Jan 3, 2015

03 Jan 2015 - අද හෙට රැස්‌වීම්

ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා අද (03 දා) පෙරවරුවේ ගිනිගත්හේන හා හෙට (04 දා) පෙරවරුවේ යාපහුවේ හා පස්‌වරුවේ පොළොන්නරුවේ පැවැත්වෙන ප්‍රධාන ජනරැලිවලට සහභාගි වෙයි. මෙම ප්‍රධාන ජන රැලිවලට අමතරව ජනාධිපතිවරයා අද (03 දා) ගොඩකවෙල, පැල්මඩුල්ල, නිවිතිගල, ඇහැලියගොඩ යන ප්‍රදේශවල පැවැත්වෙන ජනරැලි කිහිපයකට සහභාගි වීමට නියමිතය. 

ජනාධිපතිවරණ පොදු අපේක්‍ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා සහභාගි වන ජනහමු අද (03 දා) වැලිමඩ, පස්‌සර, බදුල්ල, බිබිල, මහියංගණය සහ උඩුදුම්බර යන ප්‍රදේශවල පැවැත්වෙයි.
මේ අතර ඒ මහතා හෙට (
04 වැනිදා) දවස පුරා පොළොන්නරුව ප්‍රදේශයේ ජනහමුවලට සහ ආගමික වතාවත්වලට සහභාගි වීමට නියමිතය. 

No comments:

Post a Comment