Nov 27, 2014

26 Nov 2014 - මැ. කො. කියයි
ජනාධිපතිවරණ දිනය තීරණය කළේ ස්‌වාධීනවඑක එක්‌කෙනාගේ ඉල්ලීමට නොවේ
- මැ. කො. කියයි

ජනාධිපතිවරණය පවත්වන දිනය තීරණය කළේ තමා ස්‌වාධීනව මිස නැකැත්කරුවන්ගේ හෝ වෙනයම් අයගේ ඉල්ලීම් මත නොවන බව මැතිවරණ කොමසාරිස්‌ මහින්ද දේශප්‍රිය මහතා පැවසීය.
පාප්වහන්සේගේ පැමිණීම ඡන්දයට බාධා නොවිය යුතු සේම ඡන්දය පාප් වහන්සේගේ පැමිණීමට බාධාවක්‌ නොවිය යුතු බවත් ඒ දෙකටම මධ්‍යස්‌ථව දිනය තීරණය කිරීමට තමා කටයුතු කළ බවත් ඊයේ (25 දා) මැතිවරණ මහ ලේකම් කාර්යාලයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී කොමසාරිස්‌වරයා කීය.
නීතියෙන් තමාට පැවරී ඇති බලය කාටවත් වෙනස්‌ කළ නොහැකි බවද ඒ අනුව කටයුතු කළ බවද හෙතෙම කීය.
ජනාධිපතිවරණ දිනය තීරණය කිරීමේදී තමාට කිසිදු බලපෑමක්‌ නොපැමිණි බවද නාම යෝජනාවලට අවශ්‍ය දින ප්‍රමාණයත් ප්‍රචාරක කටයුතුවලට නීතියෙන් ඇති දින ප්‍රමාණයත් බලා කටයුතු කළ බවත් කී කොමසාරිස්‌වරයා සඳුදා සහ සිකුරාදා දිනවල මැතිවරණ නොපවත්වන නිසා ඊට සුදුසුම දිනය තීරණය කිරීමට තමාට පහසු වූ බවද කියා සිටියේය.
ජනාධිපති විසින් තමාව පත් කළත් තමා රජයේ නිලධාරියකු මිස ආණ්‌ඩුවේ නිලධාරියකු නොවන නිසා නිදහසේ ස්‌වාධීනව කටයුතු කරන බවද හෙතෙම කියා සිටියේය.

http://www.divaina.com/2014/11/26/news01.html

No comments:

Post a Comment