Dec 24, 2014

23 Dec 2014
මෛත්‍රීට ඡන්දෙ දෙන්නැයි ආනන්දසංගරී කියයි
2014 දෙසැම්බර් මස 22 14:48:00 | . , එන් පරමේෂ්වරන්

ඒකාධිපතිවාදය පරාජය කිරීම සඳහා විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට ඡන්දය දෙන්නැයි දෙමළ එක්සත් පෙරමුණේ නායක වී ආනන්දසංගරී මහතා අද(22) යාපනයේ පුවත්පත් සාකච්ඡාවකදී අද (22) ප්‍රකාශ කළේය.
මාධ්‍යවේදීයෙක්  - ඇයි මෛත්‍රීපාලට සහයෝගය දෙන්නැයි කියන්නේ ?
ආනන්දසංගරී     - ‘මෛත්‍රීට සහාය දෙන්නේ ඇයි දැයි අහන්න එපා.මහින්දට ඡන්දය නොදිය යුත්තේ ඇයි දැයි    අහන්න.ඒකාධිපතිවාදය මුලින්ම නැති කළ යුතුයි.එවිටයි අපිට නිදහසේ හුස්ම ගන්න පුළුවන්.මහින්ද තවමත්  කොටි සංවිධානය දඩමීමා කරගෙන ඡන්දය දිනන්න හදනවා. කොටියා අද නැති බව යථාර්තයක් .කොටියාගේ කොන්ද කඩලා.පසුගිය අවුරුදු පහේදී උතුරු නැගෙනහිර වෙඩි හඬ ඇහුණේ නෑ.කොටි සංවිධානයේ මුලුත් ගලවා ඉවරයි.ඒත් මහින්ද කොටියා අල්ලාගෙන සිටිනවා.දෙමළ ජනයාට ඔහු අසාධාරණකම් කරනවා.අද අපිට වෙනසක් ඕනෑ.‘
තමාගේ මෙම ප්‍රකාශ නිසා හෙට සිට තමාට රජයෙන් දී ඇති ආරක්ෂාව ඉවත් කරනු ඇතැයිද සංගරී මහතා කීවේය.


No comments:

Post a Comment