Jan 3, 2015

සංවර්ධනයේ ප්‍රමුඛතා දෙපයින් සිටවීමට අපේ ආණ්‌ඩුව යටතේ කටයුතු කරනවා - මෛත්‍රීපාල සිරිසේන

03 Jan 2015
ඔළුවෙන් සිටගෙන ඇති සංවර්ධනයේ ප්‍රමුඛතා දෙපයින් සිටවීමට අපේ ආණ්‌ඩුව යටතේ කටයුතු කරනවා
- විපක්‍ෂයේ ජනාධිපති පොදු අපේක්‍ෂක මෛත්‍රීපාල සිරිසේන


යුග පෙරළියක්‌ ඇති කරන මැතිවරණයක්‌ උදාවී තිබෙනවා
- පාඨලී චම්පික රණවක

අසුබ කාල පරිච්ඡේදය නිමා කිරීමට සියල්ල පෙළ ගැසී තිබෙනවා
- විපක්‍ෂනායක රනිල් වික්‍රමසිංහ
ඔළුවෙන් සිට ගෙන ඇති සංවර්ධනයේ ප්‍රමුඛතා දෙපයින් සිටවීමට තම ආණ්‌ඩුව යටතේ කටයුතු කරන බවත් මෙගා දූෂණය නතර කර රටේ සංවර්ධනය දැනට වඩා දස ගුණයකින් ඉටු කරන බවත් විපක්‍ෂයේ ජනාධිපතිවරණ පොදු අපේක්‍ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා බොරැල්ල, මීරිගම, ගම්පහ, කටාන, සහ මීගමුව ප්‍රදේශවල පෙරේදා (01 දා) පැවැති ජනහමු අමතමින් ප්‍රකාශ කළේය.
එහිදී තව දුරටත් අදහස්‌ දැක්‌වූ මෛත්‍රීපාල සිරිසේන මහතා මෙසේද කීවේය.
ජනවාරි 8 වැනිදා පැවැත්වෙන ඡන්දයෙන් ඔබ අප එකතු වී අලුත් ආණ්‌ඩුවක්‌ හදන බව ස්‌ථිරයි. ඒ ආණ්‌ඩුව ජනතාවගේ ප්‍රශ්න හදගැස්‌ම හඳුනාගත් නායකයින් සිටින ආණ්‌ඩුවක්‌. වත්මන් පාලකයෝ මහින්ද රාජපක්‍ෂ රටේ සුන්දර සංවර්ධනයක්‌ පෙන්නුවත් ඒ පිටුපස නොයෙක්‌ භයානක දේ ගැබ් වෙලා තිබෙනවා. දුප්පත්කම, දූෂණය රජ කරනවා. ත්‍රිවිධ හමුදාව ඇතුළු රණවිරුවන් යුද ජයග්‍රහණය උදෙසා විශාල කැප කිරීම් කළා. එම ජයග්‍රහණය එක්‌කෙනකුගේ දෙන්නෙකුගේ සින්නක්‌කර අයිතිය වෙනුවෙන් ලියලා දෙන්න බැරි තරම් වටිනා උතුම් දෙයක්‌. ඒත් ආඥදායක, ඒකාධිපති පාලනයක නිරත මහින්ද රාජපක්‍ෂ යුද ජයග්‍රහණය තමන්ගේ තනි බූදලයක්‌ ලෙස සලකමින් සිටිනවා.
අපේ රටේ දුප්පත්කම වැඩි වෙන්නේ ඇයි? මහ බැංකු වාර්තාව රටට නිකුත් කරන්නේ බොරු වාර්තා බව පැහැදිලියි. මහින්ද රාජපක්‍ෂ මහතාගේ උපදෙස්‌ අනුව ඔවුන් බොරු වාර්තා රටට දෙනවා. ඒ වාර්තා ඇත්ත නම් අද රටේ දරිද්‍රතාවයක්‌ තිබෙන්න පුළුවන් කමක්‌ නැහැ. මහින්ද රාජපක්‍ෂ මහතාට එරෙහිව විශාල ජන විරෝධයක්‌ අද ඇති වී තිබෙනවා. ජනතා කැමැත්තට හිස නමලා තනතුරෙන් ඉවත් වෙන්න කියලා අපි ජනාධිපතිගෙන් ඉල්ලා සිටිනවා.
http://www.divaina.com/2015/01/03/news26.html
අපේ මැතිවරණ ප්‍රකාශයක්‌ ලෙස ආණ්‌ඩුවේ මැතිවරණ ප්‍රකාශයක්‌ නිකුත් කරලා අපට මඩ ගහනවා. නිදහස්‌ අධ්‍යාපනය අපි අහෝසි කරනවලු. රාජ්‍ය සේවය අපි කප්පාදු කරනවලු. මේවා අමූලික බොරු. රාජපක්‍ෂ පවුලේ මේ සියලු සෙල්ලම් තව හත් දවසයි. මහජනතාව නොමග යවන රාජපක්‍ෂ ආණ්‌ඩුව අපි පන්නනවා.

තුන්වේල හරියාකාරව කන්න බොන්න නැති ලක්‍ෂ 100 ක ජනතාවට බඩකට පිරෙන්න කෑම ගන්න පුළුවන් ක්‍රමයක්‌ අපි ඇති කරනවා. රැකියා නැති තරුණ තරුණියන්ට රැකියා ලබාදීම සඳහා කඩිනම් වැඩපිළිවෙලක්‌ අපි ඇති කරනවා. වත්මන් ආණ්‌ඩුව රටේ ජනතාවගේ තත්ත්වය තේරුම් ගත්තේ නැහැ. මහජනතාව ගැන නොසලකා හැර කටයුතු කරන ආණ්‌ඩුවලට වැඩි ආයුෂ නැහැ. ජනතාවගේ දුක්‌ සුසුම් රාජපක්‍ෂ පවුල හඳුනන්නේ නැහැ. ඒගොල්ලෝ වෙනම ලෝකයක ජීවත් වෙනවා. දුප්පත් මිනිහාගේ අවශ්‍යතා තේරුම් ගත්තත් නොතේරුණ විදියට ඉන්නවා. ඒත් දැන් රුපියල් 5000 කොළ බෙදන්න හදනවා. සාරි, ෙµdaන් බෙදමින් ඡන්ද අල්ලස්‌ දෙන්න හදනවා.

රුපියල් 5000 කොළයකට, සාරියකට, සිල් රෙද්දකට, මොබයිල් ෙµdaන් එකකට රැවටිලා ජනතාව ආණ්‌ඩුව, ඡන්දය දෙයි කියලා ආණ්‌ඩුව හිතනවා නම් ඒක වැරදියි. තාරුණ්‍යයට හෙටක්‌ යනු මහ ෙච්තිය පචයක්‌. තාරුණ්‍යයට හෙටක්‌ යනු බාලගිරි දෝෂය වැරදුණු විකාර සංකල්පයක්‌ මිස යථාර්ථයක්‌ නොවේ. ආණ්‌ඩුවක්‌ ලෙස ඩෙංගු මදුරු උවදුරෙදිවත් ජනතාව වෙනුවෙන් හිතලා බලලා මේ ආණ්‌ඩුව කටයුතු කළේ නැහැ. ඒ සඳහා අවශ්‍ය කරන මුදල්, ආම්පන්න යන්ත්‍ර සූත්‍ර මාර්ගෝපදේශය ජනතාවට ලබා දුන්නේ නැහැ. ජනතාවගේ ජීවිතවල වටිනාකම තේරුම් ගත්තේ නැහැ.

පහු ගිය වසර 5 ඇතුළත කොළඹ දිස්‌ත්‍රික්‌කයේ අධ්‍යාපන අංශයෙන් විශාල පසු බැසීමක්‌ ඇති වුණා. 5 ශිෂ්‍යත්වය, සාමාන්‍ය පෙළ, උසස්‌ පෙළ ආදී හැම විභාගයකම ප්‍රතිඵල පහළ බැස්‌සා. අධ්‍යාපනයට ආණ්‌ඩුවෙන් නිසි තැනක්‌ ලැබුණේ නැහැ. ස්‌ත්‍රී දූෂණ ලිංගික අපචාර ඉහළ ගියා. එතනෝල්, කැසිනෝ බලපත්‍ර අල්ලස්‌ මුදල් වලට ලබා දුන්නා. මේ තරම් දුරාචාරය, අශීලාචාරය, අවනීතිය රජ කළ යුගයක්‌ රටේ තිබුණේ නැහැ. උගත් බුද්ධිමත් රාජ්‍ය සේවකයන්, ත්‍රිවිධ හමුදාව, පොලිසිය තැපැල් ඡන්දයේදී ආණ්‌ඩුවට එරෙහිව සියයට 80 ක්‌ ඡන්දය භාවිතා කර තිබෙනවා. ලබන 8 වැනිදා ඡන්ද ප්‍රතිඵලයත් එයම තමයි.

මැර බලයෙන්, අවි බලයෙන්, බලහත්කාරයෙන් කිසිම රටක පාලකයකුට රජකම් කරන්න බැහැ. මේ වතාවේ අවුරුදු 8 කටයි බලය ඉල්ලන්නේ. ලෝකයේ මොන රටේ නායකයාද අවුරුදු 8 කට බලය ඉල්ලන්නේ? අටේ පහරක්‌ ගහන්නයි මේ හදන්නේ. ආණ්‌ඩුවේ අද හෝදාපාළුවක්‌ ඇති වෙලා. ආණ්‌ඩුවෙන් දැන් 26 ක්‌ එළියට ඇවිත් තිබෙනවා. 8 වැනිදා වීමට පෙරම ආණ්‌ඩුව කඩන් වැටිලා තිබෙනවා. මෙතෙක්‌ ලංකාවේ බිහි වූ විශාලම දේශපාලන පෙරමුණ අද ආණ්‌ඩුවට එරෙහිව පෙළ ගැසී තිබෙනවා.

එජාප හා විපක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා - 2015 වසර සුබ වසරක්‌ කර ගැනීමට නම් පවතින ආණ්‌ඩුව මේ රටෙන් ඉවත් කළ යුතුයි. වසර ගණනාවක්‌ පුරා අපට උරුම වුණු අසුබ කාල පරිච්ඡේදය නිමා කිරීම සඳහා සියල්ල පෙළ ගැසී තිබෙන බව මෙම ජන ගඟ දුටු විට පෙනී යනවා. මේ තිබෙන්නේ එජාප වේදිකාවක්‌ පමණක්‌ නොවේ. සියලු පක්‍ෂ වලින් සමන්විත පොදු වේදිකාවක්‌ තමයි මේ තිබෙන්නේ. සියලු ජන කොටස්‌ මේ පොදු වේදිකාව වටා එක්‌ රොක්‌ වී තිබෙනවා. වත්මන් පාලනය අවසන් කළ යුතු බව ඔවුන්ගේ එකම අරමුණයි.

ඒත් මහින්ද රාජපක්‍ෂ කවදාවත් හිතුවේ නැහැ මෙතරම් ඉක්‌මනට තමන්ගේ පාලනය බිඳ වැටෙයි කියලා. සදාකල් රජකම් කරන්න හිතාගෙන සිටි මහින්ද රාජපක්‍ෂට සිදු වෙන්නෙත් ටයිටැනික්‌ නැවට සිදුවුණ ඉරණමමයි. ඒ නැව ගිලෙයි කියලා කවදාවත් හිතුවේ නැහැ. අන්තිමට නැව මුහුදු බත් වුණා. නැව මුහුදු බත් වෙයි කියලා හිතපු පිරිසක්‌ බෝට්‌ටු ආධාරයෙන් පැනලා ගියා. ජීවිත බේරා ගත්තා. ඒ වගේ මේ ආණ්‌ඩුව කඩා වැටෙයි කියලා හිතපු පිරිසක්‌ ආණ්‌ඩුවෙන් පැන ගත්තා. අපට එකතු වුණා. නැව ගිලෙන්නේ නැහැ කියලා හිතපු පිරිසක්‌ නැවේ ඉඳන් සංගීත සාඡ්ජ කරා. මේ කඩන් වැටෙන ආණ්‌ඩුවත් දැන් සල්මන් ඛාන්ලා, ජැක්‌ලින්ලා, ගෙන්නලා සංගීත කරනවා. හැබැයි සල්මන්ලා, ජැක්‌ලින්ලා දවස්‌ දෙකයි හිටියේ. ඒ රටට පැන ගත්තා. ටයිටැනික්‌ නැව මුහුදු බත් වුණේ අයිස්‌ කුට්‌ටියක වැදීමෙන්. මේ ආණ්‌ඩුව කඩන් වැටෙන්නේ වෙනස නමැති පර්වතයේ ගැටීමෙන්.

බොරැල්ල වනාත ආදී කොළඹ බොහෝ ප්‍රදේශවල නගර අලංකාර කිරීම පිණිස නිවාස ඉඩම් ආණ්‌ඩුවට පවරා ගත්තා. නිකම්ම නොවේ. හමුදා නීතියක්‌ උපයෝගී කරගෙන. එසේ නිවාස ඉඩම් අහිමි වූ සියලු දෙනාට අපේ ආණ්‌ඩුවක්‌ යටතේ සාධාරණයක්‌ ඉටු කරනවා. සින්නක්‌කර ඔප්පු නැතත් ඒ හැම බිම් කැබැල්ලකටම වටිනාකමක්‌ තිබෙනවා. ඒ වටිනාකම ඔබට ලබා දෙන්න අපි සූදානම්. එම අරමුණ විතරක්‌ නොවේ රටේ ජනතාවගේ දැවෙන ප්‍රශ්න සියල්ල වෙනුවෙන් අපි වෙනසක්‌ කළ යුතුයි. ඒ සඳහා ශ්‍රීලනිප මහ ලේකම් ජනාධිපති කරවන්න ඔබගේ ඡන්දය ලබා දෙන්න කියා මා ඔබ සැමගෙන් ඉල්ලා සිටිනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා - ලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිල පසුගිය අවුරුදු 41/2 ක පැවති මිල තරමටම අද පහළ වැටී තිබෙනවා. ලෝක වෙළෙඳපොළේ පෙට්‌රල් මිල සියයට 50 කින් අඩු වුණත් මහින්ද රාජපක්‍ෂ ආණ්‌ඩුව අපේ රටේ පෙට්‌රල් මිල අඩු කළේ සියයට 4 කින් පමණයි. වරායට රුපියල් 70 ට එන පෙට්‌රල් ලීටරයක්‌ අද රුපියල් 150 ට විකුණනවා. ලාභය රුපියල් 100 කට ලබා දෙන්න කියා අපි ආණ්‌ඩුවට අභියෝග කරනවා. සීනි කිලෝවක්‌ නැවෙන් ගන්නේ රුපියල් 58 කට. සීනි කිලෝවටත් සියයට 50 ක බද්දක්‌ ගහනවා. පිටි කිරි කිලෝවට සියයට 48 ක්‌ බදු ගහනවා. කෑම වර්ග වලට ගහන බදු සම්පූර්ණයෙන් ඉවත් කිරීමට අපි උත්සාහ කරනවා.

හිටපු ඇමැති පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා - මේ මැතිවරණය නිකම්ම නිකම් මැතිවරණයක්‌ නොවේ. යුග වෙනසක්‌ ඇති කරන යුග පෙරළියක්‌ සිදු කරන මැතිවරණයක්‌ තමයි මේ උදාවී තිබෙන්නේ. ආණ්‌ඩුවේ සිදු වන නාය යැම ධනයට, බලයට, වෙඩි උණ්‌ඩයට නතර කරන්න බැරි බව මහින්ද රාජපක්‍ෂ මහතාට අද තේරිලා තිබෙනවා. ජනතාවගේ නිහඬ රැල්ල ඊට වඩා ප්‍රබලයි. එදා ප්‍රභාකරන් නන්දිකඩාල් කලපුවේදී අවසන් හුස්‌ම හෙළන විට එල්ටීටීඊයේ ජාත්‍යන්තර නායකයා වුණේ කුමාරන් පද්මනාදන්. ප්‍රභාකරන්ගේ මරණයෙන් පසු එල්ටීටීඊයේ නායකයා බවට පත් වුණේ කුමාරන් පද්මනාදන්. ඒ කුමාරන් පද්මනාදන් අද මහින්ද රාජපක්‍ෂගේ රැකවරණය යටතේ ඉන්නවා. එතකොට මහින්ද රාජපක්‍ෂ කොටි බේර ගත්ත නායකයාද? රට බේරා ගත්ත නායකයාද? රාම් නගුලන් වැනි කොටි නායකයාත් අද මහින්දගේ ආරක්‍ෂාව යටතේ ඉන්නවා. ලේ අතේ තවරා ගත් කොටි නායකයින් ඉන්නේ මහින්ද රාජපක්‍ෂගේ ඔඩොක්‌කුවේ මිසක්‌ මෛත්‍රී මහතාගේ සන්ධානය ඇතුළේ නොවේ.

විදේශගත කොටි සල්ලි උතුරේ ඡන්ද වර්ජනයක නිරතව තිබෙනවා. මහින්ද රාජපක්‍ෂගේ ආධාර උපකාර ඇතිව මේ දේවල් සිදු වෙනවා. දකුණු අප්‍රිකාවේ සිරිල් රම්පෝසා සමග මහින්ද රාජපක්‍ෂගේ ඇති ගනුදෙනුව කුමක්‌ද? 2005 දීත් මහින්ද රාජපක්‍ෂ කොටි සමග ඩබල්ගේමක්‌ ගැහැව්වා. මහින්ද රාජපක්‍ෂ ගේ චෞර රාජ්‍යය, ආර්ථික ඝාතකයන්ව අවසන් කිරීමට අපි කටයුතු කරනවා. අපි මේ රටේ යහපාලනය ඇති කරනවා.

දෙමළ සන්ධානයට මුස්‌ලිම් කොංග්‍රසයට මේ ආණ්‌ඩුවෙන් ප්‍රජාතන්ත්‍රවාදය අහිමිව ගියා. ඒ නිසා කිසිම කොන්දේසියක්‌ නැතිව සම්බන්ධන් මහතාත්, හකීම් මහතාත් මෛත්‍රී මහතාට සහය දෙන්න තීරණය කළා. ඒත් මහින්ද රාජපක්‍ෂට නම් කුමාරන් පද්මනාදන් එක්‌ක හෙරොයින් මුදලාලිලා සමග ගිවිසුම් තිබෙනවා. එතනෝල් මාµsයා කරුවන්ගේ සල්ලිවලින් ලබන පෝය දිනයට හැම පන්සලකම සිල් රෙදි බෙදීමේ වැඩසටහනක්‌ පවත්වන්න නියමිතයි. පෝයට බණ අහන සිල්ගත්ත සඳහිරු සෑය හදන නායකයා කැසිනෝ බලපත්‍ර නිකුත් කළා. අද කැසිනෝ මුදලාලිලාගේ සල්ලි වලින් තමයි ආණ්‌ඩුවට විපක්‍ෂයෙන් මන්ත්‍රීවරුන් මිලදී ගන්නේ. කැසිනෝ මුදලාලිලා සමඟ මෙන්ම ලාභ, බාල පොහොර ගෙන්වන බහුජාතික සමාගම් සමගත් මහින්ද රාජපක්‍ෂ ඇතිකර ගෙන තිබෙන ගිවිසුම් අපි අවලංගු කරනවා. සිගරට්‌ මාµsයාව සමඟ මහින්ද රාජපක්‍ෂ ඇතිකර ගෙන ඇති ගිවිසුමත් අපි ලබන 09 වැනිදාට ඉරා දමනවා. ලක්‍ෂ 540 ට හදන්න තිබුණු දුම්රිය මාර්ගය ලක්‍ෂ 2840 ට හදන්න මේ ආණ්‌ඩුවෙන් ක්‍රියා කළා. සියයට දහයේ කොමිස්‌කාරයෝ ලොව ප්‍රචලිතයි. ඒත් අපේ රටේ මේ ආණ්‌ඩුවේ පාලකයෝ සියයට දෙදහසේ කොමිස්‌ ගහනවා. යකඩ රේල් පීලි වෙනුවට රත්තරන් රේල් පීලි දමලා දඹරන් දුම්රිය මාර්ගයක්‌ ඒ මුදලින් හදන්න පුළුවන්. තව අවුරුදු 6 ක්‌ මේ පාලකයාට රට භාරදුන්නොත් මේ පාලකයන් සියයට 5000 බදු ගහයි.

මත්තල ගුවන්තොටුපළ, හදපු ණය ගෙවන්න පරම්පරා ගණනක්‌ ගෙවලත් ඉවර වෙන්නේ නැහැ. මෙතේ බුදුන් බුදුවනතුරු අපට ණය ගෙවන්න වෙනවා. අවුරුදු එක්‌ලක්‍ෂ හතලිස්‌ දහසක්‌ ඊට ගතවෙනවා. මත්තල මාසික ආදායම රුපියල් 16000 යි.

හිටපු ඇමැති පාර්ලිමේන්තු මන්ත්‍රී දොස්‌තර රාජිත සේනාරත්න මහතා - අපි 7 දෙනයි ආණ්‌ඩුවෙන් එළියට බැස්‌සේ. අද ඒ ප්‍රමාණය 26 ක්‌ වෙලා. මේ වගේ ආණ්‌ඩුවලින් මන්ත්‍රීවරු එළියට පැමිණි හැම වතාවකම ඒ ආණ්‌ඩුව පරාජයට පත්වුණා. මහින්ද රාජපක්‍ෂගේ ආණ්‌ඩුවට සිදුවෙන්නේත් ඒ ඉතිහාසයේ සිදුවුණු දෙයමයි. ඒත් මෙවර තමයි වැඩිපුරම පිරිසක්‌ එළියට ආවේ. කලින් තිබුණේ 17 දෙනාගේ වාර්තාවයි. මෙවර අපි දැනට එය 26 ක්‌ කර තිබෙනවා. තවමත් ආණ්‌ඩුවෙන් එළියට එන එක නතර වෙලා නැහැ. අප පුංචි ඇළක්‌ කැපුවා, දැන් එය මහවැලිය වගේ ගලනවා.

මේ ආණ්‌ඩුව චීනෙන් ඉගෙනගෙන ඇවිත් ලංකාවේ ගෙවල් හදනවා. වර්ග අඩි 375 යි. චීනයේ වැසිකිළිවල දොරක්‌වත් නැහැ. අද තට්‌ටු දොළහේ මහල් නිවාස හදනවා. ලිµaට්‌ එකක්‌ නැහැ. මිලිටරි ක්‍රමයක්‌ යටතේ තමයි මහල් නිවාසත් පාලනය වෙන්නේ. මේවාට විරුද්ධ වුණු වනාතේ සිරිසේන සහෝදරයාව ආණ්‌ඩුවෙන් පැහැරගත්තා. ජනතා විරෝධය වැඩිවත්ම ඔහුව ගෙනත් දැම්මා. තනි පවුල් පාලනයක්‌ යටතේ රටේ භූමියේ අයිතියත් ලියාගෙන තිබෙනවා. තව වසර අටකට බලය ඉල්ලන්නේ. ඊළඟ වතාවේ පුතාට ජනාධිපතිකම දෙන්නයි. දේශපාලන නායකයෝ යනු අඬ අඬ, හොටු හූරන අය නොවේ. ජනතාවගේ දුක නිවන්න බලයට එන ජනතා නායකයෝ. ජනතාව ඉදිරියේ දුකෙන් හඬන එක මොන කොන්ද නැති වැඩක්‌ද?

අපි කොන්ද පණ ඇති ජනතා නායකයෝ ලෙස මේ ආණ්‌ඩුවෙන් එළියට ආවා. දැන් අපට මඩ ගහනවා. හොරකම් කළාලු. හොරකම් කළ නායකයෝ ඉන්නේ මේ ආණ්‌ඩුවෙයි. ඒත් කිසිම කෙනෙකුට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගත්තේ නැහැ. මාතලේ ඉන්න නියෝජ්‍ය ඇමැතිවරයකුට බියර් හදන්න රටේ හාල් ටික දන් දුන්නා. ඔබට බත් කන්න ඉන්දියාවෙන් හාල් ගෙන්වුවා. ආණ්‌ඩුවට හොඳ නරක කියලා දෙකක්‌ නැහැ. අද හොඳ සහ නරක අතර සටනක්‌ ඇති වී තිබෙනවා. දේශපාලන පක්‍ෂ සහ සංවිධාන එකතුවෙන් විශාල ජන බලවේගයක්‌ ආණ්‌ඩුවට එරෙහිව අපි අද හදලා තිබෙනවා.

ආණ්‌ඩුවට එරෙහිව අපි රහසේ "ගේම" ගැහැව්වා. හොරෙන් තමයි මේක කළේ. කොටින් අල්ලපු ආණ්‌ඩුවට අප වගේ පූසන්ව අල්ලන්න බැරිවුණා. අද මහින්ද රාජපක්‍ෂ ආණ්‌ඩුවට දෙපැත්තෙන්ම පහර වදිනවා. ඇතුළෙත් ගිනි. පිටත් ගිනි. අන්තෝ ජටා - බහි ජටා. හොර ඡන්ද දාන්න බැරි විදිහට අපි මහින්ද රාජපක්‍ෂ වට කරලා තිබෙනවා. කොම්පියුටර් ජිල්මාට්‌ දාන්නත් බැහැ. මැතිවරණ ලේකම් කාර්යාලය අසල පොදු අපේක්‍ෂකයාගේ වෙනම මැතිවරණ කාර්යාලයක්‌ ආරම්භ කරනවා. අපත් ඡන්ද ගණන් කරනවා. 9 වැනිදා එළිවෙනකොට මුළු ලංකාවෙම ඡන්ද ප්‍රතිඵල එනවා. අපේ අලුත් ආණ්‌ඩුව ඇරඹෙනවා.

හිටපු නියෝජ්‍ය ඇමැති පාර්ලිමේන්තු මන්ත්‍රී µයිසර් මුස්‌තාපා මහතා - මම කවදාවත් හිතුවේ නැහැ මම එජාප වේදිකාවක කතා කරයි කියලා. අද අපි පක්‍ෂ භේද අමතක කර පොදු ගමනක්‌ යනවා. යුග පුරුෂයකු බලයට ගේන්න යනවා. අද ආණ්‌ඩුවේ ඇමැතිවරුන්ට බලයක්‌ නැහැ. සැබෑ වෙනසක්‌ රටට අවශ්‍යයි. ජාතික හෙළ උරුමයයි, එජාපයයි, ද්‍ර.ජ.ස., මුස්‌ලිම් කොංග්‍රසයයි කවදාවත් හිතුවේ නැහැ ශ්‍රීලනිප ලේකම්වරයකු ජනාධිපති කිරීමට එකම වේදිකාවකට ගොඩවෙයි කියලා. අපි ඇමැතිකම් අතහැර ඔබ වෙනුවෙන් ආණ්‌ඩුවෙන් එළියට ආවා. අපි සියලු දෙනාම එකතුවෙලා ලාංකික චින්තනයෙන් කටයුතු කළ යුතුයි. බටහිර කුමන්ත්‍රණ නොව රට ඇතුළෙම ජාතීන් භේද කරන කුමන්ත්‍රණ තිබෙනවා. මේ කුමන්ත්‍රණ පරාද කිරීමට නම් හංසයාට ඡන්දය ලබා දී මෛත්‍රීපාල මහතා ජනාධිපති කරවමු.

බස්‌නාහිර පළාත් සභා මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මෙනෙවිය - මේ ආණ්‌ඩුව මගේ තාත්තගේ ඝාතනයට සාධාරණයක්‌ ඉටු කළේ නැහැ. ඒ වෙනුවට ආණ්‌ඩුව ඒ ඝාතකයන්ට රැකවරණය දෙනවා. මගේ තාත්තව මහමඟ මරා දැම්ම කුඩු දේශපාලකයන් සිටින තැනක මට ඉන්න බැහැ. එයින් අප අසරණ වුණා. ඒත් ජනාධිපතිවරයා අපේ පැත්ත නොගෙන ඝාතකයාගේ පැත්ත ගත්තා. රාජ්‍ය තන්ත්‍රයේ මුල සිට හැම දෙනාම අපට එරෙහි වුණා. මම මහා හයියෙන් ඇඬුවා. ඒත් මේ දුක තව කාටවත් යළි උරුම වෙන්න දෙන්න බැහැ. ඒ වෙනුවෙන් මම මගේ තීරණය ගත්තා. කොලොන්නාවේ විතරක්‌ නොව අද මුළු රටේම කුඩු උවදුර ව්‍යාප්ත වෙලා තිබෙනවා. ඊට වගකිවයුත්තන්ට එරෙහිව ආණ්‌ඩුව නිසි ක්‍රියාමාර්ගයක්‌ ගන්නේ නැහැ.

පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා - රටට පොදු අපේක්‍ෂකයකුගේ අවශ්‍යතාවය දැනුණා. විශේෂයෙන් මහින්ද රාජපක්‍ෂගේ ආණ්‌ඩුව වෙනස්‌ කිරීමේ අවශ්‍යතාවයට පොදු වැඩපිළිවෙළක්‌ සහිත පොදු අපේක්‍ෂකයකු වුවමනා වුණා. ඒ අවශ්‍යතාවය දැන් සම්පූර්ණ වෙලා තිබෙනවා. ශ්‍රීලනිප, එජාප, ජාතික හෙළ උරුමය ඇතුළු රටේ සියලු පක්‍ෂ ඒ සඳහා එකතු වී තිබෙනවා. ලබන 09 වැනිදා එළිවෙනකොට මේ රටේ තිබෙන්නේ අලුත් ආණ්‌ඩුවක්‌. අපි වත්මන් පාලනය එදාට නිමා කරනවා. මහින්ද රාජපක්‍ෂගේ දූෂිත ආණ්‌ඩුවට ආයෙත් මේ රටේ පාලනයක්‌ ලැබෙන්නේ නැහැ.

කොළඹ නගරාධිපති ඒ. ඡේ. එම්. මුසම්මිල් මහතා - මහින්ද රාජපක්‍ෂ අද හොල්මං වෙලා. ජනාධිපති මහින්ද රාජපක්‍ෂ රනිල් වික්‍රමසිංහ මහතාගේ හඳහන බලලා තමයි මේ මැතිවරණයට දින නියම කරගත්තේ. වීරයා සහ ෙද්‍රdaහියා නමින් රනිල් වික්‍රමසිංහ මහතාට විරුද්ධව මඩ චිත්‍රපටයක්‌ හැදුවා. ඒත් ආණ්‌ඩුව ඇතුළෙම තමන්ගේ ප්‍රතිවාදියා හිටියා. දැන් ඒ චිත්‍රපටය ගමේ ගොවියයි චණ්‌ඩියයි ලෙස සැලකෙනවා.

මේ චිත්‍රපටය දූරදර්ශි දේශපාලන නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ නිර්මාණයක්‌. මහින්ද රාජපක්‍ෂගේ පෝaස්‌ටර්, කටවුට්‌ කොළඹ නගරය පුරාම ඇලෙව්වා. ඒත් නගර සභාවෙන්වත්, මගෙන්වත් අවසර ගත්තේ නැහැ. අන්තිමට ජනතාවට පෝස්‌ටර්, කටවුට්‌ දැකලම මහින්ද රාජපක්‍ෂව පිළිකුල් වුණා.

No comments:

Post a Comment