Dec 10, 2014

10 Dec 2014

 ජවිපෙ නිට්ටඹුවේ රැලියටත් මහ සෙනගක්

ජනතා විමුක්ති පෙරමු‍ණේ නායකයින්ගේ සහභාගීත්වයෙන් පවත්වනු ලැබූ "ඒකාධිපති පාලනය පරදවමු! ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පෙළගැසෙමු!" රැලිය අද (09) නිට්ටඹුව නගරයේදී පැවති අතර එහිදී ජවිපෙ නායක අනුර දිසානායක මහතාජවිපෙ ප්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා සහ ජවිපෙ මධ්‍යමකාරක සභික මහින්ද ජයසිංහ මහතා ජනතාව අමතූහ.
එහිදී අනුර දිසානායක මහතා ජනතාව ඇමතූ හඬ පටය.............
10 DEc 2014
මාධ්‍ය රැකීමේ යෝජනා පොදු අපේක්ෂකට
ජනමාධ්‍යවේදීන්ගේ අයිතිවාසිකම් සුරකින යෝජනා තමන්ගේ මැතිවරණ ප්‍රකාශනයට ඉදිරිපත් කර ජනවාරි අට වැනිදා ජයග්‍රහණයෙන් පසු එය ක්‍රියාත්ම කරන බව පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා කොළඹ ධර්ම විජය පදනම් ශාලාවේ පැවැති ජනමාධ්‍ය සමුළුවක දී කීවේය.
මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වන සියලු අපේක්ෂකයනට ඒ සඳහා ඇරැයුම් කර තිබුණු අතර බත්තරමුල්ලේ සීලරතන හිමි, පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන, සරත් මනමේන්ද්‍ර සහ සිරිතුංග ජයසූරිය මහත්වරු ඊට සහභාගී වූහ.   අනෙක් අපේක්ෂකයෝ සහභාගී නොවූහ.
විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ සහ පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත සේනානායක මහතා ද ඊට එක්වූහ...........
10 Dec 2014
මහ ඇමැති ආරක්ෂකත් ප්‍රා මන්ත්‍රීත් රිමාන්ඩ්
එප්පවාල දී ‘අද‘ පුවත්පතේ මාධ්‍යවේදී තිසර සමල්ට සහ නාට්‍ය කණ්ඩායමකට පහර දුන්නැයි සැකපිට දින හතරකට පසු අත්අඩංගුවට ගත් සැකකරුවෝ සිව් දෙනෙක් තඹුත්තේගම අතිරේක මහේස්ත්‍රාත් ලෙව්කේ බන්ණ්ඩාර මහතා විසින් බ්‍රහස්පතින්දා (11) වන තෙක් රිමාන්ඩ් කරනු ලැබූහ.
තලාව ප්‍රාදේශීය සභාවේ සන්ධාන මන්ත්‍රී වසන්ත බණ්ඩාර, උතුරු මැද මහ ඇමැතිගේ පෞද්ගලික ආරක්ෂක, උදිත නිශාන්ත ප්‍රනාන්දු , එම් ඒ සංජීව පුෂ්පසිරි සහ අසංක නන්දපාල සැකකරුවෝය.
10 Dec 2014
Digambaram relinquishes portfolio
2014-12-10 13:37:19


National Languages and Social Integration Deputy Minister P. Digambaram of the National Workers Union has resigned from his portfolio this morning, the party spokesman said.

The President appointed Mr. Digambaram and Democratic People’s Congress member Praba Ganeshan as deputy ministers on August 21.

Radhakrishnan resigns

Botanical Gardens and Public Recreation Deputy Minister V. Radhakrishnan submitted his resignation a short while ago. 
http://www.dailymirror.lk/58587/radhakrishnan-resigns
10 Dec 2014
MR offers prayers at Tirupati
Sri Lanka President Mahinda Rajapaksa on Wednesday offered prayers at the Lord Venkateswara Temple here, where he performed Suprabhatam, the first temple service of the day.

According to reports, President Rajapaksa was in the temple for about an hour and received from the shrine's management a sacred silk cloth and holy water.

President Rajapaksa's visit comes a day after the he filed his nomination papers for the upcoming presidential elections in that nation, slated to be held next month.
 According to reports, the temple town has been fortified in view of the likely protests by Tamil Nadu-based activists and political parties who are against Rajapaksa's visit. (ANI)
10 Dec 2014  මෛත්‍රීපාල සිරිසේන
රාජ්‍ය සම්පත් කොල්ලකාපු අය
දින 100ක්‌ ඇතුළත කොටු කරනවා

- මෛත්‍රීපාල සිරිසේන කියයි

අපේ ආණ්‌ඩුව යටතේ රාජ්‍ය, අර්ධ රාජ්‍ය සහ
පෞද්ගලික අංශ සේවක වැටුප් වැඩි කරනවා

- රනිල් වික්‍රමසිංහ
ජනවාරි 9 වැනිදා ජයග්‍රහණයෙන් පසුව සාධාරණ යුක්‌ති සහගත පාලනයන් සඳහා මේ රටේ බෞද්ධ රාජ්‍යයක්‌ පිහිටුවීමට පියවර ගන්නා බවට දළදා සමිඳුන් වැඩ සිටින කන්ද උඩරට මහනුවරදී ප්‍රතිඥවක්‌ දෙන බව ජනාධිපති මැතිවරණයේ පොදු අපේක්‌ෂක මෛතිS්‍රපාල සිරිසේන මහතා මහනුවර මංගල රැලියේදී ඊයේ (9 වැනිදා) ප්‍රකාශ කළේය.

රැලිය මහනුවර මධ්‍යම වෙළෙඳපොළ භූමියේදී පැවැත්විණි.
එහිදී තවදුරටත් අදහස්‌ දැක්‌වූ මෛත්‍රීපාල සිරිසේන මහතා මෙසේද කීය.

දළදා සමිඳුන් වැඩ වසන මේ ශුද්ධ භූමිය ඔබ අප කාගේත් වන්දනීයත්වයට පත්වෙනවා. නාමයෝජනා දීමෙන් අනතුරුව අපේ මංගල ප්‍රචාරක රැලිය මේ පින්බිමේ පවත්වන්න ලැබීමට තරම් අප වාසනාවන්ත වී තිබෙනවා. රටේ භෞමික අඛණ්‌ඩභාවය පිළිබඳවද කන්ද උඩරටට විශාල බැඳීමක්‌ පවතිනවා. ඒත් හම්බන්තොටට මං තීරු 4 කාපට්‌ පාරවල් හැදෙන කොට මේ මහනුවර උතුම් නගරයට සංවර්ධනයේ නාමයෙන් මොනවද කරලා තිබෙන්නේ. මාසයකට සැරයක්‌ ජනාධිපතිතුමා දළදා සමිඳුන් වැඳ පුදා ගත්තත් මහනුවර නගරය ජනාධිපතිතුමා සංවර්ධනය පැත්තෙන් අමතක කරල තිබෙනවා. 94 පොදු පෙරමුණ ප්‍රකාශනයේත් 2005 මහින්ද චින්තනයේත් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන බව සඳහන් වුණා. ඒත් ඒ පොරොන්දුව මගේ නොවෙයි. මාස 3 ක්‌ ඇතුළත විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන බවට මම ඓතිහාසික දළදා පුදබිමේදී ජනතාවට දිවුරා පොරොන්දු වෙනවා. රාජ්‍ය සම්පත් මෙතරම් කොල්ල කාපු ආණ්‌ඩුවක්‌ ඉතිහාසයේ තිබුණේ නැහැ. ඒ වගේම රාජ්‍ය සම්පත් කොල්ලකාපු උදවිය දින 100 ක්‌ ඇතුළත කොටු කරනවා. ඔක්‌කොම හොරු කොටු කරනවා. සංවර්ධන වැඩ මේ කරනවා වගේ තුන් ගුණයකින් වැඩි කරනවා. පවුල් ලක්‌ෂ 27 ක්‌ අන්ත අසරණ දුගී භාවයෙන් පෙළෙනවා.


මේ ආණ්‌ඩුව හොර කම් කරන මුදල් ඒ දුප්පත්කම නැති කරන්න යොදනවා. රේගුව පිරිසිදු කර කෝටි ගණනක මුදල් ජනතා සේවයට යොදනවා. දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, සුරාබදු දෙපාර්තමේන්තුවට එන මුදලින් ජනතා සේවයට යෙදවිය හැකියි. හොර කල්ලිය සිදු කරන හොරකම් නතර කරනවා. ජනතාවට සේවය කරන්න පුළුවන්. ඒත් ජනතා සුබ සාධනය දැන් ආණ්‌ඩුවට හදිසියේ මතක්‌ වෙලා. බයිසිකල් සහන ණය මිලකට ලබා දෙනවා. ඒ බයිසිකල්වල ණය මුදල් අපි කපා දමා ඔවුන් ඒ ණය බරින් නිදහස්‌ කරනවා. අධිකරණ නිදහස නැති වී තිබෙනවා. ශිරාණි බණ්‌ඩාරනායක මහත්මියව ගෙදර යෑව්වට. නීතියේ ආධිපත්‍යය ශක්‌තිමත් කිරීමට අපි කටයුතු කරනවා. අරලියගහ මැඳුරෙන් එන දුරකථන ඇමැතුමට අවනත නොවීම නිසයි හිටපු අගවිනිසුරුවරිය ගෙදර යෑව්වේ. ඒ තත්ත්වය අපි නැති කරනවා. වත්මන් ආණ්‌ඩුව විස සහිත පොහොර රසායන ද්‍රව්‍ය රටට ගෙන එනවා. අප ඒවා තහනම් කරනවා. නියම ප්‍රමිතියෙන් යුතු පොහොර හා රසායන ද්‍රව්‍ය ගෙනවිත් වකුගඩු රෝගය සහමුලින් තුරන් කිරීමට කටයුතු කරනවා. සිගරැට්‌ පැකට්‌ටුවේ රූපමය අවවාද එකතු කිරීමට එරෙහිව මාව ආණ්‌ඩුවේ උදහසට ලක්‌ වුණා. ආණ්‌ඩුවේ ලොක්‌කො සිගරැට්‌ සමාගම්වලින් කෝටි ගණන් මුදල් සාක්‌කුවේ දාගත්ත. ඒ වුණාට හරිම සිල්වත් විදිහට හැසිරෙනවා. ළමයි වඩාගන්නවා. සිනහ වෙනව. වෙනස්‌ම විදිහකින් ඉන්නවා. ඒත් පුළුවන් උපරිමයෙන් යටිමඩි ගහනවා. රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති සටනට එයි කියලා පසුගිය මාස 6 පුරාවට රුපියල් කෝටි සිය ගණන් වියදම් කර රනිල් වික්‍රමසිංහ මහතාට පහර ගහන්න රජයේ මුදල් නාස්‌ති කරා. ඒත් අරලියගහ මැඳුරේ ඇතුලේම තම ප්‍රතිවාදියා සිටින බව දැන සිටියේ නැහැ. රනිල් මහතාට එරෙහිව සිදු කළ මහන්සිය අපතේ ගියා. කොහොම හරි දිනනවා, මොනවා හරි කරලා දිනනවා කියලා ආණ්‌ඩුව කියනවා. එහෙම දිනන්න බැහැ. අපි ජනතාවගේ ඡන්ද බලයෙන් දිනනවා. ධන බලය සහ අවි බලය දණගස්‌සවලා ජනතා බලයෙන් අලුත් ආණ්‌ඩුවක්‌ අපි හදනවා. ඒ ආණ්‌ඩුව ඇතුළේ ජනතාව සුත මුදිත කරනවා.

09 Dec 2014
විපක්ෂ රැල්ල මහනුවරට
විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මංගල ජන රැලිය අද (9) සවස මහනුවර මධ්‍යම වෙළඳපොළ භූමියේදී ඇරඹිණි. රැලිය ආරම්භ වීමටත් ප්‍රථම විශාල ජනකායක් එහි එක් රැස්ව සිටින ආකාරය දැකිය හැකි ...photos 
_DSC0129

_DSC0140
http://www.lankadeepa.lk/index.php/top_story/281217

http://www.dailymirror.lk/58513/maithri-in-kandy

මෛත්‍රිපාල සිරිසේනගේ පළමු ජනාධිපතිවරණ රැළිය‍ මහනුවරින් ඇරඹෙයි (VIDEO)