Dec 28, 2014

27 Dec 2014
රටේ මැර බලය රජ කරවීමට නම් රාජපක්‍ෂට ඡන්දය දෙන්න
- විපක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහරට තුළ දැනුම රජ කරවීමට අවශ්‍ය නම් මෛත්‍රීපාල සිරිසේන මහතාටද, මැර බලය රජ කිරීමට නම් මහින්ද රාජපක්‌ෂ මහතාට ඡන්දය ලබා දෙන්නැයි විපක්‌ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා කීය.

එජාපයට අනුබද්ධ එක්‌සත් අධ්‍යාපන සේවක සංගමයේ වාර්ෂික සමුළුව (24 දා) සිරිකොතදී පැවති අවස්‌ථාවේදී හෙතෙම මේ බව කියා සිටියේය.
මෙහිදී අදහස්‌ දැක්‌වූ රනිල් වික්‍රමසිංහ මහතා - අද අපි මෙතෙනට කැඳවූවේ උගතුන් පිරිසක්‌. ඒත් මහින්ද රාජපක්‌ෂ මෙතැනට මැරයන් උගතුන්ට ගහන්න එව්වේ. අද මේ ශාලාවේ තිබෙන්නේ අධ්‍යාපන සේවක සංගමයේ රැස්‌වීමක්‌. වෙන දෙයක්‌ නොවෙයි. මේ ජනාධිපතිවරණය ජනාධිපතිවරයා විසින් කැඳෙව්වේ මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය මර්දනය කරන්නයි.
ආණ්‌ඩුව අද අධිකරණයේ ස්‌වාධීනත්වය නැති කරලා, පාර්ලිමේන්තුවේ බලය හීන කරලා, මේවා කළේ රාජපක්‌ෂ රෙජීමය ඇති කර ගන්නයි. මෙවර ජනාධිපතිවරණය පවත්වා ප්‍රජාතන්ත්‍රවාදය සම්පූර්ණයෙන්ම රටෙන් අතුගා දමන්නයි හදන්නේ. 

http://www.divaina.com/2014/12/27/news17.html
අපේ රටේ අධ්‍යාපනය සඳහා ආණ්‌ඩුව වෙන්කර තිබෙන්නේ දළ ජාතික ආදායමෙන් 1.6 % ක ප්‍රමාණයක්‌ විතරයි. මීට පෙර පැවැති ආණ්‌ඩුවලදී මීට වඩා ප්‍රමාණයක්‌ වෙන්කළා. ආසියානු කලාපයෙන් අඩුම ප්‍රමාණයත් මෙයයි. අඩුම තරමේ අප්‍රිකානු රටවල්වත් මෙහෙම කරලා නැහැ.

අද අධ්‍යාපනය සම්පූර්ණයෙන්ම දේශපාලනීකරණය කරලා. ඒත් ඒ වෙනුවට අපට ඕනෑ කර තිබෙන්නේ දැනුම පදනම් කරගත් ආර්ථිකයක්‌. අප එය ගොඩනැගිය යුතුයි. සෑම දරුවෙකුටම අවුරුදු 13 ක්‌ පාසල් යැමට ඉඩ සැලසිය යුතුයි. සාමාන්‍ය පෙළ කළාට පසුව එයින් පිරිසක්‌ පැත්තකට දාන්න අපට බැහැ. ඒ අයටත් හැකියාවන් තිබෙනවා. ඒවායෙන් ප්‍රයෝජන ගත යුතුයි.

එම කරුණු අපේ ආණ්‌ඩුවක්‌ යටතේ ඉටු කරනවා. මෛත්‍රීපාල සිරිසේන මහතා දිනවා අපි දැනුම, උගතුන් රජ කරවමු.

මෙහිදී අදහස්‌ දැක්‌වූ මෛත්‍රීපාල සිරිසේන මහතා - දැන් ජනාධිපතිවරයා විසින් මහින්ද චින්තන තුන නමින් මැතිවරණ ලියවිල්ලක්‌ ප්‍රකාශයට පත්කොට තිබෙනවා. එහි ප්‍රධාන වශයෙන්ම කියනවා ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සංශෝධනයක්‌ සිදු කරනවා කියා. මෙවර බලයට පත්වෙලා වසරක්‌ ගතවූ පසුව.

මේක 2005 දීත්, 2010 දීත් ප්‍රකාශ කළා මහින්ද චින්තනයෙන්. මේ වගේ අමූලික බොරු ප්‍රකාශ කරලා ජනතාව නොමග යවන්න බැහැ. 2005 දී මහින්ද රාජපක්‌ෂ බලයට ආවේ විධායකය වෙනස්‌ කරනවා කියලා. නමුත් 2010 දී බලයට ආ පසුව කළේ 18 වැනි ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සංශෝධනය කරලා 78 ව්‍යවස්‌ථාවට නැති බලයක්‌ එකතු කර ගැනීමයි.

පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ බලය පාවිච්චි කරලා මුලින්ම කියන්නේ එයයි. ජනතාවගේ සුබසිද්ධිය වෙනුවෙන් නොවෙයි තුනෙන් දෙකේ බලය යොදා ගත්තේ තමන්ට බලතල වැඩි කරගන්නයි. ඒ වගේම කියනවා ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් විධායකයේ තිබෙන හොඳ නරක විවාදයට මා සාවධානව සවන් දුන්නා කියා. එහෙනම් නැවත බලයට ඇවිත් අවුරුද්දක්‌ යනකන් ඉන්න ඕනෑ නෑනේ. දැනට තිබෙන තුනෙන් දෙකේ බලයෙන් විධායකය ඉවත් කරලා දාන්න.

ඒවගේ අසත්‍ය බොරු ප්‍රකාශ මේ මැතිවරණ ප්‍රකාශයෙන් ඉදිරිපත් කර තිබෙනවා. ඒ නිසා මේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය අප ඉතාමත් පිළිකුලෙන් යුතුව ප්‍රතික්‌ෂේප කරනවා වගේම මේ රටේ ජනතාව මේ ප්‍රතිපත්ති දැන් භාරගන්නේ නැහැ කියලා අපි ප්‍රකාශ කරනවා.

ජනාධිපතිවරයා තම පරාජය වසාගෙන නැවත නැගිටින්න ගන්න උත්සාහය ගැන ජනතාව දන්නවා. සාමාන්‍යයෙන් රැවටිල්ල භාවිතා කරන්නේ බොහෝ විට පරාජය පෙනෙන මොහොතේදී. දැන් අද සිරිකොත ඉදිරිපිටදී මැර බලය යොදලා කරපු දේවල් වලින්ම පෙනෙනවා ඒ අය පරාජය දකිනවා කියලා.

මෙහිදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අකිල විරාඡ් කාරියවසම්, රවී කරුණානායක යන මහත්වරුන් සහ මහාචාර්ය පී. එස්‌. එම්. ගුණවර්ධන, පූජ්‍ය දඹර අමිල හිමි, සුනිල් ප්‍රේමරත්න යන මහත්වරුන්ද අදහස්‌ දැක්‌වූ අතර එක්‌සත් අධ්‍යාපන සේවක සංගමයේ සාමාජිකයන් විශාල පිරිසක්‌ද සහභාගි වී සිටියහ.

No comments:

Post a Comment