කළේය. මේ නිසා මුස්ලිම් ප්‍රජාව විශාල වශයෙන් රාජපක්ෂ විරෝධී ස්ථාවරයක සිටියහ.
කෙසේ වෙතත් මහින්ද රාජපක්ෂ මහතා පත්ව සිටින අසීරූ අභියෝගය හමුවේ මුස්ලිම් ජනතාවගේ ඡන්ද යම් ප්‍රමාණයක් හෝ දිනා ගැනීමේ අදහසින් බොදු බල සේනා සංවිධානය ඔහු සමග නොහිටින බව හුවා දැක්වීමට උත්සාහ ගත් අතර එම උපක්‍රම අසාර්ථක වී දැන් බොදු බල සේනා සංවිධානය මහින්ද රාජපක්ෂ මහතාට සහයෝගය දෙන බව නැවත වරක් ප්‍රකාශ කර තිබේ

No comments:

Post a Comment