Nov 27, 2014

26 Nov 2014

මෛත්‍රී පිළිගන්න සිරිකොතට ජන ගඟක් ( ඡායාරූ 28 ක්)

මෙවර ජනාධිපතිවරණය සඳහා විපක්ෂයේ පොදු අපේක්ෂකයා ලෙස තරග වදින මෛත්‍රීපාල සිරිසේන මහතා අද උදෑසන එක්සත් ජාතික පක්ෂයේ මූලස්ථානය වන සිරිකොත මන්දිරයට පැමිණියේය. පොදු අපේක්ෂකයා ලෙස නම් කිරීමෙන් අනතුරුව මෛත්‍රීපාල සිරිසේන මහතා සිරිකොත පක්ෂ මූලස්ථානයට පැමිණියේ පළමු වරටය.
 ඔහුට අතිශය ඉහළ පිළිගැනිමක් එහිදි ලැබුණු අතර පසුගිය කාලයේ වාදබේදවලට හසුව සිටි. එජාපයේ සියළූම නායකයන් පැමිණ ඔහු පිළි ගැනීම විශෙෂයෙන්ම කැපී පෙණුනි.
26 Nov 2014    Bar Association

අපේ ඉල්ලීමට ප්‍රතිචාර නැහැ

"ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් මතය මැතිවරණ කොමාසරිස්වත් දන්නවද දන්නේ නැහැ" යැයි ශ්‍රී ලංකා නීතීඥ සංගමය අද (26) පැවති මාධ්‍ය හමුවකදී පවසා පැවසීය.
පිටු 28කින් යුත් වාර්තාවක් පසුගිය දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ තිබුණද එය ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් මතයමදැයි නොදන්නා බවත්,එවැනි මතයක් අධිකරණයෙන් ලබා දෙතියි සිතිය නොහැකි බවත් එම මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ සභාපති උපුල් ජයසූරිය මහතා පවසයි.
එහිදී උපුල් ජයසූරිය මහතා වැඩිදුරටත් පවසන්නේ "ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් මතය මැතිවරණ කොමාසරිස්වත් දන්නවද දන්නේ නැහැ. ඇතැම් විට ඔහු එය දකින්නත් ඇත්තේ පුවත්පත්වලින් වෙන්න පුළුවන්. ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය ලබා දෙන්නැයි අපි දින දහයකට පමණ පෙර ලේඛකාධිකාරීගෙන් ලිඛිතව ඉල්ලීමක් කළා. නමුත් තවම නිසිම ප්‍රතිචාරයක් නැහැ." යනුවෙනි.
මැතිවරණ නීතිය උල්ලංගනය කිරීම සම්බන්ධයෙන් අදහස් දක්වමින්......
26 Nov 2014
We have plundered enough: Amaraweera
http://www.dailymirror.lk/57447/we-have-plundered-enough-amaraweera

Presenting an interesting political theory, Disaster Management Minister Mahinda Amaraweera yesterday said voters must not topple this government as chances are minimum for corruption among UPFA members as they may have amassed ill lucre enough by now and if the UNP came to power, they would start afresh to make a killing.

Responding to a journalist at yesterday’s media briefing at the SLFP head office, Minister Amaraweera admitted that there may be corruption and irregularities in the UPFA government but the voters must not make it a reason to topple this regime.

“Yes, there may be corruption in the government. But look what will happen if you voted against this government and bring the UNP back to power. Members of the UNP like Ravi and Daya are hungry to grab power and they will start to amass money afresh. This is not good for the country. The UPFA members do not want to earn further,” he stressed.
- See more at: http://www.dailymirror.lk/57447/we-have-plundered-enough-amaraweera#sthash.5sP8KZVM.dpuf

26 Nov 2014

ඩිව් සටන පාවාදී මහින්දගේ තුරුළේ... අමාත්‍යංශය නැති වුණොත් පක්ෂෙත් ඉවරයි

ශ‍්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලන මණ්ඩලය සහ මධ්‍යම කාරක සභාවේ සාමාජිකයන් ඩිව් ගුණසේකර ඇමතිවරයාගේ අමාත්‍යාංශයේ රැකියා ලබා දී ඇති ආකාරය පහතින් දැක්වේ.
ලක්ෂ්මන් ද සිල්වා - පෞද්ගලික ලේකම් (පක්ෂයේ මධ්‍යම කාරක සභික)
අගා ජයසේන - මහජන සම්බන්ධතා නිලධාරී (පක්ෂයේ සංවිධායක ලේකම්,දේශපාලන මණ්ඩල සභික)
එල්. ආර්. ස්ටීවන් - මහජන සම්බන්ධතා නිලධාරී (පක්ෂයේ නියෝජ්‍ය සංවිධායක ලේකම්)
ලැම්බට් බණ්ඩාර - මාධ්‍ය ලේකම් (පක්ෂයේ මධ්‍යම කාරක සභික)
ඊ. ඒ. සමරසිංහ - සභාපති - පුනරුත්ථාපන අධිකාරිය (පක්ෂයේ මධ්‍යම කාරක සභික)
ඩී. කේ. ජිනදාස - ක‍්‍රියාකාරී අධ්‍යක්ෂ - පුනරුත්ථාපන අධිකාරිය (පක්ෂයෙ මධ්‍යම කාරක සභික)
ඩී. එම්. ජයසුන්දර - පාර්ලිමේන්තු කටයුතු ලේකම් (පක්ෂයේ මධ්‍යම කාරක සභික)
සංජීව බණ්ඩාර - පර්යේෂණ නිලධාරී (ලේකම් - ලංකා ජාතික ශිෂ්‍ය සංගමය)
ගා. දේනෙත්ති (මධ්‍යම කාරක සභික)
මොවුන්ගේ වැටුප්වලට අමතරව වාහනඅතිකාල යනාදී සියලු වරප‍්‍රසාද මොවුන් භුක්ති විඳී. කොමියුනිස්ට් පක්ෂ ගොඩනැගිල්ලක අයථා ගණුදෙනුවකින් රුපියල් කෝටි ගණනක අයථා මුදල් ගැරීමක් පිළිබඳව පසුගියදා ලංකාටෘත් හෙළිදරව් කර තිබුණි

ආණ්ඩුව සමග ඩිව්ගේ ගේමක් හෙළිවෙයි



25 Nov 2014 -

විමල් ඇමතිකම බේරාගැනීමේ සටනක.. ඇමතිකම නැතිනම් පක්ෂයකුත් නැහැ

ජාතික නිදහස් පෙරමුණේ මධ්‍යම කාරක සභාවේ සහ දේශපාලන මණ්ඩලයේ සාමාජිකයින් සහ හිතවතුන් නිවාස අමාත්‍යංශයේ ආයතනවල දරණ තනතුරු කිහිපයක් පහතින් දැක්වේ.
සරත් වීරවංශ - ඇමති පුද්ගලික ලේකම් (විමල් වීරවංශ ඇමතිවරයාගේ සහෝදරයෙක්)
ජයන්ත සමරවීර - සභාපති, නිවාස අධිකාරිය (ජා.නි.පෙ. මධ්‍යමකාරක සභාව)
දීපාල් ගුණසේකර - ක්‍රියාකාරී අධ්‍යක්ෂ, රාජ්‍ය නිර්මාණ නීතිගත සංස්ථාව (ජා.නි.පෙ. මධ්‍යමකාරක සභාව)
මොහොමඩ් මුසම්මිල් - ක්‍රියාකාරී අධ්‍යක්ෂ, ඉංජිනේරු සංස්ථාව (ජා.නි.පෙ. මධ්‍යමකාරක සභාව)
වෛද්‍ය වසන්ත බණ්ඩාර - අමාත්‍යංශ උපදේශක (මහ ලේකම්, දේශ හිතෛෂී ජාතික ව්‍යාපාරය)
පද්ම උදය ශාන්ත - ක්‍රියාකාරී අධ්‍යක්ෂ, නිවාස සංවර්ධන අධිකාරිය (ජා.නි.පෙ. මධ්‍යමකාරක සභාව සහ ඌව පළාත් සභා සන්ධාන මන්ත්‍රී)
සුජිත් මුතුකුමාරණ - අලෙවි සංවර්ධන නිලධාරී, ඉංජිනේරු සංස්ථාව (ජා.නි.පෙ. මධ්‍යමකාරක සභාව සහ සූරියවැව ප්‍රාදේශීය සභාවේ සභාපති)
ඒ. එච්. ඉංදික, සුසිල් සමන්ත, කේ.වී.අයි. ප්‍රියංගනී ඇතුළු හැටකට ආසන්න පිරිසක් ඉංජිනේරු සංස්ථාවේ අලෙවි සංවර්ධන නිලධාරීන් ලෙස බඳවාගෙන කිසිදු රාජකාරියක් නොමැතිව නිවාස අමාත්‍යංශයෙන් වැටුප් ලබයි.
26 Nov 2014 - මැ. කො. කියයි
ජනාධිපතිවරණ දිනය තීරණය කළේ ස්‌වාධීනවඑක එක්‌කෙනාගේ ඉල්ලීමට නොවේ
- මැ. කො. කියයි

ජනාධිපතිවරණය පවත්වන දිනය තීරණය කළේ තමා ස්‌වාධීනව මිස නැකැත්කරුවන්ගේ හෝ වෙනයම් අයගේ ඉල්ලීම් මත නොවන බව මැතිවරණ කොමසාරිස්‌ මහින්ද දේශප්‍රිය මහතා පැවසීය.
පාප්වහන්සේගේ පැමිණීම ඡන්දයට බාධා නොවිය යුතු සේම ඡන්දය පාප් වහන්සේගේ පැමිණීමට බාධාවක්‌ නොවිය යුතු බවත් ඒ දෙකටම මධ්‍යස්‌ථව දිනය තීරණය කිරීමට තමා කටයුතු කළ බවත් ඊයේ (25 දා) මැතිවරණ මහ ලේකම් කාර්යාලයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී කොමසාරිස්‌වරයා කීය.
නීතියෙන් තමාට පැවරී ඇති බලය කාටවත් වෙනස්‌ කළ නොහැකි බවද ඒ අනුව කටයුතු කළ බවද හෙතෙම කීය.
ජනාධිපතිවරණ දිනය තීරණය කිරීමේදී තමාට කිසිදු බලපෑමක්‌ නොපැමිණි බවද නාම යෝජනාවලට අවශ්‍ය දින ප්‍රමාණයත් ප්‍රචාරක කටයුතුවලට නීතියෙන් ඇති දින ප්‍රමාණයත් බලා කටයුතු කළ බවත් කී කොමසාරිස්‌වරයා සඳුදා සහ සිකුරාදා දිනවල මැතිවරණ නොපවත්වන නිසා ඊට සුදුසුම දිනය තීරණය කිරීමට තමාට පහසු වූ බවද කියා සිටියේය.
ජනාධිපති විසින් තමාව පත් කළත් තමා රජයේ නිලධාරියකු මිස ආණ්‌ඩුවේ නිලධාරියකු නොවන නිසා නිදහසේ ස්‌වාධීනව කටයුතු කරන බවද හෙතෙම කියා සිටියේය.

http://www.divaina.com/2014/11/26/news01.html
26 Nov 2014   - JHU
I was the mastermind behind making Maithripala the common candidate -

ast week, the Sri Lanka Freedom Party (SLFP) stalwart and its General Secretary Maithripala Sirisena’s decision to cross over to the opposition and his nomination as the common opposition candidate shocked the country. In an interview with Dailymirror Jaathika Hela Urumaya (JHU) General Secretary and the leading figure of the Pivithuru Hetak (Clean Tomorrow) National Council Ven. Athuraliye Rathana Thera revealed that he had played an instrumental role in this political twist. - See more at: http://www.dailymirror.lk/57389/i-was-the-mastermind-behind-making-maithripala-the-common-candidate#sthash.qANY37ZW.dpuf
http://www.dailymirror.lk/57389/i-was-the-mastermind-behind-making-maithripala-the-common-candidate