Dec 22, 2014

20 Dec 2014
ගිනි අවි භාවිතා කිරීම්, රාජ්‍ය දේපළ හා නිලධාරීන්a යොදා ගැනීම්, සහනාධාර බෙදීම්, ප්‍රචාරක දැන්වීම්, පූර්ව මැතිවරණ නීති රීති උල්ලංඝනය කිරීම් 336 ක්‌
පැෆරල් වාර්තා කරයි
ඉන් 289 ක්‌ බරපතළයි
ජනාධිපතිවරණයේ පූර්ව මැතිවරණ නීති උල්ලංඝනය කිරීමේ සිද්ධීන් තුන්සියය තිස්‌හයක්‌ නිදහස්‌ හා සාධාරණ මැතිවරණයක්‌ සඳහා වූ ජනතා ක්‍රියාකාරීත්වයට (පැෆරල්) වාර්තා වී ඇතැයි එම සංවිධානය පවසයි.
මෙම නීති රීති උල්ලංඝනය කිරීමේ සිද්ධීන් අතරින් වඩාත් බරපතළ සිද්ධීන් දෙසීය අසූනවයක්‌ ඇතැයි ද ප්‍රචණ්‌ඩ ක්‍රියා හැත්තෑතුනක්‌ ද ඒ අතර වන බව පැµරල් සංවිධානයේ විධායක අධ්‍යක්‍ෂ රෝහණ හෙට්‌ටිආරච්චි මහතා පෙරේදා
(18 වැනිදා) කොළඹ, පදනම් ආයතනයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවැසීය.
මේ අතර ගිනි අවි භාවිතා කිරීම් පහක්‌ වාර්තා වී ඇතැයි ද ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින අපේක්‍ෂකයන් දහනවදෙනාගෙන් එක්‌ අපේක්‍ෂකයකු සියලු රාජ්‍ය සම්පත්, රාජ්‍ය දේපළ හා රාජ්‍ය නිලධාරීන් යොදවා ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතු සිදුකරන බව නිරීක්‍ෂණය වී ඇතැයි ද ඒ මහතා පැවැසීය.

http://www.divaina.com/2014/12/20/news24.html
මෙහිදී මාධ්‍යවේදියකු ප්‍රශ්නයක්‌ නඟමින් විමසා සිටියේ එම අපේක්‍ෂකයා කවුරුද කියා ය. එහිදී නම පැවසීමට මැලි වූ ඒ මහතා කියා සිටියේ රාජ්‍ය බලය, රාජ්‍ය සම්පත්, රාජ්‍ය නිලධාරීන්ට බලපෑම් කළ හැකි ජනාධිපතිවරණ අපේක්‍ෂකයකු එලෙස ක්‍රියා කරන බවයි.

ලබන විසිහත්වැනිදා ජාත්‍යන්තර මැතිවරණ නිරීක්‍ෂකයන් තිස්‌පස්‌දෙනකු මෙරටට පැමිණ පූර්ණ මැතිවරණ සතිය හා පශ්චාත් මැතිවරණ සමය නිරීක්‍ෂණය කරන බව ද ඒ මහතා කියා සිටියේය.

ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමට පෙර සිටම ක්‍රියාත්මක වූ ජනතාවට සහනාධාර ව්‍යාපෘති, ඊට පසුවත් ක්‍රියාත්මක වන බවත්, ඊට අමතරව සමෘද්ධි සහනාධාරය වැනි සහනාධාර ව්‍යාපෘති සඳහා අලුතින් පිරිස්‌ බඳවාගෙන ඇතැයි පැµරල් සංවිධානය වෙත පැමිණිලි ලැබී ඇතැයි ද ඒ මහතා පැවැසීය.

ඒ අනුව සමෘද්ධි සහනාධාර ලෙස රුපියල් දස දහසක්‌ ලබාදීම යටතේ මූලික අදියර යටතේ රුපියල් දෙදහස්‌ පන්සිය බැගින් ලබා දී ඇති සිද්ධි ද වාර්තා වී ඇතැයි හෙතෙම කියා සිටියේය.

ඌව පළාත් සභා මැතිවරණයේදී මෙන් මෙවර ජනාධිපතිවරණයේදී ද ගෘහ උපකරණ, කෘෂි උපකරණ, රූපලාවන්‍ය උපකරණ ආදිය බෙදාදීම් රැසක්‌ ම වාර්තා වී ඇතැයි ද පැවැසීය.

ඇහැලියගොඩ, ඕපනායක ඇතුළු ප්‍රදේශ කිහිපයක ග්‍රාම නිලධාරීන්, රාජ්‍ය නිලධාරීන් හා සමෘද්ධි ලාභීන් රැස්‌කර දේශපාලන කටයුතු සඳහා සහභාගි කරවා ගැනීමේ සිද්ධි වාර්තා වී ඇතැයි ද ඒ මහතා කියා සිටියේය.

මෙහිදී මාධ්‍යවේදියකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් කියා සිටියේ මෙරට දේශපාලන සංස්‌කෘතිය නරක විදිහට පිරිහී ඇතැයි ද පාලක පක්‍ෂය සිය මැතිවරණ සඳහා රාජ්‍ය දේපළ, රාජ්‍ය සම්පත් හා රාජ්‍ය නිලධාරීන් යොදා ගැනීම පෙර මැතිවරණවලදී මෙන් ම මෙවරද සිදුවන බවයි.

තැපැල් ඡන්දය ප්‍රකාශ කළ පසු එම ඡන්දය ප්‍රකාශවල රහස්‍යභාවය පිළිබඳ කලබල විය යුතු නැති බවත් ඡන්දය ගණනය කිරීමේදී වංචා සිදු වූ බවට ඔප්පු වී නැතැයි ද තවත් ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් රෝහණ හෙට්‌ටිආරච්චි මහතා පැවැසීය.

මේ වන විට කොළඹ දිස්‌ත්‍රික්‌කයේ විදුලි කණුවක්‌ පාසා අලවා තිබූ පෝස්‌ටර්වලින් සියයට හැත්තෑපහක්‌ ඉවත් කර ඇතැයි නිරීක්‍ෂණය වී ඇතැයි ද පැවැසීය.

දකුණු පළාතේ එලෙස ප්‍රදර්ශනය කර ඇති පෝස්‌ටර්, කටවුට්‌ ආදිය ප්‍රතිශතයක්‌ ලෙස ගත් කල සියයට හැත්තෑපහක්‌ පමණ තවමත් ප්‍රදර්ශනය වන අතර හම්බන්තොට එය සියයට අනූවක්‌ වැනි ඉහළ අගයක පවතින බව ද සඳහන් කළේය.

පොලිස්‌ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පන්සියයක්‌ පමණ මාරු කර යෑවීම් හා උසස්‌වීම් ලබාදී ඇතැයි ඒ මහතා පෙන්වා දුන්නේය.

No comments:

Post a Comment