Dec 24, 2014

23 Dec 2014
සරත් ෆොන්සේකාට එරෙහි නඩු ඇතුළු 
නීති ගැටලුවලට සහන දෙන්න ජනපති එකඟ වුණා
ජයන්ත කැටගොඩ කියයි
හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතාට එරෙහිව පවතින සියලු නඩු සහ අනෙකුත් නීතිමය ගැටලුවලට කෙටි කාලයක්‌ ඇතුළත සහන ලබාදීමට ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා තමාට පොරොන්දු වූ බව ප්‍රජාතන්ත්‍රවාදී පක්‍ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ මහතා පසුගියදා (19 වැනිදා) ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂ මූලස්‌ථානයේ පැවති මාධ්‍ය හමුවකදී අනාවරණය කළේය.
ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා සමග කළ සාකච්ඡාවකින් අනතුරුව ජනාධිපතිවරයා එම පොරොන්දුව ලබාදුන් බවත් ඒ අනුව ඉදිරි කාලයේදී සියලු නඩු හා අනෙකුත් නීතිමය ප්‍රශ්න අවසන් වනු ඇතැයිද හෙතෙම කියා සිටියේය.
"සරත් ෆොන්සේකා මහතාට ඇති නඩු ඉවත් කර දෙන ලෙසත් ෆොන්සේකා මහතාගේ කොළඹ ඉඩමේ ගැටලුව සහ බැංකුවක තැම්පත්කර තිබූ රුපියල් කෝටි හතේ මුදල් ගැටලුවත් නිරාකරණය කර දෙන මෙන් මම ආරක්‍ෂක ලේකම්වරයා හමුවී ඉල්ලීමක්‌ කළා. ඔහු එවිට මට පැවසුවේ සියලු නඩු සහ අනෙකුත් ප්‍රශ්න ඉවත් කර දීමට කටයුතු කරන බව යෑයි හෙතෙම මාධ්‍ය හමුවේ කියා සිටියේය.
අධිකරණයේ විභාගවන නඩුවක්‌ ඉවත් කිරීමට ආරක්‍ෂක ලේකම්වරයාට ඇති හැකියාව කුමක්‌ද යන්න එහිදී මාධ්‍යවේදියකු ජයන්ත කැටගොඩ මහතාගෙන් විමසා සිටි අතර එහිදී ඔහුගේ පිළිතුර වූයේ "නැහැ සහනයක්‌ ලබාදීමේ හැකියාව තිබෙනවා. ජනාධිපති මෙම ප්‍රශ්නය වෙනුවෙන් පෙනී සිටින නිසා ඔහුට ඒ සඳහා මුක්‌තියේ අයිතිය තිබෙනවා" යන්නයි.

http://www.divaina.com/2014/12/22/news20.html

No comments:

Post a Comment