Jan 2, 2015

රවුµa හකීම් - මුස්‌ලිම් කොංග්‍රසය වෙනම පරිපාලන කලාපයක්‌ ඉල්ලා නෑ

02 Jan 2014
ශ්‍රී ලංකා මුස්‌ලිම් කොංග්‍රසය ආණ්‌ඩුවෙන් වෙනම පරිපාලන ඒකකයක්‌ ඉල්ලා නොසිටි බවත් එසේම උතුරු නැගෙනහිර පළාත් යළි ඒකාබද්ධ කළ යුතු බවට කිසිදු පාර්ශ්වයක්‌ සමඟ සාකච්ඡා පවත්වා නැති බවත් එහි නායක හිටපු අධිකරණ ඇමැති රවුµa හකීම් මහතා පැවසීය.
එක්‌සත් ජාතික පක්‍ෂ නායකත්ව මණ්‌ඩලයේ සභාපති කරු ජයසූරිය, ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණේ නායක මනෝ ගනේෂන් යන මහත්වරුන් සමඟ විපක්‍ෂ නායක කාර්යාලයේදී ඊයේ (01 දා) මාධ්‍ය හමුවක්‌ පවත්වමින් හෙතෙම මේ බව සඳහන් කළේය.
තම පක්‍ෂය වෙනම පරිපාලන ඒකකයක්‌ ඉල්ලා නොසිටි නමුත් අම්පාර වෙරළ තීරයේ ජීවත්වන දෙමළ කතා කරන ජනතාවගේ පහසුව පිණිස අතිරේක ලේකම්වරයෙකු පත් කළ යුතු යෑයි ආණ්‌ඩුවට ප්‍රකාශ කළ බවත් පසුව එවැනි නිලධාරියකු පත්කොට පරිපාලනය විමධ්‍යගත කිරීමට ආණ්‌ඩුව කටයුතු කළ බවත් ඒ මහතා කීය.
කෙසේ වෙතත් ආණ්‌ඩුව මෙම මැතිවරණ ව්‍යාපාරයේදී තම බංකොලොත්භාවය ප්‍රදර්ශනය කරමින් මුස්‌ලිම් කොංග්‍රසය වෙනම පරිපාලන කලාපයක්‌ ඉල්ලා සිටි බවට මැතිවරණ වේදිකාවේ කරන ප්‍රකාශ තම පක්‍ෂය දැඩි ලෙස හෙලා දකින බවද රවුµa හකීම් මහතා කියා සිටියේය.
තම පක්‍ෂය, විපක්‍ෂය සමඟ එක්‌වීම නිසා ආණ්‌ඩුව දැන් වියරු වැටී ජනතාව අතර අසත්‍ය තොරතුරු වපුරන බවත් ආණ්‌ඩුව පවසන පරිදි වෙනම පරිපාලන ඒකකයක්‌ ශ්‍රී ලංකා මුස්‌ලිම් කොංග්‍රසය ඉල්ලා නැති අතර උතුරු නැගෙනහිර පළාත් යළි ඒකාබද්ධ කළ යුතු බවට දෙමළ ජාතික සන්ධානය හෝ වෙන පාර්ශ්වය සමඟ කිසිදු සාකච්ඡාවක්‌ පවත්වා නැතැයිද හෙතෙම කීය.
උතුරු නැගෙනහිර පළාත් වෙන් කිරීම නිසා ශ්‍රී ලංකා මුස්‌ලිම් කොංග්‍රසය බිහිවූ බවද මෙම මාධ්‍ය හමුවේදී හකීම් මහතා අවධාරණය කළේය..............
http://www.divaina.com/2015/01/02/news08.html

No comments:

Post a Comment