Dec 10, 2014

10 Dec 2014  මෛත්‍රීපාල සිරිසේන
රාජ්‍ය සම්පත් කොල්ලකාපු අය
දින 100ක්‌ ඇතුළත කොටු කරනවා

- මෛත්‍රීපාල සිරිසේන කියයි

අපේ ආණ්‌ඩුව යටතේ රාජ්‍ය, අර්ධ රාජ්‍ය සහ
පෞද්ගලික අංශ සේවක වැටුප් වැඩි කරනවා

- රනිල් වික්‍රමසිංහ
ජනවාරි 9 වැනිදා ජයග්‍රහණයෙන් පසුව සාධාරණ යුක්‌ති සහගත පාලනයන් සඳහා මේ රටේ බෞද්ධ රාජ්‍යයක්‌ පිහිටුවීමට පියවර ගන්නා බවට දළදා සමිඳුන් වැඩ සිටින කන්ද උඩරට මහනුවරදී ප්‍රතිඥවක්‌ දෙන බව ජනාධිපති මැතිවරණයේ පොදු අපේක්‌ෂක මෛතිS්‍රපාල සිරිසේන මහතා මහනුවර මංගල රැලියේදී ඊයේ (9 වැනිදා) ප්‍රකාශ කළේය.

රැලිය මහනුවර මධ්‍යම වෙළෙඳපොළ භූමියේදී පැවැත්විණි.
එහිදී තවදුරටත් අදහස්‌ දැක්‌වූ මෛත්‍රීපාල සිරිසේන මහතා මෙසේද කීය.

දළදා සමිඳුන් වැඩ වසන මේ ශුද්ධ භූමිය ඔබ අප කාගේත් වන්දනීයත්වයට පත්වෙනවා. නාමයෝජනා දීමෙන් අනතුරුව අපේ මංගල ප්‍රචාරක රැලිය මේ පින්බිමේ පවත්වන්න ලැබීමට තරම් අප වාසනාවන්ත වී තිබෙනවා. රටේ භෞමික අඛණ්‌ඩභාවය පිළිබඳවද කන්ද උඩරටට විශාල බැඳීමක්‌ පවතිනවා. ඒත් හම්බන්තොටට මං තීරු 4 කාපට්‌ පාරවල් හැදෙන කොට මේ මහනුවර උතුම් නගරයට සංවර්ධනයේ නාමයෙන් මොනවද කරලා තිබෙන්නේ. මාසයකට සැරයක්‌ ජනාධිපතිතුමා දළදා සමිඳුන් වැඳ පුදා ගත්තත් මහනුවර නගරය ජනාධිපතිතුමා සංවර්ධනය පැත්තෙන් අමතක කරල තිබෙනවා. 94 පොදු පෙරමුණ ප්‍රකාශනයේත් 2005 මහින්ද චින්තනයේත් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන බව සඳහන් වුණා. ඒත් ඒ පොරොන්දුව මගේ නොවෙයි. මාස 3 ක්‌ ඇතුළත විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන බවට මම ඓතිහාසික දළදා පුදබිමේදී ජනතාවට දිවුරා පොරොන්දු වෙනවා. රාජ්‍ය සම්පත් මෙතරම් කොල්ල කාපු ආණ්‌ඩුවක්‌ ඉතිහාසයේ තිබුණේ නැහැ. ඒ වගේම රාජ්‍ය සම්පත් කොල්ලකාපු උදවිය දින 100 ක්‌ ඇතුළත කොටු කරනවා. ඔක්‌කොම හොරු කොටු කරනවා. සංවර්ධන වැඩ මේ කරනවා වගේ තුන් ගුණයකින් වැඩි කරනවා. පවුල් ලක්‌ෂ 27 ක්‌ අන්ත අසරණ දුගී භාවයෙන් පෙළෙනවා.


මේ ආණ්‌ඩුව හොර කම් කරන මුදල් ඒ දුප්පත්කම නැති කරන්න යොදනවා. රේගුව පිරිසිදු කර කෝටි ගණනක මුදල් ජනතා සේවයට යොදනවා. දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, සුරාබදු දෙපාර්තමේන්තුවට එන මුදලින් ජනතා සේවයට යෙදවිය හැකියි. හොර කල්ලිය සිදු කරන හොරකම් නතර කරනවා. ජනතාවට සේවය කරන්න පුළුවන්. ඒත් ජනතා සුබ සාධනය දැන් ආණ්‌ඩුවට හදිසියේ මතක්‌ වෙලා. බයිසිකල් සහන ණය මිලකට ලබා දෙනවා. ඒ බයිසිකල්වල ණය මුදල් අපි කපා දමා ඔවුන් ඒ ණය බරින් නිදහස්‌ කරනවා. අධිකරණ නිදහස නැති වී තිබෙනවා. ශිරාණි බණ්‌ඩාරනායක මහත්මියව ගෙදර යෑව්වට. නීතියේ ආධිපත්‍යය ශක්‌තිමත් කිරීමට අපි කටයුතු කරනවා. අරලියගහ මැඳුරෙන් එන දුරකථන ඇමැතුමට අවනත නොවීම නිසයි හිටපු අගවිනිසුරුවරිය ගෙදර යෑව්වේ. ඒ තත්ත්වය අපි නැති කරනවා. වත්මන් ආණ්‌ඩුව විස සහිත පොහොර රසායන ද්‍රව්‍ය රටට ගෙන එනවා. අප ඒවා තහනම් කරනවා. නියම ප්‍රමිතියෙන් යුතු පොහොර හා රසායන ද්‍රව්‍ය ගෙනවිත් වකුගඩු රෝගය සහමුලින් තුරන් කිරීමට කටයුතු කරනවා. සිගරැට්‌ පැකට්‌ටුවේ රූපමය අවවාද එකතු කිරීමට එරෙහිව මාව ආණ්‌ඩුවේ උදහසට ලක්‌ වුණා. ආණ්‌ඩුවේ ලොක්‌කො සිගරැට්‌ සමාගම්වලින් කෝටි ගණන් මුදල් සාක්‌කුවේ දාගත්ත. ඒ වුණාට හරිම සිල්වත් විදිහට හැසිරෙනවා. ළමයි වඩාගන්නවා. සිනහ වෙනව. වෙනස්‌ම විදිහකින් ඉන්නවා. ඒත් පුළුවන් උපරිමයෙන් යටිමඩි ගහනවා. රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති සටනට එයි කියලා පසුගිය මාස 6 පුරාවට රුපියල් කෝටි සිය ගණන් වියදම් කර රනිල් වික්‍රමසිංහ මහතාට පහර ගහන්න රජයේ මුදල් නාස්‌ති කරා. ඒත් අරලියගහ මැඳුරේ ඇතුලේම තම ප්‍රතිවාදියා සිටින බව දැන සිටියේ නැහැ. රනිල් මහතාට එරෙහිව සිදු කළ මහන්සිය අපතේ ගියා. කොහොම හරි දිනනවා, මොනවා හරි කරලා දිනනවා කියලා ආණ්‌ඩුව කියනවා. එහෙම දිනන්න බැහැ. අපි ජනතාවගේ ඡන්ද බලයෙන් දිනනවා. ධන බලය සහ අවි බලය දණගස්‌සවලා ජනතා බලයෙන් අලුත් ආණ්‌ඩුවක්‌ අපි හදනවා. ඒ ආණ්‌ඩුව ඇතුළේ ජනතාව සුත මුදිත කරනවා.



http://www.divaina.com/2014/12/10/news26.html
අද විශ්වවිද්‍යාල ආචාර්ය මහාචාර්යවරු ආණ්‌ඩුවට විරුද්ධව පාරට බැහැලා තිබෙනවා. ඒ අය සමගත්, ශිෂ්‍යයන් සමගත් සාකච්ඡා කර අපි රටේ අධ්‍යාපනය නඟා සිටුවනවා. මහින්ද රාජපක්‌ෂ මහතා එක්‌ක හැරෙන්න බය නැද්ද කියල සමහරු මගෙන් අහනවා. මම බොහෝම පැහැදිලිව කියනවා අපි බයේ සටන්වලට ඇවිත් නැහැ. බියෙන්, නිවටකමින් ජීවත් වෙනවාට වඩා ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් වෙනුවෙන් ජීවිත පූජා කිරීමට වුවත් අපි ලෑස්‌තියි. අපේ මැතිවරණ ව්‍යාපාරය කඩා කප්පල් කරන්න ආවොත්, අපිට හිරිහැර කරන්න ආවොත් ජනාධිපතිවරණය පැත්තකින් තියලා ජනතාව සමග පාරට බහින්න අපි සූදානම්. සංඛ්‍යා ලේඛනවලින් පෙනී ගොස්‌ තිබෙනවා සියයට 65 කට වඩා ඡන්ද ලබාගෙන අපේ රජයක්‌ බිහි වන බව. අපේ අලුත් ආණ්‌ඩුව තුළ සැබෑ දේ ලියන්න, අහන්න නිදහස්‌ මාධ්‍ය ජනතාවට විවෘත කරනවා. මට කටවුට්‌ සහ පෝස්‌ටර් එපා. සැරසිලි එපා, මගේ රූපය ජනතාවගේ හදවත් තුළ තිබෙනවා.

මත්ද්‍රව්‍ය පාලනය සම්බන්ධයෙන් මහින්ද රාජපක්‌ෂ රජය තුළ විශාල අකටයුතුකම් සිදු වුණා. මතට තිත පොතට සීමා නොකර අපි එය සැබෑවක්‌ කරනවා. ඉදිරි සති 4 ක කාලය තුළ මේ රට ප්‍රබුද්ධ රාජ්‍යයක්‌ කිරීමේ මැතිවරණ ප්‍රචාරණ කටයුතු අපි සිදු කරනවා.

විපක්‍ෂ නායක හා එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා - මේ සෙනග හරියට 77 සෙනග වගේ. ඊටත් වඩා විශාලයි වගේ පේන්නේ. මේ සෙනග දැක්‌කාම මට පේනවා රාජපක්‍ෂ පාලනය ඉවර බව. මහින්ද රාජපක්‍ෂ මහත්තයට යුද්ධය ඉවරවෙලා වසර 5 ක්‌ ගියත් ජනතාවට සේවයක්‌ කරන්න බැරිවුණා. ගෑස්‌වලින් රුපියල් 250 ක්‌ ඊයේ පෙරේදා අඩු කළා. ඒත් මහා භාණ්‌ඩාගාරයට පාඩුවක්‌ නැතිලු. එහෙනම් මෙච්චර කල් ඒ රුපියල් බිලියන ගණනක වාසිය කාගේ සාක්‌කුවටද ගියේ? මහින්දගේ සාක්‌කුවටයි එම මුදල් ගියේ. අපේ ආණ්‌ඩුව යටතේ රජයේ සේවකයන්ට රුපියල් 5000 ක පඩි වැඩි කිරීමක්‌ දෙනවා. සිංහල අවුරුද්දට කලින් ඒක කරනවා. ඊට පස්‌සේ අර්ධ රාජ්‍ය සේවකයන්ගේ සහ පෞද්ගලික අංශයේ වැටුප් වැඩි කිරීම් කරනවා. සහතික මිල ගණන් ලබා දෙනව. ජනතාවගේ ප්‍රයෝජනය සඳහා අපේ ආණ්‌ඩුවෙන් කරන්න පුළුවන් හැම දෙයක්‌ම කරනවා. ඒ සඳහා ජනවාරි 08 වැනිදා හංසයා ලකුණට ඡන්දය දීලා මෛත්‍රීපාල මහතාව ජනාධිපති කරන්න.

හිටපු ඇමැති පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා - 2005 දී මහින්ද රාජපක්‌ෂ ජනාධිපති පුටුවේ තිබ්බෙත් අපි. 2014 දී මහින්ද රාජපක්‌ෂ ජනාධිපති පුටුවෙන් බස්‌සන්නේත් අපි. මේ රට අද පාලනය කරන්නේ පංච භූත බලවේගයක්‌. ඉන් එකක්‌ කැසිනෝ බලවේගයයි. මෛත්‍රීපාල මහතා මුලින්ම ජනාධිපති වී කරන දෙයක්‌ තමයි මේ කැසිනෝ රටෙන් පන්නන එක. හෙරොයින් බලවේගය සහ එතනෝල් බලවේගය තවත් බලවේගයන් දෙකක්‌. ජීවිත පූජා කර හෝ මේ බලවේග පරදවන්න ඕන. ආසනික්‌ නිසා ප්‍රභාකරන්ට වඩා විනාශයක්‌ රටට සිදු වෙනවා. සිගරැට්‌ සහ ආසනික්‌ භූතයන්වත් මෛත්‍රී පාලනයක්‌ යටතේ රටෙන් තුරන් කරනව. සියයට 5 කොමිස්‌ වෙනුවට ආණ්‌ඩුවේ මැති ඇමැතිවරු සියයට 5000 කොමිස්‌ ගහනවා. මේවා හයිවේ මෙගා ඩීල්. පෙට්‍රල් බදු ඩීසල් බදු අපි අයින් කරනවා. ජනතා අධිකරණයක්‌ පත්කර කොල්ලකාපු හැම මුදලක්‌ම රටට ගේනවා. මහින්ද රාජපක්‌ෂට ඒකීය භාවය ඉගැන්වූවේ අපි. අපි ඉන්න තුරු මේ රට බෙදන්න දෙන්නෙත් නැහැ. අස්‌ථාවර කරන්න දෙන්නෙත් නැහැ. රණවිරුවන්ව විදේශීය අධිකරණවලින් ගලවා ගැනීමේ මෙහෙයුමක්‌ මෛත්‍රීපාල මහතා යටතේ සිදු කරනව. ශ්‍රී ලංකා එකෙන් ජනපති ඇවිත් යූඑන්පී එකෙන් අගමැති ඇවිත් සමගි සන්ධාන ආණ්‌ඩුවක්‌ හදනව. චමල්, නාමල් හැර අනෙක්‌ හැමෝම අපිට එකතු වෙනවා. බැසිලුත් විශ්වාස නැහැ. රටේ ස්‌ථාවරම ආණ්‌ඩුව හදනව.

හිටපු ඇමැති පාර්ලිමේන්තු මන්ත්‍රී නවීන් දිසානායක මහතා - සැබෑ ප්‍රජාතන්ත්‍රවාදී යුගයක්‌ මෛත්‍රී හා රනිල් එකතුවෙන් හදමු. අද දූෂණය ඉහවහ ගිsහින්. බැසිල්ලා යන්නේ මෝටර් රථවලින් නොවේ හෙළිකොප්ටර්වලින්. වික්‍රමසිංහ මහතා රට වෙනුවෙන් විශාල පරිත්‍යාගයක්‌ සිදුකර තිබෙනවා. රටේ මේ ඇති දුර්දාන්ත යුගය අවසන් කරන්න ඕනෑ. රනිල් මෛත්‍රී යුගයක්‌ ඇති කරන්න ඕන. එක ඡන්දයක්‌වත් ගන්න බැරි අපේ ජාතික ලැයිස්‌තු මන්ත්‍රී තිස්‌ස අත්තනායක මහින්ද එක්‌ක එකතුවෙමින් ගියාට අයියෝ තිස්‌ස කියලා තමයි කියන්න වෙන්නේ. ඒත් අපිව මුදලට ගන්න බැහැ. අපි නියම උඩරට ලේ තිබෙන කොල්ලෝ.

මව්බිම ජනතා පක්‍ෂයේ නායක හේමකුමාර නානායක්‌කාර මහතා - ඓතිහාසික මහනුවර දළදා මාළිගාවට ලන්දේසීන්, පෘතුගීසීන්, ඉංග්‍රීසිකාරයන් අත තිබ්බේ නැහැ. ඒත් මහින්ද රාජපක්‌ෂගේ ආණ්‌ඩුවේ සිටින කොටි හපුවා කරුණා අම්මාන් දළදා මාළිගාවට ගැහැව්වා. කේ.පී. අද ගෝඨාභයගේ උකුලේ. තොත්ත බබා නළවනවා. මේ ව්‍යසනයෙන් රට බේරාගන්න මෛත්‍රීපාල සිරිසේන ආණ්‌ඩුවෙන් එළියට බැස්‌සා. රනිල් මෙතන නම්, මෛත්‍රී මෙතන නම්, සජිත් මෙතන නම් චන්ද්‍රිකා මෙතන නම් මොන යකාටද බය වෙන්නේ? තිස්‌ස අත්තනායකට පිස්‌සු නැත්නම් මේ වගේ වේලාවට ගිනි ගොඩකට පනියිද? මේ මැතිවරණයෙන් මහින්ද රාජපක්‌ෂට රජ ගෙදරින් මැදමුලනට කොට්‌ට පැදුරු අකුලගෙන යන්න වෙනවා.

එක්‌සත් ජාතික පක්‍ෂයේ නව මහා ලේකම් කබීර් හෂිම් මහතා - මෛත්‍රීපාල සිරිසේන මහතා රජයෙන් ඉවත් වී පොදු අපේක්‍ෂකයා ලෙස ජනතාව ඇමතීමට රැස්‌වීමක්‌ පැවැත්වීමටවත් ස්‌ථානයක්‌ ලබා දුන්නේ නැහැ. නමුත් කිසිදාක පවත්වන්නට නොහැකිවුණු විශාලතම රැස්‌වීම පොළොන්නරුවේදී පැවැත්වුවා. අද පැවැත්වෙන රැස්‌වීමේ තරම ඇවිත් බලන්නට කියා රජයට කියනවා. අපේ මහ ලේකම් ගියා කියා අපට පාඩුවක්‌ නැහැ. මහ ලේකම්තුමා ගියාට පසුව පැවැත්වෙන මේ රැස්‌වීම බලන්නට කියා කියනවා.

පොදු අපේක්‍ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා විශිෂ්ට ලෙස ජයග්‍රහණය කරන බව මේ රැස්‌වීම් සහතික කරනවා. අවුරුදු 20 ක්‌ අසාධාරණයට ලක්‌වුණා එක්‌සත් ජාතික පාක්‍ෂිකයන් මෙන්ම අනෙක්‌ පක්‍ෂවල අයත් මේ රැස්‌වීමේ සිටිනවා.

මහින්ද රාජපක්‍ෂ මහතා සියලු බලතල තමන් අතට ගෙන ඔහුගේම පක්‍ෂයත් ගත්තා. ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂයේ නායකයන් වූ බණ්‌ඩාරනායක වරුන්ගේ පිංතූරයක්‌වත් ප්‍රදර්ශනය කරන්නට ඉඩ දුන්නේ නෑ, එයාත් එයාගේ පවුලේ අයට මිස අන් කිසිවකුටවත් තැනක්‌ දුන්නේ නැහැ. ශ්‍රී ලංකා නිදහස්‌ පාක්‌ෂිකයන්ට මහින්ද රාජපක්‌ෂ තැනක්‌ දුන්නේ නෑ.

ජනතා විමුක්‌ති පෙරමුණත්, සරත් ෙµdන්සේකා මහතාගේ පක්‍ෂයත් විනාශ කිරීමට මහින්ද රාජපක්‌ෂ මහතා කටයුතු කළා. දෙපාරක්‌ බලයේ සිටියා මදිවෙලා තුන්වැනි පාරත් බලයේ ඉන්නට උත්සාහ කරන්නේ කෑදරකම නිසයි.

ඌවේ පළාත් සභා මැතිවරණය ජයගන්නට ජනතාවට බොහෝ දේ බෙදාදුන්නා. නමුත් ඌවේ ජනතාව ඒවාට රැවටුණේ නැහැ. දේශපාලන කුමන්ත්‍රණ හා සැලසුම් ක්‍රියාත්මක කරන්නට අපේ පක්‌ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා විශාල ඉවසීමෙන් හා බුද්ධියෙන් විශාල පරිත්‍යාගයක්‌ කර ඉන් සාර්ථක වැඩපිළිවෙළක්‌ මෙවර ක්‍රියාත්මක කළා. ඒ බුද්ධියෙන් රනිල් වික්‍රමසිංහ මහතා පොදු අපේක්‍ෂක ලෙස මෛත්‍රීපාල සිරිසේන මහතා තෝරා ගත්තා. මහනුවර දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රී අධිනීතිඥ ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා රැස්‌වීම අමතමින් මෙසේ පැවසීය. බිහිසුණු යුද්ධය පරාජය කළ හමුදා නායක සරත් ෆොන්සේකා මහතාට ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතා කෘතගුණ සැලකුවේ ඔහුට හිමි සියලු බලතල සහ විශ්‍රාම වැටුප පවා අහිමි කරමින්. මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ජයග්‍රහණයෙන් පසුව අපි පිහිටුවන රජයෙන් සරත් ෆොන්සේකා මහතාට සියලු තනතුරු හා අයිතිවාසිකම් නැවත ලබා දෙනවා.

එක්‌සත් ජාතික පක්‍ෂය, ජාතික හෙළ උරුමය ඇතුළු සෙසු සියලු පක්‍ෂ ඒකාබද්ධව මෙම මැතිවරණයේ දී ජයග්‍රහණය කර දැන් එක පුද්ගලයකුගේ අතේ තිබෙන බලය පාර්ලිමේන්තුවේ 225 දෙනකුට බෙදා දෙනවා.

ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතාගේ රජය කන්ද උඩරට ජනතාවට දැක්‌වූවේ කුඩම්මාගේ සැලකිලි. උඩරට ප්‍රදේශයේ ඇඟලුම් කම්හල් 30 ක්‌ වසාදැමුවා. මෙවර මැතිවරණය ජයග්‍රහණය කිරීමෙන් පසුව ලක්‍ෂ දහයකට රැකියා ලබාදීමට රනිල් වික්‍රමසිංහ මහතා පොරොන්දු වී තිබෙනවා.

රැකියා ලබාදෙන වැඩපිළිවෙළක්‌ එක්‌සත් ජාතික පක්‍ෂය ආරම්භ කරනවා. අපේ රට යටත් විජිතයක්‌ බවට පත්වුණාට පසුව මහා කැරැලි 1815 සහ 1848 දී ආරම්භ වුණේ මේ ඓතිහාසික කන්ද උඩරටින්මයි. මෙම සටනත් ඒකාන්තයෙන්ම ජයග්‍රහණය කරනවා.

පිsවිතුරු හෙටක්‌ සමාජයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමිද , මහනුවර හිටපු පුරපති වත්මන් නාගරික මන්ත්‍රී කේසර සේනානායක, හිටපු යුද හමුදාපති ප්‍රජාතන්ත්‍රවාදී පක්‌ෂයේ නායක සරත් ෆොන්සේකා,එජාප නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස ,බස්‌නාහිර පළාත් සභා මන්ත්‍රීනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ,පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ජුන රණතුංග, හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්‌ඩාරනායක කුමාරතුංග,හිටපු ඇමැති පාර්ලිමේන්තු මන්ත්‍රී දොස්‌තර රාජිත සේනාරත්න , ඌව විපක්‌ෂ නායක හරීන් ප්‍රනාන්දු යන මහත්ම මහත්මීහුද මෙහිදී අදහස්‌ දැක්‌වූහ.
 

No comments:

Post a Comment