Jan 2, 2015

මහින්ද රාජපක්‍ෂ -පොදු විපක්‍ෂයේ අරමුණ රට කෑලි කෑලි කඩන්නයි

රටේ හාල් මිල පාලනය කළේ පොළොන්නරුවේ සිරිසේන සහෝදරයෝයිපොදු විපක්‍ෂයේ අරමුණ රට කෑලි කෑලි කඩන්නයි 
- මහින්ද රාජපක්‍ෂ
රාජ්‍ය දේපළ විකිණු චන්ද්‍රිකා අද යහපාලනය ගැන කතා කරනවා
- බස්‌නාහිර පළාත් මහ ඇමැති ප්‍රසන්න රණතුංග
තමන්ට නටවන්න පුළුවන් ශ්‍රී ලංකාවක්‌ හදන්න
බටහිර රටවල් විපක්‍ෂයට සල්ලි පොම්ප කරනවා
- ඇමැති ජොන්ස්‌ටන් ප්‍රනාන්දු
විපක්‍ෂයේ පොදු අපේක්‍ෂකගේ පෙරමුණ කැඳ හැලියක්‌
- සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ
ආර්ථික විද්‍යාවේ මූලධර්මවත් සිරිසේන දන්නේ නැහැ
- ඇමැති අනුර ප්‍රියදර්ශන යාපා
මෛත්‍රී පිල විදේශිකයන්ගේ රූකඩයක්‌
- ඇමැති සරත් කුමාර ගුණරත්න
මෙවර පැවැත්වෙන ජනාධිපතිවරණය තීරණාත්මක මැතිවරණයක්‌. මේ මැතිවරණයේ ප්‍රතිඵල මත රටේ ඒකීයභාවය අපේ දරුවන්ගේ නිදහස්‌ අධ්‍යාපනය සහ ඔවුන්ගේ යහපත් හෙට දවස ගැන තීරණය වෙනවා යෑයි ජනපති මහින්ද රාජපක්‍ෂ මහතා පැවසීය.
මීගමුව, ක¹න, කිරිබත්ගොඩ, මාකොළ ප්‍රදේශවල 30 වැනිදා පැවති ජනහමුවලට එක්‌වෙමින් ජනාධිපතිවරයා මේ බව පැවසීය.
මෙම ජනහමු ඇමතූ ජනාධිපතිවරයා වැඩිදුරටත් මෙසේ ද සඳහන් කළේය.
පොදු විපක්‍ෂයේ ප්‍රධාන අරමුණ රට කෑලි කෑලිවලට කඩා එහි පාලන කටයුතු ජාතිවාදීන්ට පාවාදීමයි. රටේ මෙතෙක්‌ පවතින නිදහස්‌ අධ්‍යාපනයට මිනීවල කපන්නත් ඔවුන් සූදානම්. අද ඔවුන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන්ම කියනවා තාක්‍ෂණ අධ්‍යාපනය හදාරන සහ විශ්වවිද්‍යාලවලට යන අපේ දීප්තිමත් දරුවන්ගෙන් එම අධ්‍යාපනය සඳහා මුදල් අයකරන බව. මෙය නිදහස්‌ අධ්‍යාපනයට වළ කැපීමක්‌. රටේ නිර්ධන පංතියෙන් උගතුන් බිහිවුණේ නිදහස්‌ අධ්‍යාපනයේ පිහිටෙන්. මේ අය බලය ඉල්ලන්නේ දුප්පතුන්ට රජයෙන් දායාද කළ නිදහස්‌ අධ්‍යාපනය මරා දැමීමට දැයි ජනතාව ඔවුන්ගෙන් ප්‍රශ්න කළ යුතුයි. අද යහපාලනය ගැන කතාකරන කණ්‌ඩායමේ සිටින හිටපු ධීවර ඇමැතිවරයා ධීවර දුක කියන්න ධීවර අමාත්‍යාංශය වෙත පැමිණි ධීවරයන්ට මැරවරයන් ලවා එලව එලවා පහර දුන්නා. අද මේ අය යහපාලනය ගැන කතාකරනවා. රටේ හාල් මිල පාලනය කළේ පොළොන්නරුවේ සිරිසේන සහෝදරයින්. අසරණ ගොවි ජනතාව පීඩනයට පත් කර ගොවීන්ගේ වී තොග වශයෙන් කුණුකොල්ලයට ගෙන රටේ ඇති කළ හාල් මිල පාලන ඒකාධිකාරය ජනවාරි මස 8 වැනිදායින් පසු සදහටම නැතිකර දමනවා.
http://www.divaina.com/2015/01/02/news25.html
අපේ හාමුදුරුවනේ තිස්‌ අවුරුද්දක්‌ තිබුණු යුද්ධය අපි අවසන් කළා. එදා හැමතැනම බෝම්බ පිපුරුවා. ඒ යුගය අපි අවසක්‌ කළා. අවසන් කරලා රටේ සංවර්ධනය ආරම්භ කළා. මම දුර දිගට යන්නේ නෑ. ඔබ දැන් ඉන්න පාර අරගන්න. එදා තිබුණු පාර ද අද තියෙන්නේ.

මෙයාලා දැන් අලුත් වෙනසක්‌ ගැන කතාකරනවා. මේක තමයි වෙනස. යුද්ධය ඉවර කිරීම වෙනසක්‌ නෙවෙයිද? අද පාරවල් කාපට්‌ කරලා වෙනසක්‌ ඇතිවෙලා නැද්ද කියා මා අසනවා.

අද රටේ නගර සේරම වෙනස්‌වෙලා. ඒ විතරක්‌ද අවුරුදු ගාණක්‌ තිබුණ හදිසි නීතිය අද නැහැ. එදා තිබුණේ හදිසි නීති පාලනය, අද රට පාලනය වන්නේ හදිසි නීතිය ඉවත් කරලා. ඒක වෙනසක්‌ නොවෙයිද? දැන් බටලන්දවල් නැහැ එදා බටලන්ද තිබුණා. එදා බටලන්දේ වෙච්ච දේවල් මම අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ. මිනිස්‌සු මරපු හැටි, වධ දුන්නු හැටි, වධකාගාර තිබුණු හැටි ඔබ දන්නවා. ඒවා අද නෑ. එදා ඔය වධකාගාර පවත්වාගෙන ගිය "ප්‍රා" කණ්‌ඩායම. ඒකෙ එක නායිකාවකුයි, නායකයකුයි තමයි අදත් මේ කුමන්ත්‍රණය කරන්නේ. එදා ජනතා විමුක්‌ති පෙරමුණේ අයව එල්ලලා ගැහැව්වා. එදා එහෙම ගුටිකාපු උදවිය අද ඒ පක්‍ෂයේම ඉන්නවා. එයාලා අපිට කිව්වා අපිට ගැහැව්වා එල්ලලා කියලා. එහෙම කියපු අය අද එකට මඟුල් කනවා. එතන නම් වෙනසක්‌ තියෙනවා. ඒක ඇත්ත. ගොඩක්‌ අයට මේ ඉතිහාසය අද අමතක වෙලා. අද එදා වගේ බයවෙන්න ඕනේ නෑ. "ප්‍රා" කණ්‌ඩායම් නෑ. දැන් මෙයාලා කියනවා එයාලා ආවාම එයාර්පෝට්‌ වහනවා කියලා. මේ රටේ මිනිස්‌සු නිකන් ඉඳියි, එයාලා එයාර්පෝට්‌ වහලා යනකන්. මම එයාලට කියන්න ඕන එයා ඔය කියන 8 වැනිදා හවසත් මමයි 9 වැනිදා උදේටත් මමයි ජනාධිපති කියලා. මෙහෙම එයාර්පෝට්‌ වහනවා කියන්නේ මෙරටට එන විදේශිකයන් නවත්වන්න. මේ කාලයේ විදේශ සංචාරකයන් ලක්‍ෂ 20 ට ටාගට්‌ කරලා අපි යන්නේ. මෙයා කියන්නේ අපේ රටට එන සංචාරකයෝ නවත්වන වැඩපිළිවෙල තමයි. දැන් ලිබියාවට මොකද වුණේ? සිරියාවට මොකද වුණේ? ඉරාකයට, ඉරානයට මොනවද වුණේ? මේවා ගැන හිතන්න. ලිබියාවේ ගඩාµsට කරපු දේ තමයිලු මහින්ද රාජපක්‍ෂට කරන්නෙ කියලා කයිවාරුකාරයෙක්‌ කියලා තියෙනවා. සහෝදරවරුනි මේවා පිළිබඳව හොඳ අවබෝධයකින් වැඩ කරන්න.

බණ්‌ඩාරනායක මැතිනිය, බණ්‌ඩාරනායක මහත්තයලගේ යුගයේ මේ රටේ සම්පත් ඇති වුණා. යූ. එම්. පී. ය ඒවා වික්‌කා. මේක තමයි වෙනස. මානසික මුහුණුවරකින් ආර්ථිකය වෙනස්‌ කරනවා කියලා එක්‌කෙනෙක්‌ කර්මාන්ත 49 ක්‌ වික්‌කා. තවත් එක්‌කෙනෙක්‌ කිව්වා ආර්ථික කළමනාකරණය වෙනස්‌ කරනවා කියලා දැන් මෙයත් කියනවා කළමනාකරණය කරනවා වරාය, බැංකු, ගුවන්තොටුපළ මේ ආදී ආර්ථික මර්මස්‌ථාන පෞද්ගලීකරණය කරනවා කියා. මේක තමයි අපි දෙගොල්ලන්ගේ වෙනස. අපි සම්පත් හදනවා. මෙයාලා සම්පත් විකුණනවා.

රැලිය ඇමතූ බස්‌නාහිර පළාත් සභා ප්‍රධාන ඇමැති ප්‍රසන්න රණතුංග මහතා - "රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ කරුමෙට 2001 දී එතුමා ජයග්‍රහණය කළා. සාමාන්‍යයෙන් මැතිවරණයක්‌ දින්නාම කියන්නේ වාසනාවට දිනුවා කියලා. මම කියන්නේ එදා රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ කරුමෙට දින්නා කියලා. මොකද කරන්න බැරි දේවල් කියලා බලයට පත්වුණාම එතුමාට සිද්ධ වුණා ජනතාව අතරින් හැංගිලා ඉන්න. අගමැතිවෙලා ඉස්‌සෙල්ලාම රාජ්‍ය සේවය විනාශ කරන්න පටන් ගත්තා. නිදහස්‌ අධ්‍යාපනය කප්පාදු කළා. රාජ්‍ය සේවය විනාශ වෙන්න පටන් ගත්තේ රාජ්‍ය සේවයට බඳවා ගැනීම අහෝසි කරලා. තිබුණු පුරප්පාඩු අහෝසි කරලා රාජ්‍ය සේවය මුළුමනින්ම විනාශ කළා. දැන් යහපාලනය ගැන කතා කරන්න මෛත්‍රීපාල උන්නැහේ එක්‌ක එක්‌ එක්‌කෙනා වේදිකාවලට එනවා. චJද්‍රිකා මැතිනිය එක්‌කෙනෙක්‌. අපිත් ඒ ආණ්‌ඩුවල හිටියා. නෑ කියන්නේ නෑ. හැබැයි එතුමිය කරපු දේවල් මුළු රටම දන්නවා. එතුමියගේ ආසනයේ තිබුණු වේටෙක්‌ස්‌ ආයතනය යකඩවලට විකුණුවේ එතුමිය ජනාධිපතිතුමිය ලෙස කටයුතු කරපු කාලයේදියි. රක්‍ෂණ සමාගම පෞද්ගලීකරණය කළේ එතුමිය ජනාධිපතිවරිය ලෙස කටයුතු කරන කාලයේදියි. එදා රාජ්‍ය දේපළ පෞද්ගලීකරණ කළ චන්ද්‍රිකා කුමාරතුංග මැතිනිය අද යහපාලනය ගැන කතා කරනවා.


No comments:

Post a Comment