Jan 2, 2015

මහින්දගේ ජය පතා බෞද්ධ සංවිධාන රැසක්‌

02 Jan 2015
වෙන් වෙන්ව කටයුතු කළ බෞද්ධ සංවිධාන රැසක්‌ ඊයේ (01 වැනිදා) එකම වේදිකාවකට පැමිණ "ගලඋඩ අවසන් සටනට" එක්‌වන ලෙස ශ්‍රී ලංකාවාසී සමස්‌ත බෞද්ධයන්ගෙන් ඉල්ලා සිටිමින් ජනපති මහින්ද රාජපක්‍ෂ මහතා දිනවීම සඳහා සහාය පළකළහ.
බොදුබල සේනා සංවිධානය, ජාතික සංවිධාන එකමුතුව, රාවණා බලය සංවිධානය, රුහුණු රට භික්‍ෂු පෙරමුණ ඇතුළුව බෞද්ධ සංවිධාන රැසක්‌ මෙලෙස ජනාධිපතිවරයාගේ සහායට එක්‌ව සිටිති.
රටට එරෙහි සියලු සතුරු බලවේග විපක්‍ෂය වටා ගොනු වී ඇති හෙයින් සිංහල බෞද්ධ බලවේග එක පෙරමුණකට ගොනු විය යුතුව ඇති බවත් මෙම අවස්‌ථාව මඟහැරියොත් ඉතිහාසයක කිසි දිනෙක සමාව නොදෙනු ඇති බවත් එම සංවිධාන නියෝජිතයෝ ඊයේ (01 වැනිදා) අවධාරණය කර සිටියහ. දැන් පවතින්නේ ශුද්ධ සහ අශුද්ධ සන්ධානය අතර සටනක්‌ බවත් අශුද්ධ සන්ධානය නියෝජනය කරනුයේ මෛත්‍රීපාල සිරිසේන මහතා බවද මෙම බෞද්ධ සංවිධාන අවධාරණය කර සිටියහ.
බොරැල්ල කොටා පාරේ පිහිටි ජාතික බලවේග මෙහෙයුම් මධ්‍යස්‌ථානයේදී ඊයේ (01 වැනිදා) පැවැති ඒකාබද්ධ මාධ්‍ය හමුවකදී එම සංවිධාන නියෝජිතයෝ මෙම අදහස්‌ පළකළහ.
මෙම අවස්‌ථාවට මහාචාර්ය ඉඳුරාගාරේ ධම්මරතන, බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥනසාර, රාවණා බලය සංවිධානයේ මහ ලේකම් ඉත්තෑකන්දේ සද්ධාතිස්‌ස, රුහුණු රට භික්‍ෂු පෙරමුණේ සභාපති ඕමාරේ කස්‌සප ආචාර්ය ධම්මිස්‌aසර යන හිමිවරුද දේශ හිතෛෂී ජාතික ව්‍යාපාරයේ සභාපති ආචාර්ය ගුණදාස අමරසේකර, වෛද්‍ය වසන්ත බණ්‌ඩාර යන මහත්වරුන් ඇතුළු පිරිසක්‌ද එක්‌වූහ.

http://www.divaina.com/2015/01/02/news23.html

No comments:

Post a Comment