Dec 22, 2014

21Dec 2014
හම්බන්තොට පුරපතිගේ ලක්ෂ තුන හමාරේ ඔරලෝසුවත් නැwebතිවේ
ම්බන්තොට බස් නැවතුම්පළේ වීදි නාට්‍යයක් බලන්නට ගිය තමාට වූයේ වඳින්න ගිය දේවාලය හිසේ කඩා වැටීමකියි හම්බන්තොට නගරාධිපති එරාජ් රවීන්ද්‍ර ප්‍රනාන්දු මහතා කියයි.
වීදි නාට්‍යකරුවන් නගර සභාවෙන් අවසර ගෙන නොතිබිණැයිද එතැන සිටි පිරිසක් ඔවුන් හා ගැටුමක් ඇති කරගනිද්දී එය බේරීමට ගිය බවද රුපියල් ලක්ෂ තුන හමාරක් වටිනා තම අත් ඔරලෝසුවද එහිදී නැතිවී යැයිද පුරපති කියයි.
‘‘මම ඒ ගැටුම බේරන්න ගියා. මගේ අතත් තුවාල වුණා. ඔර්ලෝසුවත් නැතිවුණා.
පිස්තෝලකාරයත් හිටියා‘
සිවිල් සංවිධාන කිහිපයක් එක්ව හම්බන්තොට දී  වීදි නාට්‍යයක් පෙන්වමින් සිටිය දී එතැනට පැමිණි මැර පිරිසක් පොලිසිය බලා සිටිය දී තමන් ඇතුළු පිරිසට පහර දුන් බව හම්බන්තොට නගර සභාවේ විපක්ෂ නායක අයුබ් ඛාන් මහතා පැවසීය.
තුවාල ලැබූ ඔහු හම්බන්තොට රෝහලේ ප්‍රතිකාර ලබයි.
‘අපිට ගහන්න ආණ්ඩුවේ දේශපාලනඥයකුත් ආවා. ඔහු අත පිස්තෝලයකුත් තිබුණා.‘
http://www.lankadeepa.lk/index.php/articles/284160

Opposition attacked at Hambantota protest
Several UNP local government members, including Opposition Leader of the Hambantota Municipal Council Auyb Khan were attacked by a gang at protest campaign held at the Hambantota bus halt this morning.
The protest campaign ‘Viyaruwata Erehi Veediye Wirodhay’ organized by civil society member Jayathilake Bandara was wounded along with others who were injured during the attack were admitted to the Hambantota and Ambalantota hospitals.   
Protestors said Hambantota Mayor Eraj Fernando and a gang of individuals had attacked the peaceful street protest.
 Opposition leader Khan who is admitted at the Hambantota General Hospital said the Police had watched as the protesters were beaten with helmets and sticks by the Mayor and his gang. “The Mayor and some of the individuals had weapons in their hands that they threatened us with,” he said.   Sources said Bandara wanted to transfer to a more secure hospital after treatment and was in a secure facility at the moment as he feared for his life.   
 Meanwhile, parliamentarian Mangala Samaraweere who was at a media briefing in Matara when the attack occurred said he had called DIG for the Southern Province to complain about the incident.(Krishan Jeewaka Jayaruk)
- See more at: http://www.dailymirror.lk/59403/opposition-attacked-at-hambantota-protest#sthash.QA7vIJbE.dpuf
20 Dec 2014
Maithri pledges war crime inquiry


Opposition Common Presidential candidate Maithripala Sirisena said the country cannot be charged with war crimes in the International Criminal Court, but he will launch a domestic inquiry if he wins a January election.

Maithripala Sirisena said in a policy statement on Friday that Sri Lanka has not ratified the statute that established the international court, and that he would therefore institute an investigation by a local independent court.
 Mr. Sirisena is challenging President Mahinda Rajapaksa for the presidency.
http://www.dailymirror.lk/59395/maithri-pledges-war-crime-inquiry
20 Dec 2014
ගිනි අවි භාවිතා කිරීම්, රාජ්‍ය දේපළ හා නිලධාරීන්a යොදා ගැනීම්, සහනාධාර බෙදීම්, ප්‍රචාරක දැන්වීම්, පූර්ව මැතිවරණ නීති රීති උල්ලංඝනය කිරීම් 336 ක්‌
පැෆරල් වාර්තා කරයි
ඉන් 289 ක්‌ බරපතළයි
ජනාධිපතිවරණයේ පූර්ව මැතිවරණ නීති උල්ලංඝනය කිරීමේ සිද්ධීන් තුන්සියය තිස්‌හයක්‌ නිදහස්‌ හා සාධාරණ මැතිවරණයක්‌ සඳහා වූ ජනතා ක්‍රියාකාරීත්වයට (පැෆරල්) වාර්තා වී ඇතැයි එම සංවිධානය පවසයි.
මෙම නීති රීති උල්ලංඝනය කිරීමේ සිද්ධීන් අතරින් වඩාත් බරපතළ සිද්ධීන් දෙසීය අසූනවයක්‌ ඇතැයි ද ප්‍රචණ්‌ඩ ක්‍රියා හැත්තෑතුනක්‌ ද ඒ අතර වන බව පැµරල් සංවිධානයේ විධායක අධ්‍යක්‍ෂ රෝහණ හෙට්‌ටිආරච්චි මහතා පෙරේදා
(18 වැනිදා) කොළඹ, පදනම් ආයතනයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවැසීය.
මේ අතර ගිනි අවි භාවිතා කිරීම් පහක්‌ වාර්තා වී ඇතැයි ද ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින අපේක්‍ෂකයන් දහනවදෙනාගෙන් එක්‌ අපේක්‍ෂකයකු සියලු රාජ්‍ය සම්පත්, රාජ්‍ය දේපළ හා රාජ්‍ය නිලධාරීන් යොදවා ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතු සිදුකරන බව නිරීක්‍ෂණය වී ඇතැයි ද ඒ මහතා පැවැසීය.

20 Dec 2014
සියලු ජාතීන් සමග අත්වැල් බැඳගෙන
පෙරට යන සමාජයක්‌ ගොඩනගනවා

- ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මුලතිව්වලදී කියයි

අපි මේ රටේ සියලු ජාතීන්ට ආගම්වලට එක හා සමානව එකට අත්වැල් බැඳගෙන පෙරට යන්න පුළුවන් සමාජයක්‌ ගොඩනගන බව ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පැවසීය.
අපි ජාතීන් වශයෙන් බෙදී සටන් කළොත්a, එකිනෙකාට වෛර කළොත් ඔබත්, රටත්, ජාතියත් දියුණු නොවන බවත්, පැවසූ ජනාධිපතිවරයා දැන් ඔබ ඒ අඳුරු යුගය අමතක කර අනාගතයට ගමන් කිරීමට සූදානම් විය යුතු යෑයි ද ජනාධිපතිවරයා කීවේය.
මුලතිව්හි පෙරේදා (18 දා) පැවැති එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ ජනාධිපතිවරණ ප්‍රචාරක
රැලියට එක්‌වෙමින් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා මේ බව පැවසීය.
එහිදී වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා මෙසේ ද පැවසීය.
ඔබේ පළාතට පැමිණ ඔබ අමතන්න අවස්‌ථාවක්‌ ලැබීම පිළිබඳව මම සන්තෝෂ වෙනවා. අවුරුදු තිහක්‌ මේ පළාත් අඳුරේ තිබුණු බව ඔබ දන්නවා. මේ අවුරුදු තිහ තුළ නොයෙක්‌ කම්කටොළුවලට මුහුණ දෙන්න ඔබට සිදු වුණා.........


20 Dec 2014
කුමාර් ගුණරත්නම් ශ්‍රී ලංකාවට 
පැමිණීමට කළ ඉල්ලීම ඉවතට 

වීසා දීම රජය ප්‍රතික්‍ෂේප කරයි
ඔස්‌ටේ්‍රලියානු පුරවැසියකු වූ කුමාර් ගුණරත්නම්ට මෙරට දේශපාලනය කිරීමට හිමිකමක්‌ නැති නිසා ඔහු ශ්‍රී ලංකාවට පැමිණීමට කළ ඉල්ලීම රජය ප්‍රතික්‍ෂේප කර ඇත.
ජනාධිපතිවරණ රැස්‌වීම් ඇමතීම සඳහා ඔහු මෙරටට ගෙනඒමට පෙරටුගාමී සමාජවාදී පක්‍ෂය දැඩි උත්සාහයක්‌ ගෙන තිබේ.
කුමාර් ගුණරත්නම් ඔස්‌ටේ්‍රලියාවේ දේශපාලන රැකවරණ ලැබූවෙකි. එවැන්නකුට මෙරට අභ්‍යන්තර කටයුතුවලට මැදිහත්විය නොහැකියි. ඔහුට වෙනස්‌ නමක්‌ පවා දුන්නේ ඔස්‌ටේ්‍රලියානු බලධාරීන් යෑයි ඉහළ පෙළේ ආරංචි මාර්ග පැවසීය.
මේ අතර කුමාර් ගුණරත්නම් මහතාට ශ්‍රී ලංකාවට ඒමට වීසා ලබානොදීම පිළිබඳව පෙරටුගාමී සමාජවාදී පක්‍ෂය විසින් ඊයේ (19දා) මානව හිමිකම් කොමිසමට පැමිණිලි කර තිබේ.
කුමාර් ගුණරත්නම් මහතාට මෙරටට ඒම සඳහා නීත්‍යානුකූලව වීසා අයදුම් කර තිබෙන අතර එය ලබා නොදීම පිළිබඳව ජනාධිපතිවරණයේ වමේ පොදු අපේක්‍ෂක දුමින්ද නාගමුව හා පෙරටුගාමී සමාජවාදී පක්‍ෂයේ දේශපාලන මණ්‌ඩල සභික චමීර කොස්‌වත්ත යන මහත්වරුන් විසින් මානව හිමිකම් කොමිසමට මෙම පැමිණිල්ල කර ඇත. .......

http://www.divaina.com/2014/12/20/news13.html
 
20 Dec 2014
වඳුරඹ වේදිකාවට ගිනි තැබීම මුතුහෙට්‌ටිගම සැකකරුවන් පැහැරගෙන!
පොලිසිය පස්‌සෙන් පන්නා යළිත් අත්අඩංගුවට ගනී

ගාල්ල වඳුරඹ ඉදිකර තිබූ වේදිකාවකට සහ ශබ්ද විකාශන යන්ත්‍ර සවි කර තිබූ ලොරියකට ගිනි තබා විනාශ කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටි සැකකරුවන් තිදෙනා ඊයේ
(19 වැනිදා) පෙරවරුවේ අධිකරණයට ඉදිරිපත් කිරීමට රැගෙන යද්දී නියෝජ්‍ය ඇමැති නිශාන්ත මුතුහෙට්‌ටිගම මහතා ඇතුළු පිරිසක්‌ විසින් එම සැකකරුවන් තිදෙනා පොලිසියට බලපෑම් කර පැහැරගෙන ගොස්‌ ඇත.

මෙසේ පැහැරගෙන යමින් සිටි සැකකරුවන් ලුහුබැඳ ගිය බද්දේගම පොලිසියේ නිලධාරීන් පිරිසක්‌ විසින් නියෝජ්‍ය ඇමැතිවරයා භාරයේ සිටි එම සැකකරුවන් තම භාරයට ගෙන තිබේ.
සැකකරුවන් තිදෙනා බද්දේගම අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 29 වැනිදා දක්‌වා රක්‍ෂිත බන්ධනාගාර ගත කරන ලෙස ප්‍රධාන මහෙස්‌ත්‍රාත් චන්දිම එදිරිමාන්න මහතා නියෝග කළේය.
මෙසේ බන්ධනාගාර ගත කරනු ලැබුවේ නියෝජ්‍ය ඇමැති නිශාන්ත මුතුහෙට්‌ටිගම මහතාගේ ආධාරකරුවන් වන දිමුත් ප්‍රදීප්, ජානක දුමින්ද සහ ජනක රුවන් කුමාර යන අය බව පොලිසිය පවසයි.