Dec 28, 2014

27 Dec 2014
රජ පවුලක් ලෙස හැමදා රජකම් කළ හැකි යැයි සිතුවත්
ජනතාවගේ දුප්පත්කමට බඩගින්නට විසඳුම් 
නොදුන් අපවිත්‍ර පාලනය අපි 8 වැනිදා අවසන් කරනවා
පොදු අපේක්‍ෂක මෛත්‍රීපාල සිරිසේන

මගේ මිතුරා වන මහින්දට විශ්‍රාම සුවය ලබාදීම මගේ යුතුකමයි
- රනිල් වික්‍රමසිංහ

කර්මාන්ත ශාලා 1050ක්‌ වහලා ඒ වෙනුවට තැබෑරුම් 2500 ක්‌ ඇරලා
සරත් ෆොන්සේකා

රජ පවුලක්‌ ලෙස සදාකල් රජකම් කළ හැකි යෑයි සිතෙන අපවිත්‍ර දේශපාලන සංකල්පනාව වෙනස්‌ කිරීම සඳහා අත්වැල් බැඳගත යුතු කාලය දැන් එළැඹ තිබෙන බව විපක්‍ෂයේ ජනාධිපතිවරණ පොදු අපේක්‍ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා පූගොඩ, කිරිල්ලවල, බියගම හැටන් සහ මාලබේ පැවති ජනහමුවලදී පසුගියදා ප්‍රකාශ කළේය.

ඡන්දයක්‌ පැමිණි විට පමණක්‌ කුමක්‌ හෝ ලබාදී යළි බලයට එන්න පුළුවන් කියන ජනාධිපතිගේ විශ්වාසය බිඳීම සඳහා මෙවර ඔබේ කතිරය භාවිතා කරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් මෛත්‍රීපාල මහතා එහිදී සඳහන් කළේය.
එහිදී තව දුරටත් අදහස්‌ දැක්‌වූ මෛත්‍රිපාල සිරිසේන මහතා මෙසේද පැවසීය.
මහ වැසි නොතකා පුළුල් දේශපාලන අරමුණක්‌ වෙනුවෙන් ඔබ කරනා මේ කැපකිරීම මා අගය කරනවා. කඩුවෙල මට නුහුරු නුපුරුදු තැනක්‌ නොවේ. අද තිබෙන ආණ්‌ඩුව 2005 දී අපි බලයට පත් කළ විට ශ්‍රේෂ්ඨ රණ විරුවෙක්‌ වන යුද හමුදාපති සරත් ෆොන්සේකා මහතා ඇතුළු රණ විරුවන් මේ රට බේරා ගත්තා. 2009 මැයි 18 වැනිදා රටේ හැම තැනම වගේ කඩුවෙල ජනතාවත් වීථි බැස මහා රජාණෝ යෑයි ජනාධිපතිට ජය ඝෝෂා නැගුවා. ඇත්තටම මාත් රජෙක්‌ නේද කියලා ජනාධිපතිතුමාට එහිදී හිතුණාවත්ද?

http://www.divaina.com/2014/12/27/news15.html
හැබැයි ව්‍යවස්‌ථාදායකයෙන් සමන්විත පාර්ලිමේන්තුවක්‌ එක්‌ක ජනතා පරමාධිපත්‍ය සහිත නීතියේ ස්‌වාධිපත්‍යයත් සමග රජෙක්‌ බිහි වෙන්න විදිහක්‌ නැහැ. නීතිය හා සාමය රකින්න පොලිසියට ස්‌වාධීනත්වය, අධිකරණයට නීතිමය අයිතිය මේ රටට තිබිය යුතුයි. ඒත් පහුගිය අවුරුදු කිහිපය තුළ මහින්ද රාජපක්‍ෂගේ ආණ්‌ඩුව තුළ යහපාලනයේ සියලු මුලිකාංග විනාශ වුණා. ජනතාවගේ දුක්‌ කඳුළු නොතකා රජය කටයුතු කළා. සංවර්ධනයේ සුන්දරත්වය රටට පෙන්නුවත් ජනතාවගේ කුසගින්න ගැන, දුප්පත්කම ගැන පාලකයා හිතුවේ නැහැ.

හැබැයි දැන් මේ ඡන්දය ඉලක්‌ක කර ගෙන ජනතාවට බෙදා දීම සඳහා නැව් වලින් සාරි ගේනවා. ඔරලෝසු ගේනවා. සිල්රෙදි ගේනවා. බයිසිකල් ගේනවා මොබයිල් ෆොaන් ගේනවා. මේ දෙන හැම දෙයක්‌ම අරගන්න. ඔක්‌කොම පොදි බැඳලා අරගෙන මේ රටේ යහපත් වෙනසකට මුල පුරන්න හංසයා ඉදිරියේ ඡන්දය දෙන්න. පෞද්ගලික අංශයේ රැකියා කරන අය අද අන්ත අසරණ වෙලා තිබෙනවා. ඡන්ද වෙලාවට යමක්‌ දීලා බලයට එන්න පුළුවන් කියන ජනාධිපතිගේ අමනෝඥ විශ්වාසය බිඳින්න ඔබ පෙරට එන්න. ස්‌ත්‍රි දූෂණ, කාන්තා හිංසාව, ළමා අපචාර මේ රටේ ඉහ වහ ගියා. රාජ්‍ය නායකයා මේ වැරදිවල චූදිතයන්ව රකිනවා. පොලිසියට බලපෑම් කරනවා. අධිකරණයට නියෝග දෙනවා. මේකද මහින්ද රාජපක්‍ෂ මහතා කියන ප්‍රබුද්ධ රාජ්‍යය? මේකද යහපාලනය? රජ පවුලක්‌ ලෙස සදාකල් රජකම් කළ හැකි යෑයි සිතෙන අපවිත්‍ර දේශපාලන සංකල්පය අපි වෙනස්‌ කරමු.

ජනතාවගේ ජීවන බර ඉතාමත්ම ප්‍රබලයි. මහින්ද රාජපක්‍ෂ මහතා තරම් මාතෘත්වයට නිගා කළ නායකයෙක්‌ මේ රටේ බිහි වුණේ නැහැ. ශිරාණි බණ්‌ඩාරනායක මහත්මියට එරෙහිව සිදු කළ ක්‍රියාවෙන් ඔප්පු වුණේ ඒ දෙයයි. ශිරාණි බණ්‌ඩාරනායක මහත්මිය කාන්තාවක්‌. මවක්‌. ඒ මාතෘත්වයට මේ ආණ්‌ඩුව නිගා කළා. පුටුවෙන් එලෙව්වා.

ආණ්‌ඩුව ඇතුලෙ ඉඳන් ආණ්‌ඩුවේ වංචා දූෂණ ගැන කතා කරන්න එපා කියලා ජනාධිපතිතුමා මට දොස්‌ කිව්වා. මට කට වහගන්න කිව්වට හැබැයි මම එදා කට වසා ගත්තත් මගේ හදවත සහ මනස වසා ගත්තේ නැහැ. 2011 දී මගේ කට එදා වසා ගත්ත යෑයි ජනාධිපති කිව්වත් ඔහු එදා මට කිවු දෙයට එරෙහිව මා අද අධිෂ්ඨානශීලී තීරණයක්‌ ගත්තා. ආණ්‌ඩුවේ ඉඳන් ආණ්‌ඩුව හදන්න බැරි නිසා ඉන් එළියට ඇවිත් මේ රට හදන්න අපි තීරණය කළා.

මේ රටේ කවුරු බලයට ආවත් යුද්ධය එනවා නම් මේ ජනාධිපතිතුමා තව අවුරුදු 100 ක්‌ බලයේ සිටිය යුතුද? රට අස්‌ථාවර වෙනවා නම් තව අවුරුදු 200 ක්‌ බලය දිය යුතුද? අද ආණ්‌ඩුව 2/3 බලය නැහැ. ආණ්‌ඩුව ඇතුලෙ ඉන්න අයත් ආණ්‌ඩුව ගැන කලකිරිලා ඉන්නේ. ශ්‍රීලනිපය, බණ්‌ඩාරනායක ප්‍රතිපත්තිය නැතැයි ආණ්‌ඩුවේ මැති ඇමැතිවරු කලකිරිලා ඉන්නවා. ඒත් මේ මැති ඇමැතිවරුන්ව බියට පත් කරලා. අන්ධ දූෂිත පාලනයක්‌ හමුවේ මහා ලොකු සමසමාජ කාරයෝ, කොමියුනිස්‌ට්‌කාරයෝ අද නිහඬ වෙලා ඉන්නවා. එක පවුලක බලයට අධිකරණය පොලිසිය, පාර්ලිමේන්තුව රාජ්‍ය සේවය, රාජ්‍ය ආයතන පවරා ගත්තා. රට අස්‌ථාවර නොවෙයි රට කෑලි කෑලි වලට කැඩුවා.

මහින්ද රාජපක්‍ෂ මහතා මීට මාස 8 කට කලිනුයි ඡන්දයට වැඩ පටන් ගත්තේ. මට කිව්වෙත් නැහැ. සන්ධාන ලේකම් සුසිල් ප්‍රේමජයන්තට කිව්වෙත් නැහැ. හැබැයි ඔවුන් 8 මාසයක්‌ කරපු දේවල් අපි පැය 2 න් කළා. යූඑන්පිය හෙළ උරුමය එකතු වුණා. ෆොන්සේකා මහතා එකතු වුණා. අපේ බලය වැඩි බව දැන් ජනාධිපතිතුමා දන්නවා. හැබැයි කොහොම හරි දිනනවා මොනවා හරි කරලා දිනනවා කියනවා. හරියට පොඩි ළමයි වගේ. දිනයි කියලා තමයි බය මම දුර්වල සෞඛ්‍ය ඇමැතිලු. හැබැයි මේ දුර්වලයි කියන මගේ කටහඬ ආණ්‌ඩුවේ රූපවාහිනී මැතිවරණ ප්‍රචාරණ කටයුතුවලට යොදා ගෙන තිබෙනවා. ඉස්‌සර නම් මගේ කට හඬ ආණ්‌ඩුවේ දේශපාලන කටයුතුවලට වඩාත් වැදගත් වුණා. හැබැයි මාගේ පසුගිය සති 4 ක කටහඬ මහින්ද රාජපක්‍ෂ ආණ්‌ඩුවේ සැබෑ දේශපාලන නිරුවත හෙළි කිරීම වෙනුවෙන් අවදි කළා. එය මා මේ රටේ පුරවැසියෙකු වෙනුවෙන් කළ යුතු යුතුකමක්‌ විදිහටයි මා සලකන්නේ.

බිලියන, ටි්‍රලියන නොවේ ඊටත් වඩා මේ ආණ්‌ඩුව සංවර්ධන කටයුතු යෑයි කියමින් මුදල් ගසා කාලා තිබෙනවා. අපි මේ සංවර්ධන කටයුතු මීට වඩා තුන් ගුණයකින් සිදු කරනවා. ආණ්‌ඩුව අශ්වයාව යවලා කොටළුවෙක්‌ ගත්තා කියලයි මම ආව එකටයි තිස්‌ස අත්තනායක විපක්‍ෂයෙන් ගිය එකටයි මගේ විශ්වවිද්‍යාල යාළුවෙක්‌ මට පැවසුවේ.

බංකොළොත් දේශපාලන යාන්ත්‍රණයක්‌ ආණ්‌ඩුව ක්‍රියාත්මක කරනවා. බොරු චෝදනා කරනවා. රනිල් වික්‍රමසිංහ මහතායි මමයි හොර ගිවිසුමක්‌ ගහලා තිබෙන බව අපෙන් එහා පැත්තට පැන්න කොටළුවා පවසනවා. මම බොහෝම සද්භාවයෙන් කියන්නේ රනිල් වික්‍රමසිංහ මහතායි මමයි අතර කිසිම හොර ගිවිසුමක්‌ ගහලා නැහැ. එවන් අශීලාචාර වැඩ කිරීමට තරම් අපි පහත් තත්ත්වයට වැටිලා නැහැ. අපි අතර තිබෙන්නේ පක්‍ෂ 47 ක්‌ සමග අත්සන් කළ ගිවිසුම, දින 100 වැඩපිළිවෙළ වෙනුවෙන් අත්සන් කළ ගිවිසුම සහ ආණ්‌ඩුවක්‌ ඇවිත් කරන ප්‍රතිපත්ති ප්‍රකාශයට අදාළ ගිවිසුම පමණයි.

ඒ වගේම මම මෙහිදී කියන්න ඕනා පාර්ලිමේන්තුවෙන් එළියට ඇවිත් රනිලුයි මමයි එක වචනයක්‌ මුණ ගැහිලා කතා කළේ නැහැ. ටෙලි ෆොaන් එකෙන් විනාඩි 5 ක්‌ උපරිම වශයෙන් කතා කරලා ඇති. චන්ද්‍රිකා මැතිනිය සමගත් එහෙමයි. එතුමිය එක්‌ක නම් විනාඩි 10 ක්‌ දුරකථනයෙන් කතා කරන්න ඇති. ගිවිසුමකට කියා කොළ කෑල්ලකටවත් අපි අත්සන් අරගෙන නැහැ. මේවගේ බොරු පතුරුවන්නේ ආණ්‌ඩුවට අද ගෙදර යන්න වෙයි කියන බයටයි.

අපි රටට ආදරෙයි. රනිල්, චන්ද්‍රිකාත් රට ආදරෙයි. අපේ බැඳීම ඇති වුණේ රටට ආදරේ වෙනුවෙනුයි. ඒ විශ්වාසයෙන් මම ඔවුන්ට එකතු වුණා. ජනතාවත් අද ඒ තීරණයට ඇවිත් තිබෙනවා. දූෂිත රාජපක්‍ෂ පාලනය ඉවත් කර ඒ වෙනුවට රට රකින, රටට සැබෑ සංවර්ධනය ගෙන එන පොදු අපේක්‍ෂකයාගේ පැත්තට අද ජනතාව නැඹුරු වෙලා. ඔවුන්ගේ පැතුම වන රටට අවශ්‍ය වෙනස අපි සිදු කරනවා.

පාර්ලිමේන්තුව, ඇමැති මණ්‌ඩලය අපි ශක්‌තිමත් කරනවා. පොලිසිය, අධිකරණය ස්‌වාධීන කරනවා. ත්‍රිවිධ හමුදාවේ ගෞරවය රකිනවා. මෙසේ පුළුල් ජාතික වැඩපිළිවෙළක්‌ වෙනුවෙන් රටට අවශ්‍ය කරන සැබෑ වෙනස අපි සිදු කරනවා. ඒ වෙනස සිදු කිරීමට අවශ්‍ය ජනතා තීරණය මත හංසයා මෙවර ජයග්‍රහණය කරනවා.

එජාප නායක හා විපක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා - වර්ෂාව මධ්‍යයේ හෝ මෙතනට රැස්‌ව සිටින ඔබට අපගේ ප්‍රණාමය පුද කරනවා. සුජීව සේනසිංහ මහතා මේ ආණ්‌ඩුව හා රාජපක්‍ෂ රෙජීමය තදින් විවේචනය කරනවා. මම මාලබේට, කඩුවෙලට බොහෝ අවස්‌ථාවල මැතිවරණ ප්‍රචාරණ කටයුතුවලට පැමිණ තිබෙනවා. හැබැයි ඒ අපේ පක්‍ෂයේ අපේක්‍ෂකයන් වෙනුවෙන්. ඒත් මෙවර ශ්‍රීලනිප අපේක්‍ෂකයෙක්‌ වෙනුවෙන් අද ඔබ ඉදිරියට මා පැමිණ තිබෙනවා. ඒ රාජපක්‍ෂ පාලනය මේ රටින් තුරන් කිරීමටයි. රටේ ජන ජීවිතය ආරක්‍ෂා කර ගැනීම සඳහා මේ පාලනය තුරන් කළ යුතුයි. අපි මෛත්‍රීව දිනවන්නේ ඒ වෙනුවෙනුයි.

මහින්ද රාජපක්‍ෂ මහතා මගේ මිත්‍රයෙක්‌. එතුමා අවුරුදු 8 ක්‌ තිස්‌සේ වැඩ කරලා තිබෙනවා. ඒ නිසා මගේ යුතුකමක්‌ තිබෙනවා ඒ මහතාව විශ්‍රාම යවා මේ අධික වැඩ කටයුතු වලින් ඔහුව නිදහස්‌ කිරීමට. එම කර්තව්‍ය යයි අද මේ අපි ඉටු කරන්නේ. කැබිනට්‌ මණ්‌ඩලය 70 ක්‌ ඉන්නවා. 70 ක්‌ ඉන්න කැබිනට්‌ මණ්‌ඩලයක මොන සාමූහික වගකීමක්‌ද? පාර්ලිමේන්තුවේ බලයත් අඩපණ කර තිබෙනවා. හැම තැනටම රාජපක්‍ෂ බලය පතුරවලා තිබෙනවා. ශ්‍රීලනිප නායකයා සහ ශ්‍රීලනිප ලේකම් මෙවර ඡන්ද සටනට ඉදිරිපත්ව තිබෙනවා. එක්‌කෙනෙක්‌ රාජපක්‍ෂ රෙජිමය නියෝජනය කරනවා. අනෙක්‌ කෙනා ජනතාවගේ පැත්ත නියෝජනය කරනවා.

ගිලන් රථයක නිකුත් වෙන නළාවකින් කියන්නේ අනතුරක සංඥවකුයි. අපිත් මෙවර ආණ්‌ඩුවට අනතුරු සංඥවක්‌ නිකුත් කර තිබෙනවා. රාජපක්‍ෂ ආණ්‌ඩුවේ මැතිවරණ ප්‍රකාශයේ පිටු 10 ක්‌ පසුගිය අවුරුදු 8 ටම කරපු දේ සඳහා වෙන් කර තිබෙනවා. හැබැයි පිටු 100 ක්‌ම තිබෙනවා කරන්න තිබෙන දේවල් පිළිබඳව. අවුරුදු 10 ක්‌ තිස්‌සේ පොල් ගෑවාද? රාජපක්‍ෂ ආණ්‌ඩුවෙන් නිකුත් කර තිබෙන්නේ මැතිවරණ ප්‍රකාශයක්‌ නොවේ. පාපොච්චාරණයක්‌. රැකියා නැහැලු ආදායම් මාර්ග ජනතාවට නැතිලු. කුඩු රජ කරනවලු. මොනවද මේ කියන්නේ. මෙච්චර කල් කවුද මේ රට පාලනය කළේ. අපිද නැත්නම් රාජපක්‍ෂලාද

තරුණ තරුණියන්ට රීලෝඩ් එකක්‌වත් දාගන්න අද සල්ලි නැහැ. ඔක්‌කොම තිබෙන්නේ මිස්‌ කෝල්. මේක තමයි ප්‍රශ්නෙ. ඇඳුමක්‌a ගන්න සල්ලි නැහැ. සපත්තු කුට්‌ටමක්‌ ගන්න සල්ලි නැහැ. ඊළඟ වසර 5 දී හොඳ රැකියා මාර්ග ලක්‍ෂ 10 ක්‌ අපි ඇති කරනවා. හොඳ කර්මාන්ත ශාලා ගෙන එනවා. ඇඟළුම් කර්මාන්ත පමණක්‌ නොව විදුලි භාණ්‌ඩ නිපදවීමේ කර්මාන්ත ශාලා තාක්‍ෂණික කර්මාන්ත ශාලා අපි ඇති කරනවා. සීතාවක ආර්ථික කලාපය අපි ඇති කරනවා. වෙළෙඳ කලාප බිහි කරනවා. මේ රටේ තරුණ තරුණියන්ට හොඳ අනාගතයක්‌ අපි ගේනවා. මහින්ද රාජපක්‍ෂව පරාජය කර අපි විරැකියාවද පරාද කරනවා.

ප්‍රජාතන්ත්‍රවාදී පක්‍ෂයේ නායක හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා මහතා -

වර්තමානයේ දුක්‌ගන්නාරාළ, එහෙමත් නැත්නම් රටේ නඩු හබ බේරන පුද්ගලයා ලෙස මගේ පක්‍ෂයේ එදා හිටි ජයන්ත කැටගොඩ සැලකෙනවා. ඔබලාටත් නඩුවක්‌ තිබෙනවා නම් එයාට කියන්න. මගේ බෑණාගේ නඩුවට විසඳුමක්‌ දෙන්නලු එයා ආණ්‌ඩුවට ගියේ. ජනතාවගේ බලාපොරොත්තු කඩකරන, ජනතාවගේ සිතුම් පැතුම් සුන් කරන රාජ්‍ය නායකයන්ට එරෙහිව අපි නැගී සිටිය යුතුයි. බුලත් කොළයෙන් ඡන්දය ඉල්ලූ පාලකයා එදා බුලත් කොළයට ඡන්දය දුන්නු ජනතාවට අද සලකන්නේ නැහැ. ලක්‍ෂ 200 ම ජනතාව මේ පාලකයන්ට එරෙහිව පෙනී සිටිය යුතුයි. බණ්‌ඩාරනායක මහතා තමන්ගේ පොල් අක්‌කර දහසක්‌ මේ රටේ ජනතාව වෙනුවෙන් පරිත්‍යාග කර තිබෙනවා. ඒත් වත්මන් පාලකයා පුළුවන් නම් රටේ පොල් අක්‌කර දහසක්‌ එයාගේ නමට ලියා ගෙන විකුණාවි.

ධීවර සහන ඉල්ලූ ධීවරයන්ට වෙඩි තබා මැරුවා. වතුර ඉල්ලපු රතුපස්‌වල තරුණයන් ඝාතනය කළා. අර්ථ සාධක ඉල්ලූ සේවකයන් මරා දැමුවා. අද රටේ පාලනය ක්‍රියාත්මක වෙන්නේ මෙහෙමයි. දවසකට ලක්‍ෂ 250 ක්‌ මේ පාලකයා කාබාසිනියා කරනවා. ඒත් ජනතාවට අවශ්‍ය දේවල් ලැබෙන්නේ නැහැ. ආශ්චර්යයේ හැඟීමක්‌ ඉඳලා හිටලාවත් ඔබට දැනිලා තිබෙනවාද? ආසියාවේ මිනීමැරුම්වලින් දෙවැනි තැනට අප ඇවිල්ලා. සියදිවි නසා ගැනීම්වලින් ද ලෝකයේ ඉහළ තැනක්‌ අපට ලැබිලා. එතනෝල්, කුඩු සංස්‌කෘතිය මධ්‍යයේ ළමා අපචාර, දූෂණ එන්න එන්න වැඩි වීමද ආශ්චර්යය කියන්නේ? රජය කියන විදිහට ඒකපුද්ගල ආදායමක්‌ ඔබට තිබෙනවා නම් අද මෙතන බෙන්ස්‌ කාර්වලින් පිරිලා ඉතිරිලා යන්න ඕන. පොල් ත්‍රිකෝණය අද තණකොල ත්‍රිකෝණය වෙලා. සංචාරකයෝ විදිහට රටට එන්නේ හිඟන සුද්දෝ.

පසුගිය අවුරුදු 8 කට කර්මාන්ත ශාලා 800 ක්‌ වහලා තිබෙනවා. ඇඟලුම් කර්මාන්ත ශාලා 250 ක්‌ වහලා තිබෙනවා. හැබැයි ඒ වෙනුවට තැබෑරුම් 2500 ක්‌ ඇරියා. නීතියේ හව්හරණක්‌ අද රටේ ජනතාවට නැහැ. ජනතාවගේ ජීවිත අරාජික වෙලා. සංවර්ධනය බිංදුවට බැහැල. හැබැයි ආණ්‌ඩුව කියනවා මෛත්‍රී මහතා බලයට ආවොත් රටේ සංවර්ධනය අඩපණ වෙයිලු. මම සුදු කොඩි අරන් එන අයට වෙඩි තියන්න කියලා කවදාවත් කිව්වේ නැහැ. හැබැයි මම රට ජාතිය වෙනුවෙන්, රටේ ආරක්‍ෂාව සහ ඒකීය භාවය වෙනුවෙන් යුද පෙරමුණට ගොස්‌ යුද්ධය ජය ගත්තා. ඒක තමයි අපි දිනුව ලෝක කුසලානය.

බස්‌නාහිර පළාත් සභා මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචJද්‍ර මෙනවිය - මාගේ පියාගේ ශරීරයට වෙඩි උණ්‌ඩ 43 ක්‌ කි¹ බස්‌සවලා ඝාතනය කළා. කුඩු මුදලාලිලා අද මේ රටේ නිදැල්ලේ ඉන්නවා. මගේ සතුරන් මට ඇසිඩ් ගහන්න බලන් ඉන්නවා. මාව මරන්න බලන් ඉන්නවා. ඒ මම මගේ පියාගේ ඝාතනය වෙනුවෙන් සාධාරණයක්‌ ඉල්ලීම නිසයි. මගේ තාත්තාගේ සෑයෙන් අවසන් ගිනි දැල්ලත් වා තලයට මුසු වී ගිය දිනයේ ජනාධිපතිතුමා මට දුරකථනයෙන් කතා කරලා කියනවා. මේ රටේ කැරලි ඇතිවන විදිහට වැඩ කරන්න එපා. ඔබත් ගැහැනු ළමයෙක්‌ නේද කියලා ඇහැව්වා. මම නඩුවට යනකොට අපේ අම්මට කෝල් කරලා කියනවා මට නඩුවට යන්න දෙන්න එපා කියලා. මගේ පියාගේ ඝාතනයට සාධාරණයක්‌ ඉෂ්ට කර දෙන්න කියලා විතරයි මම ජනාධිපතිතුමාගෙන් ඉල්ලුවේ. රටේ ජනාධිපතිතුමාගේ පුතාට එක නීතියකුයි, භාරත ලක්‍ෂ්මන්ගේ දියණියට එක නීතියකුයි, ගමේ දුප්පත් අම්මා තාත්තාගේ දරුවන්ට එක නීතියකුයි තිබෙන්න විදිහක්‌ නැහැ. අන්න ඒකයි අපි මෛත්‍රී පාලනයක්‌ ගෙන එන්නේ. 

පූජ්‍ය දඹර අමිල හිමි, එජාප උප නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සුජීව සේනසිංහ, කොළඹ නගරාධිපති ඒ. ඡේ. එම්. මුසම්මිල් යන අයද මෙහිදී කතා කළහ.

No comments:

Post a Comment