Jan 3, 2015

රනිල් වික්‍රමසිංහට අවශ්‍යව ඇත්තේ විපක්‍ෂ නායකකම රැක ගැනීම පමණයි - ජනාධිපති

03 Jan 2015
නායකත්වයක්‌ නැති එජාප නායක
රනිල් වික්‍රමසිංහට අවශ්‍යව ඇත්තේ  කවුරුන් හෝ බිල්ලට දී විපක්‍ෂ නායකකම රැක ගැනීම පමණයි   - ජනාධිපති මිනුවන්ගොඩ දී කියයි
හකීම්ලා වෙන්වෙලා ගියාට අපි පුදුම වෙන්නේ නෑ - ඇමැති දිනේෂ් ගුණවර්ධන
මේ යහපාලන නඩේ පෙන්නලා බෙදුම්වාදී  කැත අක්‌කා පෙළවහකරලා දෙන්නයි හදන්නේ   - ඇමැති විමල් වීරවංශ


නායකත්වයක්‌ නැති එක්‌සත් ජාතික පක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාට අද අවශ්‍යව ඇත්තේ කවුරුන් හෝ බිල්ලට දී විපක්‍ෂ නායකකම රැකගැනීම පමණක්‌ යෑයි ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සඳහන් කළේය.
සිරිසේන මහත්තයට අමාත්‍යාංශ තුනක්‌ භාරදුන් බවත්, ඒ එකක්‌වත් ඔහුට හරියට කර ගැනීමට නොහැකිවූ බවද ජනාධිපතිවරයා පැවැසීය.
මිනුවන්ගොඩ නගරයේ දී පසුගිය 30 වැනිදා පැවැති එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ ජනාධිපතිවරණ ජන රැළිය අමතමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.
එහිදී ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා වැඩිදුරටත් මෙසේද පැවැසීය.
මෙවර ජනාධිපතිවරණයට එක්‌සත් ජාතික පක්‍ෂය ඉදිරිපත්වෙලා නෑ. 2010 වසරේදීත් ඔවුන්ගේ පක්‍ෂයෙන් ඉදිරිපත් කිරීමට අපොහොසත් වුණා. ගියපාර මගේ හමුදාපති අරගෙන දැමුවා. ඒකට අපේ කෙනෙක්‌ අහුවුණා. මහින්ද රාජපක්‍ෂ නම කිව්ව පමණින් මොවුන් වෙව්ලනවා. ඒ නිසා ඔවුන් ඉදිරිපත් නොවී මගහැරලා ඒ සඳහා කවුරු හෝ කෙනකු හොයාගන්නවා. මේ වගේ අයටද අපි රට භාරදෙන්නේ. එක්‌සත් ජාතික පක්‍ෂයට අද නායකත්වයක්‌ නැහැ. කවුරුහරි බිල්ලට දීලා පක්‍ෂ නායකකම, විපක්‍ෂ නායක ධුරය රැකගැනීමට වික්‍රමසිංහ මහත්තයට අවශයි. ඉන් එහාට වෙන කිසිදෙයක්‌ නැහැ.
දැන් මේ අය කියන්නේ මොකක්‌ද? වසර දහයක්‌ ඉතා දරුණු ඒකාධිපතියෙක්‌ රට පාලනය කළාලු. මේ සොඳුරු ආඥදායකයා යටතේ හරි අමාරුවෙන් සිටියලු. අවුරුදු දහයක්‌ මේ ආණ්‌ඩුව වැරදි කළාලු. එහෙම වැරදි කළා නම් ඒ වැරදිවලට සිරිසේන මහත්තයත් වගකියන්න ඕනෑ නැද්ද? මේ ආණ්‌ඩුව වැරදි කළා නම් සෑම කැබිනට්‌ ඇමැතිවරයෙක්‌ම සාමුහිකව වගකිව යුතුයි.
http://www.divaina.com/2015/01/03/news27.html
මම සිරිසේනට අමාත්‍යාංශ තුනක්‌ භාරදුන්නා. එකක්‌වත් හරියට කරන්න බැරිවුණා. පළවැනි එක හරියට කළේ නැති නිසා දෙවැනි එක දුන්නා. ඒකත් හරියට කළේ නෑ. තුන්වැනි අමාත්‍යාංශයත් දුන්නා. ඒකත් හරියට කරගන්න බැරිවුණා. දැන් ඒ වගකීම මට පවරනවා. ඒ වගකීම මම භාරගන්න ඕන. නමුත් ඔහු පෞද්ගලිකව කරපු වැඩ සෞඛ්‍ය අමාත්‍යාංශය විනාශ කළ හැටි එකින් එක මේ රටේ ජනතාව හා වෛද්‍යවරු දන්නවා.

තහනම් කළ ඖෂධ ගෙන්වූ සමාගම අනුමත කළ ඖෂධ ගන්න කියලා නියෝග කළේ මේ සිරිසේනයි. මේක තමයි යහපාලනය. පොළොන්නරුවේ තිබෙන යහපාලනය. මේ රටේ සහල් මිල ගැන කතා කරනවා. සහල් මිල සම්පූර්ණයෙන් පාලනය කළේ කවුද?

වී ගබඩා හා පොළොන්නරුවේ තිබූ වී මෝල නැවත අලුතෙන් හදන්න කියලා කිව්වාම ඒක විකිණුවා. ඔහුගේ කාලේ තමයි එය සිදුවුණේ. අපි දැනගත්තේ ඊට පස්‌සේ.

අපි ඇමැතිවරු කෙරෙහි විශ්වාසය තැබුවා. ඕනෑවට වඩා විශ්වාසය තිබ්බම වෙන දේවල්. ඒ විශ්වාසය තැබීමේ වරද දැන් අපට තේරෙනවා. වී මෝල විකුණලත් පොළොන්නරුවට යනකන් අපි දන්නේ නෑ. මේකයි ඇත්ත කතාව.

මේ ආකාරයට ජාතික සම්පත් විකුණලා දේශපාලන බලය පාවිච්චි කරලා විශාල වටිනාකමක්‌ තිබූ හෝටලයක්‌ රුපියල් ලක්‍ෂ 15 කට මිලදී ගත්තා. යුද්ධයට ආයුධ ගෙන්වීම තමයි හොඳම බිස්‌නස්‌ එක. නමුත් අපි වසර 30 ක්‌ තිබුණු යුද්ධය අවුරුදු හතරකට වඩා කෙටි කාලයකින් අවසන් කළා. ජනතාවගේ මරණ බිය නැති කළා. රට එක්‌සේසත් කළා. ඒකීය රටක්‌ බවට පත්කළා. දැන් මේක සම්බන්ධන්ලාට, හකීම්ලාට ඕන විදියට නැවත කඩන්න ඉඩ දෙනවාද නැද්ද කියා තීන්දු කළ යුත්තේ ඔබයි.

ඔවුන් එදා එකින් එක ජාතික සම්පත් විකුණුවා. අදත් කියනවා සිංගප්පූරු සමර්සෙට්‌ ක්‍රමයට විකුණනවලු. ඔවුන් එදා විකුණු දේවල් මට ආපසු ගන්න සිදුවුණා. එදා ශ්‍රී ලංකන් එයාර්ලයින් එක ශ්‍රී ලංකා කොඩිය ලෝකයට අරගෙන ගියා. ඒක විකුණුවට පස්‌සෙ එමිරේට්‌ස්‌ කොඩිය ගහගෙන ගියේ. අපි ඒක වෙනස්‌ කළා. දැන් නැවත ශ්‍රී ලංකාවේ කොඩිය ගහගෙන යනවා. ශ්‍රී ලංකා රක්‍ෂණ සංස්‌ථාව විකුණුවා, බත්තරමුල්ල වෝටර්ස්‌ එ- හෝටලය පර්චස්‌ එක රුපියල් 200 ට හිතවතෙකුට විකුණුවා. අන්තිමට ඔවුන් තට්‌ටු නිවාස හදලා කෝටි ගණන් හම්බ කළා. මේක තමයි ඇත්ත කතාව. දැන් අපිට ඇඟිලි දිගුකරනවා අපිට ඇඟිලි දිගුකරන්න පුළුවන් කමක්‌ නෑ.

රනිල් වික්‍රමසිංහට, චන්ද්‍රිකාට තියෙනවා එක පැලැන්තියක්‌. ඒ පැලැන්තිය රැකගැනීමේ උවමනාවයි ඔවුන්ට තියෙන්නේ. රට සංවර්ධනය කරන කොට කියනවා ඔය සංවර්ධනයට යන වියදමෙන් තුනෙන් එකකින් කරන්න පුළුවන් කියනවා.

අපි රට සංවර්ධනය කළා. මාර්ග කාපට්‌ කළා, කොන්ක්‍රීට්‌ කළා. ගමට විදුලිය ගෙනගියා. පොළවල් හැදුවා. සැලසුම් සහිත නගර නිර්මාණය වුණා. අද ගොවීන්ට අස්‌වැන්න නෙළාගන්නට විකුණා ගැනීමට වෙළෙඳ පොළක්‌ තිබෙනවා. මේවා පිළිබඳව හිතන්න.

ඔබේ දරුවට මහින්දොaදය විද්‍යාගාර ලබාදුන්නා. තාක්‍ෂණ විෂයධාරාව හඳුන්වා දුන්නා. මේ අය අද කියන්නේ මොකක්‌ද, තාක්‍ෂණ විශ්ව විද්‍යාලයට යනවා නම් මුදල් අයකරනවා, විශ්වවිද්‍යාලයට යනවානම් මුදල් අයකරනවා කියලා. මේ මොකද්ද කරන්න යන්නේ. නිදහස්‌ අධ්‍යාපනය කප්පාදු කිරීමයි.

විශ්වවිද්‍යාලයට සුදුසුකම් ලබන දරුවන්ට අනාගතයේ මුදල්දීලා ඉගෙන ගන්න කියනවා. ඉතිං මේ නිදහස්‌ අධ්‍යාපනය කප්පාදු කරන්න ඉඩ දෙනවාද?

ඒ විතරක්‌ නොවෙයි සම්පූර්ණයෙන්ම ලංකාවේ උපාය මාර්ගික වශයෙන් වැදගත් රාජ්‍ය බැංකු, බලශක්‌ති, වරාය, ප්‍රවාහනය වැනි අංශ සිංගප්පූරුවේ තිබෙන සමර්සෙට්‌ ක්‍රමයට කළමනාකරණය කරනවාලු. මේ කියන්නේ මොකක්‌ද? මේ සියල්ල ආපසු පෞද්ගලීකරණය කරනවා කියලා රාජ්‍ය අංශය අඩුකරනවාලු.

රාජ්‍ය සේවය අපේ දරුවන්ට අකැපද? ලබන වසරට ඉදිරිපත් කළ අයවැය කවුරුහරි කොපි කරලා ඒවා තමයි ඔවුන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශයට ඇතුළත් කර තිබෙන්නේ. මේ අය ඉදිරිපත් කර තියෙන්නේ ජනතාවාදී ප්‍රතිපත්ති ප්‍රකාශයක්‌ නොවෙයි. සල්ලි කාරයන්ට පමණක්‌ උවමනා කරන ආකාරයේ ප්‍රතිපත්ති ප්‍රකාශයක්‌ හදලා. ඒ අයගේ අවශ්‍යතා ඉටුකර ගැනීමයි කරන්නේ.

2020 වනවිට ලක්‍ෂයක්‌ විශ්වවිද්‍යාලවලට ඇතුළත් කර ගැනීමට සෑම දිස්‌ත්‍රික්‌කයකම විශ්වවිද්‍යාල ඇති කරන්න මුදල් වෙන්කරලා.

අපි ඔබේ දරුවන්ට විශ්වවිද්‍යාල දොර විවෘත කරලා දරුවන්ට යහපත් අනාගතයක්‌ සුරක්‍ෂිත රටක්‌ බිහිකර රට ඉදිරියට ගෙනයැමට පියවර ගන්නවා.

එහෙනම් සුරක්‍ෂිත අනාගතයක්‌ සඳහා ඔබ ආපසු අත්වැල් බැඳගන්න. ඔබ ලබන 8 වැනිදාට බුලත් කොළයට ඡන්දය දී සියලු ජාතීන්ට සහෝදරත්වයෙන් ජීවත්විය හැකි රටක්‌ බිහිකරන්න සූදානම් වෙන්න.

මහජන එක්‌සත් පෙරමුණේ නායක ඇමැති දිනේෂ් ගුණවර්ධන මහතා - එදා 2005 දී ජනාධිපති අපේක්‍ෂක ලෙස ජනාධිපතිතුමා තරග කරන කොට මිනුවන්ගොඩ ජනතාව රටේ අනෙක්‌ ජනතාව සමග අත්වැල් බැඳගෙන ඉහළින් ඔසවා තැබුවා.

ත්‍රස්‌තවාදයෙන් අවුරුදු 30 ක්‌ බැටකෑ බෙදීයන්නට ඔන්න මෙන්න කියා තිබූ රට එක්‌සේසත් කළේ ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතායි. ජනාධිපතිවරු හතර දෙනෙක්‌ ගෙදර ගියේ මේ ප්‍රශ්නය හමුවේ පරාජය වෙමින්. නමුත් ජනාධිපතිතුමා 2005 බලයට පැමිණ ඉතා කෙටි කාලයකින් ජනතාවට පොරොන්දු වූ පරිදි ඒ යෝධ සටනට අභීතව මුහුණ දී ජයග්‍රහණය කළා. රට එක්‌සේසත් කළ, මාතෘ භූමිය ආරක්‍ෂා කළ රාජ්‍ය නායකයා බවට එතුමාගේ නම ලක්‌ ඉතිහාසයේ රන් අකුරින් ලියවෙන පරිච්ඡේදයක්‌ ලෙස සටහන්කර තියෙනවා.

යුද්ධය ජයග්‍රහණය කිරීමෙන් පසු මහින්ද චින්තන ආර්ථික වැඩපිළිවෙල ජයග්‍රහණය කරවීමට එතුමාට මේ රටේ ජනතාව දෙවැනි වරට ලබාදුන්නා. අප රට එදා තිබුණු තත්ත්වයෙන් ගොඩගෙන සියයට 7 ක ආර්ථික වර්ධනයක්‌ අත්කර ගෙන ආසියාවේ වැඩෙන දෙවැනි ආර්ථිකය බවට පත්වෙලා.

හකීම්ලා වෙන්වෙලා ගියාට අපි ඒ ගැන පුදුම වෙන්නේ නෑ. ඇමැතිකමක්‌ ගන්න ආණ්‌ඩුවට ආව මිසක්‌ 2005 දී ජනාධිපතිගේ ජයග්‍රහණයට හිටියෙත් නෑ. සම්බන්ධන්ගේ සහාය ගියවරත් ලැබුණේ ෙµdන්සේකා මහත්තයාට.

ජාතික නිදහස්‌ පෙරමුණේ නායක ඇමැති විමල් වීරවංශ මහතා - දැන් ජනවාරි 8 වැනිදාට තියෙන්නේ ජනාධිපතිවරණයක්‌ද? නැත්නම් විකට ඇඳුම් තරගයක්‌ද? විකට ඇඳුම් තරග තියෙන්නේ අප්‍රේල් මාසයේ. අප්‍රේල් මාසේ කලින් ඇවිල්ලා. සිරිසේන මහත්තයා ඡන්දෙට අලුත් ඇඳුම් මැහුවද? මෙන්න ජනාධිපති ඡන්දෙට මෝදිගේ හැට්‌ටේ ඇඳගෙන ඇවිල්ලා. අප්‍රේල් ජනවාරියට ඇවිල්ලා.

සිරිසේන මහත්තයෝ ජනවාරි 8 තියෙන්නේ ජනාධිපති ඡන්දයක්‌. විකට ඇඳුම් තරගයක්‌ නොවෙයි. අනුන්aගේ ඇඳුම් ඇඳගත්තම ඒකට කියන්නේ පෞරුෂත්ව හීනමානය කියලා. මේවගේ කෙනකුට ද රට භාරදෙන්නේ. ලංකාව නොවටිනා රටක්‌ද? මේ තෝරන්නේ රටේ නායකයෙක්‌, සේනාධිනායකයෙක්‌, ඒකීයභාවය රකින්න එන නායකයෙක්‌. බාහිර බලවේගයන්ට යට නොවී රට රකින්න නායකයෙක්‌. ඒකට මේ වගේ අය හරියනවද?

අසුද්ද යහපාලන හොර නඩේට යහපාලයක්‌ ගේන්න පුළුවන්ද? මේ යහපාලන නඩේ පෙන්නලා බෙදුම්වාදී කැත අක්‌කා පෙළවහ කරලා දෙන්නයි හදන්නේ.

සුළු අපනයන භෝග ප්‍රවර්ධන ඇමැති රෙජිනෝල්ඩ් කුරේ මහතා - මේ තරම් අතිවිශාල ජනතාවක්‌ රොද බැඳගෙන සිටින්නේ අතීත ධජය නැවත වරක්‌ ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතා සමග ඔසවාගෙන ඉදිරියට යන්නයි. එනම් මේ රට භාරගන්නකොට සර්ව රාජ්‍යයක්‌ නොවෙයි එතුමා භාරගත්තේ. දුක්‌ වේදනා, අෙ¹aනා ලේ ගංගා ගලා ගිය අමු සොහොනක්‌. විශාලා මහනුවරක්‌. ලෝකය ඉදිරියේ අපකීර්තියට අපහාසයට පත්වූ ලංකාවම බලාපොරොත්තු බිඳවැටුණු රාජ්‍යයක්‌. එවැනි රටක්‌ තමයි ජනාධිපතිතුමා යළි ගොඩනැගුවේ.

බොහෝ දෙනා කතා කරනවා වෙනසක්‌ ගැන. අපි අහන්නේ රට අද තියෙන දියුණු තත්ත්වයට වෙනස්‌ කළේ කවුද? මහින්ද රාජපක්‌ෂ ජනාධිපතිතුමායි. ලොව ත්‍රස්‌තවාදය පරාජය කළ එකම නායකයා එතුමා පමණයි.

ලිබියාව, ඊජිප්තුව, පකිස්‌ථානය, එංගලන්තය, ඔස්‌ටේ්‍රලිsයාව මේ හැම තැනම එක එක විදියේ ත්‍රස්‌තවාදී සංවිධාන. ඒ රටවල්වලට මෙය පරාජය කරන්න බැරිවෙලා. ත්‍රස්‌තවාදය පරාජය කරන්න පුළුවන් බව ඔප්පු කළේ අපේ ජනාධිපතිතුමායි.

සෞඛ්‍ය ඇමැති තිස්‌ස අත්තනායක මහතා - ජනාධිපතිතුමා සහභාගිවන ජනරැලි වලට එක්‌වන අතිවිශාල ජනතාව දෙස බලනවිට සිරිසේන මහත්තයට මට කියන්න තියන්නේ 8 වනදා වන තෙක්‌ ඉන්න එකේ තේරුමක්‌ නෑ. ජනාධිපතිතුමාට ජයග්‍රහණය දීලා නම්බු පිටින් ගෙදර යන්න කියලයි.

මම අද උදේ නිවසෙන් පිටත්වෙන්න හදනවිට රහස්‌ පොලීසියේ කණ්‌ඩායමක්‌ පැමිණ පැය 2 ක්‌ මගෙන් ප්‍රකාශ සටහන් කරගත්තා. මම කිව්වලු සිරිසේන මහත්තයා එකඟ නොවූ දේවල් කියලා. එයාලගේ ඡන්ද ව්‍යාපාරයට බාධා කරනවා කියලා. රනිල්, සිරිසේන යන මහත්වරු අතර ගිවිසුමක්‌ ගැසුව බව මා ප්‍රසිද්ධියේ කියනවා කියලා. මං කිව්වේ කාරණා 5 ක්‌ ගැන. ඒකේ වරදක්‌ තියෙනවද? මට නඩු දදා ඉන්නේ නැතුව මං මේ කියන කතාව ඇත්තද නැද්ද කියලා කියන්න. මං මේ කියන කාරණා අද වෙනතුරු ප්‍රතික්‌ෂේප කරලා නෑ.

වයඹ ප්‍රධාන ඇමැති දයාසිරි ජයසේකර, දේශවිමුක්‌ති ජනතා පක්‌ෂයේ නායක ඩී, එම්. පොඩිඅප්පුහාමි යන මහත්වරු කතා කළ අතර, බස්‌නාහිර පළාත් ප්‍රධාන ඇමැති ප්‍රසන්න රණතුංග, ඇමැති µSලික්‌ස්‌ පෙරේරා, නියෝජ්‍ය ඇමැති ලසන්ත අලගියවන්න යන මහත්වරු ඇතුළු මැති ඇමැතිවරු පිරිසක්‌ද සහභාගි වූහ.

No comments:

Post a Comment