Jan 3, 2015

මෛත්‍රීට පැල්මඩුල්ලේදී මැර ප්‍රහාරයක්

03 Jan 2015
විපක්‍ෂයේ ජනාධිපති පොදු අපේක්‍ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා පැල්මඩුල්ලේ බස්‌ නැවතුම්පොළේදී ඊයේ (02 වැනිදා) සවස පැවැති ජනහමුවක්‌ අමතමින් සිටියදී ගල්මුල් ප්‍රහාරයක්‌ එල්ල වී ඇත.
එම ප්‍රහාරයෙන් ඒ මහතාට හානියක්‌ සිදු වී නැත. ආරක්‍ෂකයන් කිහිපදෙනකු සහ රැස්‌වීමට පැමිණි පුද්ගලයන් කිහිපදෙනකු තුවාල ලබා තිබේ.
ප්‍රහාරය එල්ල කර ඇත්තේ ඒ අසල අලුතින් ඉදිකරමින් තිබූ ගොඩනැඟිල්ලේ සිට බව වාර්තා වේ. තුවාල ලැබූවන් ප්‍රතිකාර සඳහා රෝහල්ගත කර ඇත.

http://www.divaina.com/2015/01/03/news29.html

මෛත්‍රීට පැල්මඩුල්ලේදී මැර ප්‍රහාරයක්
2 ජනවාරි 2015 අවසාන වරට යාවත්කාලීන කළේ 18:02 GMT
විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන සහභාගිවූ පැල්මඩුල්ලේ ප්‍රචාරක රැළියකට එල්ලවූ මැර ප්‍රහාරයකින් හය දෙනෙක් තුවාල ලබති.
පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන රැස්වීම අමතන විට වේදිකාව පිටු පස පිහිටි ගොඩනැගිල්ලක සිට ගල් ප්‍රහාරය එල්ලවූ බව රැස්වීම වාර්තා කිරීමට ගොස් සිටි මාධ්‍යවේදී අරුණ හේරත් පැවසුවේය.
එම ගල් ප්‍රහාර රැස්වීමට සහභාගි වෙමින් සිටි ආධාරකරුවන්ට වැදුණු බව පැවසූ මාධ්‍යවේදියා එම අවස්ථාවේදී පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන ආරක්ෂක නිලධාරීන් විසින් ආරක්ෂිතව කැටුව ගිය බවයි ප්‍රකාශ කළේ.
කුපිතවු ජනතාව පසුව ගල් ප්‍රහාර එල්ල කළ ගොඩනැගිල්ල දෙසට ගල් ප්‍රහාර එල්ල කළ බවත් මාධ්‍යවේදියා පැවසුවේය.තමා රැස්වීම අමතද්දී ප්‍රහාරය එල්ල වූ බව ජනාධිපතිධූර අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන පසුව මාධ්‍යයට ප්‍රකාශ කළේය.
විසි දහසක් පමණ සහභාගී වූ රැස්වීමට ගල් වලින් පහර දෙද්දී ජනතාව සීසී කඩ දිවූ බවයි විපක්ෂයේ පොදු අපේක්ෂකයා ප්‍රකාශ කළේ. වේදිකාව අසල සිටි අසරණ ජනතාවට ගල් ප්‍රහාර වැදුණු බව පැවසූ ඔහු ආණ්ඩු පක්ෂයේ මැර කණ්ඩායම් විසින් ගල් ප්‍රහාර එල්ල කරනු ලැබ ඇති බවයි කියා සිටියේ.
මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳව තමා බලවත්සේ කණගාටුවට පත් වන බව ජනාධිපතිධූර අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කළේය. යහපාලනය ගැන කථා කරන ඔවුන් විසින් ජනතාව සාධාරණ සහ යුක්ති සහගත මැතිවරණයක් බලාපොරොත්තුවෙමින් සිටියදී මෙවැනි ප්‍රචණ්ඩ ක්‍රියා කිරීම ගැන අතිශයින්ම කණගාටුවන බවත් ඔහු තවදුරටත් පැවසුවේය.
(පොදු අපේක්ෂක මාධ්‍ය ඒකකයේ අවසරය ඇතිව ඔවුන්ගෙන් ලබා ගත් වීඩියෝ පටයකි)
http://www.bbc.co.uk/sinhala/sri_lanka/2015/01/150102_pemadulla_maithripala_attack_video

ජනපතිට සහාය පළ කරන්න කලාකරුවන්ගේ මාධ්‍ය හමුවක්

03 Jan 2015
article_image


පොදු අපේක්‍ෂකයාට සහාය පළ කරන්නට දෙමළ ජාතික සන්ධානය, මුස්‌ලිම් කොංග්‍රසය ඇතුළු පක්‍ෂ ගණනාවක්‌ ඉදිරිපත්වීමත්, රටට ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ලබාදුන් නිදහස රැක ගැනීමේ ජාතික වගකීම පැහැදිලි කරමින් ශ්‍රී ලංකාවේ කලාකරුවන් එක්‌ව කොළඹ ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී විශේෂ මාධ්‍ය හමුවක්‌ ඊයේ (02 දා) පැවැත් වූහ.
එහිදී සිනමා රංගවේදිනී පාර්ලිමේන්තු මන්ත්‍රීනි මාලනී ෙµdන්සේකා මහත්මිය නැවතත් ඊළමක අභියෝගය පිළිබඳ ඊළම් සිතියමක්‌ ඇසුරින් මාධ්‍යයට කරුණු දැක්‌වූ අයුරු.
සිනමා රංගවේදී රවීන්ද්‍ර රන්දෙණිය, සංගීත අධ්‍යක්‍ෂ රෝහණ වීරසිංහ, මධුමාධව අරවින්ද, ජැක්‌සන් ඇන්තනි, ඩග්ලස්‌ සිරිවර්ධන, පාලිත සිල්වා, සුදත් රෝහණ යන කලාකරුවන් රැසක්‌ මෙම මාධ්‍ය හමුවට සහභාගි වූහ.
http://www.divaina.com/2015/01/03/news30.html

Leading artistes pledge support to President while condemning attack on colleagues

 
Malini Fonseka showing an Eelam map at the media briefing in Colombo.Pic by Jude Denzil Pathiraja  
A group of leading artistes yesterday pledged their support to President Mahinda Rajapaksa while condemning a recent attack on their colleagues supporting Common Opposition Presidential Candidate (COPC) Maithripala Sirisena at Kumbukgate in Kurunegala............

Abuse of state property costs millions of rupees, says TI

03 Jan 2015
Transparency International Sri Lanka branch Executive Director S. Ranugge yesterday said there was a large scale abuse of public property by the UPFA government to boost incumbent President Mahinda Rajapaksa's campaign in the run up to the Presidential election in violation of the election laws.
"A letter of demand would be sent by the Bar Association of Sri Lanka to the relevant parties," Ranugge said.
Transparency International had received 170 complaints from the public so far about such incidents, Ranuge said, adding that there was evidence to back those claims.
Addressing a news conference at the Sri Lanka Foundation Institute Ranugge said, among those were distribution of goods and money as election bribes, use of state funds to publish advertisements, large-scale use of SLTB buses, misuse of state media, government officials participating in election campaigning, amalgamation of Sri Lanka Youth with 'Tharunye Hetak'  and the use of the military for campaigning purposes,

03 Jan 2015 - අද හෙට රැස්‌වීම්

ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා අද (03 දා) පෙරවරුවේ ගිනිගත්හේන හා හෙට (04 දා) පෙරවරුවේ යාපහුවේ හා පස්‌වරුවේ පොළොන්නරුවේ පැවැත්වෙන ප්‍රධාන ජනරැලිවලට සහභාගි වෙයි. මෙම ප්‍රධාන ජන රැලිවලට අමතරව ජනාධිපතිවරයා අද (03 දා) ගොඩකවෙල, පැල්මඩුල්ල, නිවිතිගල, ඇහැලියගොඩ යන ප්‍රදේශවල පැවැත්වෙන ජනරැලි කිහිපයකට සහභාගි වීමට නියමිතය. 

ජනාධිපතිවරණ පොදු අපේක්‍ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා සහභාගි වන ජනහමු අද (03 දා) වැලිමඩ, පස්‌සර, බදුල්ල, බිබිල, මහියංගණය සහ උඩුදුම්බර යන ප්‍රදේශවල පැවැත්වෙයි.
මේ අතර ඒ මහතා හෙට (
04 වැනිදා) දවස පුරා පොළොන්නරුව ප්‍රදේශයේ ජනහමුවලට සහ ආගමික වතාවත්වලට සහභාගි වීමට නියමිතය. 

සංවර්ධනයේ ප්‍රමුඛතා දෙපයින් සිටවීමට අපේ ආණ්‌ඩුව යටතේ කටයුතු කරනවා - මෛත්‍රීපාල සිරිසේන

03 Jan 2015
ඔළුවෙන් සිටගෙන ඇති සංවර්ධනයේ ප්‍රමුඛතා දෙපයින් සිටවීමට අපේ ආණ්‌ඩුව යටතේ කටයුතු කරනවා
- විපක්‍ෂයේ ජනාධිපති පොදු අපේක්‍ෂක මෛත්‍රීපාල සිරිසේන


යුග පෙරළියක්‌ ඇති කරන මැතිවරණයක්‌ උදාවී තිබෙනවා
- පාඨලී චම්පික රණවක

අසුබ කාල පරිච්ඡේදය නිමා කිරීමට සියල්ල පෙළ ගැසී තිබෙනවා
- විපක්‍ෂනායක රනිල් වික්‍රමසිංහ
ඔළුවෙන් සිට ගෙන ඇති සංවර්ධනයේ ප්‍රමුඛතා දෙපයින් සිටවීමට තම ආණ්‌ඩුව යටතේ කටයුතු කරන බවත් මෙගා දූෂණය නතර කර රටේ සංවර්ධනය දැනට වඩා දස ගුණයකින් ඉටු කරන බවත් විපක්‍ෂයේ ජනාධිපතිවරණ පොදු අපේක්‍ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා බොරැල්ල, මීරිගම, ගම්පහ, කටාන, සහ මීගමුව ප්‍රදේශවල පෙරේදා (01 දා) පැවැති ජනහමු අමතමින් ප්‍රකාශ කළේය.
එහිදී තව දුරටත් අදහස්‌ දැක්‌වූ මෛත්‍රීපාල සිරිසේන මහතා මෙසේද කීවේය.
ජනවාරි 8 වැනිදා පැවැත්වෙන ඡන්දයෙන් ඔබ අප එකතු වී අලුත් ආණ්‌ඩුවක්‌ හදන බව ස්‌ථිරයි. ඒ ආණ්‌ඩුව ජනතාවගේ ප්‍රශ්න හදගැස්‌ම හඳුනාගත් නායකයින් සිටින ආණ්‌ඩුවක්‌. වත්මන් පාලකයෝ මහින්ද රාජපක්‍ෂ රටේ සුන්දර සංවර්ධනයක්‌ පෙන්නුවත් ඒ පිටුපස නොයෙක්‌ භයානක දේ ගැබ් වෙලා තිබෙනවා. දුප්පත්කම, දූෂණය රජ කරනවා. ත්‍රිවිධ හමුදාව ඇතුළු රණවිරුවන් යුද ජයග්‍රහණය උදෙසා විශාල කැප කිරීම් කළා. එම ජයග්‍රහණය එක්‌කෙනකුගේ දෙන්නෙකුගේ සින්නක්‌කර අයිතිය වෙනුවෙන් ලියලා දෙන්න බැරි තරම් වටිනා උතුම් දෙයක්‌. ඒත් ආඥදායක, ඒකාධිපති පාලනයක නිරත මහින්ද රාජපක්‍ෂ යුද ජයග්‍රහණය තමන්ගේ තනි බූදලයක්‌ ලෙස සලකමින් සිටිනවා.
අපේ රටේ දුප්පත්කම වැඩි වෙන්නේ ඇයි? මහ බැංකු වාර්තාව රටට නිකුත් කරන්නේ බොරු වාර්තා බව පැහැදිලියි. මහින්ද රාජපක්‍ෂ මහතාගේ උපදෙස්‌ අනුව ඔවුන් බොරු වාර්තා රටට දෙනවා. ඒ වාර්තා ඇත්ත නම් අද රටේ දරිද්‍රතාවයක්‌ තිබෙන්න පුළුවන් කමක්‌ නැහැ. මහින්ද රාජපක්‍ෂ මහතාට එරෙහිව විශාල ජන විරෝධයක්‌ අද ඇති වී තිබෙනවා. ජනතා කැමැත්තට හිස නමලා තනතුරෙන් ඉවත් වෙන්න කියලා අපි ජනාධිපතිගෙන් ඉල්ලා සිටිනවා.

රනිල් වික්‍රමසිංහට අවශ්‍යව ඇත්තේ විපක්‍ෂ නායකකම රැක ගැනීම පමණයි - ජනාධිපති

03 Jan 2015
නායකත්වයක්‌ නැති එජාප නායක
රනිල් වික්‍රමසිංහට අවශ්‍යව ඇත්තේ  කවුරුන් හෝ බිල්ලට දී විපක්‍ෂ නායකකම රැක ගැනීම පමණයි   - ජනාධිපති මිනුවන්ගොඩ දී කියයි
හකීම්ලා වෙන්වෙලා ගියාට අපි පුදුම වෙන්නේ නෑ - ඇමැති දිනේෂ් ගුණවර්ධන
මේ යහපාලන නඩේ පෙන්නලා බෙදුම්වාදී  කැත අක්‌කා පෙළවහකරලා දෙන්නයි හදන්නේ   - ඇමැති විමල් වීරවංශ


නායකත්වයක්‌ නැති එක්‌සත් ජාතික පක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාට අද අවශ්‍යව ඇත්තේ කවුරුන් හෝ බිල්ලට දී විපක්‍ෂ නායකකම රැකගැනීම පමණක්‌ යෑයි ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සඳහන් කළේය.
සිරිසේන මහත්තයට අමාත්‍යාංශ තුනක්‌ භාරදුන් බවත්, ඒ එකක්‌වත් ඔහුට හරියට කර ගැනීමට නොහැකිවූ බවද ජනාධිපතිවරයා පැවැසීය.
මිනුවන්ගොඩ නගරයේ දී පසුගිය 30 වැනිදා පැවැති එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ ජනාධිපතිවරණ ජන රැළිය අමතමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.
එහිදී ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා වැඩිදුරටත් මෙසේද පැවැසීය.
මෙවර ජනාධිපතිවරණයට එක්‌සත් ජාතික පක්‍ෂය ඉදිරිපත්වෙලා නෑ. 2010 වසරේදීත් ඔවුන්ගේ පක්‍ෂයෙන් ඉදිරිපත් කිරීමට අපොහොසත් වුණා. ගියපාර මගේ හමුදාපති අරගෙන දැමුවා. ඒකට අපේ කෙනෙක්‌ අහුවුණා. මහින්ද රාජපක්‍ෂ නම කිව්ව පමණින් මොවුන් වෙව්ලනවා. ඒ නිසා ඔවුන් ඉදිරිපත් නොවී මගහැරලා ඒ සඳහා කවුරු හෝ කෙනකු හොයාගන්නවා. මේ වගේ අයටද අපි රට භාරදෙන්නේ. එක්‌සත් ජාතික පක්‍ෂයට අද නායකත්වයක්‌ නැහැ. කවුරුහරි බිල්ලට දීලා පක්‍ෂ නායකකම, විපක්‍ෂ නායක ධුරය රැකගැනීමට වික්‍රමසිංහ මහත්තයට අවශයි. ඉන් එහාට වෙන කිසිදෙයක්‌ නැහැ.
දැන් මේ අය කියන්නේ මොකක්‌ද? වසර දහයක්‌ ඉතා දරුණු ඒකාධිපතියෙක්‌ රට පාලනය කළාලු. මේ සොඳුරු ආඥදායකයා යටතේ හරි අමාරුවෙන් සිටියලු. අවුරුදු දහයක්‌ මේ ආණ්‌ඩුව වැරදි කළාලු. එහෙම වැරදි කළා නම් ඒ වැරදිවලට සිරිසේන මහත්තයත් වගකියන්න ඕනෑ නැද්ද? මේ ආණ්‌ඩුව වැරදි කළා නම් සෑම කැබිනට්‌ ඇමැතිවරයෙක්‌ම සාමුහිකව වගකිව යුතුයි.

SL displeased with EU statement

02 Jan 2015
The Government of Sri Lanka today expressed its displeasure over the statement made by the EU Heads of Mission in Colombo on how the presidential election should be held.
In a statement, the External Affairs Ministry said that domestic elections were not for foreign government representatives to be prescriptive about, that too, a few days ahead of the polls.
“It is therefore surprising that the EU Heads of Mission in Colombo should have resorted to a press statement on an issue of a strictly domestic nature. Such an initiative could bring into question the bona-fides and objectivity of their intervention,” it said.
http://www.dailymirror.lk/60295/sl-displeased-with-eu-statement

EU calls for peaceful, transparent presidential poll
European Union Heads of Mission in Colombo expressed the importance of Sri Lanka’s Presidential election process being peaceful, credible and transparent.
“Heads of Mission recall the EU’s longstanding conviction that a peaceful environment is essential for credible elections. Sri Lankan citizens must be free to choose their leaders without violence or fear. All parties have a role in upholding Sri Lanka’s strong democratic tradition," the EU statement said.
- See more at: http://www.dailymirror.lk/60255/eu-calls-for-peaceful-transparent-presidential-poll#sthash.DBr2AkTp.dpuf

''ජනපතිගේ නිල කාලය අවුරුදු 4 කරනවා'' - මෛත්‍රීපාල

02 Jan 2015

1
2015 ජනවාරි මස 02 08:49:08
   ‘ලෝකයේ කිසිම රටක  ජනාධිපතිවරයකුගේ නිල කාලය අවුරුදු හයක් නැහැ. මා ජනපති වූ වහාම ජනපතිගේ නිල කාලය අවුරුදු හතර දක්වා අඩු කරනවා.‘ යැයි    පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා  වැලිවේරියේදී පැවසීය.
ගම්පහ දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ සන්නිවේදන බලකායේ නායක තුෂාර ලියනගේ, ප්‍රාදේශීය සභා මන්ත්‍රී නිලන්ත පෙරේරා සහ ව්‍යාපාරික බන්දු ලියනගේ   මහත්වරුන් විසින් මෙම රැලිය සංවිධානය කර තිබිණි.
‘  අපි හදන අලුත් ආණ්ඩුවේ පළමු තැන දෙන්නේ මේ රටේ  අහිංසක ජනතාවගේ බඩගින්න නිවන්නයි.  ඒක තමයි අපේ ආණ්ඩුව කරන පළමුවන කාරණය. මේ රටේ තරුණ පරපුර අද අසරණ වෙලයි ඉන්නේ. නව තාක්ෂණයත් එක්ක යන මේ තරුණ පරපුරට ඉදිරියට යන්න ප්‍රවේශයක් අද නැහැ. අපි ඒ සඳහා මංමාවත් විවර කරනවා.
සමහරුන් කියනවා මා බලයට ආවොත් නැවත යුද්ධය එනවලු. මේ රටේ දේශපාලන අස්තාවරත්යක් ඇති වෙනවලු.  දේශපාලන අස්ථාවරත්වයක් දැනුයි ඇතිවෙලා තියෙන්නේ.  එක පවුලක් විසින් සියල්ල පාලනය කරන නිසයි දේශපාලන අස්ථාවරත්වයක් ඇති වෙලා තියෙන්නේ.  මා කිසි දිනක  නැවත යුද්ධයකට ඉඩ තියන්නේ නෑ. නැවත එල්ටීටීයට හිස ඔසවන්න දෙන්නේ නෑ. යුද්ධය නිමා වෙන අන්තිම සති දෙකේ මේ රටේ ආරක්ෂක ඇමැති ලෙස කටයුතු කළේ මමයි. මා කොටි බෝම්බ පහකට ලක්වෙලා තිබෙනවා.‘
 වැලිවේරිය, රතුපස්වල, ඌරුවල, නැඳුන්ගමුව යන ප්‍රදේශ වල ජනතාව විශාල පිරිසක් මෙයට සහභාගී වුහ.
http://www.lankadeepa.lk/index.php/articles/287092