Jan 3, 2015

''ජනපතිගේ නිල කාලය අවුරුදු 4 කරනවා'' - මෛත්‍රීපාල

02 Jan 2015

1
2015 ජනවාරි මස 02 08:49:08
   ‘ලෝකයේ කිසිම රටක  ජනාධිපතිවරයකුගේ නිල කාලය අවුරුදු හයක් නැහැ. මා ජනපති වූ වහාම ජනපතිගේ නිල කාලය අවුරුදු හතර දක්වා අඩු කරනවා.‘ යැයි    පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා  වැලිවේරියේදී පැවසීය.
ගම්පහ දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ සන්නිවේදන බලකායේ නායක තුෂාර ලියනගේ, ප්‍රාදේශීය සභා මන්ත්‍රී නිලන්ත පෙරේරා සහ ව්‍යාපාරික බන්දු ලියනගේ   මහත්වරුන් විසින් මෙම රැලිය සංවිධානය කර තිබිණි.
‘  අපි හදන අලුත් ආණ්ඩුවේ පළමු තැන දෙන්නේ මේ රටේ  අහිංසක ජනතාවගේ බඩගින්න නිවන්නයි.  ඒක තමයි අපේ ආණ්ඩුව කරන පළමුවන කාරණය. මේ රටේ තරුණ පරපුර අද අසරණ වෙලයි ඉන්නේ. නව තාක්ෂණයත් එක්ක යන මේ තරුණ පරපුරට ඉදිරියට යන්න ප්‍රවේශයක් අද නැහැ. අපි ඒ සඳහා මංමාවත් විවර කරනවා.
සමහරුන් කියනවා මා බලයට ආවොත් නැවත යුද්ධය එනවලු. මේ රටේ දේශපාලන අස්තාවරත්යක් ඇති වෙනවලු.  දේශපාලන අස්ථාවරත්වයක් දැනුයි ඇතිවෙලා තියෙන්නේ.  එක පවුලක් විසින් සියල්ල පාලනය කරන නිසයි දේශපාලන අස්ථාවරත්වයක් ඇති වෙලා තියෙන්නේ.  මා කිසි දිනක  නැවත යුද්ධයකට ඉඩ තියන්නේ නෑ. නැවත එල්ටීටීයට හිස ඔසවන්න දෙන්නේ නෑ. යුද්ධය නිමා වෙන අන්තිම සති දෙකේ මේ රටේ ආරක්ෂක ඇමැති ලෙස කටයුතු කළේ මමයි. මා කොටි බෝම්බ පහකට ලක්වෙලා තිබෙනවා.‘
 වැලිවේරිය, රතුපස්වල, ඌරුවල, නැඳුන්ගමුව යන ප්‍රදේශ වල ජනතාව විශාල පිරිසක් මෙයට සහභාගී වුහ.
http://www.lankadeepa.lk/index.php/articles/287092

No comments:

Post a Comment