Dec 24, 2014

24 Dec 2014
මහින්ද 

එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ ජනාධිපති ධුර අපේක්‍ෂක ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා අද (24 දා) ප.ව. 4.00 ට කඹුරුපිsටියේ පැවැත්වෙන මහජන රැලිය ඇමතීමට නියමිතය.

මීට අමතරව පෙ.ව. 10.00 ට මහරගම නාවින්න ක්‍රීඩාංගණයේදී ජනතාව හමුවීමද, පෙ.ව. 10.30 ට හෝමාගම මාකුඹුර එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධාන කාර්යාලය ඉදිරිපිටදී ජනතාව හමුවීම ද පෙ.ව. 11.00 ට උන්දුරුගොඩ විහාරස්‌ථානයේ ආගමික වතාවත්වලට ද ප.ව. 12.00 ට රත්මලාන බඩෝවිට ඇල මාර්ග විධිමත් කිරීමේ නිරීක්‍ෂණ චාරිකාවට ද පෙ.ව. 12.30 ට දෙහිවල පුණ්‍යවර්ධනාරාමයේදී ආගමික වතාවත්වලටද, ප.ව. 1.30 ට දෙහිවල නගර සභා පටුමගේදී ජනතාව හමුවීම ද ප.ව. 2.00 ට මොරටුව ජනතාව හමුවීමට ද නියමිතය.


මෛත්‍රීපාල 

පොදු අපේක්‍ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා අද (24 දා) සවස මහජන රැලි 5 ක්‌ ඇමතීමට නියමිතය. කැලණිය, කිරිබත්ගොඩ, කොලොන්නාව, නුගේගොඩ, දෙහිවල සහ කැස්‌බෑවේ එම රැලි පැවැත්වේ.

මීට අමතරව අද පෙරවරු 10.00 ට කොළඹ විහාරමහාදේවි එළිමහන් රංග පීඨයේදී මෛත්‍රීපාල සිරිසේන මහතා ලක්‌වනිතා කාන්තා පෙරමුණේ හමුව ඇමතීමට ද නියමිතය.
 
24 Dec 2014
Video: Household income plunging: Champika


The household income of the economy which at around 45% of the Gross Domestic Products (GDP) in the past has started plummeting at an alarming rate during the past few years and was at a critical 35% in 2013 according to Department of Census and Statistics, JHU General Secretary and ex-Minister Patali Champika Ranawaka said today.

“About a decade ago the GDP and household income grew at parallel rates close to 7% but in 2013 while the GDP growth was at 7% the increase in household income stood at a mere 0.3%" the ex-minister said adding that there had been a steady decline in the household income as a percentage of the GDP during the past few years.
 Addressing an opposition media conference in Colombo, Mr. Ranawaka said “The Statistics Department figures show that in the year 2013 alone some Rs. 700 billion which should have gone to households have been plundered thus depriving each and every family Rs.140,000 of what they should have got in the year”.
“It’s anybody’s guess who would have robbed the people of their deserved share of economy. The average citizen has been forced to scrape the barrel while the leaders of regime and their cronies indulged in lap of luxury” he added.
 http://www.dailymirror.lk/59675/hose-hold-income-plunging-champika
24 Dec 2014
Video: Ranil complains to police over fraudulent document 


United National Party (UNP) National Leader Ranil Wickremesinghe said he had complained to the Police Chief today with regard to a fraudulent document on which his signature and that of common opposition candidate Maithripala Sirisena had been forged.

 In his complaint he said that this misleading document had been issued to the state media.
http://www.dailymirror.lk/59601/ranil-complains-to-police-over-fraudulent-document

විපක්‌ෂ නායක රනිල් පොලිස්‌පතිවරයාගෙන් ඉල්ලයි 
පළව තිබූ පුවත්පත් දැන්වීමට ව්‍යාජ අත්සන් යෙදීම පිළිබඳව පුළුල් පරීක්‌ෂණයක්‌ පවත්වන්න 

විපක්‌ෂයේ පොදු අපේක්‍ෂක මෛත්‍රිපාල සිරිසේන මහතා හා තමන් අතර අත්සන් කර ඇති ගිවිසුමක්‌ යෑයි කියමින් ජාතික පුවත්පත්වල ඊයේ (23 වැනිදා) පළකර තිබූ දැන්වීමට තමාගේ හා මෛත්‍රිපාල සිරිසේන මහතාගේ අත්සන ව්‍යාජ ලෙස යොදා තිබීම පිsළිබඳව පරීක්‌ෂණයක්‌ පවත්වන ලෙස පොලිස්‌පතිවරයාගෙන් ඉල්ලා සිටින බව විපක්‌ෂනායක රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය.

එක්‌සත් ජාතික පක්‌ෂ මූලස්‌ථානයේ ඊයේ (23 වැනිදා) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී රනිල් වික්‍රමසිංහ මහතා එසේ කියා සිටියේය.............
http://www.divaina.com/2014/12/24/news25.html
23 Dec 2014
පාලම්, පාරවල් හැදෙන්න ඕනෑ ජාතික නිෂ්පාදනයේ දියුණුවත් සමඟයි
අනුර කුමාර දිසානායක

රාජපක්‍ෂ ආණ්‌ඩුව මේ රටේ දේශපාලන සංස්‌කෘතිය විනාශ කළා. එහාට මෙහාට මුදලට විකිණෙන මන්ත්‍රීවරු හැදුවා.

රාජපක්‍ෂ ආණ්‌ඩුව සැලුන් දොර වගෙයි කීවා. අපේ පක්‍ෂ නම් එහෙම නෑ. අපේ පක්‍ෂයට කෙනෙක්‌ ගන්නේ ප්‍රතිපත්ති බලලයි. ප්‍රතිපත්ති කැඩුවොත් තමයි පක්‍ෂයෙන් යවන්නේ.

අතීතයේදීත් මන්ත්‍රීවරු පක්‍ෂ මාරු කළේ ප්‍රතිපත්තිවලටයි. නමුත් අද ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයාත් කෝටියකට දෙකකට විකිණෙන සංස්‌කෘතියක්‌ බිහිවෙලා.

ජනතා විමුක්‌ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පසුගිය සති අන්තයේ කෑගල්ල නගරයේ පැවැති ජනහමුවකදී මෙම අදහස්‌ පළ කළේය.
ඉදිරියේදී පැවැත්වෙන ජනාධිපතිවරණය ඉලක්‌ක කරමින් මෙම ජනරැලිය පැවැත්විණි.
එහිදී වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ අනුර කුමාර දිසානායක මහතා,
"ජනපති වියරුව පරදවමු" යන තේමාව යටතේ පැවැති මෙම රැලියේදී ජනතා විමුක්‌ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා මෙසේ ද පැවසීය.

23 Dec 2014
මෛත්‍රීට ඡන්දෙ දෙන්නැයි ආනන්දසංගරී කියයි
2014 දෙසැම්බර් මස 22 14:48:00 | . , එන් පරමේෂ්වරන්

ඒකාධිපතිවාදය පරාජය කිරීම සඳහා විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට ඡන්දය දෙන්නැයි දෙමළ එක්සත් පෙරමුණේ නායක වී ආනන්දසංගරී මහතා අද(22) යාපනයේ පුවත්පත් සාකච්ඡාවකදී අද (22) ප්‍රකාශ කළේය.
මාධ්‍යවේදීයෙක්  - ඇයි මෛත්‍රීපාලට සහයෝගය දෙන්නැයි කියන්නේ ?
ආනන්දසංගරී     - ‘මෛත්‍රීට සහාය දෙන්නේ ඇයි දැයි අහන්න එපා.මහින්දට ඡන්දය නොදිය යුත්තේ ඇයි දැයි    අහන්න.ඒකාධිපතිවාදය මුලින්ම නැති කළ යුතුයි.එවිටයි අපිට නිදහසේ හුස්ම ගන්න පුළුවන්.මහින්ද තවමත්  කොටි සංවිධානය දඩමීමා කරගෙන ඡන්දය දිනන්න හදනවා. කොටියා අද නැති බව යථාර්තයක් .කොටියාගේ කොන්ද කඩලා.පසුගිය අවුරුදු පහේදී උතුරු නැගෙනහිර වෙඩි හඬ ඇහුණේ නෑ.කොටි සංවිධානයේ මුලුත් ගලවා ඉවරයි.ඒත් මහින්ද කොටියා අල්ලාගෙන සිටිනවා.දෙමළ ජනයාට ඔහු අසාධාරණකම් කරනවා.අද අපිට වෙනසක් ඕනෑ.‘
තමාගේ මෙම ප්‍රකාශ නිසා හෙට සිට තමාට රජයෙන් දී ඇති ආරක්ෂාව ඉවත් කරනු ඇතැයිද සංගරී මහතා කීවේය.


23 Dec 2014
ජනවාරි 9 වැනිදාට අපි අලුත් ආණ්‌ඩුවක්‌ හදනවා අනිවාර්යයි
මහින්ද රාජපක්‍ෂට යළි මේ රටේ ජයග්‍රහණ නැහැ
පොදු අපේක්‍ෂක මෛත්‍රීපාල සිරිසේන
රාජපක්‍ෂ යුගය අවසන් කරන්න
හංසයා ඉදිරියෙන් කතිරය ගසන්න

විපක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ 


දේශපාලන අස්‌ථාවරභාවයක්‌ අද රටේ ඇති වී තිබෙන්නේ පවුල් පාලනයේ අනිසි බලපෑම නිසා බවත් යළි කිසි දිනෙක මහින්ද රාජපක්‍ෂ මහත්තයලට මේ රටේ ජයග්‍රහණයක්‌ නොලැබෙන බවත් විපක්‍ෂයේ ජනාධිපතිවරණ පොදු අපේක්‍ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගියදා අරණායක, රුවන්වැල්ල, ඇහැලියගොඩ, අවිස්‌සාවේල්ල, මාවතගම සහ දැරණියගල පැවැති ජනහමුවලදී ප්‍රකාශ කළේය.

"එක්‌ වෙමු වෙනසක්‌ කරමු" යන තේමාව ආශ්‍රයෙන් මෙම ජනහමු සංවිධානය කර තිබිණි.

අවිස්‌සාවේල්ල ජනහමුවේදී කොළඹ දිස්‌ත්‍රික්‌ ශ්‍රීලනිප සංවිධායකවරයකු වන සාගර සේනාරත්න මහතා මෛත්‍රීපාල සිරිසේන මහතාගේ වේදිකාවට එක්‌වී මෛත්‍රීපාල මහතාට සහාය දැක්‌වීමට එකඟතාව පළ කළේය.
මෙම ජනහමුවලදී තවදුරටත් අදහස්‌ දැක්‌වූ විපක්‍ෂයේ ජනාධිපතිවරණ අපේක්‍ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා මෙසේ ද පැවසීය.
පවතින රාජපක්‍ෂ පාලනය ඉවත් කර ජනතාවගේ නිදහස සහ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්‍ෂා කිරීමටත්, නීතියේ ආධිපත්‍යය රැකගෙන ප්‍රබුද්ධ රටක්‌ බවට ශ්‍රී ලංකාව පත්කිරීමටත් ඉතා කෙටි කලක්‌ තුළ ඔබ අප සූදානම් වී තිබෙනවා. ඒ අලුත් ආණ්‌ඩුව අපි ලබන 9 වැනිදාට හදනවා. ඒක අනිවාර්යයි. ඒක වෙනස්‌ කරන්න කාටවත් බැහැ. බණ්‌ඩාරනායක ප්‍රතිපත්තිය හෝ ශ්‍රීලනිප ප්‍රතිපත්තිය අද මහින්ද රාජපක්‍ෂ ආණ්‌ඩුවේ නැහැ. 2010 දී ජනාධිපති වරම ඉල්ලුවේ කුමකටද? යන්නත් මහින්ද රාජපක්‍ෂ මහතාට අද අමතක වී තිබෙනවා. 2009 දී මේ ජනාධිපතිට මහාරජාණෝ යෑයි කියමින් ජනතාව සතුට පළ කළා. ප්‍රශස්‌ති ගී ගැයුවා. නිල්, කොල, රතු, කොඩි වෙනුවට සිංහ කොඩිය වනමින් මහින්ද රාජපක්‍ෂ මහතාට ගෞරව ආචාර පුද කළා. නමුත් ජනතාවාදී ආණ්‌ඩුවක්‌ වෙනුවට රාජාණ්‌ඩුවක්‌ බිහිවුණා. මහින්ද රාජපක්‍ෂ මහතාට රජෙක්‌ වෙන්න වුවමනා වුණා. ඉතිහාසයේ නොයෙක්‌ ආකාරයේ රජවරු ඉඳලා තිබෙනවා. කුරිරු, අධාර්මික, දුෂ්ඨ පාලකයෝ ඉඳලා තිබෙනවා. ඒත් මේ රටේ ආඥාදායකත්වයක්‌ ගෙනියන්න දෙන්න බැහැ. ඇමැති මණ්‌ඩලය තුළ කිසිම ඇමැතිවරයෙක්‌ කියන දෙයක්‌ මහින්ද රාජපක්‍ෂ අහන්නේ නැහැ. උගතුන් සහ බුද්ධිමතුන්ගේ අදහස්‌ සහ යෝජනා ගණන් ගන්නේ නැහැ. කොටින්ම ඔහු කාවවත් මායිම් කරන්නේ නැහැ.

23 Dec 2014
විපක්‍ෂයට ප්‍රතිපත්තියක්‌ නැති නිසා 
එකමුතුකමින් ගමනක්‌ යන්න බැහැ 
 ජනපති කාත්තන්කුඩියේදී හා මඩකලපුවේදී කියයි 8 වැනිදා බුලත් කොළය දිනවා
14 වැනිදා තෛයිපොංගල් සමරමු
නි. ඇමැති විනයාගමුර්ති මුරලිදරන් 


රාජ්‍ය සේවය කප්පාදු කිරීමට එදා විපක්‍ෂය ගෙනගිය ප්‍රතිපත්තිය තවමත් වෙනස්‌ වී නැති බව ඔවුන්ගේ අලුත් ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් පැහැදිළි වන්නේ යෑයිද, එදා ලක්‍ෂ තුනක්‌ දක්‌වා කප්පාදු කළ රාජ්‍ය සේවය ලක්‍ෂ පහළොව දක්‌වා වැඩිකර රාජ්‍ය සේවයට නිසිතැන ලබාදුන්නේ තම රජය බවත් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සඳහන් කළේය.

ප්‍රතිපත්තියක්‌ නොමැති නිසා විපක්‍ෂයේ පක්‍ෂවලට එකමුතුකමින් ගමන් කිරීමට හැකියාවක්‌ නොමැති බව සඳහන් කළ ජනාධිපතිවරයා සිංහල, දෙමළ, මුස්‌ලිම් කියා ජාතිවාදී දේශපාලනය නැතුව අපි සැවොම එක මවකගේ ලංකා මාතාවගේ දරුවන් ලෙස කටයුතු කරමු යෑයිද වැඩිදුරටත් සඳහන් කළේය.

මඩකලපුව හින්දු විද්‍යාලයීය ක්‍රීඩාංගණයේදී හා කා
ත්තන්කුඩි නගරයේදී පසුගිය 19 වැනිදා පැවති ජනාධිපතිවරණ ජනහමුවලට එක්‌වෙමින් ජනාධිපතිවරයා මේ බව පැවසීය.

එහිදී ජනාධිපතිවරයා මෙසේද පැවසීය.

තමුන්නාන්සේලා මේ මහා වර්ෂාව නොතකා අපට සහයෝගය දැක්‌වීමට පැමිණීම පිළිබඳව මම ස්‌තුතිවන්ත වෙනවා. පසුගිය යුගයේ ඔබ සුනාමි ව්‍යසනයට මුහුණ දුන්නා. ඉන්පසු තවත් ව්‍යසනයන්ට හසුවුණා.

මෙවන් ව්‍යසනයන්ට මුහුණදුන් ඔබ අද අපේ ආණ්‌ඩුව යටතේ සංවර්ධනය වෙමින් පවතින තත්ත්වයකට ගොඩනැගිලා. අපේ බලාපොරොත්තු ඔබ හැමගේ ජීවිත වඩාත් යහපත් කිරීමයි.



23 Dec 2014
සරත් ෆොන්සේකාට එරෙහි නඩු ඇතුළු 
නීති ගැටලුවලට සහන දෙන්න ජනපති එකඟ වුණා
ජයන්ත කැටගොඩ කියයි
හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතාට එරෙහිව පවතින සියලු නඩු සහ අනෙකුත් නීතිමය ගැටලුවලට කෙටි කාලයක්‌ ඇතුළත සහන ලබාදීමට ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා තමාට පොරොන්දු වූ බව ප්‍රජාතන්ත්‍රවාදී පක්‍ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ මහතා පසුගියදා (19 වැනිදා) ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂ මූලස්‌ථානයේ පැවති මාධ්‍ය හමුවකදී අනාවරණය කළේය.
ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා සමග කළ සාකච්ඡාවකින් අනතුරුව ජනාධිපතිවරයා එම පොරොන්දුව ලබාදුන් බවත් ඒ අනුව ඉදිරි කාලයේදී සියලු නඩු හා අනෙකුත් නීතිමය ප්‍රශ්න අවසන් වනු ඇතැයිද හෙතෙම කියා සිටියේය.
"සරත් ෆොන්සේකා මහතාට ඇති නඩු ඉවත් කර දෙන ලෙසත් ෆොන්සේකා මහතාගේ කොළඹ ඉඩමේ ගැටලුව සහ බැංකුවක තැම්පත්කර තිබූ රුපියල් කෝටි හතේ මුදල් ගැටලුවත් නිරාකරණය කර දෙන මෙන් මම ආරක්‍ෂක ලේකම්වරයා හමුවී ඉල්ලීමක්‌ කළා. ඔහු එවිට මට පැවසුවේ සියලු නඩු සහ අනෙකුත් ප්‍රශ්න ඉවත් කර දීමට කටයුතු කරන බව යෑයි හෙතෙම මාධ්‍ය හමුවේ කියා සිටියේය.
අධිකරණයේ විභාගවන නඩුවක්‌ ඉවත් කිරීමට ආරක්‍ෂක ලේකම්වරයාට ඇති හැකියාව කුමක්‌ද යන්න එහිදී මාධ්‍යවේදියකු ජයන්ත කැටගොඩ මහතාගෙන් විමසා සිටි අතර එහිදී ඔහුගේ පිළිතුර වූයේ "නැහැ සහනයක්‌ ලබාදීමේ හැකියාව තිබෙනවා. ජනාධිපති මෙම ප්‍රශ්නය වෙනුවෙන් පෙනී සිටින නිසා ඔහුට ඒ සඳහා මුක්‌තියේ අයිතිය තිබෙනවා" යන්නයි.

http://www.divaina.com/2014/12/22/news20.html
23 Dec 2014
පිඟන් හෝදන්න කාණු කපන්න යොදවන බව ඇතැමුන් කීවත්
ආරක්‍ෂක හමුදාවල කිසිවකු බාල්දු කිරීමට ලක්‌කර නැහැ    - 
ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ
 පොළොන්නරුවේ පාසල් 14 ක්‌ යුද හමුදාව මගින් ඉදිකර තිබෙනවා. මේ මගින් විශාල වියදමක්‌ රජයට ඉතිරි කිරීමට හැකි වුණා. පසුගිය යුද්ධයෙන් පස්‌සේ නාවික හමුදාවට 10,000 ක්‌ බඳවා ගත්තා. මේ අය අතරට මේසන් බාස්‌ලා, විදුලි කාර්මිකයන්, වඩු කාර්මිකයන් ඇතුළත් වෙනවා. මේ අය රටේ සංවර්ධනයට එක්‌වී රට ගොඩනගන්න උපකාර කරනවා. යුද්ධයෙන් පස්‌සේ යුද හමුදාවට 25,000 ක්‌ බඳවා ගත්තා. විවිධ විදේශීය බලවේගයන් අපේ හමුදාවට එරෙහිව කුමන්ත්‍රණ කරනවා.

අද ඇතැමුන් කියනවා ආරක්‍ෂක හමුදාව ලවා කාණු කප්පවනවා, පිඟන් හෝදවනවා කියලා. එහෙම බාල්දු කිරීමකට කිසිදු ආරක්‍ෂක අංශයක පිරිසක්‌ අපි යොදවලා නැහැ. මේ රටේ ජාතික අවශ්‍යතාවන් සඳහා පමණක්‌ යොදවා තිබෙනවා. අද අනුරාධපුරයේ, පොළොන්නරුවේ ත්‍රිකුණාමලයේ ඇතිවී තිබෙන ගංවතුර තර්ජන වලදී විපතට පත් අයට උපකාර කරන්නේ හමුදාව. ඒ අයගේ ජීවිත බේරාගන්නේ අද හමුදාවේ රණවිරුවන් යෑයි ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඊයේ (22 වැනිදා) කතරගම වැඩිහිටිකන්ද රාජමහා විහාරයේ පැවැති උත්සවයේදී පැවැසීය.
22 Dec 2014

Deshapriya, Illangakoon earn praise from Opposition

 
article_image
By Shamindra Ferdinando

The Opposition yesterday praised Elections Commissioner Mahinda Deshapriya for making a genuine effort to ensure a level playing field in the run-up to January 8, 2015 presidential election.

Opposition spokesman UNP MP Wijeyadasa Rajapakshe, PC, said that Deshapriya had shown his commitment in spite of incumbent President exercising executive powers to his advantage.

Addressing the media at the Opposition Leader's Office at Sir Marcus Fernando Mawatha, MP Rajapakshe said that polls chief's feat was a victory for those who value democracy.

The UNP also appreciated the efforts made by police Chief N.K. Illangakoon to keep the situation under control. However, the IGP had been placed in a difficult situation due to former IGP Mahinda Balasuriya being appointed Secretary to the Law and Order Ministry. The UNP said that Balasuriya received a diplomatic posting after he quit the police service consequent to the death of a garment worker at the Katunayake Export Processing Zone (EPZ) at the hands of the police.

The PC accused Balasuriya of printing a special booklet to promote President Rajapaksa at taxpayers' expense. Displaying the booklet, MP Rajapakshe alleged that the Law and Order Secretary was putting pressure on the police department to throw its weight behind President Rajapaksa.
One-time JVP presidential candidate Nandana Gunatilleke said that the government was brazenly using the armed forces and the police for political work. Alleging that security forces personnel had been used for labourers' work since the conclusion of the conflict, Gunatilleke blamed President Rajapaksa and Defence Secretary Gotabhaya Rajapaksa for what he called pathetic situation experienced by those who fought against the LTTE.
Gunatilleke said that war hero General Sarath Fonseka had to undergo severe hardships due to him challenging President Rajapaksa at the last presidential poll. "The war veteran was denied a pension. Those who had served under him too earned the wrath of the government. Wife of a Brigadier died about a year after her husband was forced out of the army for performing legitimate tasks."
Gunatilleke urged families and loved ones of security forces and police to exercise their franchise in support of Maithripala Sirisena.
Their candidate was called Sirisena by UPFA spokesmen in an obvious bid to undermine his candidature. The government was trying to humiliate Maithripala Sirisena, thereby antagonize those living in the provinces, the former JVPer charged.
23 Dec 2014
කර්මාන්ත හා වාණිජ කටයුතු ඇමැති රිෂාඩ්
ඇතුළු සමස්‌ත ලංකා මුස්‌ලිම් කොංග්‍රස්‌ පක්‍ෂය
මෛත්‍රීට එක්‌වෙයි

කර්මාන්ත හා වාණිජ කටයුතු ඇමැති රිෂාඩ් බදියුදීන්, නව පාර්ලිමේන්තු මන්ත්‍රී අමීර් අලි යන මහත්වරු ඇතුළු සමස්‌ත ලංකා මුස්‌ලිම් කොංග්‍රස්‌ පක්‍ෂය විපක්‍ෂයේ පොදු අපේක්‍ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා
සමඟ ඊයේ (22 දා) එක්‌වූහ.
එම පක්‍ෂයේ පළාත් සභා මන්ත්‍රීවරුන් හයදෙනකු ඇතුළු පළාත් පාලන මන්ත්‍රීවරු 69 දෙනකු ද ආණ්‌ඩු පක්‍ෂයෙන් ඉවත්ව විපක්‍ෂ අපේක්‍ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහාය දක්‌වන බව විපක්‍ෂ නායක කාර්යාලයේදී ඊයේ සවස පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්‌වෙමින් ඇමැති රිෂාඩ් බදියුදීන් මහතා කීය.
මෙම තීරණය සම්බන්ධව සහ සිය ඇමැති ධුරයෙන් ඉල්ලා අස්‌වන බව ජනාධිපතිවරයා වෙත ලිපියකින් දැන්වූ බව ද හෙතෙම මෙහිදී සඳහන් කළේය.
නැගෙනහිර පළාත් සභාවේ තම පක්‍ෂය නියෝජනය කරනු ලබන මන්ත්‍රීවරුන් තිදෙනකු ඇතුළුව දැනට පළාත් සභා මන්ත්‍රීවරු හයදෙනකු සිටින අතර අමීර් අලි මහතාගේ ඉල්ලා අස්‌වීමෙන් පුරප්පාඩු වූ මන්ත්‍රී ධුරය ද ඇතුළුව මන්ත්‍රීවරුන් හත්දෙනකුගෙන් සමන්විත තම පක්‍ෂයට මුසලි, ඔට්‌ටමාවඩි, කින්නියා, කාත්තන්කුඩි යන පළාත් පාලන ආයතන හතරෙහි බලයද හිමි බව ඒ මහතා මෙහිදී පැවසීය.
ඒ අනුව 69 දෙනකු වන තම පක්‍ෂයේ සියලුම මන්ත්‍රීවරුන් ඇතුළු සාමාජිකයන් ඉදිරි ජනාධිපතිවරණයේදී විපක්‍ෂ අපේක්‍ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ජයග්‍රහණය සඳහා කටයුතු කරන බව ද හෙතෙම කීය.
යුද්යෙන් නිදහස්‌ වූ රට තුළ ආගම්වාදය, ජාතිවාදය වපුරමින් ආණ්‌ඩුව ගෙන යන වැඩපිළිවෙළ තවදුරටත් අනුමත කළ නොහැකි බැවින් මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ ඇති වූ පැහැදීම මෙම තීරණයට හේතු වූ බවත් බදියුදීන් මහතා සඳහන් කළේය.

රිෂාඩ් බදියුදීන්, අමීර් අලි යන මහත්වරුන් ඇතුළු තම පක්‍ෂයේ ක්‍රියකාරීන් පිරිස ඊයේ සවස විපක්‍ෂ නායක කාර්යාලයට පැමිණි මොහොතේ ඔවුන්ව පිළිගැනීමට මෛත්‍රීපාල සිරිසේන, රනිල් වික්‍රමසිංහ, චන්ද්‍රිකා බණ්‌ඩාරනායක කුමාරතුංග, රවී කරුණානායක, අකිල විරාඡ් කාරියවසම්, ආර්. යෝගරාජන්, අසාද් සාලි යන මහත්වරුන් ඇතුළු පිරිසක්‌ ද සහභාගි වූහ.

සමස්‌ත ලංකා මුස්‌ලිම් කොංග්‍රසය සන්ධාන ආණ්‌ඩුවේ හවුල්කාර පක්‍ෂයක්‌ වන අතර සන්ධානයෙන් පාර්ලිමේන්තුවට පත්කළ මන්ත්‍රීවරයකු ලෙස පත් වූ ඒ. එච්. එම්. අස්‌වර් මහතාගේ ඉල්ලා අස්‌වීම නිසා අමීර් අලි මහතා ආණ්‌ඩු පක්‍ෂයේ මන්ත්‍රීවරයකු ලෙස දිවුරුම් දුන්නේ පසුගිය 12 වැනි දිනය.

http://www.divaina.com/2014/12/23/news15.html