Dec 28, 2014

28 Dec 2014
මුතුහෙට්ටිගම බද්දේගම උසාවියට
මීගමු මහේස්ත්‍රාත් නියෝග කරයි
2014 දෙසැම්බර් මස 28 13:21:13 |
   නියෝජ්‍ය ඇමැති නිශාන්ත මුතුහෙට්ටිගම හැකි ඉක්මනින් බද්දේගම මහේස්ත්‍රාත් වෙත ඉදිරිපත් කරන්නැයි මීගමුව ප්‍රධාන මහෙස්ත්‍රාත් පූර්ණිමා පරණගම මහත්මිය නියෝග කළාය.
පොලිසිය ඔහු ඉදිරිපත් කළේ මහේස්ත්‍රාත්වරියගේ නිල නිවසේදීය.
බන්ධනාගාර රියක්ද එහි කැඳවා තිබිණි. මුතුහෙට්ටිගම මහතාට එරෙහි නඩුව බද්දේගම මහේස්ත්‍රාත් උසාවියේදී සඳුදා කැඳවීමටද නියමිතය.
මුතුහෙට්ටිගම මහේස්ත්‍රාත් නිල නිවසේ සිට රැගෙන ආවේ ඡායාරූප ශිල්පීන්ට ඔහුගේ ඡායාරූප ගැනීමට නොහැකිවන ආකාරයෙනි.

119 ට දුන් ඔත්තුවට වූ දේ සොයයි
2014 දෙසැම්බර් මස 28 13:38:16
   සුළු අපනයන බෝග ප්‍රවර්ධන ඇමැති නිශාන්ත මුතුහෙට්ටිගම මහතා ඉකුත් 26 දින රාත්‍රියේ අධිවේගී මාර්ගයෙන් කොළඹ පැමිණෙන බවට පොලිසියේ 119 හදිසි අංකය දුන් ඔත්තුව නොතකා හැරීම ගැන පරීක්ෂණ කරන බව පොලිස් මාධ්‍ය ප්‍රධානි කියයි.
එදින රාත්‍රී 10.56ට ලාල් සිරිසේන මහතාද 11.01ට හා 11.02ට තවත් පණිවුඩ දෙකක්ද පොලිසියට යොමු කැරිණි.

No comments:

Post a Comment