Dec 13, 2014

13 Dec 2014

Udaya’s defection underscores need to change political culture - Champika

 

article_image
By Harischandra Gunaratna

The switching of allegiance by the party’s Deputy General Secretary Udaya Gammanpila to President Mahinda Rajapaksa would not affect the JHU at all, Jathika Hela Urumaya General Secretary Patali Champika Ranawaka said yesterday.

 Ranawaka said, "Gammanpila’s defection and change of stance clearly demonstrated the urgent need to change the political culture in the country which was detrimental to the country and it is a system created by the Rajapaksas to feather their nests at the expense of others."

 Addressing a news conference at the JHU headquarters at Battaramulla, the former Technology and Research Minister of the UPFA government said Gammanpila had agreed to conditions laid down in the MoU signed on December 1 and he was one of the main architects of drafting the proposals put forward to the President urging political and economic reforms, ratified at the JHU convention.................

13 Dec 2014 

If BBS backs govt. I won’t remain in it – Musthapha

 
article_image
By Maheesha Mudugamuwa

Investment Promotion Deputy Minister Faizer Musthapha yesterday told the media that if the Bodu Bala Sena (BBS) backed the government either directly or indirectly, he would not remain in it because the intersts of his community had to be safeguarded first of all.

He was speaking at a media briefing at the SLFP headquarters yesterday.

Sri Lanka Freedom Party (SLFP) General Secretary and Petroleum Industries Minister Anura Priyadarshana Yapa said the government had not offered money to induce or prevent crossovers...................

13 Dec 2014
ද රැස්‌වීම්
මහින්ද
ජනාධිපතිවරණය වෙනුවෙන් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා අද (13 දා) සහභාගිවන ජනහමු තුනක්‌ රත්තොට, ලග්ගල හා දඹුල්ල ප්‍රදේශවලදී  පැවැත්වේ.
මෛත්‍රීපාල 
ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින පොදු අපේක්‍ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා අද (13 වැනිදා) ජනහමු පහකට සහභාගි වීමට නියමිතය.

මැදවච්චිය, හොරොව්පතාන, කලාවැව, දඹුල්ල හා කුරුණෑගල යන ප්‍රදේශවල මෙම ජනහමු පැවැත්වේ.
පොදු අපේක්‍ෂක මෛත්‍රීපාල සිරිසේන, විපක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ, ප්‍රජාතන්ත්‍රවාදී පක්‍ෂයේ නායක සරත් ෙµdන්සේකා, හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්‌ඩාරනායක, හෙළ උරුමයේ සභාපති අතුරලියේ රතන හිමි, පාඨලී චම්පික රණවක, සජිත් ප්‍රේමදාස යන මහත්වරු මේ සඳහා සහභාගි වෙති.
මේ අතර හෙට (14 දා) කොත්මලේ, හිරියාල, යාපහුව, ගල්ගමුව හා වාරියපොළ යන නගරවල ද ජනහමු පැවැත්වේ
12 Dec 2014
ඡන්ද පත්‍රිකා මුද්‍රණයේදී
ආරක්‌ෂක කටයුතුවලින් රජයේ මුද්‍රණාලයේ ආරක්‍ෂක අංශ ඉවතට
ප්‍රියදර්ශන ලියනගේ

ජනාධිපතිවරණය සඳහා නිල ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීමේදී ලබා දෙන ආරක්‍ෂක කටයුතුවලින් රජයේ මුද්‍රණාලයේ ආරක්‍ෂක අංශ නිලධාරීන්' සම්පූර්ණයෙන්ම ඉවත් කර ඇතැයි රජයේ මුද්‍රණාලයේ ඉහළ නිලධාරියෙක්‌ 'දිවයින'ට ඊයේ (12 දා) පැවසීය.

වැඩිදුරටත් කරුණු දැක්‌වූ මුද්‍රණාල ප්‍රකාශකවරයා මෙවර ඡන්ද පත්‍රිකා මුද්‍රණය සම්පූර්ණයෙන්ම සිදුවන්නේ පොලිස්‌ ආරක්‍ෂාව යටතේ බවත් මීට පෙර පොලිසියත් සමග රජයේ මුද්‍රණාලයේ ආරක්‍ෂක අංශ නිලධාරිනුත් ඡන්ද පත්‍රිකා මුද්‍රණ කටයුතුවල ආරක්‍ෂාව සඳහා යොදවනු ලැබූ බවත් පැවසීය. එහෙත් මෙවර රජයේ මුද්‍රණාලයේ ආරක්‍ෂක අංශය සම්පූර්ණයෙන්ම එම කටයුතුවලින් ඉවත් කර තිබෙන බවද හෙතෙම පැවසීය.
එමෙන්ම මෙවර ඡන්ද පත්‍රිකා මුද්‍රණය සම්පූර්ණයෙන්ම දහවල් කාලයේ පමණක්‌ සිදු කරන අතර මීට පෙර රාත්‍රි කාලයේත් ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීම සිදු වූ බව ද එම නිලධාරියා පවසයි. එහෙත් දවල්ට මුද්‍රණය කරන ඡන්ද පත්‍රිකා රාත්‍රි කාලයේදී පොලිසියෙන් ආරක්‍ෂා කිරීම ගැටලුවක්‌ බව ද එම නිලධාරියා කියා සිටියේය.
මැතිවරණ කොමසාරිස්‌වරයා ලබා දෙන නියෝග පවා ක්‍රියාත්මක නොකරන පොලිසිය වගකීම නිසිලෙස ඉටුකරනු ඇතැයි සිතන්න අමාරුයි. ඒ නිසා රජයේ මුද්‍රණාලයේ ආරක්‍ෂක අංශ නිලධාරින්ද ඡන්ද පත්‍රිකා මුද්‍රණ කිරීමේ ආරක්‍ෂක කටයුතු සඳහා පොලිසිය සමග යෙදවිය යුතු යෑයි ඔහු වැඩිදුරටත් පැවසීය............
http://www.divaina.com/2014/12/13/news16.html
12 Dec 2014 news
‘රජය වෙනුවෙන් ඡන්ද වැඩ නොකරනු‘
ඡන්ද කමිසුරු රාජ්‍ය නාලිකාවලට අනතුරු අඟවයි

ජනපතිවරණයට තරඟ කරන මහින්ද රාජපක්ෂ ජනපතිට සහාය දක්වන වැඩසටහන් නතර කරන්නැයි මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා රාජ්‍ය  නාලිකාවලට දන්වයි.
රාජ්‍ය නාලිකා එළිපිටම ජනපති වෙනුවෙන් ඡන්ද සටනට සහයෝගය දෙතියි ස්වාධීන නිරීක්ෂකයන්ගෙන් පැමිණිලි ලැබී ඇතැයි දේශප්‍රිය මහතා පවසයි.
මෙම කටයුත්ත නිදහස් හා සාධාරණ මැතිවරණයකට බරපතල අවහිරයකියි  රාජ්‍ය විද්‍යුත් නාලිකාවලට ලිපියක් යවමින් කොමසාරිස් කියයි.
එම ලිපියේ පිටපතක් දුටු බව ඒඑෆ්පී ප්‍රංශ පුවත් සේවය කියයි.
දෙකෝටියක ජනගහනයෙන් යුත් ශ්‍රී ලංකාවේ වැඩිපුරම පිරිසක් වෙත වැඩසටහන් විකාශනය කරනුයේ මෛ රාජ්‍ය නාලිකා දෙකෙනි.
දේශපාලන වශයෙන් සංවේදී තොරතුරු විකාශනය කිරීමට පෙර තම උපදෙස් ගන්නැයි කොමසාරිස් එම නාලිකා ප්‍රධානින් හට අනතුරු අඟවයි.
ඡන්ද නීති උල්ලංඝණය කිරීමේ වගකීම ඔවුන් භාර ගත යුතු බව ද ඔහු ඔවුනට කියා ඇත.
රජයේ වාහන සහ රාජ්‍ය නිලධරයන් රාජපක්ෂ මහතාගේ ඡන්ද වැඩට විශාල වශයෙන් යොදා ගන්නා බව පෙනේයැයි දේශීය ඡන්ද නිරීක්ෂකයෝ කියති.
පාලක පක්ෂයේ ඡන්ද ප්‍රචාරයට හවුල්වන රාජ්‍ය නිලධරයනට එරෙහිව නඩු පැවරීම සඳහා විපක්ෂය තොරතුරු එක්රැස් කරන බව ද වාර්තා වෙයි.
http://www.lankadeepa.lk/index.php/top_story/282256
12 Dec 2014  JVP

රාජපක්ෂවරුන්ගේ ඇමරිකානු දේපළ හෙළිවෙයි

2014 දෙසැම්බර් 12 වෙනි සිකුරාදා, 
ජනාධිපතිවරයාගේ බාල සොයුරන් දෙදෙනා වන ඇමරිකානු පුරවැසි බැසිල් රාජපක්ෂගේ සහ ගෝඨාභය රාජපක්ෂගේ ඇමරිකා එක්සත් ජනපදයේ ඩොලර් මිලියන ගණනක දේපළවලින් කොටසක විස්තර හෙළිදරව් වී තිබේ.
මේ දේපළ අතරට බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයාගේ බිරිඳ වන පුෂ්පා රාජපක්ෂ නමින් කැලිෆෝනියාවේ පිහිටි නිවාස 04ක් ඇතුළත්ය. ඒවායේ ලිපිනයන් පහත පරිදිය. (1) 5581 Homecoming, Mira Loma, CA 91752 (2) 15067 Preston Dr, Fontana, CA 92336 (3) 222 Dexter St, Covina, CA 91723 (4) 15067 Preston Dr, Fontana, CA 92336 යන ස්ථානවල එම නිවාස ඇත. http://radaris.com/ නම් එක්සත් ජනපදයේ පුද්ගල සෙවුම් වෙබ් අඩවියේ අදාළ නම් ඇතුළත් කිරීම මගින් එම ස්ථාන  ඕනෑම අයෙකුට පරීක්ෂා කර ගත හැකිය.
එසේම ගෝඨාභය රාජපක්ෂ ලේකම්වරයාගේ බිරිඳ වන අයෝමා රාජපක්ෂ නමින් වන නිවාස 02ක තොරතුරුද අනාවරණය වේ. ^1& 1341 Wickham Ct, San Dimas, CA 91773 ^2& 303 S Cataract Ave, San Dimas, CA 91773 යන ස්ථානවල එම නිවෙස් පිහිටා ඇත...............
12 Dec 2014    මෛත්‍රීපාල සිරිසේන
අද තිබෙන්නේ ජනතාව
සුරා කෑමේ දර්ශනයක්‌
පොදු අපේක්‍ෂක මෛත්‍රීපාල සිරිසේන
ලක්‍ෂ 27ක්‌ සිටින පෞද්ගලික අංශයේ සේවකයන්ට සෙතක්‌ නෑ
හොරකම වංචාව දුෂණය නතර කළවිට ජනතාවට සහන දෙන්න පු`ථවන්








බණ්‌ඩාරනායක දර්ශනයත් ශ්‍රීලනිප දර්ශනයත් වෙනුවට අද ආණ්‌ඩුවේ තිබෙන්නේ ජනතාව සූරා කෑමේ දර්ශනයක්‌ බව ජනාධිපතිවරණයේ විපක්‌ෂයේ පොදු අපේක්‌ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (11 දා) මහබාගේදී පැවැසීය.
මහබාගේ වැලිසර නවලෝක ක්‍රීඩාංගණයේදී මෙම ජනහමුව පැවැත්විණි.
එහිදී වත්තල හිටපු නියෝජ්‍ය නගරාධිපති අංජු පෙරේරා මහතා ඇතුළු ශ්‍රීලනිප පළාත් පාලන නියෝජිතයෝ රැසක්‌ විපක්‌ෂයේ පොදු අපේක්‌ෂකයාට සහාය දැක්‌වීම පිණිස විපක්‌ෂයේ වේදිකාවට එකතු වූහ.
ජනහමුව අමතමින් තවදුරටත් අදහස්‌ දැක්‌වූ මෛත්‍රීපාල සිරිසේන මහතා මෙසේද පැවැසීය...........
http://www.divaina.com/2014/12/12/news22.html

..................................................................................................................................
මම විධායක බලතල නැති කරනවා කිව්වේ මැතිවරණ ප්‍රකාශයට වාක්‍යයක්‌ දාන්න නොවේ
- විපක්‍ෂයේ ජනාධිපති පොදු අපේක්‍ෂක මෛත්‍රීපාල සිරිසේන පානදුරේ දී කියයි
පොදු අපේක්‍ෂක මෛත්‍රීපාල දිනවන කොට මම නැවත ගෙවල් හදන අපේ යුගය බිහිකරනවා
- සජිත් ප්‍රේමදාස
බොහොම කාලයක්‌ දත්කූරු කමින් අමාරුවෙන් කල්ගෙවල තමයි අපි එළියට බැස්‌සේ
- පාඨලී චම්පික රණවක

පානදුර විජිතා ලියනගේ

"සමහරු අහනව මමත් විධායක බලතල නැතිකරනවා කියන්නෙ මහින්ද කළ විදිහටමද? කියලා, මම විධායක බලය නැතිකරනවා කිව්වෙ මැතිවරණ ප්‍රකාශයට වාක්‍යයක්‌ දාන්න නොවේ. අලුත් ප්‍රතිපත්තියක්‌ ඇතිව අලුත් දර්ශනයක්‌ ඇතිව අපි එළියට බැස්‌සේ. 47 න් පසුව මේ රටේ බිහි නොවුණු සර්වපාක්‍ෂික ආණ්‌ඩුවක්‌, ජාතික ආණ්‌ඩුවක්‌ පිහිටුවීමටයි. ඒ සඳහා පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු දේශපාලන පක්‍ෂවලට අපි ආරාධනා කළා. එක්‌සත් ජාතික පක්‍ෂය ප්‍රමුඛව පක්‍ෂ ගණනාවක්‌ සමඟ පොදු සම්මුතියකින් අපි ඇවිත් ඉන්නෙ අවබෝධතා ගිවිසුමක්‌ ඇතිවයි. ජනවාරි 08 දා අපි දිනුවට පස්‌සේ දින 100 කින් මම කී දෙය කරනවා. මාව විශ්වාස කරන්න", යෑයි විපක්‍ෂයේ ජනාධිපති පොදු අපේක්‍ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා
ඉකුත් 10 වැනිදා සවස පානදුර නගර සභා ළමා ක්‍රීඩාංගණයේ පැවැති 'එක්‌වෙමු වෙනසක්‌ කරමු මෛත්‍රී පාලනයක්‌ ඇති කරමු' තේමාව යටතේ පැවැති ජනහමුවේදී එසේ ප්‍රකාශ කළේය.

එ.ජා. නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස, රාජිත සේනාරත්න, පාඨලී චම්පික රණවක, නන්දන ගුණතිලක, තිලක්‌ කරුණාරත්න, සේන රාජා සමරනායක ඇතුලු පාර්ලිමේන්තු, පළාත් සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභා නියෝජිතයින් රැසක්‌ මෙම අවස්‌ථාවට එක්‌වූහ.

රැස්‌වීම අමතා මෛත්‍රීපාල සිරිසේන මහතා මෙසේද පැවැසීය. ......................

http://www.divaina.com/2014/12/13/news21.html
12  Dec 2014
අද රැස්‌වීම් - මහින්ද 
ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා අද
(12 දා) මාතර, අකුරැස්‌ස, දෙණියාය, දෙවිනුවර යන ප්‍රදේශවල සංවිධානය කර ඇති මැතිවරණ ප්‍රචාරක රැස්‌වීම්වලට සහභාගි වීමට නියමිතය.මෛත්‍රීපාල 
විපක්‍ෂයේ පොදු අපේක්‍ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා අද
(12 දා) නාත්තණ්‌ඩිය, වෙන්නප්පුව, නිකවැරටිය සහ හෙට්‌ටිපොල
රැස්‌වීම්වලට සහභාගි වෙයි.