Jan 2, 2015

- කුමාර් ගුණරත්නම් - මෛත්‍රීට සහාය දෙන්න ජවිපෙ රහස්‌ ගිවිසුමක්‌ ගහලා

02 Jan 2015

ජනතා විමුක්‌ති පෙරමුණ ජනාධිපතිවරණ පොදු අපේක්‍ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහාය දැක්‌වීම සඳහා රහස්‌ ගිවිසුමක්‌ ඇතිකරගෙන තිබෙන බව පෙරටුගාමී පක්‍ෂයේ නායක කුමාර් ගුණරත්නම් මහතා ඊයේ (01 වැනිදා) "දිවයින"ට පැවසීය.
මෙම ගිවිසුම 2010 වසරේදී ඔවුන් රනිල් වික්‍රමසිංහ මහතා සමග එක්‌ව වත්මන් ආණ්‌ඩුව පෙරළීමට ඇතිකර ගත් අසාර්ථක ගිවිසුම හා සමාන බවද පැවසූ ඒ මහතා මෙවැනි අර්ධ ගිවිසුම් නිසා ජ.වි.පෙ. ක්‍රියාකාරී යාන්ත්‍රණය දැඩි කලකිරීමට ලක්‌ව ඇති බවත් මේ වන විට ජ.වි.පෙ. නායකත්වය දැඩි විවේචනයට ලක්‌ව ඇති බවත් පැවසීය.
තමා ඊයේ (01 වැනිදා) අලුයම ශ්‍රී ලංකාවට පැමිණියේ පෙරටුගාමී පක්‍ෂයෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින දුමින්ද නාගමුව මහතාගේ මැතිවරණ කටයුතු ශක්‌තිමත් කිරීමට මිස ආණ්‌ඩුවේ කොන්ත්‍රාත්තුවක්‌ ඉටුකිරීමට නොවේ යෑයි ද කීවේය.
ජ.වි.පෙ. යටින් මෛත්‍රීට සහාය දක්‌වමින් උඩින් වාමාංශික දේශපාලනය ගැන කතා කරනවා. ඔවුන්ගේ මෙම අර්ධ තීරණ නිසා ජ.වි.පෙ. අභ්‍යන්තරය තුළ දැඩි විරෝධයක්‌ මතුව තිබෙනවා. තවමත් ජ.වි.පෙ. තුළ සැබෑ වාමාංශිකයන් පිරිසක්‌ ඉන්නවා. මම ඔවුන්ට කියන්නේ කලබල වෙන්න එපා. මේක මැරතන් එකක්‌. අපි සැබෑ වාමාංශික බලවේගයක්‌ රට තුළ ගොඩනගමු. එතෙක්‌ ඉවසගෙන ඉන්න. ඒ සඳහා මම පුළුල් මැදිහත්වීමක්‌ සිදුකරනවා.
ඉදිරියේදී සැබෑ වාමාංශික දේශපාලනය සක්‍රීය කරන්න අපි පුළුල් ලෙස සංවිධානය වෙනවා. ඒ සඳහා අපි අපගේ අරමුණු සමග එක්‌ව කටයුතු කරන පොදු ක්‍රියාකාරීන් සහ සංවිධාන සමග එකට වේදිකාවේ පෙනී සිටිනවා. තමාගේ පැමිණීම හදිසියේ සිදුවූවක්‌ නොව දිගු කාලයක සිට ගත් උත්සාහයක ප්‍රතිඵලයක්‌ බවත් කුමාර් ගුණරත්නම් මහතා වැඩිදුරටත් කීය.
http://www.divaina.com/2015/01/02/news02.html

Gunaratnam: JVP shaken to core by its support for MS

Calls its present day leaders traitors to the revolutionary cause


No comments:

Post a Comment