Dec 13, 2014

12 Dec 2014  JVP

රාජපක්ෂවරුන්ගේ ඇමරිකානු දේපළ හෙළිවෙයි

2014 දෙසැම්බර් 12 වෙනි සිකුරාදා, 
ජනාධිපතිවරයාගේ බාල සොයුරන් දෙදෙනා වන ඇමරිකානු පුරවැසි බැසිල් රාජපක්ෂගේ සහ ගෝඨාභය රාජපක්ෂගේ ඇමරිකා එක්සත් ජනපදයේ ඩොලර් මිලියන ගණනක දේපළවලින් කොටසක විස්තර හෙළිදරව් වී තිබේ.
මේ දේපළ අතරට බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයාගේ බිරිඳ වන පුෂ්පා රාජපක්ෂ නමින් කැලිෆෝනියාවේ පිහිටි නිවාස 04ක් ඇතුළත්ය. ඒවායේ ලිපිනයන් පහත පරිදිය. (1) 5581 Homecoming, Mira Loma, CA 91752 (2) 15067 Preston Dr, Fontana, CA 92336 (3) 222 Dexter St, Covina, CA 91723 (4) 15067 Preston Dr, Fontana, CA 92336 යන ස්ථානවල එම නිවාස ඇත. http://radaris.com/ නම් එක්සත් ජනපදයේ පුද්ගල සෙවුම් වෙබ් අඩවියේ අදාළ නම් ඇතුළත් කිරීම මගින් එම ස්ථාන  ඕනෑම අයෙකුට පරීක්ෂා කර ගත හැකිය.
එසේම ගෝඨාභය රාජපක්ෂ ලේකම්වරයාගේ බිරිඳ වන අයෝමා රාජපක්ෂ නමින් වන නිවාස 02ක තොරතුරුද අනාවරණය වේ. ^1& 1341 Wickham Ct, San Dimas, CA 91773 ^2& 303 S Cataract Ave, San Dimas, CA 91773 යන ස්ථානවල එම නිවෙස් පිහිටා ඇත...............

No comments:

Post a Comment