Dec 13, 2014

12 Dec 2014
ඡන්ද පත්‍රිකා මුද්‍රණයේදී
ආරක්‌ෂක කටයුතුවලින් රජයේ මුද්‍රණාලයේ ආරක්‍ෂක අංශ ඉවතට
ප්‍රියදර්ශන ලියනගේ

ජනාධිපතිවරණය සඳහා නිල ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීමේදී ලබා දෙන ආරක්‍ෂක කටයුතුවලින් රජයේ මුද්‍රණාලයේ ආරක්‍ෂක අංශ නිලධාරීන්' සම්පූර්ණයෙන්ම ඉවත් කර ඇතැයි රජයේ මුද්‍රණාලයේ ඉහළ නිලධාරියෙක්‌ 'දිවයින'ට ඊයේ (12 දා) පැවසීය.

වැඩිදුරටත් කරුණු දැක්‌වූ මුද්‍රණාල ප්‍රකාශකවරයා මෙවර ඡන්ද පත්‍රිකා මුද්‍රණය සම්පූර්ණයෙන්ම සිදුවන්නේ පොලිස්‌ ආරක්‍ෂාව යටතේ බවත් මීට පෙර පොලිසියත් සමග රජයේ මුද්‍රණාලයේ ආරක්‍ෂක අංශ නිලධාරිනුත් ඡන්ද පත්‍රිකා මුද්‍රණ කටයුතුවල ආරක්‍ෂාව සඳහා යොදවනු ලැබූ බවත් පැවසීය. එහෙත් මෙවර රජයේ මුද්‍රණාලයේ ආරක්‍ෂක අංශය සම්පූර්ණයෙන්ම එම කටයුතුවලින් ඉවත් කර තිබෙන බවද හෙතෙම පැවසීය.
එමෙන්ම මෙවර ඡන්ද පත්‍රිකා මුද්‍රණය සම්පූර්ණයෙන්ම දහවල් කාලයේ පමණක්‌ සිදු කරන අතර මීට පෙර රාත්‍රි කාලයේත් ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීම සිදු වූ බව ද එම නිලධාරියා පවසයි. එහෙත් දවල්ට මුද්‍රණය කරන ඡන්ද පත්‍රිකා රාත්‍රි කාලයේදී පොලිසියෙන් ආරක්‍ෂා කිරීම ගැටලුවක්‌ බව ද එම නිලධාරියා කියා සිටියේය.
මැතිවරණ කොමසාරිස්‌වරයා ලබා දෙන නියෝග පවා ක්‍රියාත්මක නොකරන පොලිසිය වගකීම නිසිලෙස ඉටුකරනු ඇතැයි සිතන්න අමාරුයි. ඒ නිසා රජයේ මුද්‍රණාලයේ ආරක්‍ෂක අංශ නිලධාරින්ද ඡන්ද පත්‍රිකා මුද්‍රණ කිරීමේ ආරක්‍ෂක කටයුතු සඳහා පොලිසිය සමග යෙදවිය යුතු යෑයි ඔහු වැඩිදුරටත් පැවසීය............
http://www.divaina.com/2014/12/13/news16.html

No comments:

Post a Comment