Dec 28, 2014

27 Dec 2014
මගේ අයවැය කොපිකර ඔවුන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශය හදලා
නායකයෝ කළ යුත්තේ අඬන එක නොවෙයි;
අඬන ජනතාවගේ දැස්‌වල කඳුළු පිසදැමීමයි 

ජනාධිපති මහින්ද රාජපක්‍ෂ

නායකයෝ ඉන්න ඕන ජනතාවගේ කඳුළු පිසදමන්න මිස ඉකිගසමින් අඬන්න නොවෙයි. අද මේ අය මේ ජනතාව ඉදිරියට ඇවිත් කිඹුල් කඳුළු හෙළනවා. ඔවුන් කඳුළු සලන්නේ ජනතාව වෙනුවෙන් නොව ඔවුන් වෙනුවෙන් යයි ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සඳහන් කළේය.
විපක්‍ෂ අපේක්‍ෂකගේ ප්‍රතිපත්ති ප්‍රකාශය තමාගේ අයවැය කතා එහාට මෙහාට කරලා කොපිකරලා හදිසියේ සකස්‌ කළ පොතක්‌ යයිද ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

රත්නපුර මහජන ක්‍රීඩාංගණයේදී පසුගිය 22 දා
පැවැති ජනාධිපතිවරණ ජනරැලිය අමතමින් ජනාධිපතිවරයා මේ බව පැවැසීය.
අති විශාල ජනතාවක්‌ රැස්‌ව සිටි එම ජනහමුව අමතා ජනාධිපතිවරයා වැඩිදුරටත් මෙසේද සඳහන් කළේය. තමුන්නාන්සේලා මට හැමදාම වැඩි ඡන්ද විශාල ප්‍රමාණයක්‌ රත්නපුරයෙන් ලබාදෙනවා. ඒනිසා මට හැමදාම තමුන්නාන්සේලා විශ්වාසයි. අපි රත්නපුරයට යටිතල පහසුකම් වැඩිපුර ලබාදී තිබෙනවා.
දැන් ඔබට කොළඹ යන්න පැය කීයක්‌ ගතවෙනවාද? තව අවුරුදු දෙකකින් ඔබට කොළඹට යන්න ගතවෙන්නේ පැය භාගයයි. එපමණක්‌ නොවෙයි දුම්රියත් මෙහාට එවනවා. අපි දුම්රිය උඩවලවටම ධාවනය කරන්නයි සැලසුම් කරලා තියෙන්නේ. එවිට මේ දුම්රිය මාර්ගය මාතර සිට කතරගමට දික්‌වන දුම්රිය මාර්ගයට එකතු වෙනවා. මෙයයි සැලැස්‌ම. වැඩපටන්ගන්නයි හදන්නේ.

http://www.divaina.com/2014/12/27/news12.html
තමුන්නාන්සේලාට විපක්‍ෂයේ අපේක්‍ෂකයා දී තිබෙනවා ප්‍රකාශනයක්‌. ඒ ප්‍රකාශනයේ කොටසක්‌ තියෙන්නේ මගේ අයවැය කථාව. දින 180 ක්‌ සේවය කර ඇති අය එයා ආවම ස්‌ථිර කරනවාලු. අපි ඒක සිදුකරලා අවසන්. මේ විදියට ජනතාව රවටන, වැඩපිළිවෙලක්‌ නැති ඉදිරි දැක්‌මක්‌ ගමනක්‌ නැති පුද්ගලයෝ.

නායකයෝ බලාපොරොත්තුවන්නේ රටේ ජනතාවගේ ඇස්‌වල කඳුළු පිසදමන්න. වසර තිහක්‌ පුරා ඔබේ ඇස්‌වල කඳුළු තිබුණා. එල්.ටී.ටී.ඊ. ත්‍රස්‌තවාදීන් විසින් ඝාතනය කරපු රණවිරුවන්ගේ මළ සිරුරු මේ භූමියට ගේනකොට ඔබ එදා හැඬුවා. ඇස්‌වලින් කඳුළු කඩාවැටුණා.

2005 අපි බලයට පැමිණ 2009 මැයි මස 19 වනදා වසර හතරකටත් අඩු කාලයක්‌ තුළදී හැම අම්මා, තාත්තා කෙනෙකුගේම ඇස්‌වල තිබුණු කඳුළු පිසදැමුවා. අද ඒ අයගේ ඇස්‌වල කඳුළු නැහැ.

නමුත් අද මේවා දාලා යනකොට සමහර නායිකාවෝ කඳුළු සලනවා. අපි මොකද කරන්නේ. ඒ අය කිඹුල් කඳුළු සලන්නේ. ජනතාව වෙනුවෙන්ද එයාල වෙනුවෙන්ද කියල මම දන්නේ නෑ. නායකයෝ ඉන්න ඕන ජනතාවගේ කඳුළු පිසදමන්න මිස ඉකිගසමින් අඬන්න නොවෙයි.

අපි මේ රටේ සංවර්ධන කටයුතු සිදුකළා. මේ වටේම තියෙන මැණික්‌ කර්මාන්තය ගැන ඔවුන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ එක අකුරක්‌ ලියලා නෑ. ඒවා විදේශිකයන්ට විකුණන්නයි යන්නේ. රත්නපුරේ ජනතාවගේ මැණික්‌ ඉඩම් කිසිම පිටරැටියෙකුට ගන්ට ඉඩ තියන්නේ නෑ. ඒවා අයිති රත්නපුරේ ජනතාවට.

මේ ප්‍රකාශනයේ සමහර දේවල් සඳහන් වෙන්නේ නෑ. නමුත් එක දෙයක්‌ තියෙනවා. සිංගප්පූරුවේ ක්‍රමයට රටේ තිබෙන සම්පත් කළමනාකරණය කරනවා කියලා. සමසෙට්‌ ක්‍රමයට ඒ සමාගමේ සභාපතිනිය එහි අගමැතිගේ භාර්යාව. මේක පුද්ගලික සමාගමක්‌. වරාය, බැංකු, ගුවන් තොටුපළ, මැණික්‌ සම්පත ආදී සම්පත් කළමනාකරණය කරන්න ඔවුන් හදාගන්නවා ඒ සමාගම. ඒ නිසයි ඒ ගැන වචනයක්‌වත් නැත්තේ.

අපි රාජ්‍ය සේවය ශක්‌තිමත් කළා රාජ්‍ය සේවකයන්ට ඔළුව උස්‌සලා ගෞරවයෙන් ඉන්න පසුබිම සකස්‌ කළා. රාජ්‍ය සේවය කප්පාදු නොකර ලක්‍ෂ 15 කට වැඩිකළේ අපේ ආණ්‌ඩුවයි.

ක්‍ෂේත්‍ර නිලධාරීන්ට යතුරු පැදි ලබාදුන්නේ අපේ ආණ්‌ඩුව මිස වෙනත් ආණ්‌ඩු නොවෙයි. දැන් බොරු ප්‍රචාර ගෙනයනවා. මේවාට රැවටෙන රාජ්‍ය සේවකයෝ අපේ රටේ නැහැ.

මේ උදවිය එක එක්‌කෙනා සමඟ එක එක ගිවිසුම් ගහනවා. ෆොන්සේකා එක්‌ක, හෙළ උරුමය එක්‌ක රනිල් සමඟ වෙනම ගිවිසුම් ගහනවා. දෙමළ සන්ධානය සමඟ තවත් ගිවිසුමක්‌ ගහනවා. චන්ද්‍රිකා සමගත් වෙනම ගිවිසුම් ගහනවා. මම කවදාවත් එහෙම ගිවිසුම් ගහලා නැහැ. ඒ නිසා සහෝදර සහෝදරයනි ඔබ මේවා දෙස බුද්ධිමත්ව සිතා බලන්න. රටත් ජාතියත් අපේ දරුවන්ට ඉතුරු කරන්න ඕන.

උතුරේ ඉන්න හමුදාව සියයට 50 කින් අඩු කරනවාට ඔබ කැමැතිද? උතුරේ සියලුම අධි ආරක්‍ෂිත කලාප ඉවත් කරන්න කැමතිද? යුද අපරාධ කොමිසමක්‌ පත්කර ජාත්‍යන්තර කොමිසමට සහයෝගය දෙන්න. අපේ රණවිරුවන්, අපි ඒ කොමිසම ඉදිරියට ගෙනිහින් දඬුවම් කරන්න අපි හේග්වලට විදුලි පුටුවට යවන්න කැමතිද? මේකට තමයි මේ හොර ගිවිසුම් ගහලා මේ අය සූදානම් වෙන්නේ.

රාජ්‍ය අංශය අපි ශක්‌තිමත් කළා. අද මේ අය කරන්න හදන්නේ එය බාල්දු කරලා අවම කරන්න. එදා රාජ්‍ය අංශය ලක්‍ෂ තුනට අඩුකරනවා කිව්වා. මේ කප්පාදුවට තමයි මොවුන් සැරසෙන්නේ. එයට ඉඩදෙනවාද? මේවා ගැන හිතන්න.

උසස්‌ පෙළ සමත් ලක්‍ෂ එකහමාරක තරුණ පිරිසක්‌ රාජ්‍ය අංශයට බදවා ගන්න මුදල් වෙන්කර තිබෙනවා. රට විකුණගෙන කන අපරාධවලට ඉඩතියන්න පුළුවන් කමක්‌ නැහැ.

මේ රටේ රණවිරුවන් නිදහස්‌ කළ මේ මාතෘ භූමිය තමන්ගේ මවුබිම සිංහල, දෙමළ, මුස්‌ලිම් මේ හැම ජාතියකටම හැම ආගමකටම අයිතියි. මොවුන්ගේ දරුවන් ආරක්‍ෂා කර දීමේ වගකීම අපට තිබෙනවා. ඒවත් සමඟ සෙල්ලම් කරන්න ඉඩදෙන්නේ නෑ.

අද සමහරු මුස්‌ලිම් ජනතාව පෙන්නලා මේ සියලු දෙනා මගේ කියලා කියනවා. සමහරු මුස්‌ලිම් ජනතාව විකුණන්න සූදානම් වෙනවා. නමුත් අපි කියනවා අහිංසක දුප්පත් ජනතාව නායකයන්ට අවශ්‍ය විදිහට විකිණෙන්න සූදානම් නැහැ. එයයි ඇත්ත කතාව. මේවා පිළිබඳව සිතන්න. ඔබට ශක්‌තියක්‌ තිබිය යුතුයි. ඒ ගැන සිතා කටයුතු කරන්න.

අපි අද බොහොම පැහැදිලි මාවතක යනවා. අපි අද ගමට අධ්‍යාපනය ගෙනල්ලා මහින්දොaදය විද්‍යාගාර ගෙනල්ලා තිබෙනවා. වෛද්‍යවරු, ඉංජිනේරුවරු අනාගතය ජයගන්න දරුවන් ගම්වලින් බිහිකිරීමයි අපේ අභිලාශය.

අපිට ඕන පන්සලට, පල්ලියට, කෝවිලට යන විනය ගරුක දරුවන් පිරිසක්‌. ඒ සමාජය ඇතිකරන්න අප කැපවෙලා ඉන්නවා. අපිට ශක්‌තිය තිබෙනවා.

කුඩා තේවතු හිමියන්ට වී ගොවියාට අපි රුපියල් 350 ට දුන් පොහොර සහනාධාරය මේ අයගේ පොතෙන් ඉවත්කරලා.

ඒ සහනය කප්පාදු කරන්න හදනවා. කියමනක්‌ තියනවා කටබොරු කිව්වත් දිව බොරු කියන්නේ නැහැ කියලා. මේ අය මගේ අයවැය කතාව අරගෙන කොපි කරලා එයට තව තව දේවල් ටිකක්‌ එකතු කරලා එහාට මෙහාට කරලා හදිසියේ හදපු පොතේ ගොවි ජනතාව ගැන එක වචනයක්‌ හෝ අකුරක්‌ සඳහන් වෙලා නෑ. කුඩා තේවතු හිමියන් පිළිබඳ එක වචනයක්‌ සඳහන් වෙලා නෑ.

දරුවා මවුකුසේ පිළිසිඳගත් දිනයේ සිට වයෝවෘද්ධ පුද්ගලයා දක්‌වා අපි දීල තිබෙන සහන, ආබාධිත දරුවන්ගේ ඉඳලා ඉගෙන ගන්න දරුවා දක්‌වා අපි හදලා තියෙන සහන පිළිබඳව මේවාට ඒ අය කරන්නේ කුමක්‌ද කියා අපට ප්‍රශ්නයක්‌ තිබෙනවා. ඒවා පිළිබඳව වසන් කරනවා. මේවා ගැන අවබෝධයෙන් බොරුවලට නොරැවටී කටයුතු කළ යුතුයි.

දැන් දවස ගානේ බොරු ප්‍රචාර කරනවා. පුටුත් වෙන් කරනවා. අද එනවා. හෙට එනවා කියනවා. නායකයෝ එනවා කියනවා අද තමයි දෙන්නෙක්‌ ගියේ. ඒ අය යන බව අපි දන්නවා. ඒ කෙනෙක්‌ අපේ මිනිහාගේ මන්ත්‍රීකමත් අරගෙන ගියේ. ආත්ම ගරුත්වයක්‌ තියෙනවා නම් ඒ ගත්ත මන්ත්‍රීකම දාල මහත්තයෙක්‌ වගේ යන්න ඕනෑ. එය උදුරාගෙන අහිංසක මනුෂ්‍යයෙක්‌ රවටා ගියේ. මේ වගේ පුද්ගලයන් පිළිබඳ විශ්වාසය තියන්න පුළුවන්ද? මෙහෙම මිනිසුන් සමාජයේ ඉන්නවාද?

මම ඔබෙන් ඉල්ලන්නේ ලබන 8 වැනිදා උදෙන්ම ඡන්ද පොළට ගිහින් ජාතියේ නාමයෙන් ඔබේ දරුවන්ගේ, මෑණියන්ගේ, පියාණන්ගේ සහෝදරයන්ගේ නාමයෙන් බුලත් කොළයට ඡන්දයදී ලබන 9 වැනිදාට කිරිබත් කන්න සූදානම් වෙන ලෙසයි.

වාරිමාර්ග හා ජල කළමනාකරණ ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා - මං හිතන්නේ අද මේ රුවන්පුරයට ගලල තියෙන මහා ජන ගඟ දැක්‌කම මේ දේශපාලන ගංවතුරින් සිරිසේන මහත්තයා ඇතුළු ඒ නඩය විනාශ වන බවයි. රත්නපුරයට මෙවැනි ජන ගඟක්‌ ගැලුවේ ජනාධිපතිතුමාට හා පක්‍ෂයට ජනතාව දැක්‌වන ඇල්ම හා ආදරය නිසයි.

පක්‍ෂයට ද්‍රෝහිකම් කරලා පිටුපසින් සිට පිහියෙන් ඇනලා ජාත්‍යන්තර දෙමළ ඩයස්‌ පෝරාවට එකතුවෙලා විදේශ පුවත්පත්වලට කියනවා යුද අපරාධ පිළිබඳව පරීක්‍ෂණයක්‌ කරනවා කියලා. මේවගේ ද්‍රෝහීකම් කරන කෙනෙකුට රටේ නායකයා වෙන්න පුළුවන්ද? විපක්‍ෂ අපේක්‍ෂගේ ස්‌වරූපය ලෝකයටම හෙළිවෙලා.

ත්‍රස්‌තවාදය අතුගා දමා ස්‌ථාවර ආණ්‌ඩුවක්‌ ඇතිකර රටේ ආර්ථික සංවර්ධනයක්‌ ඇතිකළේ ජනාධිපතිතුමායි. එතුමා ගෙනෙන ලද ආර්ථික සංවර්ධනය තුළින් ජනජීවිතය දියුණුවෙලා රටේ සෑම ක්‍ෂේත්‍රයක්‌ම සංවර්ධනය වෙනවා. මේ හදාගත් ස්‌ථාවරභාවය කඩාදමන්න විදේශ බලවේග කැසකවන අවස්‌ථාවේ ජනාධිපතිතුමා ඇතුළු රජය ආරක්‍ෂා කර ගැනීමට අප කටයුතු කළයුතුයි.

සිරිසේන මහත්තයගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තියෙන්නේ ජනාධිපතිතුමා පසුගිය අයවැයෙන් ඉදිරිපත් කරපු දැනට ක්‍රියාත්මක කරපු යෝජනාවලින් කිහිපයක්‌. දින 180 ට වැඩි ස්‌ථිර නොවන රජය සේවකයන් ස්‌ථිර කරනවා කියනවා. ජනාධිපතිතුමා එය ඉටුකර ඉවරයි.

මැතිවරණ ප්‍රකාශයක්‌ කියන්නේ මල්වට්‌ටි වෙන්දේසියක්‌ නොවෙයි. විශ්‍රාම වැටුප් වැඩිකරනවලු. විශ්‍රාම වැටුප් වැඩිකර දීලා ඉවරයි. සිරිසේන මහත්තයට දෙන්න විශ්‍රාම වැටුපක්‌ ඉතුරුවෙලා නෑ. ඔහුගේ ඒ ලියවිල්ල අමූලික ප්‍රොaඩාවක්‌ ඒවාට රුවටෙන්න එපා. රාජ්‍ය සේවකයාට දියයුතු සහනදීලා තියෙන්නේ.

රාජ්‍ය පරිපාලන හා ස්‌වදේශ කටයුතු ඇමැති ඩබ්ලිව්. ඩී. ඡේ. සෙනෙවිරත්න මහතා - මේ රටට ඉතා කෙටිකාලයක්‌ තුළ මෙතරම් විශාල සේවයක්‌ කළ නායකයෙක්‌ නෑ. යටිතල පහසුකම් සෑම අංශයකටම ලබාදීලා ඒ සෑම ක්‍ෂේත්‍රයකින්ම විශාල දියුණුවක්‌ ලබලා තියෙනවා. ජනාධිපතිතුමාගේ අයවැයේ කොටස්‌ ඔහුගේ ප්‍රතිපත්ති ප්‍රකාශයට ඇතුළත් කිරීම ලැඡ්ජා සහගතයි. තමන්ට කියලා ප්‍රතිපත්තියක්‌ නෑ. ඔහු අනුන්ගේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්න ආපු කෙනෙක්‌.

විදුලිබල හා බලශක්‌ති ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය - ඓතිහාසික ජයග්‍රහණයක්‌ අභිමුවේ සිටින අපි ලබන 9 වැනිදා ප්‍රතිඵල කියනවිට ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා වැඩි ඡන්ද ලක්‍ෂ 20 කට එහායින් ජයග්‍රහණය කරන වගයි මේ රුවන්පුර ක්‍රීඩාංගණයට ලක්‍ෂ සංඛ්‍යාත ජනතාවක්‌ රැස්‌ව දෙන පණිවුඩය.

සිරිසේන මහත්තයා මෙහෙ පත්තරවලට කියන්න බැරි දේවල් හින්දු පුවත්පතට ප්‍රකාශය කර තියෙනවා. එතුමා බලයට පත්වුවහොත් යුද අපරාධ සම්බන්ධයෙන් අභ්‍යන්තර පරීක්‍ෂණයක්‌ පවත්වනවා කියලා.

මේ මවුබිමට එල්.ටී.ටී.ඊ. උවමනාව ගෙනඒමට ජාත්‍යන්තර දෙමළ ඩයස්‌පෝරාව එකතුවෙලා ඒකීය රාජ්‍යයක්‌ පිළිගන්න ජනාධිපතිතුමා ඉවත් කරන්න කළ හැකි සියලු වෙරවීරිය දානවා.

ජාතික නිදහස්‌ පෙරමුණේ නායක ඇමැති විමල් වීරවංශ මහතා - මේ පාර ඡන්දෙට අලියෙක්‌ එයි කියලා අපි බලන් හිටියා. එ.ජා.ප.යෙන් ඡන්දේ ඉල්ලන්න කෙනෙක්‌ නෑ. සජිත්ට ඉල්ලන්නට දෙන්නෙත් නෑ. එව්වා බලියක්‌. 2015 සිරිසේන කෙනෙක්‌ එව්වා 2020 ගුණපාල කෙනෙක්‌ එවයි.

මේ එකතු වී ඉන්න නඩේ මොකටද එකතුවී ඉන්නේ. මැතිවරණ ප්‍රකාශයේ 13 ගැන එක වචනයක්‌ තියෙනවාද? ඔවුන් 13 පූර්ණ වශයෙන් බලාත්මක කරනවා. ඊලාම්වාදී කල්ලිවලට නැවත නැගී සිටින්න ඉඩකඩ හදල දෙන්නයි හදන්නේ.

උතුරේ කොටි ඡන්දවලින් දකුණේ ජනමතය යටකරන්න ඉඩදෙනවාද?

"ජැකේඡ් කාරයෝ සටන් විරාම කාරයෝ සුනාමි සහන මණ්‌ඩලකාරයෝ කොටි බලය නැවත ස්‌ථාපිත කරන්න හදන්නේ. 13 න් එහාට බලය ගන්න.

උතුරේ කොටි ඡන්ද වලින් ජාතියේ ඉරණම තීන්දු කරන්න දෙන්නේ නැතුව එක පොදියට රට වෙනුවෙන් ජනාධිපතිතුමාගේ ජයග්‍රහණය වෙනුවෙන් රොද බැඳගන්න.

වයඹ ප්‍රධාන ඇමැති දයාසිරි ජයසේකර මහතා - බටහිර රටවලට අද අවශ්‍යවී ඇත්තේ ජනාධිපතිතුමා ජාත්‍යන්තර යුද අධිකරණයට ගෙනයන්නයි. එය ඉටුකර ගැනීමට විරුද්ධව මේ රටේ ජනතාව පෙළගැසී ඉන්න වේලාවක්‌. රුවන්පුර අතිබහුතර ජනතාවක්‌ ජනාධිපතිතුමා නැවත මේ රටේ ජනාධිපති කරන්න පෙළගැසී සිටිනවා.

ඇතැම් නායකයන් ගියාට අපේ සහෝදර මුස්‌ලිම් ජනතාව ඩොලර්වලට යටවෙන්නේ නෑ. ජනාධිපතිතුමාගෙ අයවැයට විපක්‍ෂ අපේක්‍ෂකයා කෑලි එකතු කරලා.

සෞඛ්‍ය ඇමැති තිස්‌ස අත්තනායක මහතා - රුවන්පුර ඓතිහාසික රැලිය දැක්‌කම ලබන 8 වැනිදා ප්‍රතිඵලය කියන්න පුළුවන්. 8 වැනිදා නියත වශයෙන් දිනන්නේ ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමා කියලයි මේ ප්‍රකාශ කෙරෙන්නේ. මීට වඩා සමගියක්‌ කොහේද? රත්නපුරයට මෙතරම් සෙනගක්‌ රැස්‌වූ අවස්‌ථාවක්‌ මා දැක නැහැ.

මෛත්‍රීගේ දේශපාලන ව්‍යාපාරය පිළිබඳ සත පහක විශ්වාසයක්‌ නෑ. මම පක්‍ෂයෙන් එළියට බැහැලා ආවේ ඔවුන් ඇතිකරගන්නා හොර ගිවිසුම්වලට විරුද්ධවයි. දෙමළ සන්ධානය එක්‌ක ඇතිකරගත් හොර ගිවිසුම මොකද්ද කියල ඇහුවට තවමත් උත්තර දෙන්න බෑ. රට පාවාදෙන සිරිසේන මහත්තයා එක්‌ක ගමනක්‌ නෑ. අපි කාටත් පිළිගත හැකි වැඩපිළිවෙලකට යන්න බෑ.

මේ අය 13 ට එහාට ගිහිල්ල බලතල ලබාදෙන්න එකඟවෙලා කියලා මේ ගිවිසුමේ තියෙනවා. ඊළඟ භයානකදේ දෙමළ සන්ධානයට හා බටහිර බලවේගවල උවමනාවට මේ යෝජනා දාල තියෙන්නේ. ජනාධිපතිතුමා හා රණවිරුවන් දං ගෙඩියට ගෙනයන්න අත්සන් කරපු ගිවිසුම් වලට අපට අනුමැතිය දෙන්න බෑ. රටට ආදරය කරන පිරිස්‌ ජනාධිපතිතුමාගේ ජයග්‍රහණය වෙනුවෙන් කැපවෙන්න.

No comments:

Post a Comment