Dec 28, 2014

28 Dec 2014
මුතුහෙට්ටිගමට ගමේ හිර ගෙදර නවාතැන්
වරෙන්තුව කැඳවන්නේ සඳුදා
2014 දෙසැම්බර් මස 28 17:52:49
   කටුනායක ගුවන්තොටේදී අද (28) අත්අඩංගුවට ගත් නියෝජ්‍ය ඇමැති  නිශාන්ත මුතුහෙට්ටිගම මින් මද වේලාවකට පෙර දැඩි ආරක්ෂාව මධ්‍යයේ  ගාල්ල බන්ධනාගාරයට රැගෙන එනු ලැබීය. ඔහු අද  පස්වරුවේ මීගමුව ප්‍රධාන මහේස්ත්‍රාත් පුර්ණිමා පරණගමගේ මහත්මිය වෙත ඉදිරිපත් කරනු ලැබීය.
ඔහු හැකි ඉක්මනින් බද්දේගම උසාවියට ඉදිරිපත් කරන ලෙස  මහේස්ත්‍රාත් නියෝග කළ බව
ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතීඥ ගොඩ්ප්‍රි කුරේ මහතා  පැවැසීය.
මේ අතර පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා   නිවේදනයක් නිකුත් කරමින් පැවසුයේ ඔහු 30 වැනිදා අඟහරුවාදා දක්වා රිමාන්ඩ් කරන ලෙස නියෝග කළ බවයි.එහෙත් බද්දේගම උසාවියේ වරෙන්තුව යළි කැඳැවීමට  නියමිතව ඇත්තේ (29) සඳුදාය.
28 Dec 2014
මුතුහෙට්ටිගම බද්දේගම උසාවියට
මීගමු මහේස්ත්‍රාත් නියෝග කරයි
2014 දෙසැම්බර් මස 28 13:21:13 |
   නියෝජ්‍ය ඇමැති නිශාන්ත මුතුහෙට්ටිගම හැකි ඉක්මනින් බද්දේගම මහේස්ත්‍රාත් වෙත ඉදිරිපත් කරන්නැයි මීගමුව ප්‍රධාන මහෙස්ත්‍රාත් පූර්ණිමා පරණගම මහත්මිය නියෝග කළාය.
පොලිසිය ඔහු ඉදිරිපත් කළේ මහේස්ත්‍රාත්වරියගේ නිල නිවසේදීය.
බන්ධනාගාර රියක්ද එහි කැඳවා තිබිණි. මුතුහෙට්ටිගම මහතාට එරෙහි නඩුව බද්දේගම මහේස්ත්‍රාත් උසාවියේදී සඳුදා කැඳවීමටද නියමිතය.
මුතුහෙට්ටිගම මහේස්ත්‍රාත් නිල නිවසේ සිට රැගෙන ආවේ ඡායාරූප ශිල්පීන්ට ඔහුගේ ඡායාරූප ගැනීමට නොහැකිවන ආකාරයෙනි.

119 ට දුන් ඔත්තුවට වූ දේ සොයයි
2014 දෙසැම්බර් මස 28 13:38:16
   සුළු අපනයන බෝග ප්‍රවර්ධන ඇමැති නිශාන්ත මුතුහෙට්ටිගම මහතා ඉකුත් 26 දින රාත්‍රියේ අධිවේගී මාර්ගයෙන් කොළඹ පැමිණෙන බවට පොලිසියේ 119 හදිසි අංකය දුන් ඔත්තුව නොතකා හැරීම ගැන පරීක්ෂණ කරන බව පොලිස් මාධ්‍ය ප්‍රධානි කියයි.
එදින රාත්‍රී 10.56ට ලාල් සිරිසේන මහතාද 11.01ට හා 11.02ට තවත් පණිවුඩ දෙකක්ද පොලිසියට යොමු කැරිණි.
28 Dec 2014
මුතුහෙට්ටිගම මීගමු උසාවියට
2014 දෙසැම්බර් මස 28 11:42:49 | . , දීපා අධිකාරී
   නියෝජ්‍ය ඇමැති මුතුහෙට්ටිගම මීගමුව උසාවියට ඉදිරිපත් කිරීමට නියමිතය. බද්දේගම උසාවියෙන් වරෙන්තුවක් නිකුත් කර තිබියදී ඔහු පසුගිය 26 වැනිදා සිංගප්පූරුවට ගියේය.
වඳුරඹ මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ඡන්ද රැලියකට පහරදුන් බව කියන ඔහුගේ ආධාර කරුවන් තිදෙනකු බද්දේගම උසාවියට ඉදිරිපත් කිරීම සඳහා පොලිසිය රැගෙන යද්දී එම පිරිස පැහැර ගත්තැයි මුතුහෙට්ටිගමට එරෙහිව වරෙන්තුව නිකුත් කර තිබුණේය
http://www.lankadeepa.lk/index.php/top_story/286030.

මුතුහෙට්ටිගම අත් අඩංගුවට ගනී
2014 දෙසැම්බර් මස 28 11:31:43 | දීපා අධිකාරී
   නියෝජ්‍ය ඇමැති මුතුහෙට්ටිගම කටුනායකදී මින් මද වේලාවකට පෙර අත් අඩංගුවට ගත් රහස් පොලිසිය ඔහුගෙන් ප්‍රශ්න කරගෙන යයි.

මුතුහෙට්ටිගම අල්ලන්න පොලිසියෙන් 25 ක්
2014 දෙසැම්බර් මස 28 11:04:44 | දීපා අධිකාරී
   නියෝජ්‍ය ඇමැති මුතුහෙට්ටිගම මහතා රැගෙත් යු එල් 302 යානය සිංගප්පුරුවේ සිට පෙරවරු11.20ට ළඟා වීමට නියමිත බව ගුවන් නිලධරයෝ කියති.
ඔහු පිටවී යන ප්‍රභූ පර්යන්තය ළඟ පොලිස් ජීප් දෙකක් නවතා ඇත.25ක පමණ පොලිස් බළ ඇණියක්ද එහි රඳවනු ලැබ සිටි.
28 Dec 2014
රවුෆ් හකීම් මෛත්‍රී පිලට : ඇමැති පදවියත් අත් හරී
2014 දෙසැම්බර් මස 28 10:43:53

   ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසයේ නායක හා අධිකරණ අමාත්‍ය රවුෆ් හකීම් කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතා සමග එක්විය.
ඔහු සමග හිතවත් මන්ත්‍රීවරු කිහිපදෙනෙක්ද වූහ.
හකීම් අධිකරණ ඇමැති පදවියෙන්ද ඉල්ලා අස්විය
http://www.lankadeepa.lk/index.php/articles/286000

SLMC for Maithri
2014-12-28 10:47:48
Sri Lanka Muslim Congress (SLMC) has decided to support Opposition Common Candidate Maithripala Sirisena at the forthcoming Presidential Election, Justice Minister Rauff Hakeem announced a short while ago.
Speaking at a press conference in Colombo, SLMC Leader Hakeem said that he resigned from the ministerial portfolio as well. “I have already sent the resignation letter to President Mahinda Rajapaksa,” he told media.
- See more at: http://www.dailymirror.lk/59833/slmc-for-maithri#sthash.rMMmoH0d.dpuf
27 Dec 2014
Investigation on non-arrest of Muthuhettigama
2014-12-27 12:31:55
Police Special Investigations Unit (SIU) has launched an investigation as to why deputy minister Nishantha Muthuhettigama was not arrested following a claim by an individual that he informed the 119 call centre, police said.
Police Chief N.K. Ilangakoon had ordered the SIU to investigate whether the 119 call centre had dispatched the message to responsible officials and if so why he was not arrested by any police station. Police said if certain officials had overlooked their service, disciplinary action would be taken against them after completing the investigations.
Meanwhile, police has informed the officials at both the Katunayake and Mattala airports to arrest deputy minister Nishantha Muthuhettigama on his arrival.
http://www.dailymirror.lk/59817/investigation-on-non-arrest-of-muthuhettigama
27 Dec 2014
මගේ අයවැය කොපිකර ඔවුන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශය හදලා
නායකයෝ කළ යුත්තේ අඬන එක නොවෙයි;
අඬන ජනතාවගේ දැස්‌වල කඳුළු පිසදැමීමයි 

ජනාධිපති මහින්ද රාජපක්‍ෂ

නායකයෝ ඉන්න ඕන ජනතාවගේ කඳුළු පිසදමන්න මිස ඉකිගසමින් අඬන්න නොවෙයි. අද මේ අය මේ ජනතාව ඉදිරියට ඇවිත් කිඹුල් කඳුළු හෙළනවා. ඔවුන් කඳුළු සලන්නේ ජනතාව වෙනුවෙන් නොව ඔවුන් වෙනුවෙන් යයි ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සඳහන් කළේය.
විපක්‍ෂ අපේක්‍ෂකගේ ප්‍රතිපත්ති ප්‍රකාශය තමාගේ අයවැය කතා එහාට මෙහාට කරලා කොපිකරලා හදිසියේ සකස්‌ කළ පොතක්‌ යයිද ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

රත්නපුර මහජන ක්‍රීඩාංගණයේදී පසුගිය 22 දා
පැවැති ජනාධිපතිවරණ ජනරැලිය අමතමින් ජනාධිපතිවරයා මේ බව පැවැසීය.
අති විශාල ජනතාවක්‌ රැස්‌ව සිටි එම ජනහමුව අමතා ජනාධිපතිවරයා වැඩිදුරටත් මෙසේද සඳහන් කළේය. තමුන්නාන්සේලා මට හැමදාම වැඩි ඡන්ද විශාල ප්‍රමාණයක්‌ රත්නපුරයෙන් ලබාදෙනවා. ඒනිසා මට හැමදාම තමුන්නාන්සේලා විශ්වාසයි. අපි රත්නපුරයට යටිතල පහසුකම් වැඩිපුර ලබාදී තිබෙනවා.
දැන් ඔබට කොළඹ යන්න පැය කීයක්‌ ගතවෙනවාද? තව අවුරුදු දෙකකින් ඔබට කොළඹට යන්න ගතවෙන්නේ පැය භාගයයි. එපමණක්‌ නොවෙයි දුම්රියත් මෙහාට එවනවා. අපි දුම්රිය උඩවලවටම ධාවනය කරන්නයි සැලසුම් කරලා තියෙන්නේ. එවිට මේ දුම්රිය මාර්ගය මාතර සිට කතරගමට දික්‌වන දුම්රිය මාර්ගයට එකතු වෙනවා. මෙයයි සැලැස්‌ම. වැඩපටන්ගන්නයි හදන්නේ.

27 Dec 2014
රටේ මැර බලය රජ කරවීමට නම් රාජපක්‍ෂට ඡන්දය දෙන්න
- විපක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහරට තුළ දැනුම රජ කරවීමට අවශ්‍ය නම් මෛත්‍රීපාල සිරිසේන මහතාටද, මැර බලය රජ කිරීමට නම් මහින්ද රාජපක්‌ෂ මහතාට ඡන්දය ලබා දෙන්නැයි විපක්‌ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා කීය.

එජාපයට අනුබද්ධ එක්‌සත් අධ්‍යාපන සේවක සංගමයේ වාර්ෂික සමුළුව (24 දා) සිරිකොතදී පැවති අවස්‌ථාවේදී හෙතෙම මේ බව කියා සිටියේය.
මෙහිදී අදහස්‌ දැක්‌වූ රනිල් වික්‍රමසිංහ මහතා - අද අපි මෙතෙනට කැඳවූවේ උගතුන් පිරිසක්‌. ඒත් මහින්ද රාජපක්‌ෂ මෙතැනට මැරයන් උගතුන්ට ගහන්න එව්වේ. අද මේ ශාලාවේ තිබෙන්නේ අධ්‍යාපන සේවක සංගමයේ රැස්‌වීමක්‌. වෙන දෙයක්‌ නොවෙයි. මේ ජනාධිපතිවරණය ජනාධිපතිවරයා විසින් කැඳෙව්වේ මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය මර්දනය කරන්නයි.
ආණ්‌ඩුව අද අධිකරණයේ ස්‌වාධීනත්වය නැති කරලා, පාර්ලිමේන්තුවේ බලය හීන කරලා, මේවා කළේ රාජපක්‌ෂ රෙජීමය ඇති කර ගන්නයි. මෙවර ජනාධිපතිවරණය පවත්වා ප්‍රජාතන්ත්‍රවාදය සම්පූර්ණයෙන්ම රටෙන් අතුගා දමන්නයි හදන්නේ. 

27 Dec 2014
රජ පවුලක් ලෙස හැමදා රජකම් කළ හැකි යැයි සිතුවත්
ජනතාවගේ දුප්පත්කමට බඩගින්නට විසඳුම් 
නොදුන් අපවිත්‍ර පාලනය අපි 8 වැනිදා අවසන් කරනවා
පොදු අපේක්‍ෂක මෛත්‍රීපාල සිරිසේන

මගේ මිතුරා වන මහින්දට විශ්‍රාම සුවය ලබාදීම මගේ යුතුකමයි
- රනිල් වික්‍රමසිංහ

කර්මාන්ත ශාලා 1050ක්‌ වහලා ඒ වෙනුවට තැබෑරුම් 2500 ක්‌ ඇරලා
සරත් ෆොන්සේකා

රජ පවුලක්‌ ලෙස සදාකල් රජකම් කළ හැකි යෑයි සිතෙන අපවිත්‍ර දේශපාලන සංකල්පනාව වෙනස්‌ කිරීම සඳහා අත්වැල් බැඳගත යුතු කාලය දැන් එළැඹ තිබෙන බව විපක්‍ෂයේ ජනාධිපතිවරණ පොදු අපේක්‍ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා පූගොඩ, කිරිල්ලවල, බියගම හැටන් සහ මාලබේ පැවති ජනහමුවලදී පසුගියදා ප්‍රකාශ කළේය.

ඡන්දයක්‌ පැමිණි විට පමණක්‌ කුමක්‌ හෝ ලබාදී යළි බලයට එන්න පුළුවන් කියන ජනාධිපතිගේ විශ්වාසය බිඳීම සඳහා මෙවර ඔබේ කතිරය භාවිතා කරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් මෛත්‍රීපාල මහතා එහිදී සඳහන් කළේය.
එහිදී තව දුරටත් අදහස්‌ දැක්‌වූ මෛත්‍රිපාල සිරිසේන මහතා මෙසේද පැවසීය.
මහ වැසි නොතකා පුළුල් දේශපාලන අරමුණක්‌ වෙනුවෙන් ඔබ කරනා මේ කැපකිරීම මා අගය කරනවා. කඩුවෙල මට නුහුරු නුපුරුදු තැනක්‌ නොවේ. අද තිබෙන ආණ්‌ඩුව 2005 දී අපි බලයට පත් කළ විට ශ්‍රේෂ්ඨ රණ විරුවෙක්‌ වන යුද හමුදාපති සරත් ෆොන්සේකා මහතා ඇතුළු රණ විරුවන් මේ රට බේරා ගත්තා. 2009 මැයි 18 වැනිදා රටේ හැම තැනම වගේ කඩුවෙල ජනතාවත් වීථි බැස මහා රජාණෝ යෑයි ජනාධිපතිට ජය ඝෝෂා නැගුවා. ඇත්තටම මාත් රජෙක්‌ නේද කියලා ජනාධිපතිතුමාට එහිදී හිතුණාවත්ද?