Dec 22, 2014

20 Dec 2014
කුමාර් ගුණරත්නම් ශ්‍රී ලංකාවට 
පැමිණීමට කළ ඉල්ලීම ඉවතට 

වීසා දීම රජය ප්‍රතික්‍ෂේප කරයි
ඔස්‌ටේ්‍රලියානු පුරවැසියකු වූ කුමාර් ගුණරත්නම්ට මෙරට දේශපාලනය කිරීමට හිමිකමක්‌ නැති නිසා ඔහු ශ්‍රී ලංකාවට පැමිණීමට කළ ඉල්ලීම රජය ප්‍රතික්‍ෂේප කර ඇත.
ජනාධිපතිවරණ රැස්‌වීම් ඇමතීම සඳහා ඔහු මෙරටට ගෙනඒමට පෙරටුගාමී සමාජවාදී පක්‍ෂය දැඩි උත්සාහයක්‌ ගෙන තිබේ.
කුමාර් ගුණරත්නම් ඔස්‌ටේ්‍රලියාවේ දේශපාලන රැකවරණ ලැබූවෙකි. එවැන්නකුට මෙරට අභ්‍යන්තර කටයුතුවලට මැදිහත්විය නොහැකියි. ඔහුට වෙනස්‌ නමක්‌ පවා දුන්නේ ඔස්‌ටේ්‍රලියානු බලධාරීන් යෑයි ඉහළ පෙළේ ආරංචි මාර්ග පැවසීය.
මේ අතර කුමාර් ගුණරත්නම් මහතාට ශ්‍රී ලංකාවට ඒමට වීසා ලබානොදීම පිළිබඳව පෙරටුගාමී සමාජවාදී පක්‍ෂය විසින් ඊයේ (19දා) මානව හිමිකම් කොමිසමට පැමිණිලි කර තිබේ.
කුමාර් ගුණරත්නම් මහතාට මෙරටට ඒම සඳහා නීත්‍යානුකූලව වීසා අයදුම් කර තිබෙන අතර එය ලබා නොදීම පිළිබඳව ජනාධිපතිවරණයේ වමේ පොදු අපේක්‍ෂක දුමින්ද නාගමුව හා පෙරටුගාමී සමාජවාදී පක්‍ෂයේ දේශපාලන මණ්‌ඩල සභික චමීර කොස්‌වත්ත යන මහත්වරුන් විසින් මානව හිමිකම් කොමිසමට මෙම පැමිණිල්ල කර ඇත. .......

http://www.divaina.com/2014/12/20/news13.html
 

No comments:

Post a Comment