Dec 13, 2014

12 Dec 2014    මෛත්‍රීපාල සිරිසේන
අද තිබෙන්නේ ජනතාව
සුරා කෑමේ දර්ශනයක්‌
පොදු අපේක්‍ෂක මෛත්‍රීපාල සිරිසේන
ලක්‍ෂ 27ක්‌ සිටින පෞද්ගලික අංශයේ සේවකයන්ට සෙතක්‌ නෑ
හොරකම වංචාව දුෂණය නතර කළවිට ජනතාවට සහන දෙන්න පු`ථවන්








බණ්‌ඩාරනායක දර්ශනයත් ශ්‍රීලනිප දර්ශනයත් වෙනුවට අද ආණ්‌ඩුවේ තිබෙන්නේ ජනතාව සූරා කෑමේ දර්ශනයක්‌ බව ජනාධිපතිවරණයේ විපක්‌ෂයේ පොදු අපේක්‌ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (11 දා) මහබාගේදී පැවැසීය.
මහබාගේ වැලිසර නවලෝක ක්‍රීඩාංගණයේදී මෙම ජනහමුව පැවැත්විණි.
එහිදී වත්තල හිටපු නියෝජ්‍ය නගරාධිපති අංජු පෙරේරා මහතා ඇතුළු ශ්‍රීලනිප පළාත් පාලන නියෝජිතයෝ රැසක්‌ විපක්‌ෂයේ පොදු අපේක්‌ෂකයාට සහාය දැක්‌වීම පිණිස විපක්‌ෂයේ වේදිකාවට එකතු වූහ.
ජනහමුව අමතමින් තවදුරටත් අදහස්‌ දැක්‌වූ මෛත්‍රීපාල සිරිසේන මහතා මෙසේද පැවැසීය...........
http://www.divaina.com/2014/12/12/news22.html

..................................................................................................................................
මම විධායක බලතල නැති කරනවා කිව්වේ මැතිවරණ ප්‍රකාශයට වාක්‍යයක්‌ දාන්න නොවේ
- විපක්‍ෂයේ ජනාධිපති පොදු අපේක්‍ෂක මෛත්‍රීපාල සිරිසේන පානදුරේ දී කියයි
පොදු අපේක්‍ෂක මෛත්‍රීපාල දිනවන කොට මම නැවත ගෙවල් හදන අපේ යුගය බිහිකරනවා
- සජිත් ප්‍රේමදාස
බොහොම කාලයක්‌ දත්කූරු කමින් අමාරුවෙන් කල්ගෙවල තමයි අපි එළියට බැස්‌සේ
- පාඨලී චම්පික රණවක

පානදුර විජිතා ලියනගේ

"සමහරු අහනව මමත් විධායක බලතල නැතිකරනවා කියන්නෙ මහින්ද කළ විදිහටමද? කියලා, මම විධායක බලය නැතිකරනවා කිව්වෙ මැතිවරණ ප්‍රකාශයට වාක්‍යයක්‌ දාන්න නොවේ. අලුත් ප්‍රතිපත්තියක්‌ ඇතිව අලුත් දර්ශනයක්‌ ඇතිව අපි එළියට බැස්‌සේ. 47 න් පසුව මේ රටේ බිහි නොවුණු සර්වපාක්‍ෂික ආණ්‌ඩුවක්‌, ජාතික ආණ්‌ඩුවක්‌ පිහිටුවීමටයි. ඒ සඳහා පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු දේශපාලන පක්‍ෂවලට අපි ආරාධනා කළා. එක්‌සත් ජාතික පක්‍ෂය ප්‍රමුඛව පක්‍ෂ ගණනාවක්‌ සමඟ පොදු සම්මුතියකින් අපි ඇවිත් ඉන්නෙ අවබෝධතා ගිවිසුමක්‌ ඇතිවයි. ජනවාරි 08 දා අපි දිනුවට පස්‌සේ දින 100 කින් මම කී දෙය කරනවා. මාව විශ්වාස කරන්න", යෑයි විපක්‍ෂයේ ජනාධිපති පොදු අපේක්‍ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා
ඉකුත් 10 වැනිදා සවස පානදුර නගර සභා ළමා ක්‍රීඩාංගණයේ පැවැති 'එක්‌වෙමු වෙනසක්‌ කරමු මෛත්‍රී පාලනයක්‌ ඇති කරමු' තේමාව යටතේ පැවැති ජනහමුවේදී එසේ ප්‍රකාශ කළේය.

එ.ජා. නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස, රාජිත සේනාරත්න, පාඨලී චම්පික රණවක, නන්දන ගුණතිලක, තිලක්‌ කරුණාරත්න, සේන රාජා සමරනායක ඇතුලු පාර්ලිමේන්තු, පළාත් සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභා නියෝජිතයින් රැසක්‌ මෙම අවස්‌ථාවට එක්‌වූහ.

රැස්‌වීම අමතා මෛත්‍රීපාල සිරිසේන මහතා මෙසේද පැවැසීය. ......................

http://www.divaina.com/2014/12/13/news21.html

No comments:

Post a Comment