Dec 22, 2014

20 Dec 2014
සියලු ජාතීන් සමග අත්වැල් බැඳගෙන
පෙරට යන සමාජයක්‌ ගොඩනගනවා

- ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මුලතිව්වලදී කියයි

අපි මේ රටේ සියලු ජාතීන්ට ආගම්වලට එක හා සමානව එකට අත්වැල් බැඳගෙන පෙරට යන්න පුළුවන් සමාජයක්‌ ගොඩනගන බව ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පැවසීය.
අපි ජාතීන් වශයෙන් බෙදී සටන් කළොත්a, එකිනෙකාට වෛර කළොත් ඔබත්, රටත්, ජාතියත් දියුණු නොවන බවත්, පැවසූ ජනාධිපතිවරයා දැන් ඔබ ඒ අඳුරු යුගය අමතක කර අනාගතයට ගමන් කිරීමට සූදානම් විය යුතු යෑයි ද ජනාධිපතිවරයා කීවේය.
මුලතිව්හි පෙරේදා (18 දා) පැවැති එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ ජනාධිපතිවරණ ප්‍රචාරක
රැලියට එක්‌වෙමින් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා මේ බව පැවසීය.
එහිදී වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා මෙසේ ද පැවසීය.
ඔබේ පළාතට පැමිණ ඔබ අමතන්න අවස්‌ථාවක්‌ ලැබීම පිළිබඳව මම සන්තෝෂ වෙනවා. අවුරුදු තිහක්‌ මේ පළාත් අඳුරේ තිබුණු බව ඔබ දන්නවා. මේ අවුරුදු තිහ තුළ නොයෙක්‌ කම්කටොළුවලට මුහුණ දෙන්න ඔබට සිදු වුණා.........


http://www.divaina.com/2014/12/20/news22.html
ඔබේ ජීවිතය ගැන, ඔබේ දරුවාගේ ජීවිතය ගැන අනාගත පරපුර ගැන කිසිම බලාපොරොත්තුවක්‌ ඔබට තිබුණේ නැහැ. නමුත් අපි පසුගිය අවුරුදු පහකට උඩදී ඒ තත්ත්වය වෙනස්‌ කර බියෙන් හා සැකෙන් තොරව ජීවත්වීමේ අයිතිය ඔබට ලබා දුන්නා.

දැන් එම ඉතිහාසය අඳුරු යුගය අමතක කළ යුතුව තිබෙනවා. ඔබට සුබ අනාගතයක්‌ තියෙනවා. ඒ අනාගතයට ගමන් කරන්න ඔබ සූදානම් විය යුතුයි.

ඔබ දන්නවා පසුගිය උතුරු පළාත් සභා මැතිවරණය පැවැත්වූවේ අවුරුදු 27 කට පසුව බව. එහිදී ඔබට වුවමනා පළාත් සභාවක්‌ පිහිටුවා ගත්තා. නමුත් මේ මුළු රටම පිළිබඳ ගන්නා වූ මැතිවරණ තීන්දුවක්‌.

ඔබ ගෞරවාන්විතව ජීවත් වෙනවාද යන්න තීරණය කළ යුත්තේ මේ මැතිවරණයේදීයි මේ ප්‍රදේශයේ සංවර්ධන කටයුතු අපි ඉතාමත් ක්‍රමානුකූලව කරගෙන යනවා. පාරවල්, පාසල්, රෝහල් හැදිලා, විදුලිය ගෙනල්ලා මේ සියල්ල ඉතා කෙටිකාලයක්‌ තුළ කළා.

රාජ්‍ය සේවය අපි සියලුදෙනාටම විවෘත කළා. මේ යුගය රාජ්‍ය සේවයේ ස්‌වර්ණමය යුගය යෑයි කීවොත් එහි කිසි වරදක්‌ නෑ.

රාජ්‍ය සේවය ලක්‍ෂ තුනකට අඩු කරන්න තීන්දු කරපු ආණ්‌ඩුවක්‌ වෙනුවට අපි රාජ්‍ය සේවය ලක්‍ෂ 15 කට වැඩි කළා.

රාජ්‍ය සේවයේ ගෞරවය ලබාදී බියෙන් සැකෙන් තොරව සේවය කරන්න අවස්‌ථාව සැලසුවේ අපේ රජයයි. රාජ්‍ය සේවය තියෙන්නේ ජනතාවගේ කඳුළු පිසදාන්නයි. ඒ හින්දා රාජ්‍ය සේවකයන්ට අවශ්‍ය පහසුකම් ලබාදෙන්න අපේ රජය බැඳී ඉන්නවා. පසුගිය අයවැයෙන් ලබන වසරේ තවත් තරුණයන් 1,50,000 කට රැකියා ලබාදෙන්න පියවර ගන්නවා. ඔබ එයට සූදානම් විය යුතුයි.

බොරු ප්‍රචාරවලට රැවටෙන්න එපා. අපි සියලු ජාතීන්ට, ආගමිකයන්ට එකහා සමානව එකට අත්වැල් බැඳගෙන යන්න පුළුවන් සමාජයක්‌ ගොඩනගනවා.

ජාතීන් වශයෙන් බෙදී සටන් කළොත් වෛර කළොත් ඔබත්, රටත්, ජාතියත් දියුණුවෙන්නේ නෑ. ඔබ දියුණු වෙන්නෙත් නෑ කියන එක මතක තබා ගන්න.

සමහර අයට ඕනෑ අප රට නැවත වරක්‌ ආපස්‌සට ගෙන යන්නයි. අද ඉරාකය, ලිබියාව, පලස්‌තීනය, ඊජිප්තුව යන රටවලට වෙලා තිබෙන දේ බලන්න.

එය මේ රටේ ඇතිවෙන්න ඉඩ දෙන්න බෑ.

දැන් දින හතරකට පෙර පාකිස්‌තානයේ වියරු වැටුණු පිරිසක්‌ පාසලක වයස අවුරුදු 8 ත් 15 ටත් අඩු අහිංසක දරුවෝ 168 ක්‌ ගුරුවරු විදුහල්පතිවරු මේ සියලුදෙනා මරා දැමුවා.

එය මේ රටට ගෙන එන්න දෙන්න බෑ. අඳුරු ඉතිහාසයේ අමතකර අපි සියලුදෙනා සමගියෙන් ජාතීන් වශයෙන් එකිනෙකාගේ ජාතිය සංස්‌කෘතියට, ආගම්වලට ගරු කරමින් අනාගත පරපුර, නූපන් දරුවන් වෙනුවෙන් මේ රට රැකගන්න ඔබ සියලු දෙනා එක්‌විය යුතුයි.

සමහර නායකයෝ ඇවිත් නොයෙක්‌ දේවල් කියාවි. ඒ නායකයන්ගේ දරුවෝ මේ පොළවේ ජීවත් වෙන්නේ නෑ. ඔවුන් ඉගෙන ගන්නේ පිටරටවල. ඔබේ දරුවන් කෙරෙහි කැක්‌කුමක්‌ ඔවුන්ට නැහැ.

මට මේ රටේ සියලුම ජාතීන්ගේ දරුවෝ රැක ගැනීමේ අයිතිය තිබෙන බව මා විශ්වාස කරනවා. ඔවුන්ට හොඳ අනාගතයක්‌ හොඳ ලොවක්‌ දැකීමට හොඳ රටක්‌ සෑදීමට අප හා අත්වැල් බැඳගන්න.

ඒ සඳහා තමයි මහින්දොaදය විද්‍යාගාර, ගෙනවිත් විද්‍යාත්මක දැනුම ලබාදීමට පියවර ගත්තේ. මේ තරුණ පිරිස්‌ කාර්මික විද්‍යාලවල ප්‍රයෝජන ලබාගත යුතුව තිබෙනවා.

වෘත්තීය පුහුණු මධ්‍යස්‌ථානවලින් ප්‍රයෝජන ගන්න ඕන. ඔබට රජයේ දොර විවෘත වී තිබෙනවා. අඳුරු යුගය අවුරුදු 30 යි. සංවර්ධන කටයුතු අවුරුදු 5 යි.

ජනාධිපතිවරයා දෙමළ බසින් කළ කතාවේ පරිවර්තනය

අද ඔබ ඉදිරියේ කථා කිරීමත්, ඔබලාව හමුවීමත් මට ලොකු සතුටක්‌. මේ වතාවේදීත් ජනාධිපති මැතිවරණයට මම තරග කරනවා. අවුරුදු 30 ක අඳුරු යුගය දැන් නෑ. පසුගිය වතාවේ ජනාධිපති මැතිවරණයේදී මේ රට නැවත ගොඩනගන්නට ඔබතුමන්ලා මා තෝරා පත්කර ගත්තා. දැන් මේ රටේ ඕනෑම තැනකට යන්න එන්න පුළුවන්. බිය වෙන්න දෙයක්‌ නෑ. ඔබ හැමෝටම අපි කරපු හැම සංවර්ධන කටයුත්තක්‌ම හොඳට දැකබලා ගන්න පුළුවනි. මේ වේගයෙන්ම ගියා නම් අපේ රට අනිවාර්යයෙන්ම තව තවත් දියුණු වෙනවා. උතුරු පළාත් සංවර්ධනය කරන්න අපි රුපියල් බිලියන ගණනාවක්‌ වියදම් කරලා තියෙනවා. මහා මාර්ග, පාලම්, අධ්‍යාපන, පහසුකම්, විදුලිබල පහසුකම්, සෞඛ්‍ය පහසුකම් වැනි පහසුකම් කීපයක්‌ම ලබා දී තිබෙනවා. පුනරුත්ථාපන කටයුතුත් සිදුකර තිබෙනවා. වන්දි ගෙවීම් ලබා දී තිබෙනවා. ඔබේ රත්ත්‍රන් ඔබටම ලබා දී තිබෙනවා. යාල් දේවි දුම්රිය දැන් නැවත වරක්‌ ගාම්භීර ලෙස ගමන් කරනවා. මාන්කුලම්වලත් යාල්දේවිය නවත්වන්න කියා මම කියන්න ඉන්නේ. ජාතිවාදී දේශපාලනය ඉතාමත් නරකයි. අපිට අවශ්‍ය වන්නේ සහෝදර ප්‍රේමයයි. විඳපු දුක මින්පසු එපා. බුද්ධියෙන් වැඩ කරමු. ඔබේ දරුවන් ගැන ඔබලා හිතන්න ඕනෑ. ජාතිවාදය කථා කරන ටී. එන්. ඒ. නායකයන්ගේ දරුවෝ විදේශ රටවලයි ඉන්නේ. අහිංසක ජනතාවගේ දරුවෝ මේ රටේමයි ඉන්නේ. ඔබේ දරුවන්ගේ අනාගතය ගැන ඔබ කල්පනා කළ යුතුයි.

උතුරු වසන්තය ඔබේ වසන්තයයි. ඔබේ දරුවන්ගේ වසන්තයයි. ඔබේ ප්‍රදේශයේ වසන්තයයි. ඔබට මා කෙරෙහි විශ්වාසය තබන්න පුළුවනි. අනාගතය තව තවත් දීප්තිමත්වන්නට මාත් එක්‌ක එකතු වන්න. අපි ඉදිරියටම ගමන් කරමු.

සම්ප්‍රදායික කර්මාන්ත කුඩා ව්‍යවසාය සංවර්ධන ඇමැති ඩග්ලස්‌ දේවානන්ද මහතා, දෙමළ ජනතාවගේ ප්‍රශ්නවල විසඳුමේ ආරම්භය තමයි 13 වැනි සංශෝධනය ක්‍රියාත්මක කිරීම. මෙය ක්‍රියාත්මක කිරීම පිළිබඳව ඡේ. ආර්. ජයවර්ධන, ඩී. බී. විඡේතුංග, රනිල්, චන්ද්‍රිකා සමඟ සාකච්ඡා කළා. ඒක ක්‍රියාත්මක කළේ නෑ. 13 වැනි සංශෝධනය ක්‍රියාත්මක කළ එකම නායකයා ජනාධිපතිතුමා පමණයි.

උතුරු නැගෙනහිර ඡන්දය පැවැත්වුවා. මේක ක්‍රියාත්මක කිරීමට අඩිතාලමක්‌ දැම්මා. උතුරු පළාත් සභාව දෙන ප්‍රතිපාදනවලින් සුළු ප්‍රමාණයයි. වියදම් කරන්නේ ජනතාවගේ යහපත වෙනුවෙන් නොවෙයි වියදම් කරන්නේ. ඔවුන්ට අවශ්‍ය සුඛෝපභෝගී වාහන ගන්නයි. ජනතාවට කිසිවක්‌ කළේ නැහැ.

ජනාධිපතිතුමාගෙ ජයග්‍රහණය වෙනුවෙන් දෙමළ ජනතාව කොටස්‌කරුවන් විය යුතුයි. එහෙම උනොත් දෙමළ ජනතාවට ගෞරවාන්විත විසඳුමක්‌ ලබාදීමයි අපේ පළමුව, දෙවන හා තුන්වන බලාපොරොත්තුව.

විදුලි සංදේශ හා තොරතුරු තාක්‌ෂණ නියෝජ්‍ය ඇමැති ප්‍රභා ගනේෂන් මහතා- ලද ජයග්‍රහණයෙන් පසු මැතිවරණ කීපයකට මේ වනවිට අප මුහුණ දුන්නා. ඒ මැතිවරණවලදී ඔබ සහාය දුන්නේ කාටද කියලා ඔබ අවංකවම දන්නවා. ඡන්දය දුන්නත්, නැතත් ජනාධිපතිතුමා සේවය කරලා තියෙනවා.

අපේ අනාගතයේ සාර්ථකත්වය තියෙන්නේ ජනාධිපතිතුමාගේ ජයග්‍රහණය මතයි. පොදු විපක්‍ෂයෙන් දෙමළ ජනතාවට විසඳුමක්‌ ලැබෙන්නෙ නෑ. දෙමළ ජනතාවට සාකච්ඡා මාර්ගයෙන් විසඳුමක්‌ දෙන්න ජනාධිපතිතුමා උත්සාහ කළත් දෙමළ ජාතික සන්ධානය මගහැරියා. යුද්ධය පැවැති කාලයේ එල්. ටී. ටී. ඊ. ය කළෙත් ඒකමයි.

ජනාධිපතිතුමා වැඩි ඡන්දයෙන් දිනවන් අපි ඒකට කොටස්‌කරුවකු වෙන්න ඕනෑ.

ඌව පළාත් සභා මන්ත්‍රී වඩිවේල් සුරේෂ් මහතා - මීට පෙර මැතිවරණවලදී දුන් මනාපවලින් බලාපොරොත්තු ඉටුවුණාද? සුළු ජාතීන්ට පාලනයේ ඉන්න ආණ්‌ඩුවලින් තමයි ඒ අයගේ අභිලාෂයන් ඉටුවුණේ. වතුකරයේ ජනතාවත් මේ රටේ ඡන්දදායකයන්. වැඩි ප්‍රතිශතයක්‌ සහාය දෙන්නේ ජනාධිපතිතුමාටයි. එතුමාගේ ජයග්‍රහණයේ අපිත් කොටස්‌කරුවන් විය යුතුයි.

ප්‍රගතිශීලී දෙමළ ජාතික සන්ධානයේ විජයකාන්ත් - ජනාධිපතිතුමා හා මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ පක්‍ෂ මට්‌ටමෙන් අපි සාකච්ඡා කළා. එහිදී දෙමළ ජනතාවගේ ගැටලුවලට පියවරෙන් පියවර විසඳුම් දෙන්න ජනාධිපතිතුමා සුදානම්. එහෙත් පොදු අපේක්‌ෂක සුදානම් නැහැ. දෙමළ ජනතාවගේ ප්‍රශ්න ගැනවත් සාකච්ඡා කරන්න සූදානම් නැහැ. දෙමළ ජනතාවගේ ප්‍රශ්න විසඳන්න ජනාධිපතිතුමාට සහය දිය යුතුයි.

No comments:

Post a Comment