Dec 24, 2014

23 Dec 2014
විපක්‍ෂයට ප්‍රතිපත්තියක්‌ නැති නිසා 
එකමුතුකමින් ගමනක්‌ යන්න බැහැ 
 ජනපති කාත්තන්කුඩියේදී හා මඩකලපුවේදී කියයි 8 වැනිදා බුලත් කොළය දිනවා
14 වැනිදා තෛයිපොංගල් සමරමු
නි. ඇමැති විනයාගමුර්ති මුරලිදරන් 


රාජ්‍ය සේවය කප්පාදු කිරීමට එදා විපක්‍ෂය ගෙනගිය ප්‍රතිපත්තිය තවමත් වෙනස්‌ වී නැති බව ඔවුන්ගේ අලුත් ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් පැහැදිළි වන්නේ යෑයිද, එදා ලක්‍ෂ තුනක්‌ දක්‌වා කප්පාදු කළ රාජ්‍ය සේවය ලක්‍ෂ පහළොව දක්‌වා වැඩිකර රාජ්‍ය සේවයට නිසිතැන ලබාදුන්නේ තම රජය බවත් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සඳහන් කළේය.

ප්‍රතිපත්තියක්‌ නොමැති නිසා විපක්‍ෂයේ පක්‍ෂවලට එකමුතුකමින් ගමන් කිරීමට හැකියාවක්‌ නොමැති බව සඳහන් කළ ජනාධිපතිවරයා සිංහල, දෙමළ, මුස්‌ලිම් කියා ජාතිවාදී දේශපාලනය නැතුව අපි සැවොම එක මවකගේ ලංකා මාතාවගේ දරුවන් ලෙස කටයුතු කරමු යෑයිද වැඩිදුරටත් සඳහන් කළේය.

මඩකලපුව හින්දු විද්‍යාලයීය ක්‍රීඩාංගණයේදී හා කා
ත්තන්කුඩි නගරයේදී පසුගිය 19 වැනිදා පැවති ජනාධිපතිවරණ ජනහමුවලට එක්‌වෙමින් ජනාධිපතිවරයා මේ බව පැවසීය.

එහිදී ජනාධිපතිවරයා මෙසේද පැවසීය.

තමුන්නාන්සේලා මේ මහා වර්ෂාව නොතකා අපට සහයෝගය දැක්‌වීමට පැමිණීම පිළිබඳව මම ස්‌තුතිවන්ත වෙනවා. පසුගිය යුගයේ ඔබ සුනාමි ව්‍යසනයට මුහුණ දුන්නා. ඉන්පසු තවත් ව්‍යසනයන්ට හසුවුණා.

මෙවන් ව්‍යසනයන්ට මුහුණදුන් ඔබ අද අපේ ආණ්‌ඩුව යටතේ සංවර්ධනය වෙමින් පවතින තත්ත්වයකට ගොඩනැගිලා. අපේ බලාපොරොත්තු ඔබ හැමගේ ජීවිත වඩාත් යහපත් කිරීමයි.



http://www.divaina.com/2014/12/22/news14.html
අපි දන්නවා තමුන්නාන්සේලාට එදා ගමනාගමනයට පැය ගණන් ගතවුණා. දැන් ඒ සඳහා ගතවූ කාලය ඉතාමත් අඩුවෙලා. දැන් පාරවල්, පාලම් ටික හැදිලා තියෙනවා. අපි ඉදිරියේදී සෑම නිවසකටම පානීය ජල පහසුකම් ලබාදීමට කටයුතු කරනවා. ඒ වගේම අපි ගුවන් තොටුපළ හදනවා. සංචාරක කර්මාන්ත දියුණු කරනවා. කර්මාන්ත ඇති කර රැකියා අවස්‌ථා උදාකර දීමට අපි කටයුතු කරනවා.

ගොවි ජනතාවට අපි පසුගිය යුගයේ පොහොර සහනාධාරය ලබාදී ඔවුන් සශ්‍රීක කිරීමට පියවර ගත්තා. එදා තමුන්නාන්සේලාට වී ටික විකුණගන්න බැරිවුණා.

ගොවීන්ගේ වී මිලදී ගැනීමට අපි වී අලෙවි මණ්‌ඩලය වඩාත් ශක්‌තිමත් කළා.

ඔබේ දරුවන්ගේ අධ්‍යාපනයට මහින්දොaදය විද්‍යාගාර ආරම්භ කරලා අලුත් තාක්‍ෂණ විෂය ධාරාවක්‌ හඳුන්වා දුන්නා. පසුගිය කැබිනට්‌ මණ්‌ඩල රැස්‌වීමේදී ඊට අවශ්‍ය ගුරුවරු 30,000 ක්‌ බඳවා ගැනීමට වැඩපිළිවෙළක්‌ සකස්‌ කළා.

විපක්‍ෂයේ අලුත් ප්‍රතිපත්තිය සිංගප්පූරුවේ මෙන් රාජ්‍ය සේවය කළමනාකරණය කිරීමයි. ඒ තුළින් වරාය, ගුවන්තොටුපළ, දුම්රිය වැනි සියලු දේ පුද්ගලික අංශයට පැවරීමයි ඔවුන්ගේ බලාපොරොත්තුව. එයත් රාජ්‍ය සේවය කප්පාදු කිරීමක්‌ ලෙස අපි දකිනවා. ටිකෙන් ටික රාජ්‍ය සේවය කප්පාදු කිරීමේ විපක්‍ෂයේ ප්‍රතිපත්තිය වෙනස්‌ වෙලා නැහැ.

අපි තමයි මේ රටේ රාජ්‍ය සේවයට නිසිතැන ලබා දුන්නේ. ලක්‍ෂ හතක්‌ම පැවති රාජ්‍ය සේවය ලක්‍ෂ තුනට වැඩිකරන්න කටයුතු කරන විට අපි එය ලක්‍ෂ 15 දක්‌වා වැඩිකිරීමට පියවර ගත්තා. මෙවර අයවැයෙන් උසස්‌ පෙළ සමත් තරුණ පිරිස්‌ 1,50,000 කට රැකියා අවස්‌ථා ලබාදීමට මුදල් වෙන්කළා.

අද විපක්‍ෂය එක එක දවසට එක්‌ එක්‌ පක්‍ෂ සමග වෙන වෙන ගිවිසුම් අත්සන් කරනවා. මේ සමහර ගිවිසුම් පිළිබඳ හෙළි කිරීමක්‌ කෙරෙන්නේ නෑ. ඒ නිසා ප්‍රතිපත්තියක්‌ නැති පක්‍ෂයක්‌ සමග එකමුතුවෙන් ගමන් කරන්න හැකියාවක්‌ නැහැ.

ජනාධිපතිවරයා දෙමළ බසින් කළ කතාවේ පරිවර්තනය.

මත්ස්‍යයන් ගී ගයන ඔබේ ප්‍රදේශයේ අවුරුදු තිහක්‌ පමණ ඒ මධුර හඬ ඇසුනේ නෑ. ඒ අඳුරු යුගය දැන් නෑ. මින් මතුවටත් නෑ. මේ දේශය නැවත ගොඩනගන්නට ඔබලා පසුගිය මැතිවරණයේදී මා තෝරා ගත්තා. ඒ ඔබ තැබූ බලාපොරොත්තුව අපතේ ගියේ නෑ. දැන් රටේ කොහේ ගියත් සංවර්ධනය පෙනෙනවා. මේ ප්‍රදේශයේ දියුණුවට කළ දේ අමුතුවෙන් කිවයුතු නෑ. මේ සංවර්ධන වේගය ඒ අයුරින්ම ගියානම් ඔබේ ප්‍රදේශයත් රටත් තව තවත් දියුණු වෙනවා අනිවාර්යයි.

කාත්තන්කුඩි සංවර්ධන කටයුතු සඳහා රුපියල් කෝටි ගණනක්‌ ඔබේ අමාත්‍ය හිස්‌බුල්ලා මහතාට වෙන්කර දී තිබෙනවා. මේ ප්‍රදේශයේ ජලාපවහන කටයුතු සඳහා රුපියල් මිලියන 10,000 ක්‌ වෙන්කර තිබෙනවා. පුද්ගලික විශ්වවිද්‍යාල පාසලක්‌ ලබාදී තිබෙනවා. මුස්‌ලිම් සංස්‌කෘතිය හා ඉතිහාසය ආරක්‍ෂා කරන්න කෞතුකාගාරයක්‌ ද ගොඩනගා තිබෙනවා. එදා පැවති අඳුරු යුගයේ කාත්තන්කුඩි පල්ලියේ සිදුවුණු ශෝකජනක සිද්ධිය මින් පසු කිසිම දවසක සිදුවන්නේ නැහැ. අපිට සිංහල, දෙමළ, මුස්‌ලිම් කියා ජාතිවාදී දේශපාලනය එපා. අපි සැවොම එකම මවකගේ දරුවෝ, ලංකා මාතාවගේ දරුවෝ, මුස්‌ලිම් රටවල් සෑම එකක්‌ම අපේ මිත්‍ර රටවල්. මුස්‌ලිම් පල්ලි හැමවිටම මම ආරක්‍ෂා කරනවා. මම කරපු පිංකමක්‌ තමයි පහසුකම් නැති දුප්පත් මුස්‌ලිම් ජනතාවට හඡ්ජි යන්න අවස්‌ථාව සැලසීම. විරුද්ධ පක්‍ෂය මොනව කිව්වත් වැරදි මාර්ගයේ යන්න එපා. රට ඉදිරියට යනවද ආපස්‌සට යනවද කියා කල්පනා කර බලන්න.

කාත්තන්කුඩි කිව්වම මුළු ලෝකයම දන්නවා. මේ කාත්තන්කුඩි පල්ලියේ ආගම අදහමින් සිටි පිරිස කොටි ත්‍රස්‌තවාදීන් විසින් අනුකම්පා විරහිතව කෲර ලෙස පල්ලිය තුළදීම ඝාතනය කළා. අවසාන බෝම්බය පිපිරෙව්වේ දකුණේ අකුරැස්‌ස පල්ලියේ.

මේ ම්ලේච්ඡ ත්‍රස්‌තවාදය පරාජය කර ඔබ හැමට නිදහස ලබාදීමට අපිට හැකිවුණා. ඒ ත්‍රස්‌තවාදය හෝ වෙනත් ත්‍රස්‌තවාදයක්‌ මේ රට තුළ ඇතිවෙන්න ඉඩ තබන්නේ නෑ වගේම ඔබේ ආරක්‍ෂාව අපි තහවුරු කරනවා. එම නිසා ඔබ බොරු ප්‍රචාරවලට නොරැවටී බුද්ධිමත්ව කටයුතු කරන්න.

ආර්ථික සංවර්ධන නියෝජ්‍ය ඇමැති එම්. එල්. ඒ. එම්. හිස්‌බුල්ලා මහතා -

එළැඹෙන ජනාධිපතිවරණයේදී ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ජයග්‍රහණය කිරීමෙන් පමණයි මුස්‌ලිම් ජනතාවගේ ප්‍රශ්නවලට විසඳුම් ලබාගැනීමට හැකිවන්නේ. එල්ලුම් ගස්‌ යැමට වුණේ බියක්‌ නැති ජනාධිපතිතුමා යුද්ධය අවසන් කළා.

මුස්‌ලිම් ජනතාව හා වත්මන් ආණ්‌ඩුව අතර ගැටුම් ඇති කරන්නට ඇතැමුන් උත්සාහ ගන්නවා. ඉරාකය, ලිබියාව ආදී රටවල ඇතිවී තිබෙන තත්ත්වය මේ රටේ ඇතිවීමට උත්සාහ ගන්නවා.

ප්‍රතිපත්තියක්‌ නැති තාවකාලික එකමුතුවක්‌ වෙනුවෙන් සහාය දියයුතු නැහැ. අපේ ප්‍රශ්නවලට විසඳුම් දිය හැක්‌කේ ජනාධිපතිතුමාට පමණයි. විධායක ජනාධිපති ක්‍රමය ඉවත් කිරීමෙන් රටේ සුළු ජාතීන්ට අවාසියක්‌ වෙනවා. විධායක ජනාධිපති ක්‍රමය සහ ඡන්ද ක්‍රමය වෙනස්‌ කරන්න යන විපක්‍ෂ පොදු අපේක්‍ෂකට සහාය දීම අපි විසින්ම ගැටලු ඇතිකර ගැනීමක්‌. අපේ ගැටලු විස¹ ගැනීමට ජනාධිතිතුමාව ජයග්‍රහණය කරවීමට අපි අත්වැල් බැඳගත යුතුයි.

වසර 30 ක යුද්ධයෙන් පීඩා විඳි අප රට ඉන් නිදහස්‌ කර රටට සාමය උදා කිරීමට එතුමාට හැකිවුණා. එතුමාගේ ජයග්‍රහණයට මුස්‌ලිම් ජනතාව ශක්‌තිය ලබාදිය යුතුයි. බටහිර බලවේගවල කුමන්ත්‍රණයන්ට හසුවී ජනාධිපතිවරණයට මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරිපත්ව සිටිනවා.

නැවත පදිංචිකිරීමේ නියෝජ්‍ය ඇමැති විනයාගමුර්ති මුරලිදරන් මහතා -

අපි ලබන 8 වැනිදා බුලත් කොළය දිනවල ජනවාරි 14 වැනිදා තෛපොංගල් සමරමු. ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා වැනි ශ්‍රේෂ්ඨ නායකයකු යටතේ අපට කොන්ද කෙලින් තියාගෙන වැඩකරන්න පුළුවන්කම ලැබී තිබෙනවා. මෛත්‍රීපාල සිරිසේන මහතා සමග සිටින්නේ දෙමළ මුස්‌ලිම් ජනතාවට විරුද්ධ කණ්‌ඩායමක්‌. මේ ජනාධිපතිවරණයේදී මුස්‌ලිම් ජනතාවගේ සහාය ලැබිය යුත්තේ ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාටයි. නිවැරැදි තීරණ ගන්නා ජනාධිපතිතුමාගේ ජයග්‍රහණය වෙනුවෙන් කැපවිය යුතුයි. එමගින් සියලු ජන කොටස්‌වල ගැටලු සඳහා විසඳුම් ලබාගත හැකියි.

නැගෙනහිර පළාත් හිටපු ප්‍රධාන ඇමැති සිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් මහතා -

ජනාධිපතිතුමා සාමය අරන්දී මේ පළාත සංවර්ධනය කළා. අද නැගෙනහිර පළාතේ ශීග්‍ර සංවර්ධනයක්‌ සිදුවෙලා. වසර 30 ක යුද්ධයෙන් බැටකෑ අපි තමුන්නාන්සේලා දැන් තමයි නිදහසේ හුස්‌මක්‌ ගන්නේ. ජනාධිපතිතුමා ලබාදුන් මේ සාමය අපි ආරක්‍ෂා කරගත යුතුයි.

පසුගිය කාලවල මෙන්ම ඉදිරියේ ජනාධිපතිතුමා හැරෙන්න වෙන කවුරුත් මොකුත් කරන්නේ නෑ. බලාපොරොත්තු වෙන්නත් එපා. මේ ජනාධිපතිවරණයේදී ඡන්දපොළට ගොස්‌ ඡන්දය ලබාදී ජනාධිපතිතුමා ජයග්‍රහණය කරවා පළාත ගොඩනගමු.

මඩකලපුව සංවිධායක අරුන් තම්බිමුත්තු කාත්තන්කුඩි නගරාධිපති එම්. එච්. එම්. අෂ්වර්, යන මහත්වරු ඇතුළු මහජන නියෝජිතයන් පිරිසක්‌ කතා කළහ. 

No comments:

Post a Comment